කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
දිස්ත්‍රික්කයරත්නපුර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ජනගහනය සංස්කරණය

2012 වසරේ පවත්වන ලද ජන සංගණනය අනුව කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ වෙසෙන සමස්ත ජනගහණය 46883කි. එයින් 23625ක් ස්ත්‍රීන් වන අතර 23258ක් පුරුෂයන් වේ.

නිර්ණායකය
ස්ත්‍රී පුරුෂ එකතුව
ජනගහනය 23625 23258 46883
ග්‍රාමීය 42165
වතු 4717
වයස්කාණ්ඩය අනුව
0 -04 4294
5-9 4074
10-14 3608
15-19 3584
20-29 6904
30-39 6867
40-49 6364
50-59 5248
60 හා ඊට වැඩි 5940

ග්‍රාම නිළධාරි වසම් සංස්කරණය

කොලොන්න ප්‍රාෙද්ශිය ලේකම් කොට්ධාශයට අයත් ග්‍රාමසේවා වසම් සංඛ්‍යාව 29ක් වන අතර කුඩා ගම්මාන 123කින් සමන්විත වේ.

  • නන්දනගම 205C
  • බුළුතොට 202
  • බොරළුවගේඅයින 206A
  • වලකඩ 217B
  • බුත්කන්ද 205A
  • විජේරිය 203
  • කෝප්පකන්ද 210A
  • කුඹුරුගමුව 208
  • මඩුවන්වෙල 205B
  • පුපුලකැටිය 206C
  • හබ්බෙලිආර 206D
  • අඹගහයාය 206B
  • කෑල්ල 206
  • පොද්දන 203B
  • දාපනේ 210
  • මොරවාඩිය 211A
  • දොරපනේ 211
  • ඉත්තකන්ද 203A
  • උල්ලිඳුවාව 209
  • දඹේමඩ 208B
  • කොලොන්න 205
  • වෙලේවතුගොඩ 208E
  • |කැම්පනේ 217A
  • ඕමල්පේ 217
  • යක්මඩිත්ත 204A
  • රංහොටිකන්ද 202A
  • ඇරෑපෝරුව 204
  • හේනැග්ගොඩ 208C
  • හෙළඋඩකන්ද 208D

ආර්ථිකය සංස්කරණය

205A බුත්කන්ද ග්‍රාමනිළධාරී වසමේ ප්‍රධාන ආර්ථික බෝගය වන්නේ තේ වේ. එසේම මොරවාඩිය හා දොරපනේ ග්‍රාමනිළධාරී වසම් වලද පවතිනුයේ තේ වගාව මූලික ආර්ථිකයකි. ඊට අමතරව කුරුදු වගාව හා ගම්මිරිස් වගාවද දැකිය හැකිය.

ප්‍රාදේශීය ලේකම්වරුන් සංස්කරණය

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය