කොරියාවේ රාජධානි තුන
පළමුවන සහස්‍රකයෙහි වැඩි කාලයක් තුල, කොරියානු අර්ධද්වීපය සහ මැන්චූරියාවේ කොටස් අභිභවනය කළ, කොකුරියෝ, බෙක්ජේ සහ සිල්ලා යන පුරාතන කොරියානු රාජධානි හැඳින්වෙන්නේ කොරියාවේ රාජධානි තුන (කොරියානු: 삼국시대; හන්ජා: 三國時代) ලෙසිනි. රාජධානි තුනෙහි යුගය පැවතුනේ ක්‍රිව 57 සිට ක්‍රිව 668 දී සිල්ලා රාජධානිය විසින් කොකුරියෝ රාජධානිය යටත් කරගැනුම තෙක් වන අතර,[1] ඉන් අනතුරුව, දකුණු ප්‍රදේශයෙහි එක්සත්වූ සිල්ලා සහ උතුරෙහි බෝහායි යන රාජ්‍යයන් සහිතව උතුරු සහ දකුණු රාජ්‍ය යුගය (남북국시대) ඇරඹිණි.
කොරියාවේ රාජධානි තුන | |
![]() පස්වන සියවස අගභාගයේදී කොරියාවේ රාජධානි තුනෙහි සිතියම. | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 삼국시대 |
හන්ජා | 三國時代 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සම්කුක් ෂීටේ |
මැකූන්–රයිෂවර් | සන්කුක් සදේ |
මෙම රාජ්‍යයන් සියල්ලෙන් සම්පූර්ණ රාජධානි බවට ප්‍රවර්ධනය වීමට පෙර, මෙම යුගයට පෙර පැවති කාල පරිච්ඡේදය, සමහරවිට කොරියාවේ ප්‍රාග්–රාජධානි තුන ලෙසින් හැඳින්වේ.
![]() |
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
ආශ්‍රිතසංස්කරණය
- ↑ එන්සයික්ලොෆීඩියා ඔෆ් වර්ල්ඩ් හිස්ට්‍රි, වෙළුම I, P464 ත්‍රී කිංඩම්ස්, කොරියා, සංස්කරණය මාර්ෂා ඊ. ඇකර්මාන්, මයිකල් ජේ. ෂ්රෝඩර්, ජේනිස් ජේ. ටෙරී, ජියු-හ්වා ලෝ අප්ෂර්, මාක් එෆ්. විටර්ස්, ISBN 978-0-8160-6386-4