කොහොඹ
කොහොඹ | |
---|---|
Azadirachta indica, flowers & leaves | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
Division: | Flowering plant |
ගෝත්‍රය: | Sapindales |
කුලය: | Meliaceae |
ගණය: | 'Azadirachta' |
විශේෂය: | ''A. indica'' |
ද්වීපද නාමය | |
Azadirachta indica Adrien-Henri de Jussieu
|
කොහොඹ ඹෂධීමය සහ දැවමය වටිනාකමකින් යුත් මහෝගනී පවුලයට අයත් ගසකි. මෙහි උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ ඇස්ඩ්‍රක්ටා ඉන්ඩිකා(Azadirachta ) වේ. මෙය ශ්‍රි ලංකාව, ඉන්දියාව, මැලෙසියාව යන තුන් රටටම ආවේණික ශාකයකි.තවද මෙම ශාකය පාකිස්තානය, බංග්ලාදේශය හා ඉරානයේ දකුණු ප්‍රදේශය ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ.කොහොඹ ශාකය, ශ්‍රි ලංකාවේ වැඩි වශයෙන් වැවෙන්නේ වියළි කළාපය ආශ්‍රිතවය. යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව, පුත්තලම, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල බහුලය. ඉඩෝරයට ඔරොත්තු දෙන කොහොඹ ගස් යාපනය, ත්‍රිකුණාමලය මග දෙපස වවා ඇත. මෙහි ඵල(ගෙඩි) සහ බීජ(ඇට) කොහොඹ තෙල් සෑදීම සදහා යොදාගනී.
Parisaara
සංස්කරණයපරිසර විද්‍යාව
සංස්කරණයකොහොඹ නියගයට ඔරොත්තු දෙන ශාකයකි. සාමාන්‍යයෙන් මෙම ශාකය ව්‍යාප්ත වන්නේ වියළි හා තෙත මිශ්‍ර පාරිසරික තත්ත්වයක, මිලිමීටර 400-1200 අතර වාර්ෂික වර්ෂාපයතනයක් යටතේය. වාර්ෂික වර්ෂාපයතනය මිලිමීටර 400 ට අඩු ප්‍රදේශයන්හී ද මෙය වැවිය හැකි නමුත් එවැනි අවස්ථාවකදී එය බොහෝ දුරට භූමීය ජල මට්ටම මත රඳා පවතී. කොහොඹ විවිධ පස් වර්ගයන්හි වැවිය හැකි නමුත් එය හොඳින් ව්‍යාප්ත වන්නේ ජලය ඇත.
බොහෝ ප්‍රදේශයන්හි කොහොඹ වල් පැළෑටියක් ලෙස නිගමනයන්ට එළඹ ඇත. සමහර මැදපෙරදිග කොටස් ද වැඩි වශයෙන් උප සහරානු අප්‍රිකා කොටස් ද බටහිර අප්‍රිකා හා ඉන්දීය සගරය ආශ්‍රිත කොටස් ද මීට ඇතුලත් වේ. පරිසර විද්‍යාත්මකව ගත් කළ එවැනි ප්‍රදේශයන්හි ද තවදුරටත් කොහොඹ ශාකය නොනැසී පවතී. නමුත් මෙය වල් පැලෑටියක් බවට තවමත් සම්පූර්ණයෙන් තහවුරු කර නොමැත.එය වටිනා ගසකි
ප්‍රයෝජන
සංස්කරණයඉන්දියාවේ සහ පාකිස්තානයේ මිනිසුන් අවුවේ වේළන ලද කොහොඹ කොළ අල්මාරි හා සහල් අසුරන භාජන සඳහා යොදා ගනිමින් කෘමි උවදුර වළක්වා ගනී. පාකිස්තානයේ උෂ්ණ කලාපයට අයත් ප්‍රදේශයන්හි මදුරුවන් පලවා හැරීම සඳහා කොහොඹ කොළ වියළා පුලුස්සයි. එසේම මෙම කොළ ඉන්දියානු උත්සව සඳහා(උදා: උගාදි උත්සවය) ද යොදාගනු දක්නට ලැබේ. කොහොඹ කොළ තවදුරටත් මුස්ලිම් ජනයාගේ මළ සිරුරු නැහැවීම සඳහා ද භාවිතයට ගනී.
එළවලුවක් ලෙස
සංස්කරණයඉන්දියානු ජනතාව කොහොඹ දලු සහ මල් එළවලුවක් වශයෙන් ආහාරයට ගනී. තමිල්නාඩු ජනයා කොහොඹ මල් වලින් වෙප්පම්පූ චාරු (Veppampoo charu) නම් සූපයක් පිළියෙල කරයි. බටහිර බෙන්ගාලයේ, නොමේරූ කොහොඹ දලු සහ කුඩා වම්බටු කැබලි තෙලෙහි බැද කට ගැස්මක් ලෙස භාවිතයට ගනී.
කොහොඹ අග්නිදිග ආසියාවේ විශාල භූමි ප්‍රදේශයක භාවිතයට ගනී. කොලොම්බියාව, ලාඕසය, තායිලන්තය, මියන්මාරය වැනි රටවල් ඒ අතරින් විශේෂ වේ. හොඳින් පිසගත්තද, මෙය ඉතා තිත්ත රසැති ආහාරයක් බැවින් මෙම ප්‍රදේශයන්හි සියලුම නිවැසියන් මෙවා අනුභව නොකරයි. මෙය සෞඛ්‍යට හිතකර ආහාරයක් බවට විශ්වාසයක් තිබේ. කොහොඹ මැලියම් වල ප්‍රෝටීන් බහුලය. මියන්මරයේ, නොමේරූ කොහොඹ කොළ සහ මල් සියඹලා සමග තම්බා තිත්ත ගතිය අඩු කොට එළවලුවක් ලෙස ආහාරයට ගනී. තව ද මියන්මාර ජනයා කොහොඹ කොළ අච්චාරුව තක්කාලි සහ මාලු මිශ්‍රිත සෝස් සමග අනුභව කරයි.
අවදානම් තත්ත්වය
සංස්කරණයකොහොඹ තෙල් විශාල වශයෙන් භාවිත කිරීම හේතුවෙන් මොළයේ ආබාධ සහ අක්ෂිගත ආබාධ ඇතිවිය හැක.
අනෙකුත් ප්‍රයෝජන
සංස්කරණය- පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය: කොහොඹ තෙල් යොදා ගනිමින් රූපලාවන්‍ය ද්‍රව්‍ය උදා: ලෙස සබන්, හිස සෝදන ද්‍රව්‍ය(shampoo), බාම් වර්ග, ආලේපන(creams) දත් බෙහෙත් ආදිය නිපදවයි.
- දත්බුරුසුවක් ලෙස: අතීතයේ, සිහින් කොහොඹ රිකිලි සපා දත්බුරුසුවක් හා දිව ශෝධකයක් ලෙස භාවිත කරන ලදී.
- ගස:පාරම්පරික ඉන්දියානු වෛද්‍ය විද්‍යාවේ භාවිතයන්ට අමතරව,කොහොඹ ශාකය කාන්තාරකරණය වැලැක්වීමේ උදාර මෙහෙය ඉටු කරයි. එසේම ඉහල වටිනාකමක් ඇති ශක්තිමත් දැවයකි.ගෘහභාණ්ඩ, උළුවහු, දොරජනෙල් නිපදවීම සඳහා යොදාගනී.
- පාරම්පරික ඉන්දියානු වෛද්‍යවරු රෝගින් හට සරම්ප වැනි රොග වැලදුනු විට කොහොඹ කොල මත වැතිරීම සුවදායී බව නිර්දේශ කරයි.
- කොහොඹ මැලියම්විශේෂ ආහාර සැකසීම සඳහා එකතු කරයි.
- රූපලාවන්‍ය ද්‍රව්‍ය : කුඩු කරන ලද කොහොඹ දලු මුහුණු ආලේප නිපදවීමට යොදා ගනී.
- ලිහිසි තෙල් : කොහොඹ තෙල් කරත්තය රෝද ග්‍රීස් කිරීම සදහා යොදාගනී.
- පොහොර ලෙස : කොහොඹ ඉතා හොඳ පොහොරකි.කොහොඹ පිඬැලි බෝග පල දරන්ට බහුලව යොදාගනී. උක්ගස් සහ එළවලු මෙවා බහුලව යොදා නිපදවන බෝග වේ.
- පොත්ත : කොහොඹ පොත්තෙහි 14% ටැනින් (තද කහට වර්ගයක්) අඩංගු වේ. තවදුරටත්, එය ශක්තිමත්, ගොරෝසු කෙඳි ලබා දෙයි. මෙම කෙඳි ආශ්‍රයෙන් ඉන්දියානු ජනයා කඹ සාදාගනී.
- මී පැණි :ආසියාවේ සමහර ප්‍රදේශ වල කොහොඹ මී පැණි ඉහළ මිලකට හිමිකම් කියයි.
Salimuzzaman Siddiqui නම් විද්‍යාඥයා කොහොඹ වල ගුණ(ප්‍රතිහෙල්මින්තික, ප්‍රතිබැක්ටීරිය, වයිරස් නසන, උපත් පාලක සහ වේදනා නාශක) ප්‍රථමයෙන් පෙන්වා දුනි.1942 දී, ඔහු විසින් තිත්ත රසයන් 3 ක් පෙන්වා දුනි.
පින්තූර ගැලරිය
සංස්කරණය-
පුෂ්ප.
-
ගස
-
ගස
-
ගෙඩි
-
Azadirachta indica - Museum specimen
නිර්දේශය
සංස්කරණයවැඩිදුර කියවීම සඳහා
සංස්කරණය- Ghorbanian, M; Razzaghi-Abyaneh M; Allameh A; Shams-Ghahfarokhi M; Qorbani M (Jan 2008). "Study on the effect of neem (Azadirachta indica A. juss) leaf extract on the growth of Aspergillus parasiticus and production of aflatoxin by it at different incubation times". Mycoses (journal). 51 (1): 35–39. PMID 18076593.
{{cite journal}}
: Text "Mycoses" ignored (help) - Razzaghi-Abyaneh, Mehdi (June 2005). "Morphological alterations in toxigenic Aspergillus parasiticus exposed to neem (Azadirachta indica) leaf and seed aqueous extracts". Mycopathologia. 159 (4): 565–570. PMID 15983743. සම්ප්‍රවේශය July 2013.
{{cite journal}}
: Check date values in:|accessdate=
(help); Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help) - Allameh, A (2002). "Effects of neem leaf extract on production of aflatoxins and activities of fatty acid synthetase, isocitrate dehydrogenase and glutathione S-transferase in Aspergillus parasiticus". Mycopathologia. 154 (2): 79–84. PMID 12086104.
{{cite journal}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help) - "Neem officially becomes Sindh's tree". Daily Times (Pakistan). Karachi. April 14, 2010. සම්ප්‍රවේශය 15 July 2013.
{{cite news}}
: Text "Daily Times" ignored (help)
බාහිර සම්බන්ධක
සංස්කරණය- Invasiveness information from Pacific Island Ecosystems at Risk (PIER) සංරක්ෂණය කළ පිටපත 2012-03-08 at the Wayback Machine
- Neem information සංරක්ෂණය කළ පිටපත 2010-07-09 at the Wayback Machine from the Hawaiian Ecosystems at Risk project (HEAR)