ගෘහස්ත බැටළුවන්ගේ ඉතිහාසය

ගෘහස්ත බැටළුවන්ගේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 11000 සහ 9000 කාලයට දිව යන අතර වන මෆ්ලන් නම් වල් බැටළු විශේෂය හීලෑ කිරීම පෞරාණික මෙසපොතේමියාව තෙක් දිව යයි. මිනිසා විසින් හික්මවන ලද පළමු සත්ව කොට්ඨාශයන්ගෙන් එකක් බැටළුවන් වනවාක් මෙන්ම ඉරානියානු සැටර්ඩේ වකවානුවෙහි ද බැටළු පාලනය පැවතින. මොවුන් මූලිකවම ඇති කරන ලද්දේ මාංශ, කිරි සහ සම් ලබා ගනු පිණිසයි. ලොම් සහිත බැටළුවන් බිහි කිරීම ඇරඹුණේ ක්‍රිස්තු පූර්ව 6000 න් පසුවයි. පර්සියානු සංස්කෘතිය බැටළු ලෝම වෙළඳාම මත රඳා පැවතුණු අතර අප්‍රිකාවෙන් සහ යුරෝපයෙන් ඒවා ආනයනය කෙරිණි.

ෆ්ලැන්ඩර්ස්, ක්‍රිස්තු වර්ෂ 1510 දී ග්‍රීමානි බ්‍රිවියාරි විසින් ලන්දේසි ලොම් කටින්නන් දැක්වෙන සිතුවමක්.

රෝමානුවන් ඔවුනගේ බැටළුවන් එංගලන්තයට රැගෙන ගොස් එහි මහා පරිමාණ ලොම් කර්මාන්තයක් ඇති කළහ. මින් කෙටි කලකට පසුව ස්පාඤ්ඤය සහ එංගලන්තය ලොව බැටළුවන් ඇතිකරන රටවල් අතුරෙන් ප්‍රමුඛයන් බවට පත් විය. ස්පාඤ්ඤය වටිනා ලොම් සඳහා ප්‍රසිද්ධ මරිනෝ බැටළුවන් බෝ කළ අතර මෙම බැටළු පට්ටි ධනවතුන් විසින් පාලනය කළේ සිය රට පුරා ව්‍යාප්ත වන අයුරිනි. මෙම සතුන් හට නිදහසේ සැරිසරමින් තණ උළා කෑමට අවකාශ සලසන ලද අතරතුර එයට බාධා පැමිණ වූ ගොවි ජනතාව, පුද්ගලික විනිශ්චය සභා වෙත කැඳවන ලදී.

පූර්වජ වන ජීවීන් සංස්කරණය

 
ගෘහස්ත බැටළුවන්ගේ ප්‍රාරම්භ පූර්වජයා මෆ්ලන් ලෙස සැලකේ.

බැටළුවන්ගේ හා ඔවුන්ගේ ආදිතමයන්ගේ වංශානුක්‍රමය නිශ්චිතවම පැහැදිලි නොමැත.[1] වඩාත්ම සුලභ කල්පිතය නම් ඔවිස් ආරීස්, මෆ්ලන් විශේෂයේ ඒසියේටික් (O. orientalis) ගෙන් පැවත එන බවය. පැරණි මූලලේඛන වල ඔවුන් ආදිතමයන් ලෙස දැක්වෙතත් යුරෝපීය මෆ්ලන් (O. musimon) යනු එකල ගෘහස්තව පැවත, වන බැටළුවන්(ෆෙරල්) බවට පත් වූ විශේෂයක් විය හැකි බව ද යෝජනා විය.[2]:5 ස්කොට්ලන්තයේ කාස්ල්මිල්ක් මූරිට් වැනි බැටළු වර්ග කිහිපයක් යුරෝපීය වන යුරෝපීය මෆ්ලන් සතුන් දෙමුහුම් අභිජනනයෙන් ඇති කරන ලදී.[3]

කලෙකදී යූරියල් (O. vignei), ගෘහස්ත බැටළුවන්ගේ ආදිතමයා ලෙස සැලකීමට පාදක වූයේ ඔවුන් පර්සියානු පෙදෙස්වල නිදැල්ලේ සැරිසරන අතරතුර මෆ්ලන් සතුන් සමග අන්තර්-අභිජනනය කිරීමයි.[2]:6 නමුත් අර්ගාලි (O. ammon), සහ හිම බැටළුවන් (O. nivicola) සතු වර්ණදේහ සංඛ්‍යාව ඔවිස් විශේෂයෙන් වෙනස් වන බැවින් ඔවුන් අතර ඍජු සම්බන්දතාවයක් අපේක්ෂා කළ නොහැකි අතර සිදු කළ වංශ-ප්‍රවේණික අධ්‍යයනයකින් යූරියල් ආදිතමයන් පිලිබඳ සාධක ද නොපෙන්වීය.[1] යුරෝපීය සහ ආසියානු වංශ ඔස්සේ සිදු කළ වැඩිදුර පරියේෂණ පෙන්නුම් කළේ දෙපාර්ශ්වය අතර සැලකිය යුතු ජානමය වෙනස්කම් පවතින බවයි. මෙම සංසිද්ධිය සඳහා මූලික උපග්‍රහණ දෙකක් ඉදිරිපත් විය. පළමුවැන්න නම් දැනට හඳුනා නොගත් හෝ වන බැටළුවන් උප විශේෂයකින් ගෘහස්ත බැටළුවන් පැවත එන බවයි.[4] දෙවැන්න, මෙම ප්‍රභේදනයට හේතුව අනෙකුත් පශු සම්පත් මෙන්ම වන මෆ්ලන් විශේෂයන් වනාන්තර වලින් සත්ත්ව ගොවිපොළවල් සඳහා අල්ලා ගැනීම මගින් පැහැදිලි කළ හැකි බවයි.[5]

ලෝම ඉවත් කරගැනීමට භාවිත කරන ක්‍රමෝපායයන් ආදිතම බැටළුවන් හා නූතනයේ දක්නට ලැබෙන බැටළු වංශ අතර පවතින ප්‍රධාන වෙනසකි. පුරාතන බැටළුවන්ගේ ලොම් ඉවත් කළ යුත්තේ "රූයින්ග්" ක්‍රමවේදයට අනුව ගොවි දෑතිනි. ඔවුන්ගේ කෙම්ප්ස් යනුවෙන් හැඳින්වෙන කෙඳි, මෘදු ලොම් ස්තරයට වඩා දිගු වීම එයට හේතුවයි. එසේම ක්ෂේත්‍රයෙහි ඇද හැලෙන බැටළු ලොම් ද එකතු කර භාවිත කරන ලදී. මෙම ගති ලක්ෂණය අදටත් සෝයි සහ ශේට්ලන්ඩ් ග්‍රාම්‍ය විශේෂ කිහිපයකම දක්නට ලැබේ. වෙනත් කෙටි වලිගය සහිත උතුරු යුරෝපයීය වංශ මෙන්ම සෝයි විශේෂයට ද ලොම් ඉවත් කළ නොහැකි බව (ඍජුව), ප්‍රමාණයෙන් කුරු වීම, ලිංගිකතා දෙකටම අං පිහිටීම යන ලක්ෂණ පොදු අතර ආදිතම බැටළුවන් හා සමීප සම්බන්දතාවයක් ද පෙන්වයි. මුල්කාලීනව පෙහෙකම් සහ ලොම් කැටීම නිවැසියන්ගේ අත්කම් වූ නමුත් කර්මාන්තයක් නොවුණි. බැබිලෝනියානුවන්, සුමේරියනුවන් සහ පර්සියානුවන් බැටළුවන් මත මුළුමනින්ම යැපුනෝය. ඇඟලුම් සඳහා ප්‍රථමයෙන් කොමු පිළි (ලිනන්) යොදා ගැනුණ ද එකල පවා ලොම් සඳහා ඉහල වටිනාකමක් නියම විය. ලොම් පිණිස සතුන් ඇතිකිරීම ලොව පුරාතන කර්මාන්ත වලින් එකක් වන අතර, භාණ්ඩ හුවමාරු වෙළඳාමේදී බැටළු සමූහ ප්‍රධාන හුවමාරු මාධ්‍යයක් විය. බයිබලයෙහි විශාල බැටළු සමූහ පිලිබඳ සඳහන් වනවාක් මෙන්ම ඊශ්‍රායල රජුගේ යටත්වාසීන් සිය බැටළු සමූහ ගණන අනුව බදු ගෙවූ බව ද සඳහන් වේ.[2]:7

ආසියාව තුළ සංස්කරණය

හීලෑ කිරීම සංස්කරණය

බැටළුවන් යනු මිනිසුන් විසින් හීලෑ කරන ලද ප්‍රථම සත්ව කොට්ඨාශයකි; එය අවුරුදු 11000 කට පෙර මෙසපොතේමියාවේදී සිදු වූ බව සැලකේ.[2]:4[6]:11–14[7]:2[8] ඔවුනගේ වනගත නෑදෑයින් සතු සාපේක්ෂව අඩු ආක්‍රමණශීලී බව, කළමනාකරණය කරගත හැකි ප්‍රමාණය, ඉක්මන් ලිංගික පරිණතිය, සමාජශීලී ස්වභාවය, ඉහළ ප්‍රජනන ශීඝ්‍රතාව වැනි ගති ලක්ෂණ ඔවුන් විශේෂයෙන්ම හීලෑ කිරීම සඳහා සුදුසු වීමට හේතු විය.[9]:78–80 වත්මනෙහි ඔවිස් ආරීස් මුළුමනින්ම හීලෑ සතෙකු වන අතර ඔවුනගේ සෞඛ්‍යය සහ දිවිපැවැත්ම නොමඳව මිනිසා මත රඳා පවතී.[9]:167 ෆෙරල් බැටළුවන්, ෆෙරල් අශ්වයින්, එළුවන්, ඌරන් හෝ සුනඛයන් වැනි පරිමාණයකින් දක්නට නොලැබුණ ද විශාල විලෝපිකයන් හීන ප්‍රදේශවල මොවුන් දක්නට හැකි අතර ඔවුන් වෙනමම විශේෂයයක් ලෙස ද වෙන් කර දැක්විය හැකිය.[9]:75[10]

ද්විතීයික නිෂ්පාදන සඳහා බැටළුවන් ඇති කිරීම නිරිතදිග ආසියාවෙන් හෝ බටහිර යුරෝපයෙන් ඇරඹුණි.[11] මුල් කාලයේදී බැටළුවන් මස්, කිරි සහ සම් පිණිස පමණක් තබා ගැනුණි. ඉරානයෙන් සොයාගැනුණු සැටර්ඩේ පුරාවිද්‍යාත්මක සාධක කියාපාන්නේ ලොම් සහිත බැටළුවන් තෝරා ගැනීම ඇරඹෙන්නට ඇත්තේ ක්‍රිස්තු පූර්ව 6000  දී පමණ බව[2]:5[6]:11 සහ ඉන් අවුරුදු 2000 කට 3000 කට පසු පැරණිතම ලොම් රෙදි පිළි නිර්මාණය වන්නට ඇති බවයි.[12]:8 මීට පෙරාතුව බැටළුවෙකු මස් පිණිස මැරීමේ දී ලැබෙන සම පදම් කොට කබායක් ලෙස පළඳින්නට ඇත. පරියේෂකයන් විශ්වාස කරන අන්දමට මෙවන් පැළඳුම් 70°F( 21°C) මධ්‍යයනය උෂ්ණත්වයක් පවතින ෆර්ටයිල් ක්‍රෙසන්ට් වැනි ප්‍රදේශ වලටත් වඩා අඩු උෂ්ණත්වයන් පවතින ප්‍රදේශවල ජීවත් වීමට මිනිසාට රුකුල් දෙන්නට ඇත.[13]ක්ටහොයික් හි දී සොයා ගනු ලැබූ බැටළු චාර්වක දත් කැබලි සහ අස්ථි කියාපාන්නේ එවක ගෘහස්ත බැටළු ගහණයක් පැවති බවයි.[14] ලෝකඩ යුගයට අයත් එම කාල වකවානුවෙහි බැටළු වංශ, සියලු නූතන ගති ලක්ෂණ වලින් යුක්තව බටහිර ආසියාව පුරා විසිරී පැතිරී පැවතින.[2]:6

ක්‍රිස්තු පූර්ව 6000 දී පුරාතන ජීට්න් වාසීන් බැටළුවන් සහ එළුවන් ඔවුනගේ ප්‍රධාන පශු සම්පත ලෙස සැළකූහ.[15] සංචාරක පශු කර්මාන්තයක් පැවති බව පුරාවිද්‍යාත්මක කැණීම් බිම් වල හඳුනාගැනීම් රාශියකින් එනම් බැටළු හා එළු අස්ථීන්, ධාන්‍ය සහ ධාන්‍ය සැකසුම් උපකරණ වල දුලබතාවය, විශේෂිත ආවේණික ගති ලක්ෂණ පෙන්වන ගෘහ නිර්මාණ ශිල්පයක සාධක මඳ බැවින්, කලාපයේ කෘෂිකාර්මික ප්‍රදේශවලින් බැහැරව පිහිටීමෙන් සහ නූතන සංචාරක එඬේරවරුන්ගේ මානව-වංශ ලේඛයන්ගෙන් තහවුරු වේ.[16]

අධ්‍යතනය සංස්කරණය

 
පැතලි වල්ගයක් සහිත බැටළුවෙකු සමග ඇෆ්ගනිස්තානයෙහි කඳුකර පෙදෙසක ගොපල්ලෙක්.[17]

මැද පෙරදිග සංස්කරණය

සවුදි අරාබිය (3% ට අඩු ප්‍රතිශතයක්), ඉරානය (4%) සහ ඇෆ්ගනිස්ථානය (උපරිම වශයෙන් 10% ක්) වැනි රටවල් වල අති සුළුතරය සංචාරක එඬේරවරුන් සහ අර්ධ සංචාරක එඬේරවරුන් වාසය කරන අතර ඔවුනගේ සතත අවපාතයක් දක්නට ලැබේ.[18]

ඉන්දියාව සංස්කරණය

ඉන්දියානු දේසි බැටළු වංශයේ ගුණාත්මක බව 'ඉහල නැංවීමට' මෙරිනෝ සහ අනෙකුත් ඉහළ තත්ත්වයේ බැටළුවන් සමගින් අන්තර්-අභිජනන ක්‍රියාවලි දියත් වන්නේ ලොම් වල සහ මස් වල ගුණත්වය වැඩි දියුණු කිරීමේ අරමුණෙනි.[19]

චීනය සහ මොන්ගෝලියාව සංස්කරණය

බැටළුවන් චීනයෙහි කෘෂිකාර්මික නිෂ්පාදිතයේ වැදගත් අංගයක් නොවන්නේ චීනය සතුව බැටළුවන් සඳහා විශාල විවෘත තණබිම් දුලබ බැවිනි.[20] එවන් භූමිභාග පවතින නිරිතදිග පළාත්වල බැටළු ගහණය සුලබයි.[21] ළාන් නමින් හැඳින්වෙන ස්වදේශික බැටළු වංශයක් චීනය සතුව පැවතුනත් රජයේ ප්‍රවර්ධන කටයුතු මධ්‍යයේ වුව ද 1985 වසරේ සිට එම සතුන්ගේ ගහන අවපාතයක් දක්නට ලැබේ.[22]

ජපානය සංස්කරණය

වර්ෂ 1800 සිට ජපන් රජය සිය ගොවි ජනතාව බැටළුවන් ඇති කිරීමට යොමු කරන ලදී. එවන් බැටළු අභිජනන ව්‍යාපෘති මගින් Yorkshire, Berkshire, ස්පාඤ්ඤ merino, චීන/මොන්ගෝලියානු බැටළු විශේෂ රජයේ ද සහන මත ආනයනය කෙරුණු නමුත් ගොවීන් සතුව බැටළු පාලනය පිළිබඳව පැවති අල්ප දැනුම ශහ රජය විසින් ගොවීන් හට නිසි තොරතුරු ලබා නොදීම නිසා එය අසාර්ථක වූයේ 1888 වසරේදී ව්‍යාපෘතියට නැවතීමේ තිත තබමිනි. [23]

අප්‍රිකාව තුළ සංස්කරණය

බටහිර ආසියාවේදී හීලෑ කිරීමෙන් පසු නොබෝ කලකින්ම බැටළුවෝ අප්‍රිකා මහාද්වීපයට ඇතුළු වූහ.[24] වරෙක ඉතිහාසඥයන්ගෙන් සුළු පිරිසක් Ovis aries හි මූලාරම්භය පිළිබඳව අප්‍රිකානු න්‍යායය ලෙස නම් දැරූ විවාදාත්මක මතයක් ඉදිරිපත් කරන ලදී.[24] එම න්‍යායය මූලිකවම ශිලා කලා වලින් පහදා දුන් කරුණු මත සහ අස්තිවේදයේ එන බාබේරියානු බැටළුවන් පිලිබඳ සාක්ෂි මත පදනම් විණි.[24] පළමු බැටළුවන් සිනායි හරහා උතුරු අප්‍රිකාවට ඇතුළු වූ අතර වසර 7000 කට 8000 කට පෙර පුරාණ ඊජිප්තු සමාජයෙහි ද උන් දක්නට ලැබුණි.[24] අප්‍රිකානු ගොවිතැන ප්‍රධාන වශයෙන් බැටළුවන් මත සෑමවිටම යැපුණාක් මෙන්ම වත්මනෙහි සැලකිය යුතු බැටළු ගහණයකින් (මිලියන 28.8 ක්) යුතු එකම රට දකුණු අප්‍රිකාවයි.[2]:20[25]

ඉතියෝපියාවෙහි ලන්ද්‍රාස් වර්ගයේ බැටළුවන්ගේ වෙනස්කම් කිහිපයකි. වල්ගයේ හැඩය සහ ලොම් වර්ගය වැනි සාධක අනුව බැටළුවන් වර්ගීකරණය කිරීමට ප්‍රයත්නයක් දැරූ අතර එච්. එප්ස්ටයින් විසින් මෙම කරුණු දෙක මත පමණක් පදනම්ව බැටළුවන් වර්ග 14 කට බෙදා දැක්වීමට උත්සාහ කළේය. නමුත් 2002 දී කළ ජානමය විශ්ලේෂණයකින් තවදුරටත් පැහැදිලි වූයේ කෙටි-මහත වල්ග සහිත, දිගු-මහත වල්ග සහිත, මහත-වල්ග කොට සහිත සහ සිහින්-වල්ග සහිත යන විශේෂිත ප්‍රභේද සතර පමණක් දැකගත හැකි බවයි.[26]

යුරෝපය තුළ සංස්කරණය

 
ඇබර්ඩීන් බෙස්ටියරි විසින් 12 වන ශතවර්ෂයෙහි ප්‍රදීප්ත මුද්‍රණයක බැටළුවෙකුගේ සංවර්ණනය.

බැටළු පාලනය යුරෝපය පුරා ශීඝ්‍රයෙන් පැතිර ගියේය. කැණීම් අනාවරණය කරන පරිදි ක්‍රිස්තු පූර්ව 6000 දී පමණ පූර්ව ඉතිහාසයේ නියෝලිතික යුගයේ දී කාසල්නෝවියානු වැසියන් දකුණු ප්‍රංශයේ ෂටර්නොෆ්-ලේ-මාර්ටිගේස් හි (වත්මනෙහි මාර්සේල් පෙදෙසට නුදුරුව) වාසය කරමින් යුරෝපයේ ප්‍රථම ගෘහස්ත බැටළු පාලනය ආරම්භ කරන ලදී.[27] පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් ප්‍රායෝගිකව මූලික පශු සම්පත ලෙස බැටළුවන් සලකන ලද අතර තනි තනි බැටළුවන් නම් කළ බව පවා සඳහන් වේ.[6]:13 කෙටි වල්ගයක් හා බහුවිධ වර්ණයන්ගෙන් යුතු ලෝම සහිත අදටත් දක්නට ලැබෙන ස්කැඩිනේවියානු බැටළුවන් වර්ගයක් එකල විය.. පසුව රෝම අධිරාජ්‍යය බැටළුවන් මහා පරිමාණයෙන් ඇති කරන ලද්දේ යුරෝපය පුරා බැටළුවන් ගහණය ව්‍යාප්ත කළ ප්‍රධාන කාරකක් ලෙසිනි. ප්ලිනි දි එල්ඩර් ඔහුගේ ස්වභාව ඉතිහාසයෙහි (නැචුරාලිස් හිස්ටෝරියා) බැටළුවන් සහ ලොම් පිළිබඳව මෙසේ ද සඳහන් කරයි.[28] "දෙවියන් වහන්සේ පවා පහදවන, අපට ලෝම පරිභෝජනයට ඉඩ හසර ලබා දෙන බැටළුවනි, අපි ඔබට ණය ගැති සහ ස්තුතිවන්ත වෙමු." යනුවෙන් හෙතම ප්‍රකාශ කරන්නේ පුරාතන බැටළු විශේෂ වල තොරතුරු සහ ලොම් වර්ණ, දිග සහ ලක්ෂණ ආදිය ද ගෙන හැර දක්වමිනි.[28] රෝමානුවන් ඔවුනගේ බැටළුවන් පොරෝනා (නූතනයේ නයිලෝන්) වලින් වැසීමෙන් බැටළුවන්ගේ පිරිසිදුකම සහ ලොමවල ප්‍රභාව වර්ධනය කර ගැනීමේ පුරෝගාමීන් වූහ.[2]:74

ක්‍රිස්තු වර්ෂ 50 දී රෝමානුවන් බ්‍රිතාන්‍ය දූපත්වල පදිංචිව සිටි සමයෙහි, එංගලන්තයේ වින්චෙස්ටේර්හි විශාල ලොම් සැකසුම් කම්හලක් පැවති බව කියැවේ.[6]:11 ක්‍රිස්තු වර්ෂ 1000 වන විට එංගලන්තය සහ ස්පාඤ්ඤය බටහිර ලෝකයේ බැටළු නිෂ්පාදන සම මධ්‍යස්ථාන ලෙස පිළිගැණුනි.[2]:8–9[6]:12 ඉස්තරම් ලොම් ලබා දෙන මෙරිනෝ බටලුවන්ගේ මුල් කාලීන ඇති කරන්නන් වූ ස්පාඤ්ඤය ලොම් වෙළඳාමේ ප්‍රමුඛයන් වූයේ විශාල ධනස්කන්ධයක් උපයමිනි. එම ධනය ස්පාඤ්ඤ පාලකයන් විසින් ආක්‍රමණකරුවන් ලෙස නව ලෝකය කරා යාත්‍රා කිරීමට යොමු කරන ලදී.[6]:12 මෙස්ටා (සම්පූර්ණ පදවි නාමය වූයේ ඔන්රඩෝ කන්සේජෝ ඩි ලා මෙස්ටා, ගෞරවනීය මන්ත්‍රණ සභාවෙහි මෙස්ටා) යනුවෙන් බලවත් පදවියක් ස්පාඤ්ඤයේ ධනවත් වෙළඳුන්ගෙන්, කතෝලික පූජකවරුන්ගෙන් සහ මෙලිනෝ බැටළු සමූහ පාලනය කළ රදළයන්ගෙන් සුසැදි මණ්ඩලයක දක්නට ලැබිණි.[29] 17 වන ශතවර්ෂය වන විට මෙස්ටා සතුව මෙලිනෝ බැටළුවන් මිලියන දෙකක් පමණ විය.[29]

ස්පාඤ්ඤයේ මෙස්ටාහි බැටළුවන් සෘතුමය ගොදුරුබිම් මාරුවක් සිදී කළහ. වසන්ත කාලයේදී, එක්ස්ට්‍රිමඩියුරාහි සහ ඇන්ඩලූසියාහි ශීත තණබිම් (ඉන්වනැඩරෝස්) අතහැර කැස්ටයිල්හි ග්‍රීෂ්ම තණබිම් (අගොස්ටැඩරෝස්) කරා ගිය උන් සරත් සමයේ දී නැවත පැමිණියහ.[29] ලෝම වලින් ලබා ගත හැකි ලාභාංශ වැඩි කර ගැනීමට රෝම පාලකයන් මෙස්ටා හට පුළුල් බලතල ලබා දුන් අතර ඒවා සාමාන්‍ය ගොවි ජනතාවට වඩාත් හානිදායක විය.[29] විශාල මෙලිනෝ පට්ටි වලට ඔවුනගේ සංක්‍රමණික මාර්ග (කැනඩස්) ඔස්සේ ගමන් කිරීමේ පූර්ණ අයිතිය පැවතුණි. නගර සහ ගම වාසීන් සිය පොදු බිම් වල දී බැටළුවන්ට තණ උළා කෑමට ඉඩදිය යුතු වූ අතර එයට එරෙහි වූ පුද්ගලයින් මෙස්ටා විසින් ඔවුනගේ ශේරිෆ්වරුන් ලවා පුද්ගලික අධිකරණ වෙත කැඳවන ලදී.[29]

 
"රැඩ්ල්" යනුවෙන් හඳුන්වන තීන්ත මුද්‍රණයකින් ගොවෙන් විසින් සිය බැටළුවන් හඳුනාගනු ලබයි.

රාජකීය අවසරකකින් තොරව වනයෙහි මෙරිනෝ බැටළුවන් සෙවීම පවා එකල දඬුවම් ලැබිය හැකි වරදක් වූ බැවින් 18 වන ශතවර්ෂයේ මැද භාගය වන තෙක්ම බැටළු පාලනයේ ඒකාධිකාරයකට ආසන්න තත්ත්වයක් පැවතුණි. අපනයන නීති ඉවත් කිරීමෙන් පසුව අගනා ලොම් ලබා දෙන බැටළුවන් ලෝකය පුරා බෙදා හැරීම ඇරඹිණි. 1788 දී ලුයිස් XVI රජ සමයේ රැම්බුලේ වෙත කළ අපනයනයෙන් වත්මනෙහි දක්නට ලැබෙන රැම්බුලේ (ප්‍රංශ මෙලිනෝ) වංශය ආරම්භ වීමේ පසුබිම සැකසුණි.[7]:66 නැපෝලියන් යුධ සමයට පසු හා වරෙක ඒකාධිකාරයක්ව පැවති මෙලිනෝ බැටළුවන් ලොව පුරා බෙදී යාමත් සමග ස්පාඤ්ඤය තව දුරටත් ලෝක ආර්ථිකයෙහි විශාල වැදගත්කමක් නිරූපණය නොකළ අතර එහි ලොම් නිෂ්පාදිතය චුරා වැනි සවිමත් රළු ලොම් නිෂ්පාදිත වෙත ප්‍රතිවර්ත්‍ය විය.[30]

ස්පාඤ්ඤයෙහි බැටළු කර්මාන්තය සංක්‍රමණික පට්ටි කළමනාකරණ නිදර්ශකයක් වූයේ එරටට ආවේණික විශාල බැටළු රංචු රට පුරා පැතිරෙමින් පැවතීම නිසාය. එංගලන්තයෙහි භාවිත වූ කළමනාකරණ මාදිලිය මින් බොහෝ සෙයින් වෙනස් වූ නමුත් එරට ආර්ථිකයට මේ හා සමාන බලපෑමක් එල්ල කළේය. 20 වන ශතවර්ෂයේ මුල් භාගය වන තෙක්ම ඔව්ලින්ග් (බැටළුවන් හෝ බැටළු ලෝම අවහරණය) දඬුවම් ලැබිය හැකි වරදක් වූ අතර වත්මනෙහි පවා හවුස් ඔෆ් ලෝර්ඩ්ස්හි කතානායකවරයා වූල්සැක් යනුවෙන් හඳුන්වන මෙට්ටයක් මත වාඩිවීම සිදු කරයි.[31]

එක්සත් රාජධානියෙහි අධි සංකේන්ද්‍රනයකින් සහ ව්‍යායාමයෙන් තොර බැටළු පාලනය නිසා බැටළුවන් ඔවුන්ගේ නිශ්චිත අභිප්‍රාය සහ ශරීර කොටස් සඳහා අනුගත වූයේ එරටෙහි භූමි ස්කන්ධයට සාපේක්ෂව විශේෂිත බැටළු වර්ග ඇති වීමට ඉඩ සලසමිනි.[2]:419 ස්පාඤ්ඤයෙන් පැමිණි සුපිරි තත්ත්වයේ නිෂ්පාදන සමග තරඟ කිරීමට මෙම විවිධ බැටළු විශේෂ වලින් නිපදවන ලද නිෂ්පාදන පරාසය ඉවහල් විය. එලිසබෙත් I රාජිණියගේ සමය තුළ රාජාණ්ඩුවේ මූලික බදු ආදායම වූයේ ලොම් වෙළඳාම බැවින් එංගලන්තය ද බැටළු පාලනය ව්‍යාප්ත කිරීමට ප්‍රධාන වශයෙන් දායක වූ රාජ්‍යයක් ලෙස දැක්විය හැකිය.[2]:9[32]

18 වන ශතවර්ෂයෙහි රොබර්ට් බේක්වෙල්ගේ කාර්යභාරය ගෘහස්ත බැටළුවන්ගේ මෙන්ම පශු සම්පතෙහි ද වැදගත් සන්ධිස්ථානයක් විය. ඔහුගේ කාලයට පෙර ප්‍රශස්ත ගති ලක්ෂණ සහිත සතුන් අභිජනනය, ඒ සඳහා සතුන් තොආර ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොර සසම්භාවී එකක් විය. බේක්වෙල් වරණාත්මක අභිජනනය (විශේෂයෙන් පෙළපත් අභිජනනය)සඳහා මූලධර්ම ඉදිරිපත් කළේ ඔහුගේ බැටළුවන්, අශ්වයන් ශා ගවයන් කළ පරියේෂණ සහ අත්දැකීම් ද ඇසුරිනි. පසු කාලීනව ග්‍රෙගර් මෙන්ඩල්ගේ සහ චාර්ල්ස් ඩාවින්ගේ කාර්යයන් සඳහා ද හෙතෙම ඉවහල් විය.[7]:56 ඔහුගේ ප්‍රධාන දායකත්වය ලෙස දැක්වෙනුයේ වැදගත් නූතන බැටළු විශේෂ රාශියකටම පදනම් වූ වාරක සන්‍යාසයකින් හා ඉක්මන් පරිණතියකින් යුතු ලෙස්ටර් ලෝන්ග්වූල් නම් බැටළුවන් හඳුන්වා දීමය.[7]:58 වත්මනෙහි එංගලන්තයේ බැටළු කර්මාන්තය විශාල අවපාතයකට ලක්ව ඇති වුවත්[33] උසස් පෙළපත් වලින් පැවත එන බැටළු පට්ටි වෙන්දේසි වලදී ස්ටර්ලින් පවුම් 100,000 කට පමණ අදටත් මිලදී ගත හැකිය.[34][35]

ඇමරිකාව තුළ සංස්කරණය

මෙයද බලන්න: එක්සත් ජනපදයෙහි කෘෂිකාර්මික ඉතිහාසය
 
1918 දී ධවල මන්දිරයෙහි දකුණු තණපිටියෙහි තණ උළාකන බැටළුවන්.

ආසියානු සහ යුරෝපීය විශේෂයන් වලටත් වඩා ඇමෙරිකාවට ආවේණික ඔවින විශේෂ ගෘහස්ත බැටළුවන්ගේ ජානවලට සමීපතාවයක් දක්වුව ද ඔවුන් හීලෑ කිරීමක් ඇමෙරිකාවෙහි සිදු නොවුණි. ඇමෙරිකාවේ ප්‍රථම ගෘහස්ත බැටළු වර්ගය, 1493 දී ක්‍රිස්තොපර් කොලොම්බස් ගේ දෙවන ආගමනයත් සමග පැමිණි චුරා බැටළු විශේෂය විය හැකිය.[2][6]:12 අත්ලාන්තික් සාගරය ඔස්සේ හර්නන් කොර්ටෙස් සමග 1519 දී මෙක්සිකෝවෙහි ගොඩ බසින ලදදේ දෙවන බැටළුවන් සමූහයයි.[2] මෙම සතුන් අතුරින් කිසියම් සත්ත්ව හෝ ලෝම අපනයනයන් සිදු නොවූවත් ස්පාඤ්ඤ ජනපදිකයන් සමග මෙක්සිකෝවෙහි හා නිරිතදිග එක්සත් ජනපදයේ බිම් උන් ව්‍යාප්ත වූහ.[6]:12 ස්වදේශිකඇමෙරිකානුවන් වන Navajoනවාජෝහට චුරා බැටළුවන් හඳුන්වාදීමෙන් ඔවුනගේ දිවිපෙවෙතෙහි සහ සංස්කෘතියෙහි වැදගත් අංගයක් බවට බැටළුවන් පත්විය. වර්තමාන නවාජෝ-චුරෝ බැටළු වංශය මෙම උරුමයේ ප්‍රතිඵලයකි.[36]:20

උතුරු ඇමරිකාව සංස්කරණය

සූසන් කොන්ස්තන්ත්, වර්ජිනියාවට පැමිණීමත් සමග 1607 වසර වන තෙක් සිදු නොවූ බැටළු ප්‍රවාහනය ඇරඹිණි.[2]:234 කෙසේ වෙතත් එම වසරේදී ළඟා වූ බැටළුවන් සියලු දෙනාවම සාගතය හේතුවෙන් මරණ ලද අතර වසර දෙකකට පසු 1609 තෙක් ස්ථිර බැටළු සමූහයක් ජනපදයේ බිහි නොවුණි.[2]:234 දශක දෙකකට පසුව ජනපදිකයන් ඔවුනගේ රංචුව 400 ක් දක්වා වර්ධනය කරගෙන තිබිණ. 1640 වන විට ජනපද දහතුනක බැටළුවන් 1,000 ක් පමණ වූ අතර 1662 දී මැසචුසෙට්ස්හි වොටර්ටවුන් පෙදෙසෙහි ලෝම කම්හලක් ඉදි කරන ලදී.[2]:9[6]:11 විශේෂයෙන් 1640 හා 1650 දක්වා වූ කාලයේ එංගලන්තයේ දේශපාලන අස්ථාවරත්වය හා සිවිල් යුද්ධය නිසා මුහුදු මාර්ග වල වෙළඳාමට බාධා වූ අතර, ජනපදිකයන්ට ඇඟලුම් සඳහා ලෝම නිෂ්පාදනයට බලකෙරිණ.[37] සමුද්‍රික සීමාවෙන් ඔබ්බෙහි පැවති බොහෝ දූපත් වලින් විලෝපිකයන් ඉවත් කර ඒවා බැටළුවන් ඇති කිරීම සඳහා වෙන් කරන ලදී: නැන්ටුකෙට්, ලෝන්ග් අයිලන්ඩ්, මාර්තා'ස් විනෙයාර්ඩ් සහ බොස්ටන් වෙරළෙහි කුඩා දූපත් උදාහරණ වේ.[37] දූපත්හි රංචු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස හොග් අයිලන්ඩ් බැටළුවන් වැනි දුලබ ඇමෙරිකානු බැටළු වර්ග ජනිත විය. මෙම කාලයේ ජනපදකරණයේ ප්‍රතිඵලයක් ලෙස අර්ධ ෆෙරල් බැටළුවන් සහ එළුවන් දූපත් වල ස්ථානගත කිරීම සාමාන්‍ය ව්‍යවහාරයක් විය.[37] මුල් කාලයේ දී බ්‍රිතාන්‍ය රජය සිය දූපත් වල ලෝම වෙළඳාමට එල්ල විය හැකි තර්ජන වැලැක්වීමට ඇමෙරිකාවට ලෝම සහ බැටළුවන් අපනයනය තහනම් කළේය. ඇමෙරිකානු විප්ලවය පහත හෙළීමට කළ විවිධ වෙළඳා සම්බාධක මධ්‍යයේ ඊසානදිග ප්‍රදේශයේ බැටළු කර්මාන්තය වර්ධනය විය.*[2]:10

19 වන ශතවර්ෂය ආරම්භයේ පටන් එක්සත් ජනපදයේ බැටළු කර්මාන්තය බටහිර දෙසට ව්‍යාප්ත විය. වර්තමානයෙහි බහුතරයක් රංචු බටහිර දිග බිම් වල ස්ථානගත වී ඇත. කර්මාන්තය බටහිරට සංක්‍රමණය වීමේදී බැටළු සහ ගව කර්මාන්ත අතර තරඟය වඩා උණුසුම් වී අවසන අඩවි යුද්ධ("රේන්ජ් මැගට්ස්" ලෙස ද හඳුන්වන) බවට වර්ධනය විය.[38] තණ කැවීමට සහ ජලය අයිතිය සම්බන්ධ සරල තරඟයට අමතරව ගොපල්ලන් විශ්වාස කළේ බැටළුවන්ගේ පාදවල රෝම කූපයන්ගේ ශ්‍රාවයන් නිසා බැටළුවන් පැ තැබූ ස්ථාන වලින් තණ උළා කෑමට ගවයන් අකමැත්තක් දක්වන බවයි.[12]:4

ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර කලාප වල බැටළු නිෂ්පාදනය ව්‍යාප්ත වන විට එය රෝඩියෝ වැනි බටහිර සංස්කෘතික ප්‍රදේශ හා සම්බන්ධ විය. වර්තමානයෙහි ඇමෙරිකාවේ රෝඩියෝ ක්‍රීඩාවේ අංගයක් වනුයේ කුඩා ළමුන් බැටළුවන්ගේ පිටෙන් නොවැටී වැඩිම දුරක් ගමන් කිරීමට තරඟ කිරීමයි (මට්න් බස්ටින්ග්). බැටළු රංචු බටහිර දෙසට ගමන් කිරීමේ තවත් ප්‍රතිඵලයක් වූයේ බිග්හොර්න් බැටළුවා (O. canadesis) වැනි වන විශේෂ අඩු වී යාමයි. ගෘහස්ත බැටළුවන්ගේ රෝග බොහොමයක් වන ඔවින්ස් බැටළුවන් හට බෝවන සුළු නිසා එම ලෙඩ රෝග සමගින් වාසස්ථාන අහිමි වීම කැලෑ බැටළුවන් අඩුවීමට හේතු විය.[39] 1940 හා 1950 වසර වල උතුරු ඇමෙරිකානු බැටළු නිෂ්පාදනය මිලියන 55 වැනි ඉහල අගයකට ළඟා විය. 1970 දී ටෙක්සාස්හි ඇල්ෆයින් පෙදෙසෙහි රෝයි මැක්බ්‍රයිඩ් නම් කෘෂිකාර්මිකයා සිය පශු සම්පත, උගුරු දණ්ඩට පහර දී ගොදුරු ඩැහැගන්නා කොයෝටි වෘකයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට 1080 විෂ සංඝටකය අඩංගු කර වළල්ලක් නිර්මාණය කළේය. මෙම උපකරණය ටෙක්සාස්හි මෙන්ම දකුණු අප්‍රිකාවේ ද පශු සම්පත් ආරක්ෂණ වළල්ල වශයෙන් ප්‍රචලිත විය.[40]

දකුණු ඇමරිකාව සංස්කරණය

 
චිලීහි විශාල බැටළු ගොවිපොළක්.

දකුණු ඇමරිකාවේ විශේෂයෙන්ම පැටගෝනියාහි ක්‍රියාශීලී නූතන බැටළු කර්මාන්තයක් පවතී.*[41] බැටළුවන් ඇති කිරීම ප්‍රධාන වශයෙන් හඳුන්වා දෙන ලද්දේ මහාද්වීපයට බහුල ලෙස සංක්‍රමණය වන තම රටෙහි බැටළු කර්මාන්තය ප්‍රධානතම අංගයක් වූ ස්පාඤ්ඤ සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙනි.[42] දකුණු ඇමරිකාව සතුව විශාල බැටළු ගහණයක් පැවතිය ද විශාලතම නිෂ්පාදක රට (බ්‍රසීලය) 2004 දී වාර්තා කළේ මිලියන 15 ක ගහණයකි. එය බැටළුවන් ඇති කරන අනෙකුත් මද්‍යස්ථාන වලට සාපේක්ෂව ඉතා අඩු අගයයකි.[43] 20 වන සියවසෙහි අග භාගයේ දී වූල් මිලෙහි ඇති වූ දරුණු අවපාතයත්, දැව සඳහා වූ වන විනාශයත් සහ තණබිම් අධි-පරිභෝජනය යන ඒවා දකුණු ඇමෙරිකාවෙහි බැටළු කර්මාන්තයට විශාල තර්ජනයක් විය.[44] එම මිල අවපාතයෙන් ආපසු ස්ථාවර වූ ප්‍රථම අන්තර්ජාතික වශයෙන් වැදගත් වූ ප්‍රදේශය වූයේ පැටගෝනියාවයි.[41][42] විලෝපිකයන් හීන වීමත් හා සත්ත්ව පරිභෝජනය සඳහා තණබිම් කෙරෙහි පැවතුණු අල්ප තරඟයත් (එහි තණ උළා කන එකම ක්ෂීරපායී ගුවනාකෝ සත්ත්වයා) නිසා මෙම ප්‍රදේශය බැටළුවන් ඇති කිරීම සඳහා අග්‍ර භූමිය විය.[42] ලා ප්ලාටා නදියෙන් වට වූ පම්පස් ප්‍රදේශය නිෂ්පාදන සඳහා වඩාත්ම විශේෂිත ප්‍රදේශය විය.[2]:19 1952 දී පැටගෝනියාවේ බැටළු නිෂ්පාදනය උච්චතම වූ අතර මිලියන 21 කැ බැටළු ගහණයක් එකල වාර්තා වූ නමුත් වත්මනෙහි දක්නට ලැබෙන්නේ මිලියන 10 කටත් වඩා අඩු සංඛ්‍යාවකි.[42] බොහෝ මෙහෙයුම් ප්‍රමුඛතාව ලබා දෙන්නේ මෙරීනෝ සහ කොරිඩේල් බැටළු නිෂ්පාදන අපනයනයටයි. මිල අවපාතයත් සමග වූල් ලබා දෙන බැටළු පට්ටි වල ආර්ථික ස්ථාවරත්වය පහල බස ඇති නමුත් ගව කර්මාන්තය සාපේක්ෂව සන්තතික වර්ධනයක් පෙන්නුම් කරයි.[42]

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ සංස්කරණය

 
නවසීලන්තයෙහි මෙරීනෝ බැටළුවෙක්.

කාලීන බැටළු කර්මාන්තයේ අද්විතීය ස්ථානයක් හිමි කර ගන්නා ඔස්ට්‍රේලියාවෙහි සහ නවසීලන්තයෙහි සංස්කෘතිය සහ ආර්ථිකය බැටළු පාලනය සමගින් සමීප බැඳියාවක් දක්වයි. නවසීලන්තය සතුව ලොව වැඩිම පුරවැසියෙකුට බැටළුවන් ගණන දක්වන ඝනත්ව අනුපාතිකය (බැටළුවන් මිනිසුන් මෙන් සංඛ්‍යාවෙන් 12 ගුණයක් වන) පෙන්නුම් කරන අතර ඔස්ට්‍රේලියාව බැටළුවන් සහ ගවයන් අපනයනය කරන රටවල් අතුරින් අවිවාදයෙන්ම පළමු තැන අත්පත් කර ගනී.*[45] 2007 දී නවසීලන්තය, පෙබරවාරි 15 දිනය ජාතික බැටළු දිනය ලෙස එරටෙහි බැටළු නිෂ්පාදනයේ ඉතිහාසය සමරනු වස් නිල වශයෙන් ප්‍රකාශ කළේය.[46]

1788 දී ඔස්ට්‍රේලියාවේ සුභපැත්මේ තුඩුවෙන් ප්‍රථම බැටළුවන් සමූහය රැගෙන එන ලද අතර එම ප්‍රමාණය බැටළුවන් 70 දෙනෙකු විය.[47] 1793 දී දෙවන නැව් ගත කිරීම ලෙස බැටළුවන් 30 ක් රැගෙන එන ලද්දේ කල්කටාවෙන් සහ අයර්ලන්තයෙනි.[47] මුලින් ගෙන්වූ සියලුම බැටළුවන් යොදා ගැනුනේ දඬුවම් පැමිණ වූ ජනපදයන්හි පාරිභෝජන අවශ්‍යතාවයන් වෙනුවෙනි. ඔස්ට්‍රේලියානු ලොම් රෙදි කර්මාන්තයේ ආරම්භය කපිතාන් ජෝන් මැකාතර්ගේ ප්‍රයත්නයන් බව සැලකේ.[47] මැකාතර් විසින් පෙළඹවනු ලදුව ස්පාඤ්ඤ මෙරිනෝ බැටළුවන් 16 දෙනෙක් ආනයනය කිරීමෙන් ඔස්ට්‍රේලියානු බැටළු කර්මාන්තය ආරම්භ විය.[47] 1801 වසර වන විට මැකාතර් සතුව බැටළුවන් 100,000 ක් පමණ සිටි අතර 1803 දී හෙතම කිලෝග්‍රෑම් 111 (රාත්තල්  245) ක වූල් එංගලන්තයට අපනයනය කළේය.[47] වර්තමානයෙහි මැකාතර් සැලකෙන්නේ ඔස්ට්‍රේලියානු බැටළු කර්මාන්තයේ පියා වශයෙනි.[47]

 
නිව් සවුත් වේල්ස්හි වොල්චා පෙදෙසෙහි මෙරීනෝ බැටළුවන් පෙඟවීම සිදු කරන අයුරු.

ස්ඵෝටනයක් ලෙසින් ඔස්ට්‍රේලියාව තුළ බැටළු ගහණය වර්ධනය විය. 1820 වසරේදී 100,000 ක පමණ බැටළු ගහණයක් පැවති මහාද්වීපයේ දශකයක් ඇවෑමෙන් මිලියනයක බැටළු ගහණයක් වාර්තා විය.[48] 1840 වසර වන විට නිව් සවුත් වේල්ස්හි පමණක් බැටළුවන් මිලියන 4ක් වූ අතර දශකයකදී එය ද මිලියන 13 ක් දක්වා වර්ධනය විය.[48] එම වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වූයේ බ්‍රිතාන්‍යය ලොම් ආනයනකරුවෙක් ලෙසින් දැක්වූ ක්‍රියාශීලී සහයෝගය වූ අතර මෙම රටවල් අධි-නිෂ්පාදනයක් ලබාදෙන බැටළු විශේෂ එකිනෙකාගෙන් ස්වායත්තව සංවර්ධනය කළහ; නවසීලන්තයේදී හෝ ඔස්ට්‍රේලියාවේදී කොරිඩේල්, කුලාලී, කූප්වර්ත්, පෙරේන්ඩේල්, පොල්වාර්ත්, බුරූලා මෙරිනෝ, පෙපින් මෙරිනෝ සහ පොල් මෙරිනෝ නව විශේෂයන් ලෙස අභිජනනය කරන ලදී.[7]:34, 44, 64 මව් ජාතීන්ගෙන් ඉතා දුරස්ථව පැවති කොලනි සඳහා වූල් නිෂ්පාදනය ඉතා යෝග්‍ය කර්මාන්තයක් විය. වේගවත් ගුවන් හා සමුද්‍ර පරිවහනයට පෙරාතුව බ්‍රිතාන්‍ය තීර්ථ කරා ලඟා වීමේදී පසු කළ යුතු දිගු ගමන් මගෙහි දී නරක් වීමට භාජනය නොවන නිෂ්පාදන අතර වූල් ද විය.[48] බහුල වශයෙන් වූ නව බිම් සහ කලාපයේ පවතින සෞම්‍ය ශීත දේශගුණය ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ බැටළු කර්මාන්තයේ ප්‍රගමනයට හේතු විය.[48]

ඔස්ට්‍රේලියාවෙහි බැටළු පට්ටි සැමවිටම සමූහ වශයෙන් වැටවල් යෙදූ භූමි ඔස්සේ නිදහසේ සැරිසරන අතර මද්යම තත්ත්වයේ සහ අගනා වූල් රෙදිපිළි සඳහා ද අනෙකුත් නිෂ්පාදන සහ මාංශ සඳහා ද අරමුණු වී ඇත. නවසීලන්තයේ බැටළු සමූහ ඉංග්‍රීසි පන්නයේ, ගොපල්ලන් රහිත වැටවල් යෙදු භූමි වල රඳවා තබා ගැනේ. එකල නවසීලන්ත බැටළු හිමියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය (නවසීලන්ත වූල් කර්මාන්තයේ උත්පාත සමයේදී) වූල් වුවත් වත්මනෙහි එය අපනයනය සඳහා මාංශ නිෂ්පාදනය දක්වා විතැන් වී ඇත.[2]:17[49]

සත්ත්ව සුබසාධන කාර්යයන් සංස්කරණය

ඔස්ට්‍රේලියාවෙහි කාර්මික අංශ අතුරින් ජාත්‍යන්තර විවේචනයට ලක් වූ එකම පරිචය බැටළු කර්මාන්තයයි. සත්ත්ව අයිතීන් පිලිබඳ ව්‍යාපාරයේ ප්‍රභවාත්මක ග්‍රන්ථය වන සත්ත්ව විමුක්තිය හි කර්තෘ සිය මූලික සාක්ෂ්‍යය ලෙස දක්වනුයේ ඔස්ට්‍රේලියාවේ බැටළු රැඳවුම් ස්ථාන වල බැටළුවන් සත්ත්ව කෘෂිකර්මාන්තයේ කොටසක් ලෙස තබා ගනිමින් සිදුකරන සමහර ක්‍රියාවලීන්ය.[50]මුලේසින්ග් ක්‍රමවේදය (ෆ්ල්යිස්ට්‍රයික් නම් මාරක තත්ත්වය ඇතිවීම වලක්වාලීම පෙරින පෙදෙසෙහි සම කපා ඉවත් කිරීම) PETA වැනි සත්ත්ව අයිතීන් සුරැකීමේ සංවිධානවල පරිභවයට පාත්‍ර වී ඇත්තේ එය "වේදනාත්මක සහ අනවශ්‍ය" ක්‍රියාවලියක් ලෙස හුවා දක්වමිනි.[51] එයට ප්‍රතිචාරයක් ලෙස දැනට මුලේසින්ග් ක්‍රමවේදයන් බැහැර කිරීමේ වඩා පිළිවෙලක් දියත් වන අතර,[52] සමහර මුලේසින්ග් සැත්කම් නිර්වින්දක භාවිතයෙන් සිදු කෙරේ.[53] නවසීලන්ත කෘෂිකර්ම අමාත්‍යාංශයේ සත්ත්ව සුබසාධන උපදේශන කමිටුව බටලුවන්ගේ සුබසාධනය වෙනුවෙන් අවම සම්මුතීන් නිර්දේශ කර ව්‍යවස්ථාපිත කර ඇත. එහි මුලේසින්ග් දැක්වෙන්නේ නවසීලන්තයේ සීමිත ගොවිපොළවල් සංඛ්‍යාවක යොදා ගැනෙන "විශේෂ ශිල්ප ක්‍රමයක්" ලෙසිනි.[54]

ඔස්ට්‍රේලියාවෙන් නිශ්පාදන බොහොමයක් එක්කෝ ශීත කළ මාංශ ලෙස එක්සත් ජනපදය වෙත ද නැතිනම් හලාල් සත්ත්ව ඝාතනය සඳහා මැද පෙරදිගට සජීවීව ද අපනයනය කෙරේ. PETA ප්‍රකාශ කර සිටින්නේ ඔස්ට්‍රේලියාවේ සත්ත්ව හිංසන නීතීන්හි අධිකරණ පාත්‍රතාවෙන් බැහැරව සිදු කරන අපනයනයන් හිදී එම සතුන් හට අමානුෂිකව සලකන බවත්, එරටෙහි හලාල් මාංශ සැකසුම් පහසුකම් පවතින බැවින් මෙය අනවශ්‍ය ක්‍රියාවලියක් බවත් ය.[55] පින්ක් නම් විනෝද ක්‍රීඩකයා සියලු ඔස්ට්‍රේලියානු බැටළු නිෂ්පාදන වර්ජනය කිරීමට ප්‍රතිඥා දුන් පුද්ගලයෙකි.[56]

යොමුව සංස්කරණය

  • Budiansky, Stephen (1999). The Covenant of the Wild: Why animals chose domestication. Yale University Press. ISBN 0-300-07993-1.
  • Ensminger, Dr. M.E. (1986). Sheep and Goat Science, Fifth Edition. Danville, Illinois: The Interstate Printers and Publishers Inc. ISBN 0-8134-2464-X. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • Pugh, David G. (2001). Sheep & Goat Medicine. Elsevier Health Sciences. ISBN 0-7216-9052-1.
  • Simmons, Paula (2001). Storey's Guide to Raising Sheep. North Adams, MA: Storey Publishing LLC. ISBN 978-1-58017-262-2. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • Smith M.S., Barbara (1997). Beginning Shepherd's Manual, Second Edition. Ames, Iowa: Iowa State University Press. ISBN 0-8138-2799-X. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • Weaver, Sue (2005). Sheep: small-scale sheep keeping for pleasure and profit. 3 Burroughs Irvine, CA 92618: Hobby Farm Press, an imprint of BowTie Press. ISBN 1-931993-49-1.{{cite book}}: CS1 maint: location (link)
  • Wooster, Chuck (2005). Living with Sheep: Everything You Need to Know to Raise Your Own Flock. Guilford, Connecticut: The Lyons Press. ISBN 1-59228-531-7. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • Hussain, Aftab (2011). Composition of fatty acids: Physicochemical studies on sheep fat. Saarbrücken, Germany: VDM verlag. ISBN 978-3-639-35780-6. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)

අධෝලිපි සංස්කරණය

  1. 1.0 1.1 Hiendleder S, Kaupe B, Wassmuth R, Janke A (2002). "Molecular analysis of wild and domestic sheep questions current nomenclature and provides evidence for domestication from two different subspecies" (PDF). Proc. Biol. Sci. 269 (1494): 893. doi:10.1098/rspb.2002.1975. PMC 1690972. PMID 12028771. සම්ප්‍රවේශය 2008-01-12.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  2. 2.00 2.01 2.02 2.03 2.04 2.05 2.06 2.07 2.08 2.09 2.10 2.11 2.12 2.13 2.14 2.15 2.16 2.17 2.18 Ensminger
  3. "Castlemilk Moorit". Breeds of Livestock. Oklahoma State University Dept. of Animal Science. සම්ප්‍රවේශය 2008-01-27.
  4. Hiendleder, S.; K. Mainz, Y. Plante, H. Lewalski (March 2007). "Analysis of mitochondrial DNA indicates that domestic sheep are derived from two different ancestral maternal sources: no evidence for contributions from urial and argali sheep". The Journal of Heredity. 89 (2): p. 113. doi:10.1093/jhered/89.2.113. PMID 9542158. {{cite journal}}: |page= has extra text (help)CS1 maint: multiple names: authors list (link)
  5. Meadows, J.R.; I. Cemal, O. Karaca; et al. (March 2007). "Five ovine mitochondrial lineages identified from sheep breeds of the near East". Genetics. 175 (3): p. 1371. doi:10.1534/genetics.106.068353. PMC 1840082. PMID 17194773. සම්ප්‍රවේශය 2008-02-12. {{cite journal}}: |page= has extra text (help); Explicit use of et al. in: |author= (help)CS1 maint: multiple names: authors list (link)
  6. 6.0 6.1 6.2 6.3 6.4 6.5 6.6 6.7 6.8 Weaver
  7. 7.0 7.1 7.2 7.3 7.4 Simmons & Ekarius
  8. Krebs, Robert E. & Carolyn A. (2003). Groundbreaking Scientific Experiments, Inventions & Discoveries of the Ancient World. Westport, CT: Greenwood Press. ISBN 0-313-31342-3.
  9. 9.0 9.1 9.2 Budiansky
  10. Donald E Bixby, DVM & D. Philip Sponenberg DVM. "Breed Conservation in the United States of America: presentation to the Fifth Congress on Iberoamerican Breeds and Criollos". සම්ප්‍රවේශය 2008-09-07.

  11. This citation will be automatically completed in the next few minutes. You can jump the queue or expand by hand
  12. 12.0 12.1 Smith et al.
  13. "History of Sheep & History of the Different Breeds". Daneke Club Lambs and Livestock. සම්ප්‍රවේශය September 18, 2013.
  14. Russell, Nerissa; Martin, Louise (1998). "Çatalhöyük Animal Bone Report". ÇATALHÖYÜK 1998 ARCHIVE REPORT. Çatalhöyük Research Project. සම්ප්‍රවේශය September 18, 2013.
  15. D.R. Harris, C. Gosden and M.P. Charles, Jeitun : Recent excavations at an early Neolithic site in Southern Turkmenistan, Proceedings of the Prehistoric Society, 1996, vol. 62, pp. 423–442.
  16. Oriental Institute of Chicago "Nomads, Tribes, and the State in the Ancient Near East: Cross-Disciplinary Perspectives".
  17. Davidson, Alan (1999). Oxford Companion to Food. Oxford University Press. pp. 290–293. ISBN 0-19-211579-0.
  18. Dale Eickelman, The Middle East and Central Asia. An Anthropological Approach. Fourth Edition. Prentice Hall, 2002, p. 11
  19. Review of Agricultural Operations in India. 1924. p. 102. සම්ප්‍රවේශය 20 September 2013.
  20. Lester Russell Brown (1995). Who Will Feed China?: Wake-up Call for a Small Planet. W.W. Norton & Company. pp. 46–47. ISBN 978-0-393-03897-2. සම්ප්‍රවේශය 20 September 2013.
  21. Zonghan Shen (1951). Agricultural Resources of China. Cornell University Press. p. 295. සම්ප්‍රවේශය 20 September 2013.
  22. China Report: Agriculture. Foreign Broadcast Information Service. 1986. p. 72. සම්ප්‍රවේශය 20 September 2013.
  23. Takekazu Ogura (1963). Agricultural development in modern Japan. Fuji Pub. Co. pp. 569–570. සම්ප්‍රවේශය 20 September 2013.
  24. 24.0 24.1 24.2 24.3 Blench, Roger (1999). The Origins and Development of African Livestock. Routledge. ISBN 1-84142-018-2. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help) උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "africa" defined multiple times with different content
  25. "A PROFILE OF THE SOUTH AFRICAN MUTTON MARKET VALUE CHAIN" (PDF). Department of Agriculture, Forestry and Fisheries. සම්ප්‍රවේශය September 17, 2013.
  26. Solomon Gizaw, H. Komen, O. Hanotte, J.A.M. Van Arendonk, S. Kemp, Aynalem Haile, O. Mwai, Tadelle Dessie (2011). "2.2.5.1 Significant morphological characters". Characterization and Conservation of Indigenous Sheep Genetic Resources: a Practical Framework for Developing Countries. ILRI (aka ILCA and ILRAD). pp. 16–17. ISBN 978-92-9146-262-9. සම්ප්‍රවේශය 26 September 2013.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  27. Max Escalon de Fonton, L'Homme avant l'histoire, pg. 16-17, in Histoire de la Provence, Editions Privat, Toulouse, 1990. See also F. Bourdier, Préhistoire de France (Paris, 1967) and G. Bailloud, Les civilisations Néolithiques de la France (Paris, 1955).
  28. 28.0 28.1 Pliny the Elder (AD 77). "Naturalis Historia". pp. Chapters 72–25. සම්ප්‍රවේශය 2007-12-29. {{cite web}}: Check date values in: |date= (help)
  29. 29.0 29.1 29.2 29.3 29.4 Defourneaux, Marcelin (1979). Daily Life in Spain in the Golden Age. Stanford University Press. pp. 147–48. ISBN 0-8047-1029-5.
  30. David R. Ringrose (26 November 1998). Spain, Europe, and the 'Spanish Miracle', 1700-1900. Cambridge University Press. p. 282. ISBN 978-0-521-64630-7. සම්ප්‍රවේශය 15 September 2013.
  31. John Irwin (1 May 1994). Modern Britain: An Introduction. Taylor & Francis. p. 46. ISBN 978-0-203-98523-6. සම්ප්‍රවේශය 15 September 2013.
  32. Thirsk, Joan (2000). The Agrarian History of England and Wales. Cambridge University Press. ISBN 0-521-20074-1. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  33. "Sheep industry vulnerable target warns BWMB". Farmer's Guardian. 2008-01-21. සම්ප්‍රවේශය 2008-01-21.
  34. Ward, David (October 22, 2002). "Pedigree ram sold for record £101,000". The Guardian. සම්ප්‍රවේශය 2008-09-07.
  35. "Scottish National Sale 2002". texel.co.uk. Texel Sheep Society. සම්ප්‍රවේශය 2008-09-07.
  36. Wooster
  37. 37.0 37.1 37.2 Anderson, Virginia DeJohn (2006). Creatures of Empire: How Domestic Animals Transformed Early America. Oxford University Press. pp. 147–48. ISBN 0-19-530446-2.
  38. "CHAPTER 10: Cattle Ranchers". Grand Teton Historic Resource Study. National Park Service. July 24, 2004. සම්ප්‍රවේශය September 16, 2013.
  39. Forstenzer, Martin (2005-09-20). "It's Wild vs. Domestic Sheep as Groups Lock Horns Over Grazing Area". The New York Times. සම්ප්‍රවේශය 2007-12-12.
  40. Walton, Murray T., "OF LIVESTOCK PROTECTION COLLARS TO PROTECT SHEEP AND GOATS" (1991).Fifth Eastern Wildlife Damage Control Conference (1991).Paper 50.
  41. 41.0 41.1 Rohter, Larry (2003-07-23). "In Patagonia, Sheep Ranches Get Another Chance". The New York Times. සම්ප්‍රවේශය 2008-01-27.
  42. 42.0 42.1 42.2 42.3 42.4 "Grasslands of the world". Food and Agriculture Organization of the United Nations. සම්ප්‍රවේශය 2007-12-23.
  43. "FAOSTAT". Food and Agriculture Organization of the United Nations. සම්ප්‍රවේශය 2007-12-07.
  44. Nash, Nathaniel C. (1994-03-19). "Patagonia Fortunes Fade in Cloud of Volcanic Ash". The New York Times. සම්ප්‍රවේශය 2008-01-27.
  45. "The people of New Zealand". TeAra: the Encyclopedia of New Zealand. 2006-06-09. සම්ප්‍රවේශය 2007-12-07.
  46. Associated Press (2007-01-26). "New Zealand Declares National Lamb Day". CBS News. 2008-04-25 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2008-01-21.
  47. 47.0 47.1 47.2 47.3 47.4 47.5 D'arcy, J.B. (1990). Sheep Management and Wool Technology. University of New South Wales Press. pp. 147–48. ISBN 0-86840-036-X.
  48. 48.0 48.1 48.2 48.3 Macintyre, Stuart (2004). A Concise History of Australia. Cambridge University Press. pp. 30, 37, 57. ISBN 0-521-60101-0.
  49. "Agricultural production". TeAra: the Encyclopedia of New Zealand. 2007. සම්ප්‍රවේශය 2007-12-07.
  50. Singer, Peter (1991). Animal Liberation. Avon Books. ISBN 0-380-71333-0.
  51. "Wool Boycott Targets Australia Sheep Farmers". National Geographic News. 2005-08-16. සම්ප්‍රවේශය 2007-12-07.
  52. Peter Wilkinson (2004-11-08). "In the News". Australian Wool Growers Association. September 24, 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-01-09.
  53. Cuming, Marius (2007-03-16). "Pain relief from man to lamb". Stock and Land. සම්ප්‍රවේශය 2008-08-11.
  54. Code of recommendations and minimum standards for the welfare of Sheep. Retrieved 1 October 2008. සංරක්ෂණය කළ පිටපත 5 ජූනි 2008 at the Wayback Machine
  55. "Savethesheep.com". PETA. සම්ප්‍රවේශය 2007-12-07.
  56. "Pink angers Australian government". BBC News. 2006-12-20. සම්ප්‍රවේශය 2007-01-09.