ගාලු කොටුව

ශ්‍රී ලංකාවේ ස්ථානයක්

ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි.

ගාලු කොටුව
ගාල්ල, ශ්‍රී ලංකාව
ගාලු කොටුවේ ගුවන් ඡායාරූපයක්
ගාලු කොටුවේ ගුවන් ඡායාරූපයක්
ගාලු කොටුව is located in Sri Lanka
ගාලු කොටුව
ගාලු කොටුව
ඛණ්ඩාංක6°01′33″N 80°13′03″E / 6.025833°N 80.2175°E / 6.025833; 80.2175ඛණ්ඩාංක: 6°01′33″N 80°13′03″E / 6.025833°N 80.2175°E / 6.025833; 80.2175
වර්ගයආරක්ෂක බලකොටුවක්
විස්තර
පාලනයශ්‍රී ලංකා රජය
මහජන නැරඹීමට විවෘත භාවයවිවෘතයි
තත්වයභාවිතයේ නොපවතී
ඉතිහාසය
ඉදිකිරීම1584; වසර 440 කට පෙර (1584) සහ 1684; වසර 340 කට පෙර (1684)
ඉදිකලේපෘතුග්‍රීසින් සහ ලන්දේසීන්
ඉදිකිරීම් ද්‍රව්‍යග්‍රැනයිට් පාෂාණ සහ කොරල්
යුද්ධ/ගැටුම්ගාලු කොටුව වටලෑම (1640)
සහ වෙනත් යුධ ගැටුම් කිහිපයක්

වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික ඉවත් කරමින් පවතී. ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය. එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි. පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී. එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි. ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් යුක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. එය ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය පිලිබඳ කදිම නිදසුනකි. ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස ද හදුන්වයි. ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ගාලු_කොටුව&oldid=722334" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි