කුන්ස්තන්තිනූපුරයේ සිකුරුතිස්

කුන්ස්තන්තිනූපුරයේ සිකුරුතිස් (c. 380 – 439 න් පසු) යනු 5 වැනි සියවසේ විසූ කුන්ස්තන්තිනූපුරයේ උපන් ගරිසි කිතුනු පල්ලි ඉතිහස් දතුවෙකි. හේ සොක්‍රටීස් ස්කොලාස්ටිකස් (පුරාණ ගරිසි: Σωκράτης ὁ Σχολαστικός) ලෙසින් ද හැඳිනිවිණි. සොසො මෙනොස් (Σωζομενός) හා  තියඩෝරිටෝස් (Θεοδώρητος) ඔහු ගේ සම-කැලියෝ  වූ හ. ඔහු සිය පෙරවදනෙහි සඳහන්නේ අලිසන්දෙරියාවේ සිටැ කුන්ස්තන්තිනූපුරයට ආ වියරණ දතුවන් වූ එලාදියොස් (Έλλάδιος) හා  ඇමෝනියොස් (Ἀμμώνιος) හා  තම ගුරුවරුන් වූ බව යි. වසර 305 සිටැ  439 දක්වා  වූ පැරණි කිතුනු දහමේ අග ඉතිහස හෙළි කරන ලියැවිල්ලකැ (Historia Ecclesiastica "පල්ලි ඉතිහස", Ἐκκλησιαστική Ἱστορία) කතුවරයා  ඔහුයි.