ශ්‍රී ලංකා කැහිබෙල්ලා
කැහිබෙල්ලා තෙත් කලාපයේ
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: ඇනිමේලියා - සත්ත්ව
වංශය: කෝඩටා
වර්ගය: ආවේස් - පක්ෂි
කුලය: කෝවිඩා - කපුටු වංශය

ශ්‍රී ලංකා කැහිබෙල්ලා ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂියෙකි. ( ඉංග්‍රීසි: Sri Lanka Blue Magpie or Ceylon Magpie (Urocissa ornata) විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ක‍ඳුකර වනාන්තර අශ්‍රීතව වාසය කරයි. කපුටු පවුලට අයත් පක්ෂියෙකි. මොවුන් ජීවත් වන සදාහරිත වැසි වනාන්තර විනාශ වී යාමත් සමඟ වඳ වී ගෙන යාමේ තර්ජනයට වර්තමානයේදී ලක් වී තිබේ. සාමාන්‍යයයෙන් හය, හත් දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායම් ලෙස සැරිසරන කැහිබෙල්ලන් අධික මාංශ භක්ෂක ලෙස කුඩා ගෙම්බන්, කටුස්සන්, කෘමීන් සහ අනෙකුත් අපෘෂ්ඨවංශීන් ආහාරයට ගන්නා අතර පළතුරුද ආහාරයට ගනී. යුරෝපීය කැහිබෙල්ලාට ප‍්‍රමාණයෙන් සමාන 42-47 cm පමණ වන ශී‍්‍ර ලංකා කැහිබෙල්ලා ගසක හෝ පඳුරක සාදන ලද කෝප්පයක හැඩැති පුංචි කූඩුවක දුඹුරු පැහැ ලප සහිත සුදු පැහැ බිත්තර 3-5 අතර ප‍්‍රමාණයක් දමයි.

වර්තමානය වනවිට කැහිබෙල්ලන්ගේ වදවීමේ ප්‍රවණතාව බොහෝ සෙයින් වැඩිවී තිබේ.

ශ්‍රී ලංකාවේ කැහිබෙල්ලාගේ ව්‍යාප්තිය


"https://si.wikipedia.org/w/index.php?title=කැහිබෙල්ලා&oldid=492158" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි