කූඹියෝ
කූඹියෝ (Koombiyo. English: Ants) යනු ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද, 2017 වසරේ දී ප්‍රදර්ශනය ආරම්භ කල අපරාධ ගණයට වැටෙන ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍යයකි [1]. මෙම ටෙලි නාට්‍යය මිනිත්තු 30 බැගින් වූ කෝටස් වශයෙන් 2017 අගෝස්තු 26 වන දා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම රාත්‍රී 8.00 ට විකාශය වේ.[2]
කූඹියෝ (Koombiyo) | |
---|---|
ප්‍රභේදය | අපරාධ, නාට්‍යමය |
රචනය කලේ |
|
අධ්‍යක්ෂණය කලේ | ලක්මාල් ධර්මරත්න |
රඟපෑම |
|
Composer(s) | අචල සොලමන් |
සම්භව රට | ශ්‍රී ලංකාව |
භාෂාව(න්) | සිංහල |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 57 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | අසංක දොඩන්තැන්න |
සංස්කාරක(යන්) | දමිත චන්ද්‍රසිරි |
ධාවන කාලය | මිනිත්තු 18–21 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්වාධීන රූපවාහිනිය (ITN) |
මුල් ධාවනය | 2017 අගෝස්තු 26 – 2018 මාර්තු 17 |
කථාව
සංස්කරණයකූඹියෝ හි කතාව දිගහැරෙන්නේ පවුලේ කිසිවෙකුත් නොමැති, කොළඹ පිහිටි අතහැර දැමූ ගොඩනැගිල්ලක තනිව ජීවත් වෙන ජෙහාන් ප්‍රනාන්දු නම් මිනිසා වටාය. ඔහුට හිරුණි සහ ප්‍රියන්ත මහඋල්පතගම බසයක් තුල දී අහම්බෙන් හමුවේ. ප්‍රියන්ත කොළඹට පැමිණෙන්නේ රැකියාවක් සොයාගෙන වන අතර ජෙහාන් විසින් ඔහුට රැකියාවක් ලබා දේ. නීතිවිරෝධී ලෙස ජෙහාන් විසින් පවත්වාගෙන යන "purchasing Lanka" හි රැකියාව කරගෙන යන විට ප්‍රියන්ත හා ජෙහාන් මිතුරන් බවට පත්වේ. නමුත් ටික කලකින්ම පාරිභෝගිකයෙක් විසින් කල පැමිණිල්ලක් මගින් ව්‍යාපාරය රජයේ නිළධාරීන්ට හසුවේ. පසුව දැනගනට ලැබෙන පරිදි එම පාරිබෝගිකයා වන්නේ ජෙහාන්ගේ විශ්ව විද්‍යාල මිතුරියක් වන අංජනා (ඇංජි)ය. ඊට පසු ජෙහාන් සහ ප්‍රියන්ත විසින් පැල්පත්වාසී රැකියා විරහිත තරුණ පිරිසක් යොදාගෙන බස් රථ තුල සඟරා විකිනීමේ ව්‍යාපාරයක් අරඹන අතර එහි නායකයා ලෙස යොදාගන්නේ ජූඩ් නැමති හයිරංකාරයෙකි. නමුත් එයද අසාර්තක වන්නේ ජූඩ් විසින් බස් කොන්දොස්තරවරයෙක් සමග ඇතිකරගන්නා රණ්ඩුවක් සමගිනි.
චරිත
සංස්කරණයප්රධාන චරිත
සංස්කරණය- තුමිඳු දොඩන්තැන්න, ජෙහාන් ප්‍රනාන්දු (ජයලත් ආරච්චිලාගේ දොන් සුසන්ත සගර චන්ද්‍රසිරි) ලෙස
- කලණ ගුණසේකර, ප්‍රියන්ත මහඋල්පතගම ලෙස
සහය චරිත
සංස්කරණය- යුරේනි නොෂිකා, හිරුණි ලෙස
- ජගත් මනුවර්ණ, ජූඩ් ලෙස
- සේනක ටයිටස්, ඔස්ටින් ලෙස
- ඇන්ඩෘ පුලර්, ටිරාන් ලෙස
සීමිත චරිත
සංස්කරණය- පීටර් දි අල්මේදා, මල්දෙණිය ලෙස
- ඩබ්ලිව්. ජයසිරි, අධිකාරි ලෙස
නිෂ්පාදනය
සංස්කරණයමූලික නිෂ්පාදන කටයුතු 2012 ඇරඹුණ අතර 2015 දී රූගත කිරීම අවසන් විය. නමුත්, මෙහි කතාව දිවයන්නේ වංචාකාරයෙක් වටා බව පවසා ශ්‍රී ලාංකීය ප්‍රධාන රූපවාහිනී නාලිකා මගින් විකාශය කිරීම ප්‍රතික්ශේප විය. අවසානයේදී, දෙවනවර ඉල්ලුම් කිරීමේදී ස්වාධීන රූපවාහිනිය (ITN) මෙය විකාශය කිරීමට 2017 දී එකඟ විය.[3]
ප්‍රේක්ශක පිළිගැනීම
සංස්කරණය2017 ඔක්තෝබර් මස දී IMDb හි අපරාධමය රූපවාහිනී නාට්‍ය වර්ගකිරීම් හි ඉහළම ස්ථානය ලබාගන්නට සමත් විය [4][5][6]
නාද පටය
සංස්කරණයතේමා ගීතය
සංස්කරණය(Released on Youtube සැප්තැම්බර් 21, 2017
)අංකය. | ගීතය | Artist | කාලය |
---|---|---|---|
1. | "පායනා කාලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ..." | අචල සොලමන් | 03:19 |
යොමුව
සංස්කරණය- ^ "Koombiyo: Story Of A Criminal Mastermind". asianmirror.lk (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). August 11, 2017. October 27, 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය November 1, 2017.
- ^ "Koombiyo". Independent Television Network - ITN (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2017-10-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-01.
- ^ Ariyawansha Kulathilake (October 29, 2017). "Attack from 'Koombiyo' to 'Deveni Inima'" (PDF) (Sinhala බසින්). Ridma, Lakbima. 2017-11-07 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-10-30.
{{cite news}}
: CS1 maint: unrecognized language (link) - ^
{{cite web}}
: Empty citation (help) - ^ "Sri Lanka's Koombiyo Becomes The Highest Rated Crime TV Series On IMDB". Asian Mirror. October 25, 2017. සම්ප්‍රවේශය 2017-10-30.
- ^ "Koombiyo clinches first place". Daily News. October 27, 2017. සම්ප්‍රවේශය 2017-10-30.
බාහිර සබැඳි
සංස්කරණය- Koombiyo සංරක්ෂණය කළ පිටපත 2017-10-26 at the Wayback MachineKoombiyo
- කූඹියෝ හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- Koombiyo Director Interview (sinhala) සංරක්ෂණය කළ පිටපත 2017-11-05 at the Wayback Machine on Bakkiya.lk