කිරි දත් යනු, වෙනත් ලෙසකින් දක්වතොත් පතනශීල දත්, ළදරු දත්, තාවකාලික දත් සහ ප්‍රාථමික දත්, මානවයන්ගේ සහ වෙනත් බොහෝ ක්ෂීරපායියන්ගේ වර්ධනයෙහිදී ඇතිවන පළමු දත් කට්ටලයයි. සමහරක් ආසියානු රටවල මේවා වැටෙන දත් යනුවෙන් හැඳින්වෙන්නේ ඒවා අත්‍යන්තයේ වැටී යන බැවින් (පතනශීල බලන්න) වන අතර, සියළුම යුරෝපීය භාෂාවන්හී පාහේ ඒවා හැඳින්වෙන්නේ කිරි දත් යනුවෙනි. ඒවා ප්‍රවර්ධනය වන්නේ, වර්ධනයේ කලලමය අවස්ථාවෙහිදී වන අතර පිටතට පැමිණෙන්නේ—එනම්, මුඛය තුල ඒවා පෙනීමට පටන් ගන්නේ— ළදරු වියෙහිදීය. ඒවා සාමාන්‍යයෙන් වැටී ගොස්, ඒවා වෙනුවට ස්ථීර දත් ආදේශ වන නමුත්, ස්ථිර දත් ආදේශයන් නොමැති විටක බොහෝ වසර ගණනක් කෘත්‍යාත්මකව පැවතිය හැක.

කිරි දත්
දරුවෙකුගේ හිස්කබලක මෙම හරස්කඩ පෙන්වන්නේ ඉහළින් ඇති ස්ථීර දත් සහ පහළින් වැටී යාමට පෙර පතනශීල දත්ය. පතනශීල අධෝහනුක මධ්‍ය කෘන්තක දත් මේ වන විටද වැටී ගොස් ඇත.
විස්තර
ලතින්ඩෙන්ටෙස් ඩෙසිඩුයි
හඳුන්වන
කේතයTA A05.1.03.076
TAA05.1.03.076
FMAFMA:75151
Anatomical terminology

විස්තරය

සංස්කරණය
 
ප්‍රාථමික දත් (වමෙහි), වැටී ගිය ප්‍රාථමික දතක් (මැද) සහ, සම්පූර්ණයෙන් ඉවතට පැමිණි ස්ථීර දතක් (දකුණෙහි) පෙන්වාසිටින, සත්-හැවිරිදි දරුවෙකුගේ පහත ඇන්දෙහි දත්

ගර්භණීභාවයෙහි කලල අවස්ථාවෙහිදී පතනශීලී නිමැවීම ඇරඹෙයි. වර්ධනයෙහි සය වන සතියෙහිදී පතනශීල දත් වල ප්‍රවර්ධනය ඇරඹෙන්නේ දත් ඇතිරිය ලෙසිනි. මෙම ක්‍රියාවලිය මධ්‍ය රේඛාවෙන් ඇරඹී පසු පසට පැතිරී අපර පෙදෙසට ලඟාවෙයි. කලලය සති අටක් වියැති වත්ම, අත්‍යන්තයෙහි දන්තන්‍යාස වන්නාවූ පෙදෙස් දහයක්, උඩු හා යටි ඇන්දි වල ඇතිවෙයි. . මෙම දත් දිගටම වර්ධනය වන්නේ ඒවා මුව තුල මතුවන තෙක්ය. පතනශීල දන්තන්‍යාසයෙහි මුළුමනින් දත් විස්සක් වෙති: එක් චතුර්ථභාගයකට දත් පහක් බැගින් සහ එක් ඇන්දකට දහයක් බැගිනි. මෙම දත් මතුවීම ("කිරි දත් මතුවීම") ඇරඹෙන්නේ මාස හයක් වන විටදී වන අතර වයස මාස විසි-පහක් සිට තිස්-හයක් දක්වා සිදුවෙයි. සාමාන්‍යයෙන්, මුවෙහි දක්නට ලැබෙන පළමු දත් අධෝහනුක මධ්‍යයන් වන අතර අවසන් දත් ඌර්ධ්වහනුක දෙවන චාර්වක වෙති.

පතනශීල දන්තන්‍යාසය සමන්විතව ඇත්තේ මධ්‍ය කෘන්තක, පාර්ශවික කෘන්තක, රදනක, පළමු චාර්වක සහ, දෙවන චාර්වක යන ඒවායිනි; මේවා එක් චතුර්භාගයක එක් බැගින් තිබෙන අතර, එක් දත් වර්ගයකින් හතරක් බැගින් වෙයි. පළමු හා දෙවන චාර්වක හැරෙන්නට ඉතිරි ඒවා ක්‍රමයෙන් ඒවායේ අනුරූප ස්ථිර දත් වලින් ආදේශ වෙයි; පළමු හා දෙවන චාර්වක වෙනුවට ආදේශ වන්නේ පුරශ්චාර්වක දත්ය. කිරි දත් වෙනුවට ස්ථීර දත් ආදේශ වීම වයස අවුරුදු හයෙහිදී ඇරඹෙන අතර, එවිට මුඛයෙහි මිශ්‍ර දන්තන්‍යාසය ඇතිවේ.

පතනශීල දත් මතුවීමේ වයස:

මුඛ කුහරයේ ප්‍රවර්ධනය සඳහා පතනශීල දත් අත්‍යාවශ්‍ය බවට දන්ත පර්යේෂකයින් සහ දන්ත වෛද්‍යවරුන් විසින් සැලකෙයි. ස්ථීර දත් ආදේශකයන් පතනශීල දත් අංතුරයන් තුලින්ම ප්‍රවර්ධනය වන අතර ඒවා විසින් ස්ථිර දත් මතුවීමට මග සලසනු ලැබේ. ස්ථිර දත් සඳහා නියමිත පරතරය පවත්වා ගැනීමට හනුවෙහි මාංශ පේශි සහ හනු අස්ථීන් වර්ධනය කිරීමෙහිලා ප්‍රාථමික දත් වැදගත් වෙයි. ස්ථීර දත් මතු වීම සඳහා පතනශීල දත් වල අංකුරයන් විසින් විවරයන් සලසා දෙයි. දරුවාගේ කථනය සහ ආහාර සැපීම ප්‍රවර්ධනය සඳහාද පතනශීල දත් අවශ්‍ය වෙයි.

සංස්කෘතික සම්ප්‍රදාය

සංස්කරණය

පතනශීල දත් වැටීම සම්බන්ධයෙන් විවිධ සංස්කෘතීන් විසින් විවිධ සම්ප්‍රදායයන් අනුගමනය කරති. එම සතුන් තුල තියුණු හෝ සදා පවතින දත් පවතින බැවින් මීයන් හෝ අනෙකුත් රදනකයන් හා සමග මෙම සම්ප්‍රදායයන් බහුලව බැඳී පවතියි.

දකුණු ඉන්දියාවේ දරුවෝ, ඔවුන්ගේ වැටුණු කිරි දත් පසෙහි වල දමන්නේ ඒවායින් නව දත් වැඩෙන බවට බලාපොරොත්තුවෙනි. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය වන්නේ, ලේනෙකු සිටින වහලකට හෝ ගසකට කිරි දත වීසි කිරීමයි. එවිට දරුවා පවසන්නේ "ලේනෝ ලේනෝ මේ දත අරන් කැකුළු දතක් දියෝ" යනුවෙනි. චීනයේ සමහරක් පළාත් වලද මේ හා සමානතාවයක් දක්වන සම්ප්‍රදායයන් අනුගමනය කරමින්, පහළ ඇන්දේ කිරි දත් වහළයට වීසි කරන අතර උඩු ඇන්දේ කිරි දත් පොළොවේ වල දමන්නේ, නියමිත දිශාවට අළුත් දත් වේගයෙන් වැඩෙතැයි යන බලාපොරොත්තුවෙනි

"https://si.wikipedia.org/w/index.php?title=කිරි_දත්&oldid=271444" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි