කෑගලු විද්‍යාලය
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
කෑගලු විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රධානතම බාලක බෞද්ධ පාසලයි. වර්ථමානය වන විට දිස්ත්‍රික්කයේ ඉංජිනේරු, වෛද්‍ය, කෘෂිකර්ම, තාක්ෂණ , වානිජ, කලා, ක්‍රීඩා, සමාජ ක්‍රියාකාරකම් ඇතුලු සියලුම ක්ෂේත්‍ර වල ප්‍රධානතම තැන හිමිකරගෙන ඇත.
කෑගලු විද්‍යාලය | |
---|---|
කෑගලු විද්‍යාලයීය ලාංජනය | |
ස්ථානය | |
තොරතුරු | |
ආදර්ශ පාඨය | යාදිසං වපතේ තාදිසං හරතේ (අර්ථය:"වැපුරූ අයුරින් අස්වනු ලබනෙමු.") |
ආරම්භ කලේ | 1942 පෙබරවාරි මස 14 |
වර්ණ(ය) | නිල් සහ රන් |
අනුබැඳිය | බෞද්ධ |
වෙබ් අඩවිය | http://www.kegaluvidyalaya.lk |
1942 පෙබරවාරි 14 ආරම්භ විය. 1937 මුල්ගල තැබී ය.
මුල්වූ කරුණු
සංස්කරණයශ්රී ලංකාව ඉංග්‍රීසි අධිරාජ්‍යයට යටත් වී දශක ගණනාවක් ගත වූ පසු සිංහල බෞද්ධ සලකුණු පවා වියැකී යන තත්වයක් උදා වී තිබිණ.1818,1848 දේශප්‍රේමී කැරලි කෘෘර ලෙස මර්දනය කරන ලදී.ඉන් පසු සිංහල බෞද්ධ දේශමාමක බලවේග,අමද්‍යප ව්‍යාපාරය, හා බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාර හරහා ඉස්මතු විය.මෙහිදී අනගාරික ධර්මපාළ තුමා,මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි,වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා,හික්කඩුවේ සුමංගල හිමි වැනි ගිහි පැවිදි නායකයින් කැපී පෙනුණි.එමෙන්ම පංච මහා වාද,යටපත්ව තිබූ බෞද්ධ චින්තනය බාහිර ලෝකයට ගෙන යාමට සමත් විය.
පානදුරා වාදය-1865
වරාගොඩ වාදය-1865
ගම්පොල වාදය-18713
උදම්විට වාදය-1871
පානදුරා වාදය (II)-1873
පානදුරා වාදය ගැන දැනුවත් වූ ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ලක්දිවට පැමිණ “සත්යරට වඩා උතුම් දහමක් නැත” යන තේමාව යටතේ පරම විඥානාර්ථ බෞද්ධ නායකයින් හා එක්ව දියත් කරන ලදී.
පරම විඥානාර්ථ සමාගම යටතේ රට පුරා ඉංග්‍රීසි බෞද්ධ විද්‍යාල පිහිටුවීම ආරම්භ කරන ලදී.පළමුවෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ කළ අතර එයහි ශාඛාවක් ලෙස කෑගලු විද්‍යාලය ආරම්භ කර ඇත.
1937 අගෝස්තු මස 22 දින දැනට පැරණි ශාලාව මධ්යායේ ශ්‍රීමත් ඩී.බී.ජයතිලක,කෑගල්ල දිසාපති සී.ඊ. ආන්ට්,දිස්ත්‍රික් විනිසුරු එච්.ඒ.සිල්වා හා රාජ්‍ය මන්ත්‍රී එච්.එල්.රත්වත්තේ යන මහත්වරුන් විසින් මුල්ගල තබා ඇත.මෙම කටයුත්ත මෙහෙයවීම මුදළිදු ඩී.එම්.සෙනෙවිරත්න, පී.බී.බාලසූරිය (බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ විදුහල්පති) යන මහත්වරුන් විසින් සිදු කර ඇත.
මෙහි ඉදිකිරීම් අසාර්ථක වූ පසු කෑගල්ලේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේදී 1940 අගෝස්තු 5 දින මහාචාර්ය ගුණපාළ මලලසේකර හා ආනන්ද විද්‍යාලයේ විදුහල්පති පී. ද එස්. කුළරත්න මහතුන්ගේ උනන්දුව මත පී.බී.බාලසූරිය මැතිතුමා ප්‍රධාන පිරිසක් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
ආරමිභය
සංස්කරණය1942 පෙබරවාරි මස 14 වෙනි දින ආරම්භ කරන ලද මෙම විදුහල 1958 දී ප්‍රථම පන්තියේ පාසැලක් ලෙස උසස් කරන ලදී.
1981 පෙබරවාරි 20 දින “කෑගල්ලේ ඉංග්‍රීසි බෞද්ධ විදුහල“ නමින් පුවත්පතක් පී.බී.බාලසූරිය මැතිතුමාගේ සංස්කරණයෙන් කේ.ඒ.සිරිරත්න මහතා විසින් ප්‍රකාශයට පත්කොට ඇත.මෙම පුවත්පත කෑගලු විද්‍යාලය නැවත ඇරඹීමේ කටයුතු සදහා විශේෂ කාර්යයක් ඉටු කර තිබේ.
1941 මාර්තු 20 දින වෑවලදෙනිය විහාරස්ථානයේදී රාජ්‍ය මන්ත්‍රී ඒ.එෆ්.මොලමුරේ මහතා මුලසුන දැරූ අතර උත්සවයේදී විද්‍යාලය ඇරඹීම සදහා 13 දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත්කොට ඇත.
එම කමිටුව මෙසේය
රාජ්ය මන්ත්‍රී ඒ.එෆ්.මොලමුරේ මහතා(සභාපති)
අධිනීතීඥ සී.ආර්.ගුණරත්න මහතා(උප සභාපති)
කේ.චාර්ල්ස්(භාණ්ඩාගාරික)
පී.බී.බාලසූරිය (ලේකම්)
ඩී.එම්.සෙනෙවිරත්න
කේ.ඒ.සිරිරත්න
ඩී.සී.අප්පුහාමි
ඩී.ජයවර්ධන
ජී.ජී.සමරනායක
එල්.බී.සියඹලාපිටිය
කේ.ඩී.පියදාස (සිද්ධාර්ථ සමිතියේ නියෝජිත)
පීටර් රාජකරුණා (සිද්ධාර්ථ සමිතියේ නියෝජිත)
ඩී.ඩී.අතුකෝරාළ
මෙම කමිටුවේ මෙහෙයවීමෙන් අසීමිත දුක් ගැහැට මධ්‍යයේ මුදල් සම්මාදම් කරමින් 1941 පෙබරවාරි 7 දින මුල්ගල් තැබූ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුවිය.සල්පිල්,ආධාර පත්ර , නාට්යෝ ආදී මේ විවිධ ක්රරම මේ සදහා උපයෝගී කරගෙන ඇත.
විද්‍යාලය විවෘත කිරීම
සංස්කරණය1942 පෙබරවාරි 14 දින ප.ව. 3.00 ට කෑගලු විද්‍යාලය විවෘත කිරීම මළලසේකර මැතිතුමාගේ ආරාධනයෙන් ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිතුමා විසින් සිදුකර ඇත.මුලින්ම බෞද්ධ ඉංග්‍රීසි මිශ්‍ර විදුහලක් ලෙස ආරම්භ වී ඇත.මෙම උත්සවයට ආරාධිත කථිකයන් ලෙස පී.ද එස්. කුළරත්න,ඊ.ඩබ්. අධිකාරම්,එච්.ඩබ්.අමරසූරිය යන මැතිතුමන්ලා හා නාරද හිමියන් සහභාගී වී ඇත.
මුල්ම ආචාර්ය මණ්ඩලය
සංස්කරණයකෑගලු විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය පත්කිරීම ආදී කාර්යයන් රැසක් ඉටු කර ඇත්තේ ගුණපාල මළලසේකර හා පී. ද එස්.කුලරත්න මැතිතුමන්ලා විසිනි.ඔවුන්ට ගෙවන වැටුප් පවා මළලසේකර මහතාගේ අත් අකුරින් ලියූ ලිපියක සදහන් විය.
විවෘත කිරීමේ උත්සවය සදහා මොලමුරේ කමිටුව විශාල වෙහෙසක් දරා ඇත.පාසලේ ආරම්භක විදුහල්පති වූයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බී.ඒ. ගෞරව උපාධිධාරී කේ.එල්.වී.අලගියවන්න මැතිතුමාය.
මුල්ම ආචාර්ය මණ්ඩලය
කේ.එල්.වී.අලගියවන්න(විදුහල්පති)
අනුලා උදලගම මහත්මිය(පසුව කෑගලු බාලිකා විද්‍යාලයේ පලමු විදුහල්පතිනි)
චන්ද්‍රා වටරැක මෙනවිය
ශීලා වීරසේකර මහත්මිය
පඤ්ඤාලෝක හිමි
ඩී.එස්. එස්.කරුණාතිලක මෙනවිය
ආර්.ඊ.පෙරේරා මහත්මිය
සෝමා වික්‍රමනායක මහත්මිය
බෝගොඩ ප්‍රේමරත්න මහතා
චන්ද්‍රා කරුණාතිලක මහතා
හිටපු විදුහල්පතිවරු
සංස්කරණයකේ.එල්.වී.අලගියවන්න
අනුලා උදලගම
එස්.ඊ. ද සිල්වා
ආර්.එම්.අබේවර්ධන
කේ.ජිනදාස පෙරේරා
ටී.බී.කරුණාරත්න
බී.එස්.ගුණසේකර
පී.රුහුණුහේවා
එම්.බී.රත්නායක
එස්.මහලියන
ආර්.විජයදාස
එස්.කාරියවසම්
ඩබ්.එම්.පී.දයාරත්න
එන්.ඩබ්.ගුණරත්න
ජී.එම්.සී.රාජකරුණා
ජී.කේ.ආර්.පියසේන
එච්.ආර්.යූ.සේනානායක
එම්.ආර්.විජයතිලක
එච්.ඩී.හර්මන් පෙරේරා
ජී.ඒ.අධිකාරී
කේ.නන්දදාස
එස්.බී.කොස්වත්ත
එන්.ඒ.එස්.බණ්ඩාර
එච්.එම්.ජී.හේරත්
ඩබ.එම් ධර්මපාල
ශ්‍රීකාන්ත සරත්චන්ද්‍ර
වැදගත් ගුරුවරු
සංස්කරණයහිටපු ආචාර්ය දයානන්ද ගුණවර්ධන මහතා විසින් නිර්මාණය කළ “නරිබෑණා“ වේදිකා නාට්‍ය ප්‍රථම වරට හරිගල පඤ්ඤානන්ද පැරණි ශාලාවේදී රඟ දක්වා ඇත.
වැදගත් ශිෂ්‍යයින්
සංස්කරණයමුල්ම ශිෂ්‍යයා ටයිටස් මල්ගහගම
ප්‍රථම වරට කළා අංශයෙන් ඩබ්.ඒ.වනිගරත්න ශිෂ්‍යයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු විය.විද්‍යා අංශයෙන් ප්‍රථම වරට බන්දුල කත්‍රීආරච්චි ශිෂ්‍යයාද,ප්‍රථම ඉංජිනේරු ශිෂ්‍යයා ලෙස අමර ජයවර්ධන ද,ප්‍රථම වෛද්‍ය ශිෂ්‍යයා ලෙස පී.ඩී.රුද්‍රිගෝ ද සරසවි වරම් ලැබූහ.
සංඛේත
සංස්කරණයආදර්ශ පාඨය
සංස්කරණය(වැපුරූ අයුරින් අස්වනු ලැබේ) යාදිසං වපතේ - තාදිසං හරතේ යන පාඨය කෑගලු විද්‍යාලයේ තේමා පාඨයයි.
විද්‍යාලයේ ලාංඡනය
සංස්කරණයහිටපු විදුහල්පති ටී.බී.කරුණාරත්නගේ නිර්මාණයකි.
විදුහල් ගීතය
සංස්කරණයවිද්යාලීය ගීතයේ පද මාලාව බී.ටී.මැන්දිස් හා තනුව වෝල්ටර් හිග්ගොඩ යන ආචාර්යවරුන්ගේ විසින් නිර්මාණය කර ඇත.
College Song
විදුහල් ගීතය
විජයතු කෑගලූ විදුහල් මාතා
යහගුණ දස දෙස පතුරා . . . //
විහිදා විදු රැස පහදා නැණ ඇස
සිසුගත හොබවන නිති පෙමිනි
නංවා තුති ගොස පෙන්වා කිත්රැස
දන මන පුබුදන අති රමණී …
විජයතු කෑගලූ විදුහල් මාතා
යහගුණ දස දෙස පතුරා
හිරු සඳු සලකුණු රැඳි දද ඉසුලූ
සිව් කෝරළ පෙදෙසෙහි වැසි මහරූ . . . //
මී මුතු පරපුර සේ එඩි පෙන්වා
සුරකිමු විදුහල් මව හද බැතිනී
විජයතු කෑගලූ විදුහල් මාතා
යහගුණ දස දෙස පතුරා
වැපුරූ පමණට අස්වනු ලබනේ
ඒ විලසයි වෙහෙසී සිප් වඩනේ . . . //
රට දැය නගනා ලෙස නැණ දල්වා
සුරකිමු විදුහල් මව හද බැතිනී
විජයතු කෑගලූ විදුහල් මාතා
යහ ගුණ දස දෙස පතුරා . . . //
[1]