ගොම(Sandali) යනු, ගව සත්ත්ව විශේෂයෙහි කසළ ද්‍රව්‍යය වෙයි. ගෘහාශ්‍රිත හරක් ("එළ හරක්"), බයිසන් ("බයිසන් හරක්"), යැක්, සහ මී හරක් යන්නන් මෙම සත්ත්ව විශේෂයට අයත් වෙති. සත්ත්වයාගේ බඩවැල තුලින් ගමන් ගන්නා ශාක ද්‍රව්‍යයන්ගේ නොදිරූ අවශේෂය මෙම ගොම ලෙසින් නිකුත් වෙයි. මෙලෙස සැදෙන මල ද්‍රව්‍යය ඛනිජයන්ගෙන් පෝෂිත වෙයි. එහි වර්ණය කොළ පැහැති සිට කළු පැහැති පරාසයක වෙනස් වන අතර, බොහෝවිට වාතයට නිරාවරණය වූ සැණින් තද පැහැ ගැන්වෙයි.

ගොම ඉන්ධන වියලමින්
නිවෙසක බිත්තියෙහි මී හරක් ගොම වියෙලෙමින්, යුනාංනං ප්‍රාන්තය, යුනාං
ඉන්ධනයක් ලෙසින් ඉන්දියාවෙහි භාවිතා කෙරෙන ගොම වලින් සැදි ගොඩැල්ලක්

භාවිතා සංස්කරණය

සාමාන්‍යයෙන් තද දුඹුරු පැහැයක් ගන්නා (සාමාන්‍යයෙන් ක්ලිෂ්ට අතුරුණුව සහ මුත්‍රා සමග එකතුව ඇති) ගොම, බොහෝවිට පොහොර (කෘෂිකාර්මික කෘෂි පොහොර) ලෙසින් භාවිතා වෙයි. . ගැඩවිලන් සහ ගොම කුරුමිණියන් වැනි සත්ත්ව විශේෂයන් විසින් පසට ප්‍රතිචක්‍රීය නොකලොත්, ගොම වියලී තණ බිම මත පැවතිය හැකි අතර, තණ බිම මත තණ බුදිනා හරකුන්ට අප්‍රසන්න භුමි ප්‍රදේශයක් ජනිත කරවයි.

සංවර්ධනය වන ලෝකයේ බොහෝ කොටස් තුලද, අතීතයෙහිදී යුරෝපයෙහි කඳුකර ප්‍රදේශයන් තුලද, පිඩැලි ලෙසින් සැදූ සහ වියලි ගොම ඉන්ධන ලෙසින් භාවිතා කෙරෙයි.

එකතු කර ගන්නා ලද ගොම, ජීව වායුව නිපදවීමට, විදුලිය සහ තාපය ජනනය කිරීමටද භාවිතා කල හැක. මෙම වායුව මීතේන් වලින් පොහොසත් වන අතර ඉන්දියාවෙහි සහ පකිස්තානයෙහි ගම්බද පළාත් වල සහ වෙනත් තැන් වලද පුනර්ජන්‍ය සහ ස්ථායි විදුලිබල ප්‍රභවයක් ලෙසින් භාවිතා කෙරෙයි.[1]

මධ්‍යම අප්‍රිකාවෙහි, මෙසායි ගැමියන් විසින් ගෙවල් තුල ගොම පුළුස්සන්නේ මදුරුවන් පලවාහැරීම සඳහාය. ශීතල ස්ථානයන්හීදී, ග්‍රාමික නිවෙස් වල බිත්ති මත තැවරීමට ගොම භාවිතා කරන්නේ එය අඩු වියදම් තාප පරිවාරකයක් නිසාවෙනි. ඉන්දියාවෙහි ගැමියන්ගෙන් බොහෝමයක් විසින් අමු ගොම මිශ්‍ර ජලය ඔවුන්ගේ නිවෙස් ඉදිරිපිට විසුරුවාහරින්නේ කෘමීන් පලවාහැරීමටය. ඒවා පිඩලි හැඩයට වියලීමෙන් පසුව දර වෙනුවටද භාවිතා කෙරෙයි.

 
බංග්ලාදේශයෙහි ගොම ඉන්ධන

පරිසර විද්‍යාව සංස්කරණය

ගොම විසින්, සත්ත්ව සහ දිලීර විශේෂයන් පුළුල් පරාසයකට ආහාර සපයන අතර, උන් විසින් එය බිඳ දමා ආහාර දාමය සහ පස වෙතට ප්‍රතිචක්‍රීයකරණය කෙරෙයි.

ගව රැල විසින් තමන්ගේම ගොම අවට තණ බුදීමට ස්වභාවික පිළිකුළක් දක්වති.

ආශ්‍රිත සංස්කරණය

  1. "කව් ඩං – අ සෝර්ස් ඔෆ් ග්‍රීන් එනර්ජි". denmark.dk. සම්ප්‍රවේශය 14 පෙබරවාරි 2015.
"https://si.wikipedia.org/w/index.php?title=ගොම&oldid=619134" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි