කින්නර යනු ලංකාවේ සිටින ජන කණ්ඩායමකි.ඔවුන් ශ්‍රී ලංකාවේ අතීත කුල වැඩවසම් ක්‍රමය තුල පැවති කුල දූරාවලියට අනුව පහත්ම කුල ප්‍රවර්ගයට අයත් ජන කොටසකි.එසේම මොවුන් රොඩී කුලයට වඩා උසස් කුලයක්විය.සමාජ හා මානව විද්‍යාඥයන් ඇතැම් අවස්ථාවල මොවුන් වෙනම ප්‍රාථමික ජන කොටසක් ලෙසත් උපසංස්කෘතියක් ලෙසත් විග්‍රහ කරයි.එම් ඩී රඝවාන් සදහන් කරන්නේ ඔවුන් ප්‍රාථමික ජන කණ්ඩායමක් ලෙසයි.

කින්නර පවුලක්

කින්නර ජනයාගේ ආරම්භය හා බැදුනු ජනප්‍රවාද සංස්කරණය

කින්නර ජනයාගේ ආම්භය හා බැදුනු එක් ජනප්‍රවාදයක් මෙසේය.ක්‍රිස්තු වර්ෂ 164-192 කාලය තුල අනුරාධපුර රාජධානිය තුල රජකළ භාතිය තිස්ස රජුට සතුරු සේනාවක් සමග යුද්ධ කිරීමට සිදුවිය.ඒ වනවිට දරු ප්‍රසූතියට ආසන්නව සිටි අගබිසව තනිකරදමා යෑම අනතුරු සහගතයැයි සිතු රජු අගබිසව කැටුවම යුධ පෙරමුනට හියහ.අවාසනාවට රජු යුද්ධයෙන් පරාජයවිය පළායන අතරතුර අගබිසවට විලිරුදා ඇතිවූයෙන් අවට සොයා බැලූවිට කම්මලක් දැක එයට ගොස් කිනිහිරට පිටදී සිටියදී කුමරෙකු වැදුවාය.කුමරා රැගෙන පලාගියහොත් කුමරුගේ ජීවිතයද අවධානම් බව දැන කුමරු කිනිහිර මත තබා පලා ගියාය.උදෑසන වැඩට පැමිනි කම්මල්කරු කිනිහිරමත සිටි දරුවා දැක කිනිහිරය දුන් පුතා යන අදහසින් කින්නර පුතා යැයි නම්කර ආදරයෙන් හදාවඩා ගත්තේය.ඔහුගෙන් කින්නර ජනතාව පැවතෙනබව මෙම ජනප්‍රවදයට අනුව සදහන් වෙයි.

මේහා බැඳුනු තවත් ජනප්‍රවාදයක සඳහන් වන්නේ භාතිය තිස්ස රජු තනිව යුද්ධයට යන බවත් රජුගේ පරාජය සැළවූ දරු ප්‍රසූතියට ආසන්නව සිටි අගබිසව සතුරන්ට හසුවේයැයි බියෙන් රජමැදුරෙන් පැනගොස් ආරක්ෂා සහිත ස්ථානයක් සොයා යද්දී විලිරුදාව දැඩි වූයෙන් අසල තිබූ කම්මලක් දැක එයට ගොස් කිනිහිරට පිටදී කුමරෙකු වැදුවාය.පසුව ආරක්ෂාව පතා කුමරු කිනිහිර මත තමා බිසව පලාගියාය කම්මල්කරු පැමින හිනිහිරමත සිටි දරුවා දැක කින්හිර මට දුන් පුතා කින්නර පුතා යැයි නම් කර හදාවඩා ගත්තේය.ඔහුගෙන් කින්නර ජනයා පැවතෙන බව මෙම ජනප්‍රවාදයට අනුව පැවසේ.

තවත් ජනප්‍රවාදයකට අනුව අතීතයේ සිටි එක්කරා රජකුගේ එක්තරා බිසවක් රජුට නොදැනීම ගැබ්ගත්තාය.මෙය සැළවූ රජු කෝපයට පත්ව ඇය රජමැදුරෙන් පිටමන් කළේය.පසුව ඇය සිඟාකමින් ජීවත්වූවාය.දිනක් සිඟමන් යදිමින් ගමන් කරද්දී විලිරුදාව දැඩිවූයෙන් අසළ කම්මලක් දැක එයට ගොස් කිනිහිරට පිටදී කුමරෙකු වැදුවාය.පසුව ඇය ආරක්ෂාවපතා කුමරා කම්මලෙහි දමා පලා ගියාය.පසුදා කම්මලට පැමිණි කම්මල්කරු කුමරා හදාවඩා ගත්තේය.ඔහුගෙන් කින්නරයන් පැවතේ යැයි මෙම ජනප්‍රවාදයට අනුව සදහන් වෙයි.

තවත් පුවතක දැක්වෙන්නේ මොවුන් අතීතයේ කම්මල් කරුවන්ට වතුර හා කත් ඇදීම කළ කුලයක් බවත් ඔවුන් තම රාජකාරිය නිසිලෙස ඉටු නොකළ බැවින් රජු ඔවන්ගේ හිස් කිනිහිරට තබා පොඩි කර යුතු යැයි කෝපයෙන් අණකළ නිසා ඔවුන්ට කින්නර යන නම භාවිත කරන බවයි.

මේ ආකාරයට ඔවුන් හා බැදුනු ජනප්‍රවාද රැසකම කින්නර හා ආචාරී හෙවත් කම්මල්කරුවන් අතර සම්භන්ධයක් කියැවේ මීට අමතරව තවත් කින්නර ජනයා ගේ ආරම්භය හා බැදුනු ජනප්‍රවාද රැසක් පවතී.

කින්නර සමාජ සංවිධානය(සිංහල රජ දවස) සංස්කරණය

මොවුන් ගේ පවුල් ක්‍රමය න්‍යෂ්ටික පවුල් ක්‍රමයක් විය ඹවුන් අතර ඇවැස්ස ඥාතීවිවාහ බහුලව සිදුවී ඇති අතර දීග හා බින්න විවාහ දක්නට ලැබිණ ඔවුන් කුඩා කණ්ඩායමක් වූ බැවින් ඔවුනොවුන් අතර ඉතා කිට්ටු සම්භන්ධයක් පැවතින.කින්නර සමාජය බොහෝවිට පැරණි ග්‍රාමීය ජනසමාජයකට සමාන සමාජ සංවිධාන මට්ටමක් පැවති පීතෘ මූලික සමාජ ක්‍රමයක් ඔවුන් අතර පැවතින.

ඔවුන්ගේ ප්‍රධාන අර්ථක්‍රමය වූයේ කළාල විවීමයි.හණ ආශ්‍රිත නොයෙක් නිෂ්පාදනද ඒ අතරවිය.අතීතයේ ප්‍රකට දුම්බර පැදුරු අලංකාර ලෙස සකස්කර ඇත්තේ මොවුන් විසිනි.පෙර රජදවස ඔවුනට රාජකීය භාණ්ඩාගාරයට ප්‍රාදේශිය ප්‍රධානීන්ට පැදුරු කළාල බුමුතුරුනූ බිත්ති හා මේස සැරසිළි වාමර ආදී සැපයීම මොවුනගේ රාජකාරිය විය.අතීතයේ දී ඔවුන් නිෂ්පාදනය කළ කළාල බුමුතුරුනු පැදුරු ආදී නිෂ්පාදන ගොවියන්ට හා වෙනත් අයට සපයා භාණ්ඩ හුවමාරු හෙවත් ඍජු හුමාරු ක්‍රමයට තමන්ට වුවමනා කලමනා ලබාගත්හ.එකළ මොවුනට ගොවිතැන තහනම් ක්මාන්තයක් විය.

මොවුනගේ ද්වාර කර්ම චාරිත්‍ර දෙස අවදාවනය යොමු කිරීමේ දී මොවුන් සිංහල කුල දූරාවලියේ පහත්ම කුලයකට අයත් බැවික් මහාසමාජය තුල පැවති ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර මොවුනට තහංවි විය.දරු උපතකදී සියලු වින්නඹුකම් සමූහයේ වැඩිහිටි කාන්තාවක විසින් සිදුකරයි.දරු උපතින් 04 වන මාසයේ දී මවගේ දකුණු අතෙහි මතුරනලද නූලක් ගැට ගසයි.ඔවුන් පිටියේ දෙවියන් නමින් හදින්වූ දෙවියකුට මව හා දරුවා ආරක්ෂා කරදෙන ලෙස භාරවෙයි.දරු ප්‍රසූතියෙන් හතරවන දිනේදී ඖෂධ යෙදූ ජලයෙන් මව නාවනු ලබයි.

මොවුනගේ දැරියක වැඩිවිය පැමිනීමේ චාරිත්‍රය තරමක් උස්සවශ්‍රීයෙන් සමරනු ලැබීය.දැරිය පළමු ඔපස්වීම තම මවට දන්වයි.ඉන්පසු මව විසින් පිරිමින්ගේ දෘෂ්ටියට හසු නොවන සේ අඳුරු කාමරයක රදවන්නීය.දැරියගේ නැන්දාවරු දෙදෙනෙක් විසින් නැකැත් අසන්නට යති.මෙම අවදියේ දී දැරියට ආහාර පාන අදිය දීමද සීමාවකට යටත්ව සිදු කරයි.මහාසමාජයේ මෙන් කින්නර මල්වර මංගල්‍යයට රෙදි නැන්දාගේ සේවය නොලැබේ.එයට හේතුව රධා හෙවත් රෙදිසෝදන කුලයේ අයට තමනට වඩා පහත් කුලයනට තම සේවය ලබාදීමට බැදී නොසිටින බැවිනි.එබැවින් දරියගේ මව විසින් එම චාරිත්‍ර සිදුකරයි.කිරිගසක්යටට කැදවා ඖෂධ මිශ්‍ර වතුරෙන් දියණිය නහවා පසුව වස්දොස්යාමට කළය බිද දමයි.කින්නර මල්වර මංගල්‍යය බොහෝ දුරට මහාසමාජයේ චාරිත්‍ර වාරිත්‍ර වලට සමානය.

කින්නර විවාහ මංගල්‍යය කිසිදු උස්සවශ්‍රීයක් නොගනී.දියණියක වැඩිවියට පත්වූ පසු ඇගේ ඇවැස්ස මස්සිනා විසින් කුමන හෝ අවස්තාවක ඇය කැදවාගෙන යයි.මෙහිදී කිසිදු චාරිත්‍ර වාරත්‍රයක් අනුගමනය නොකරයි.ඇවස්ස නෑනා මස්සිනා විවාහය ඔවුන් අතර ප්‍රධානම විවාහ ක්‍රමය වන අතර දීග හා බින්න ක්‍රමයට එනම් මනාලිය මනාලයාගේ නිවසට යාම හා මනාලයා මනාලියගේ නිවසට යාම සිදුවිය.මොවුනගේ විශේෂත්වය නම් එකගෙයිකෑම වැනි විවාහක්‍රම ඔවුන් අතර නොපැවතීමයි.එසේම විවාහය තුල චාරිත්‍ර වාරිත්‍ර හෝ කිසිදු උස්සවශ්‍රීයක් නොගත්හ.එසේ මහාසමාජයේ සම්මත චාරිත්‍ර වාරිත්‍ර ඔවුනට තහංචිය.

මරණයක් සිදුවූවිට අවට නිවෙස් වලට දන්වා මියගිය පුද්ගලයාගේ ආත්මය ජීවත්ව සිටින අයකුට හිංසා කිරීමට ඉඩ නොලැබෙන ලෙස විවිධ ශාන්තිකර්ම අනුගමනය කර සුසානභුමිය ගෙනවිත්දමයි බෞද්ධාගමික වතාවත් කිරීමට එකළ මොවුනට අවසර නොලැබිණ.

වර්තමානයේ කින්නර ජනයා වේගයෙන් මහා සමාජයට අනුගතවෙමින් පවතී අතීතයේ ඔවුනට පැති බාධක තහංචි වර්තමානයේ සම්පූර්ණයෙන් ඉවත්කර ඇත.

ඇදුම් පැළදුම් සංස්කරණය

අතීතයේ පැති සම්ප්‍රධායට අනුව කින්නර ජනයාටද උඩුකය වැසෙන ලෙස ඇදීම තහංචිය. කින්නර පුරුෂයන් මෙන්ම ස්ත්‍රින්ද ඉනට රෙදි කඩක් හැද උඩුකය නග්නව තබා ගත්හ.එහෙත් 18 වන සියවසයෙන් පසුව ක්‍රිස්තියානි මිෂනාරීන්ගේ බලපෑමෙන් මොවුනට තිබූ තහංචි ඉවත්කළහ.විශේෂයෙන් ස්ත්‍රීනට උඩුකය වැසෙන ලෙස වස්ත්‍ර හැදීමට අවසර ලැබිණ.රඝවාන් වැනි විද්වතුන් පවසන්නේ මිෂනාරීන්ගේ මෙම ක්‍රියාමාර්ග මගින් සමාජයතුල යම් ප්‍රගතියක් ඇතිකළ බවයි.

මූලාශ්‍ර සංස්කරණය

  • Ariyapala M.D (1956) Sociaty Mediaeval Ceylon Development of Cultureal Affair
  • කුමාරස්වාමි ආනන්ද (1962) මධ්‍යකාලීන සිංහල කලා කොළඹ සංස්කෘතික දෙපාර්තුමේන්තුව

බාහිර සබැදුම් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කින්නර&oldid=591742" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි