කොත්මලේ

මධ්‍යම පළාත, ශ්‍රී ලංකා

කොත්මලේ යනු කඳුකර ගම්මානයකි. එය ලංකාවේ ස්වදේශික ගෝත්‍ර අතීතයේ සිටම ජීවත් වූ කලාපයකි. පොලොන්නරු යුගය වන තෙක් මෙම ස්වදේශීක (කඳුකර) ජනතාව එහි ජීවත් වුවද ඉන් පසුව අනෙකුත් ජනතාව ද එහි පැමිණ ඇත්තේ ආරක්ෂාව වෙනුවෙනි. එය මධ්‍යම පළාතේ නුවරඑලිය පරිපාලන දිස්ත්‍රික්කටය අයත් ය. දැනට තේ වගාව හා සංචාරක කර්මාන්තයට මුලිකත්වය දී ඇති මේ ගම ඓතිහාසික වශයෙන් වැදගත් ප්‍රදේශයකි. ලංකාව නිශ්චිත ලෙසම ඉන්දියාවේ ආධිපත්‍යය මත සිය ගමන්මග සකස් කරගෙන ඇත. රාජ්‍ය පාලන ක්‍රම වල සිට සංස්කෘතිය දක්වා ද වර්තමාන දේශපාලනය තුළ ද මේ තත්වය දක්නට ලැබේ. ලංකාවේ ලිඛිත ඉතිහාසය තුළ කොත්මලේ ඇත.

කොත්මලේ
කොත්ථු මලය
ගල්වල් රට
ගම්මානය
කොත්මලේ is located in Sri Lanka
කොත්මලේ
කොත්මලේ
ඛණ්ඩාංක: 7°01′N 80°35′E / 7.017°N 80.583°E / 7.017; 80.583ඛණ්ඩාංක: 7°01′N 80°35′E / 7.017°N 80.583°E / 7.017; 80.583
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයප්‍රාදේශීය සභාව
සරිය
 • මුළුBad rounding hereFormatting error: invalid input when rounding සතරැස් සැත (හෙක්ටයාර් ගණනින්

ඝණ වනාන්තර 12,923.61 වනවගා 1,099.72 ගෙවතු 2,201.99 තෘණ භූමි 1,296.16 වගුරු බිම් 5.54 වගා නොකළ ඉඩම් 70.54 විවෘත වනාන්තර 1,749.97 වී වගා බිම්(සුළු වාරි) 821.32 වී වගා බිම් (වර්ෂා පෝෂිත) 57.83 කන්නයක වගා කරන ඉඩම්(එළවළු) 9.21 කන්න දෙකම වගා කරන ඉඩම්(එළවළු) 515.84 පුරන් කුඹුරු ඉඩම් 14.73 ගල්තලා 195.62 ලඳු කලෑ 1,646.42 පතන 54.63 ජනාවාස 552.53 රිකිලි තේ වගාව 3,085.40 නිසි කළමනාකරණයෙන් යුතු බීජ තේ වගාව 6,272.46 මධ්‍යස්ථ කළමනාකරණයෙන් යුතු බීජ තේ වගාව 1,863.25 කළමනාකරණය නොකළ බීජ තේ වගාව 1,968.16 වගා නොකරන තේ ඉඩම් 43.01

ජල මුලාශ 936.18 කිමී2)
වේලා කලාපSri Lanka Standard Time (UTC+5:30)

කොත්මලේ ලංකාවේ ඉතිහාසයට එකතු වන අවස්ථා දෙකකි. එම අවස්ථා දෙකම ස්වදේශිකයින් ඉන්දියානු ආක්‍රමණ වලින් ස්වාධීන වූ අවස්ථාවන් ය. එකක් වන්නේ කොහොඹා යක් කංකාරියයි. එයින් අදහස් වන්නේ විජය ආක්‍රමණයෙන් පසුව යළිත් වතාවක් ස්වදේශික පාලකයින් විසින් සිය බලය තහවුරු කරගැනීමයි. දෙවන අවස්ථාව දුටුගැමුණු විසින් ලංකාවේ බලය ලබාගැනීමයි. මෙම අවස්ථා දෙකේදීම කොත්මලේ තීරණාත්මක කාර්යභාරයක් සිදු කර ඇත. එය ලිඛිත මුලාශ්‍ර හා ජනප්‍රවාද වල ඇත. මෙම අවස්ථා දෙකටම සම්බන්ධ ගම වන්නේ "මාවෙල" (Mawela) ගමයි. මෙම සිදුවීම් දෙක අතර පරතරය අවුරුදු සිය ගණනක් වුවද ඓතිහාසිකව ඒ සිදුවීම් දෙකම සිදුව ඇත්තේ "මාවෙල" (Mawela) ගම මූලික කරගෙනය. මෙම සිදුවීම් ඹප්පු කිරීම සදහා වන සියළු සජීවී සාධක කොත්මලේ "මාවෙල" ඇත.

නිශ්චිත ගමක් කොත්මලේ කියා නොමැති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් හා මැතිවරණ කොට්ඨාශයක් වශයෙන් පවතී. මෙය වඩා ප්‍රසිද්ධව ඇත්තේ දුටුගැමුණු කුමරු වසර 20ක් සැඟව ජීවත්ව සිටි ප්‍රදේශය බවයි. අද වනි විට කොත්මලේ සිංහල , දෙමළ , මුස්ලිම් යන ජාතිකත්වයන් 3 ම වාසය කරයි. ප්‍රධාන පාසල වන්නේ හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයයි. ඊට අමතරව පාසල් 70 කට අධික ප්‍රමාණයක් කොත්මලේ ඇත. වර්තමානය වන විට පොලිස් ස්ථානයක්, රෝහලක් හා අවශ්‍ය යටිතල පහසුකම් සෑහෙන ප්‍රමාණයක් ඇත.

කොත්මලේ ඓතිහාසික ප්‍රෙද්ශයකි. එහි ඓතිහාසිකත්වය ලංකා ඉතිහාසය පුරා ලියැවි ඇත. දුටුගැමුණු රජු සැගව ජීවත් වූ ප්‍රදේශය අද "මාවෙල" (Mawela) වශයෙන් ජනප්‍රවාද හා පුරාවිද්‍යාත්මකව ඔප්පු වේ. ඒ සදහා වන වෙනත් අදහස් ද ඇත. එම අදහස් ඇතිව තිබෙන්නේ මහනුවර යුගයේ යළිත් වතාවක් දෙමළ (ඉන්දියානු) රජවරුන් විසින් ඇති කරන ලද ක්‍රියාකාරිත්වයන් නිසාය. එය කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති පැරණිතම ගම වශයෙන් හඳුනාගැනේ. කොත්මලේ ඓතිහාසික වන්නේ දුටුගැමුණු රජුට පෙර සිටය.

යක්ෂ ගෝත්‍රිකයින්ගේ ගම්මානයක් වූ මෙම කලාපය පඩුවස් දෙව් රජුගේ කාලය දක්වා දිව යයි. පඩුවස්දෙව් රජුගේ දෝසය නැති කිරීම සදහා ආරම්භ කරන ලද කොහොඹා යක් කංකාරියේ සඳහන් වන "මලය" රට මේ කොත්මලයයි. දිවිදෝසය සදහා වන කංකාරිය සිදු කරන ලද්දේ කොත්මලේ දැනට "මාවෙල" නැමති ගමේ සිට පැමිණි යක්ෂ ගෝත්‍රිකයින් විසිනි. මෙම දිවිදෝසය මගින් සංකේතවත් කරනු ලබන්නේ විජය විසින් සිදු කරන ලද ඉන්දියානු ආක්‍රමණයයි. නැවත වතාවක් ස්වදේශිකයින් සදහා රට පාලන බලය අත් කරදීම සදහා සමස්ත රටේම ස්වදේශික ගෝත්‍රිකයින් විසින් බලවත් ක්‍රියාකාරකම් මාලාවක් සිදු කරන ලදී. එහි එක් අවස්ථාවක් වන්නේ කොහොඹා යක් කංකාරිය යි. එය ශාන්තිකර්මයක් බවට පත්වන්නේ පසුකාලීනවය.

එම කංකාරියෙන් පසුව පඩුවස්දෙව් රජුගේ හිස් පළඳනාවක් කොත්මලේ ජනයාට තෑගි ලැබුණි. (මේ සදහා ජනප්‍රවාද ඇත) එය තවමත් මාවෙල රාජකාරි කරන්නන් විසින් වසරකට වරක් මොරපේ කතරගම දේවාලයේ වඩම්මනු ලබයි. පණ්ඩුකාභය රජු රාජාභිෂේකයට සූදානම් කරනු ලබන ක්‍රියාවලියේ පූර්ව සූදානම (පරම්පරාවකට පෙර) කොහොඹා යක් කංකාරියෙන් සිදු කරන ලදී.

කොත්මලේ දෙවන වර ලංකා ඉතිහාසයේ ලියැවෙන්නේ දුටුගැමුණු කුමරු වසර 20කටත් වඩා කාලයක් සැගව ජීවත් වූ ගම වශයෙනි. සැඟව සිටි ස්ථානය සීහල පේලි ගෙදර යි. එය මාවෙල බටහිර (https://www.google.com/maps/search/Mawela+kothmale/@7.0708315,80.6327318,16.5z/data=!4m2!2m1!6e1) රජ පිහිල්ල නැමැති ස්ථානයෙන් මීටර් 200ක් ආසන්නයේ පිහිටා ඇත. දුටුගැමුණු ගේ මැදිහත්වීම් ඇති රණමුන පිහිල්ල, දෙස්සහිටිය, අඹහිටිය, රජතලාවෙල, රජ ඇල, මඩමේ ගෙදර, හක්මඩ ගල, පට්ටියකුඹුර, ගලපිටගල, යන සියළු ස්ථාන කිලෝමීටරයක රවුමක පිහිටා ඇත. (මෙම සියළු ස්ථාන සදහා වන ජනප්‍රවාද හා ජනකථා මෙන්ම සජීවී වාසගම් මාවෙල ඇත.) ඔහු විසින් ගණුදෙනු කරන ලද පුසුල්පිටිය පන්සල හා මාවෙල ගම අතර ඇත්තේ ඉතා කෙලින් වන පිහිටීමකි. ඔහු උදැල්ල තනාගත් කිරිවනාගොඩ කම්මල් ගම (ප්‍රධාන ගම්මානය නවංගම) පිහිටා ඇත්තේ ද මාවෙල ගමේ කොටසක් වශයෙන් කිලෝමීටරයක් තුළ ය.

දුටුගැමුණු විසින් ආරක්ෂාව පතා පැමිණියේ කොත්මලේ පැරණි යක්ෂ ගෝත්‍රික ගමකටය. දුටුගැමුණු ගේ මව අයත් වන නාග ගෝත්‍රිකයින් ද මේ ගම්මානයේ අතීතයේ වාසය කර ඇත. (ගොඩවැසි නාගයින් ජීවත් වූ කොටස මේ වන විට කොත්මලේ ජලාශයෙන් වැසී ඇත. "නයින් කෙලිනා තොට" මෙහි එක් ස්ථානයකි. ගැමුණු කුමරුගේ බිරිඳ වූයේ "කළූ" නැමැති ස්වදේශික ස්ත්‍රියකි. ඇය පාවිච්චි කල ළිඳ මෑතක දී වසා දමා ඇත. ඒ වන විටත් එයට කියා ඇත්තේ "කළුගෙ ළිඳ" කියාය. කළු සිටින අතරතුර ගැමුණු කුමරු නාග කන්‍යාවක් සමග ද ආදර සම්බන්ධයක් තිබී ඇත. (අනුරාධපුරයේ දී තිබූ සම්බන්ධතාවය නොවේ)



වර්තමාන කොත්මලේ කෝරළ සහ ග්‍රාම නිලධාරි වසම්

සංස්කරණය

පල්ලෙපනේ කෝරලය

1 456 මාවෙල නැගෙනහිර - කොත්මලේ පලමුවන ගම්මානයයි. මෙම ගම්මානය කොත්මලේ පැරණිම ගම්මානය වන මාවෙල ගමේ පසුකාලීනව වෙන් කරන ලද කොටසකි.

2 456A නව කඩදොර - කලින් බ්‍රිතාන්‍ය සමාගම් වලට අයත්ව තිබූ තේ වතු මත ගොඩනගන ලද නව ගමකි. පැරණි කඩදොර ගම මහවැලි ව්‍යාපාරය නිසා අවසන් වූ පසු මේ ගම බිහිවිය.

3 456B මාවල බටහිර - දුටුගැමුණු කුමාරයා වසර විසි ගණනක් ජීවත් වූ ගම් කොටස වන කෝට්ටේගොඩ අයත් වන්නේ මාවෙල බටහිර කොටසටය. දුටුගැමුණු පුරාවෘත්තයට අදාල සියළුම සජීවී හා පුරා විද්‍යා සාධක මේ ගමේ ඇත.

4 456C මාවෙල කන්ද

5 456D නව මොරපේ

6 456E රජඇල

7 457 මාස්වෙල

8 458 රන්වන්තලාව

9 459 කඩදොර

10 459A කොටගේපිටිය දකුණ

11 459B කොටගේපිටිය උතුර

12459C නයාපාන

තිස්පනේ කෝරලය

13460 හපුගස්තලාව

14460A දොරුවාදෙණිය

15460B කොළපතන

16460C රුවන්පුර

17460D දඹගොල්ල

18460E කළුදෑමඩ

19460F මල්ලන්ද

20460G කැටඹුලාව

21460H හුණුගල්ඔය

22460I තෙලිස්සාගල

23460J ඉහල ගොරකඔය

24460K පොල්වතුර

25460L පහළ ගොරකඔය

26460M කුවීන්ස්බේරි

27461 හරංගල

28461A හරංගල දකුණ

29461B කිරිමැටියාව

30461C හල්ගොල්ල

31461D වැරැල්ලපතන

32462A තිස්පනේ කන්ද

33462B ගොඩමඩිත්ත

34462C කටුගොල්ල

35463 වටද්දර

මැදපනේ කෝරලය

36464 නවංගම

37465 කලපිටිය නැගෙනහිර

38465A හැදුණුවැව

39465B රොජසන්ගම උතුර

40465C කලපිටිය බටහිර

41465C රොජසන්ගම දකුණ

42465E වෑතලාව

43465F කොත්තුණුගොඩ

44465G වීරසේකරපුර

45465H දොඹගස්තලාව

46466 මෑතගම

47466A මල්දෙනිය

48466B කටාරන්දෙන

49467 රාවණාගොඩ නැගෙනහිර

50467A විජයබාහුකන්ද

51467B බෙරමාන

52467C බෙරමාන දකුණ

53467D බෙරමාන උතුර

54467E රාවණාගොඩ බටහිර

55467F උඩගම

56467G වීරපුර

උඩපනේ කෝරලය

57468 මඩකුඹුර

58468A කඩදොරපිටිය

59468B දුණුකේදෙණිය

60468C පූඩළුඔය දකුණ

61468D බෝගහවෙල

62468E පූඩළුඔය උතුර

63468F කරගහයටතැන්න

64468G කොස්ගහපතන

65468H හාල්පොල

66468I කිකිළියාමාන

67468J ෂීන්ගම

68468K උතුරු මැදකුඹුර

69468L ඩන්සින්න වත්ත

70468M ෂින්වත්ත

71469 කුඹල්ඔළුව

72469A එගොඩවෙල

73469B කිරිදිවෙල

74469C මැදකන්ද

75470 නියම්ගම්දොර රම්බොඩ කෝරලය

76470A අඹතලාව

77471A සංගිලිපාලම

78472 රම්බොඩගම

79472A මල්හෑව

80473 පනම්ගම්මන

81473A දෙළුන්තලාමඩ

82473B වැවහින්න

83473C ගොඹුරුඔය

84474 රම්බොඩ

85474A කරගස්තලාව

86474B කුඩාඔය

87474C පලාගොල්ල

88474D හෙල්සිරිගම

89474E කටුකිතුල

90474F ඩෙල්ටා ගැමුණුපුර

91474G කොත්මල්ගම

92474H සමන්එළිය

93474I ලබුකැලේ

94474J හෙල්බොඩ

95474L වෙදමුල්ල

96474M ප්‍රොටොෆ්ට්

"https://si.wikipedia.org/w/index.php?title=කොත්මලේ&oldid=650107" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි