කැලෑ නාගයා (Naja melanoleuca),කළු නගයා හා කළු සුදු තිත් නාගයා ලෙසද හැඳින්වේ. මොවුන් අප්‍රිකාවට විශේෂ වූ විශාලතම නාග වර්ගයක් ලෙසද සැලකේ. විශේෂයෙන් අප්‍රිකාවේ මධ්‍යම ප්‍රදේශයේ හා බටහිර ප්‍රදේශයේ මොවුන් දැක ගත හැකිය. මොවුන් මොවුන් ඉහල අනුගත වීමේ හැකියාවකින් යුක්ත වන අතර මොවුන් ඉතා වියලි කාලගුණ සහිත ප්‍රදේශවලින් සොයාගත හැකිය .කැලෑ නාගයන්ට පිහිනීමට හැකිවන අතර අර්ධජලජ සත්ව විශේෂයකි. මොවුන් ඉතා ඉක්මනින් වෙනස්වන අහර වේලක් ඇත. විශාල කෘමින්, මාළු, ගෙම්බන්, කුඩා ක්ෂීරපායින්, උරගයෝ,කටුස්සන්,ගොළුබෙල්ලන්, ඒ අතර වේ.

නාගයා

මෙම විශාල සහ විසකුරු නාගයන් ඉතා භයානක නාග විශේෂයකි සාමාන්‍ය ලෙස මොවුන් ඉතා චංචල හා සෝදිසියෙන් සිටින සුළු සත්ව විශේෂයකි.කැලෑ නාගයා ආක්‍රමණශීලි විය හැක.එය නාගයාගේ අනතුරු ඇඟවීමේ ඉරියව්ව මගින්, එනම් ඉදිරිපස කොටස ඉදිරියට ඔසවා පටු පෙනවය විහිදවා ඉතා ශබ්දයෙන් පිබිම මගින් උපකල්පනය කල හැක.අනිකුත් අප්‍රිකානු නාගයන්ට වැඩ දෂ්ට කිරීම අඩුය.මේ එසේ සිතනු ලබන්නේ ඔවුන්ගේ චංචල ගතිය,වේගවත් සංචලනය,දෛනික ස්වභාවය නිසාය.මෙම සර්ප විශේෂයේ එක් සපා කැමක් ජිවිතයට තර්ජනයක් විය හැක.මොවුන් අප්‍රිකානු නාග විශේෂ අතර භයානකම නාග විශේෂය වේ.ලයිබීරියාවේ පුද්ගලයන් දෙදෙනෙකු මේ තත්වයට මුහුණ දී කපා වෙන කිරීමකට ලක්විය.සපා කෑමකට ලක් වූ විට පිළිකුල් ගතිය, වමනය, හා ශ්වසන අපහසුත ඇතිවේ.මෙම විශේෂයේ යැයි සැලකෙන නාගයෙක් දෂ්ට කිරිමෙන් ඝනාවේ දරුවෙක් විනාඩි 30ක් ඇතුලත මරණයට ලක් විය.කැලෑ නාගයා සපා කැමෙන් ඇතිවන රෝග ලක්ෂණ බොහෝ දුරට ඊජිප්තියනු නාගයා(Naja haje) සපා කැමෙන් ඇතිවන රෝග ලක්ෂණ වලට සමානය.

නිරුක්තිය සංස්කරණය

කැලෑ නාගයා වර්ග කෙරෙන්නේ Naja නම් සත්ව ගනයේ Elapidae නම් සත්ව ගෝත්‍රය යටතේය.මෙම සත්වය පළමුවෙන් සොයාගනු ලැබුවේ 1857 දී Edward Hallowell නම් ඇමෙරිකානු චර්ම රෝග විශේෂඥයකු විසිනි.[1][2]මෙම උරග වරයට දුන් පොදු නාමය වන්නේ Naja යන්නයි.Naja හි සංස්කෘත වචනය Naga (नाग) වේ.[3] melanoleuca විශේෂ ග්‍රීක නාමයෙහි තේරුම වුයේ සුදු සහ කළු යන්නයි melano යන වචනය ග්‍රීක භාෂාවෙන් කළු [4] යන අරුත දෙන අතර leuca ග්‍රීක භාෂාවෙන් සුදු[5] යන තේරුම දෙයි. මෙමෙ උරග විශේෂය කළු නාගයින් මෙන්ම සුදු ගැටිති සහිත නාගයන් ලෙසද හදුන්වනු ලබයි.[6]

පරිණාමය හා වර්ගීකරණය සංස්කරණය

කැලෑ නාගයා Naja කුලය අනුව Elapidae පවුලට අයත් වේ.Josephus Nicolaus Laurenti.පළමුව වර්ෂ 1768 දී කුලය අනුව විස්තර කළේය.[7]ජාතිය අනුව Naja melanoleuca එය 1857Edward Hallowell පළමුව විස්තර විය.[1]විවිධ කරුණු මත කුලය අනුව Naja උපකුලවලට බෙදේ එයනම්, අහර රටාව,වාසස්ථාන,දේහය වැනි කරුණුය. Naja melanoleuca යනු Boulengerina උපකුලයෙහි කොටසකි.අනිකුත් ජාති 3ක් ඇත ඒවානම් Naja annulata,Naja christyi සහ Naja multifasciata වේ.මෙම උපගණය තම නිජබිම ලෙස මධ්‍යම හා බටහිර අප්‍රිකානු වනාන්තර වලට සීමා වී ඇත. ඔවුන් ජලජ සතුන් වන අතර ජලජ ආහාර විශේෂ ආහාරයට ගනී.Boulengerina උපගනයේ ජාතින් විශේෂ දේහ විවිධත්වයක් පෙන්වයි.කෙසේ වෙතත් දිග අනුව පරාසය මැනීමේදී කැලෑ නාගයා ගේ(Naja melanoleuca) දිග මීටර් 2.7(අඩි 8.9) සිට කුහර නාගයා ගේ දිග (Naja multifasciata) මීටර් 0.8(අඩි 2.6) දක්වා විහිදේ.පහත දැක්වෙන රූපසටහනෙන් පැහැදිලි වන්නේ ජාතිය අනුව Naja වර්ගීකරණය සහ ඒ අතර සම්බන්දතාවයි.[8]

Naja
(Naja)

Naja (Naja) naja

Naja (Naja) kaouthia

Naja (Naja) atra

Naja (Naja) mandalayensis

Naja (Naja) siamensis

Naja (Naja) sputatrix

(Afronaja)

Naja (Afronaja) pallida

Naja (Afronaja) nubiae

Naja (Afronaja) katiensis

Naja (Afronaja) nigricollis

Naja (Afronaja) ashei

Naja (Afronaja) mossambica

Naja (Afronaja) nigricincta

(Boulengerina)

Naja (Boulengerina) multifasciata

Naja (Boulengerina) christyi

Naja (Boulengerina) annulata

Naja melanoleuca

(Uraeus)

Naja (Uraeus) nivea

Naja (Uraeus) senegalensis

Naja (Uraeus) haje

Naja (Uraeus) arabica

Naja (Uraeus) annulifera

Naja (Uraeus) anchietae

ජෛව විද්‍යාව සංස්කරණය

හදුනාගැනීම සහ බාහිර ශරීර විස්තරය සංස්කරණය

ගොනුව:Naja melanoleuca (Warren Klein).jpg

කැලෑ නාගයා අප්‍රිකාවේ දිගම නාග විශේෂයයි.[9]ඒ වගේම නාග විශේෂ අතරින් ලෝකයේම දිගම නාග විශේශයද වේ.[10][11] මාධ්‍යන්‍ය වැඩිහිටි විද්‍යුත් කැලෑ නාගයෙකුගේ දිග මීටර් 1.4 සිට 2.2(අඩි 4.6 සිට අඩි 7.2)දක්වා වර්ධනය වේ.නමුත් සමහර නාගයන් මීටර් 2.7(අඩි 8.9) දිගක් ලබාගැනේ.[9] [12] සමහර අවස්ථාවල කලාතුරකින් එය මීටර් 3.1(අඩි 10) දක්වා වන නාගයන් ද ඇත.[11]ගැහැණු කැලෑ නාගයා හා පිරිමි කැලෑ නාගයා දිගෙන් වර්ධනය වන්නේ සමානවය,මෙම විශේෂය අතර ලිංගික ද්විරුපතාවක් නැත.[13]ඔලුව සහිත කොටස විශාල වන අතර පැතලි ස්වාභයක් ගනී,එය යන්තම් බෙල්ලෙන් වෙනස් වේ.උඩ සිට එය යන්තම් ක්‍රමයෙන් සිහින් හන ප්‍රමාණයෙන් අඩුවේ ප්‍රමාණවත් ලෙස ශරීරයක් සහ සිහින් වලිගයක් ඇත. මෙම ලක්ෂණ මාද්‍යම ප්‍රමාණයේ නාගයෙකුගේ වේ.ශරීරයේ පිටුපස උඩු පැත්තේ පිහිටි කොරපොතු හා බඩ පැත්තේ පිහිටි කොරපොතු එක පත්තකදී එකතුවේ.එමෙන්ම,පිටුපස සිලින්ඩරාකාර හැඩතිවේ.කැලෑ නාගයාගේ ගර්භාශයේ ඇති ඇටවලින් දිගට ප්‍රස්හරණය කිරීමේ හැකියාවක් සහ බය උණු විට කුන්ඤ හෑඩති වියනක් ලෙස හැඩගැසේ.ඔලුව මුදුනෙහි හා ඔලුව පැත්තෙහි ඇස අතර කෝණය වෙනස් වන අතර හොම්බ වටකුරුවේ.ඇස විශාලවන අතර වටකුරු කනිනිකාවක් සහිත වේ.[12]

සමෙහි කොරපොතු සකස්වීම සංස්කරණය

අනිකුත් නගරයන් මෙන්ම කැලෑ නාගයාගේත් සම ආවරණය වී ඇත්තේ කොරපොතු වලිනි.සර්පයා මුළුමනින්ම කොරපොතුවලින් ආවරණයවී හෝ විවිධ හැඩයන්ගෙන් සහ ප්‍රමාණයෙන් යුක්ත ඝන කොරෝපොතු වලිනි.එය මුළුමනින් සර්පසමක් ලෙස හැදින්න්වේ.කොරපොතු මගින් සර්පයාගේ ශරීරය ආරක්ෂා කරන අතර එය චලනය වීමේදී උපකාරීවේ.තෙතමනය රදවා ගැනීමට මෙය උපකාරීවේ.රළු බව හා වෙස් මාරු කිරීමට වැනි මතුපිට ලක්ෂණ වෙනස් කිරීමටද මෙය බොහෝ උපකාරීවේ.කැලෑ නාගයාගේ මතුපිට කොරපොතු සිනිදු වේ එය ශක්තිමත්වේ.[6] මෙම වර්ගයක්න්ගේ පහය ප්‍රධාන වර්ණ 3ක් අතර වෙනස්වේ.ඒවානම් සිනිදු කළු,නිකට,උගුරු ප්‍රදේශය,ඉදිරියෙන් පිහිටි නෙරා වැටෙන ප්‍රදේශ් ආලේපන පැහැය හෝ සුදු පැහැය වේ.පලල් කළු පැහැය පල්ලම් මෙන් ඇත.ඔලුවෙහි පැත්තක් සිත් ඇදගන්න සුළු කළු හෝ සුදු පැහැයෙන් ඇත.ආකර්ශනයක් ඇතිවීමට තොල් වල කළු හැදු සිරස් පටිමෙන් ඇත.දෙවන පැහැය ඇත්තේ අප්‍රිකාවේ බටහිර තැනිතලා බිම්වල දක්නට ඇත එය කළු සහ කහ පැහැයයි.කළු වලිගය සහ ඔලුව මුදුන දුබුරු පැහැ ගැන්වී ඇත.නිකට තොල් හා උගුර ප්‍රදේශ කහ පැහැය වේ.තුන් වැනි පැහැය හමුවන්නේ අප්‍රිකාවේ නැගෙනහිර වෙරල තිරයෙනි,සැම්බියාවේ සහ දකුණු කොන්ගොවෙන් හමුවේ.[14]දුබුරු හෝ කළු දුබුර් සහිත ඉහල ප්‍රදේශයක් පවතී.පහල කොටස සුදුමාලි පාට වේ.දුම්බ්රු සැප සහිත ප්‍රදේශ් පවතී.දුබුරු පැහැ වලිගයක් සමන්විතවේ.[14]

අභිජනනය සංස්කරණය

 
තරුණ කැලෑ නාගයේක්

මොවුන් ආණ්ඩජ සත්ව විශේෂයකි.බිජු වලින් පැටව් බෝවිමයි.ගිම්හානයේදී ගැහැණු කැලෑ නාගයා 11 ත් 26 ත් අතර සිනිදු සුදු බිත්තර ප්‍රමාණයක් පිට කරයි.ඒවායින් හැම එකක්ම දල වශයෙන් මිලිමීටර් 30 සිට 60 දක්වා වේ.මෙම බිත්තර එක පොකුරකට ඇලවී ඇත.[14]බිත්තර දමන්නේ කුහර සහිත ගස්වල හෝ වේයන්ගේ පස් ගොඩවල හෝ සිදුරු තුල හෝ ගැහැණු සතා විසින් තනාගත කැදැල්ල වේ.සංසර්ගයට පෙර දෙදෙනා නර්තනයේ වේදේ.ඔවුන් දෙදෙනා ඔලු දෙක පහලට ලංකර හෝ පොලොව දිගේ දිගාවී දැවටෙයි.මෙය සංසර්ගයට පෙර පයක පමණ කාලයක් සිදු කරයි.පිරිමි සත්වය තම ගුද මාර්ගය ගැහැණු සත්වයාගේ ශරීරයට වෙන්නට තද කරයි.අභිජනනය කාලය තුල ගැහැණු සත ආරක්ෂාව සහිත වන අතර ඉක්මනින් කිපෙන සුළුය.මෙම කාලය තුල ඇය ආක්‍රමණශීලි වේ.අඩි පාරක් ළඟ කැදැල්ල ඇත්නම් කුපිත වීමකින් තොරව උවද පහර දිය හැක.[11]එය මරණිය ප්‍රතිපලයක් විය හැක.බිත්තර වලින් එලියට එන පැටව් නිදහස් හා ස්වාදීන වන අතර දිග සෙන්ටිමීටර් 22 සිට 25 දක්වා වේ.[12]සමහර අවස්ථාවල එය මැනීම සෙන්ටිමීටර් 47 දක්වා සටහන් වී ඇත.[14] ගැහැණු සත්වයා බිජු රකින කාලය දවස් 55 සිට 70 දක්වා විහිදේ.[15]එය උෂන්ත්වය 27-30 °C වේ.මෙම සර්පයින්ට් දිගු ආයු කාලයක් පවතී,නිදර්ශකයක් ලෙස අල්ලාගත් නාගයෙකු අවරුදු 25ක් ජිවත් විය.විෂ සහිත සර්පයෙක් ජිවත් වුනු දිගම කාලය ලෙස වාර්තාවේ.[16]

නිජබිම් සහ ව්‍යාප්තිය සංස්කරණය

භූගෝලීය ව්‍යාප්තිය සංස්කරණය

කැලෑ නාගයා සොයා ගැනීමට හැකි වන්නේ විශේෂයෙන් බටහිර හා මැද අප්‍රිකාවෙහිය.[6]විශේෂයෙන්ම සෙනගාල,ඝනාව,ගිනියා හා දකුණු අපරදිග රටවල් වන මාලි,ලයිබීරියාවේ,බරකින ෆාසෝ,ටොගෝ,බෙනින්,ගෙබෝන්,කැමරූන්,නයිජිරියා,බටහිර අප්‍රිකානු රටවල් වන කොංගෝ,උතුරු ඇන්ගෝලා,කෙන්යා,උගන්ඩාව,රුවන්ඩාව,අපරදිග අප්‍රිකාව හා දකුණු අප්‍රිකානු රටවල මෙම සත්වය වැඩිවශයෙන් දැක ගත හැකිය.[14]

නිජබිම් සංස්කරණය

 

මෙම සත්වයාගේ වාස භුමිය වන්නේ විශේෂයෙන්ම කඳුකර උස් වනාන්තර වේ.[16] මෙම සත්වයා ඕනෑම පරිසරයකට ලේසියෙන් අනුවර්තනය වන සත්වයෙකි.මෙම සත්වයා රඳා පවතින්නේ අප්‍රිකානු උරග විශේෂ පැවත එන ආකාරයටය.මෙම නාගයා පැවත එන්නේ දකුණු අප්‍රිකානු පෙදෙසින් වන අතර සැවන හා තණබිම් වන අතරම ශේෂ උණු කඳු සහිත රටවලද දැක ගර්හ හැකිය.[17]එමෙන්ම මෙම නාගයා නිවර්තන හා උප නිවර්තන ප්‍රදේශ එනම් මැද අප්‍රිකාව තුලද වාසය කරනු ලැබේ.බටහිර අප්‍රිකාවේ කඩොලාන පවතින ප්‍රදේශ වලද මෙම සත්වය සුලබව දැක ගැනීමට හැකියාව ඇත.මෙම නාගයන් සමූහ වශයෙන් බටහිර අප්‍රිකාවේ සැවන හා තණබිම් ප්‍රදේශ වලද(ජලය සහිත ප්‍රදේශ වල) ජිවත් වෙඉ. එමෙන්ම ශාක වැඩි වශයෙන් දක්නට ලැබෙන ප්‍රදේශ වලද විහේෂයෙන් අක්ෂාංශ 14 ට වැඩි ප්‍රතිකුල ගඟ සහිත ප්‍රදේශ වලද දැක ගත හැකිය.මෙම උරග විශේෂය වැඩි වශයෙන් ප්‍රිය කරන්නේ නිම්න භුමි ජලාශ්‍රිත තෙහ භුමි වල හා වෙරළබඩ කලාප වලය[14] .මෙම සත්වය ඕනෑම පරිසර තත්වයන් සදහා පහසුවෙන් අනුවර්තනය වන අතර මෙම සත්වය වියලි කලාප වලට වුවද අනුවර්තනය වීමට සුදානමින් සිටි[16].බටහිර කෙන්යාවේ විශාල තෘන ප්‍රදේශයකදී මෙම සත්වය වාසය කරනු දැක ගැනීමට ලැබී ඇත.[16] මෙම නාගය උගන්ඩාවේ වැඩි වශයෙන් දැක ගැනීමට හැකි වන්නේ ජලාශ අසන්නයේදීය.දුඹුරු වර්ණක සහිත ප්‍රදේශ වල මෙන්ම උස වනාන්තර හා තෙත් තැන භුමි තුලද මෙම සත්වය සුලබව දැක ගත හැකිය(සිම්බාබ්වේ).මෙම සත්වයාගේ ගුප්ත ක්‍රියාකලාපය ,ගුල තුල විසීමට ඇති ලැදිකම හා ප්‍රචණ්ඩකාරී හැසීරීම තවත් ලක්ෂණ කිහිපයකි.මෙම සත්වය පලතුරු වගාවන් ආශ්‍රිතව මෙන්ම රූස්ස ගස් වල මුදුනේද වාසය කරනු ලැබේ.එමෙන්ම උස සහිත ප්‍රදේශ වල එනම් මුහුදු මට්ටමේ සිට වනාන්තර කඳු වලට මීටර් 2800 ක් උස්‌ ප්‍රදේශ වලද මෙම සත්වය තවදුරටත් දැක ගත හැකි වේ.[16]

හැසිරීම සහ ආහාර සංස්කරණය

හැසිරීම සංස්කරණය

 

කැලෑ නාගයා ඉතා කඩිසර දහවල් කාලයේ වෙසෙන හොඳින් නැගිමට හැකි සත්ව විශේෂයකි.එය Naja.[9] වර්ගයේ වැඩිම ජලජ සත්ව විශේෂයයි.ඌ පොලවේ සිටින වේගවත් හා ඉතා හොඳ නගින්නෙකි,මීටර් 10(අඩි 33) ට වඩා උස ගස් වලට නැගීමට හැකියවක් ඇත.ඌ ඉතාමත් ඉක්මනින් සංචලනය වන අතර නිතරම සෝදිසියෙන් සිටි.ඌට හොඳින් පිහිනා යාමට හැකි අතර ජලයේ පිහිනීමට වැඩි කැමැත්තක් දක්වයි.සමහර ප්‍රදේශ වල ඌගේ ප්‍රධාන ආහාරය මළුන් වන අතර මොහු අර්ධ-ජලජ ජීවියෙක් ලෙස හැදින්විය හැක.කෙසේ උවත් දහවල් කාලයේ වැඩිවශයෙන් ක්‍රියාශීලි වන්නේ නිසල පරිසරයකය.රාත්‍රී කාලයේ ක්‍රියාශීලි වන්නේ මොහු නගරබද ප්‍රදේශයක සිටින විටය. කැලෑ නාගයා ක්‍රියාශීලි නැති විටදී කුහර තුලට,පඳුරු වලට, බෙන වලට, මුල් අතර,හා කඳු කුහර තුල සැඟව සිටි.ඒ තර පාවිච්චි නොකරනලද වේයන්ගේ පස්ගුහාවන්ද වේ.සමහර ස්ථානවල,ගංගා ඉව්රු වල, ඉදිරියට නෙරුණු මුල් ජාල හා කුරුළු කුඩු තුලද සැඟවේ.නගරබද ප්‍රදේශ වලදී අත්හරින ලඳ ගොඩනැගිලි හා කුට්ටි අතර සිටි.කලබල අවස්ථාවන් හිදී තම පටු පෙනය ඉහලට සිටිනසේ නැගී සිටි මේ නිසා දිගු දුර වේගවත් පහරක් එල්ල කිරීමට හැකියාව ඇත.[18]මෙලෙස පහර දෙන්නේ ඌට කරදරයක් හෝ හිරිහැරයක් කළහොත් හෝ මුලුගැන්වී සිටින අවස්ථා වලදීය.ඉදිරියට ඈදී කෙසේ හෝ දෂ්ට කිරීමට පෙලබෙයි.[9][19]මොහු නාගයන් අතුරින් ශක්තිමත් සහ අවදානයෙන් සිටින නාගයෙකි.කැලෑ නාගයා ඉතා දරුණු සතෙක් ලෙස සමහර විශ්වාස කරයි.අල්ලගන්න ගොදුරට කෙසේ හෝ මිදීමට ඉඩ නොදී රදවගනී.මොහුගේ වර්ගයේ අය විෂ පිටටත විදීම සිදු නොකරයි.[14]

ආහාර සංස්කරණය

කැලෑ නාගයා විශාල පරාසයක ගොදුරු අහාරයට ගනී.[6]මත්සයින්,අනිකුත් සර්පයන්,කටුස්සන්,හා කුරුළු බිත්තර සහ අනිකුත් කුඩා සතුන් ඒ අතර වේ.සමහර,බටහිර අප්‍රිකාවේ ප්‍රදේශ වල සිටින කැලෑ නාගයන් ඔවුන් කුඩා කෘමින් හහ ක්ෂීරපායි සතුන් අහාරයට ගනී.අනිකුත් සර්පයින් මොහුගේ ගොදුරු වලට ලන්නොවේ.[18]

විෂ සංස්කරණය

නාගයාගේ විෂ ක්‍රියාකාරී වන්නේ ඌ සැප කෑමෙන් පසුවය.එය උග්‍ර විෂ සහිතවේ.[20]murine intraperitoneal හි අගය 0.324 mgkg එක සපා කෑමකදී නිපදවන මාද්‍යන්‍යා විෂ ප්‍රමාණය 571mg සහ උපරිම පිටකලහැකි විෂ ප්‍රමාණය 1102mg වේ.[21][22][23]සපා කැමකදි,එය උග්‍ර අවස්ථාවකදී මරණය මිනිත්තු 30 ත්120ථ ත් අතර කාලයක් තුල ඉතාම ඉක්මනින් සිදුවිය හැක. සපා කැමකින් පසුව මතුවන රෝග ලක්ෂණ සහ ලකුණු,පාතය,කම්මැලිකම, අවයව අංශ බාගය,ඈසීමේ දෝෂ, කතා කිරීමේ අපහසුත,කරකැවිල්ල,කම්පණය, අඩු රුධිර පීඩනය, බදරිදීම්,උණ,සුදුමලිවිම සහ ශ්වසන රෝග අපහසුතා ද ඒ අතර ඇතුලත් වේ.[20]

කැලෑ නාගයා අප්‍රිකානු නාගයන් අතරින් ඉතා ස්වල්ප වශයෙන් දෂ්ට කරන සර්පයෙකි.බොහෝදුරට එය ඔවුන්ගේ වාසස්ථාන වලදී වේ.රෝග ලක්ෂණ විද්‍යාවේ අදහස බොහෝ දුරට එය ඊජිප්තියනු නාගයා(Naja haje) සමානවේ.[18]මෙම වර්ගයන් අතර සායනික අත්දැකීම් ඉතා දුරස්තවේ.ඇතැම් වරතගත දෂ්ට කිරීම් ලේකන ගතකොට ඇත.උග්‍ර විෂ සහිත බව නිසා ශ්වසන අපහසුත වලින් මරණයට ලක් වී ඇතිබව් වාර්තාවේ.නමුත් දෂ්ට කිරීමන් පසු ඉක්මනින් ප්‍රතිවිෂ ලබා දුනහොත් සුවවීමේ අවස්ථා ඇත එවැනි අවස්ථා වාර්තාවී ඈත.නමුත් කලතුරුකින් ඉබේම සුවවන අවස්ථාද ඇත.ප්‍රතිවිෂ ලබාදීම අතපසු උවහොත් රෝගියාගේ අවදානම වැඩිවන් අතර ඉක්මනින්ම මරණයට හෝ රෝගාතුර බව වැඩිවීමට හේතුවේ.සර්පයා මුලුගැන්වී හෝ උගේ ඉරියව් වෙනස් උවහොත් ඌ ඉක්මනින් පහරදීමට පෙළබේ.එවිට වැඩි විෂ ප්‍රමාණයක් ඇතුළු වීම සිදුවේ එවිට මාරාන්තික වේ.බෙහෙත් නොකර මරණයට පත්වුන් ගැන වරතගත නොවුනත් එය ගොඩක් ඉහලාවේ.කැලෑ නාගයා විෂ විදීමක් හෝ පිට කිරීමක් සිදු නොකරයි.සත්ව විද්‍යාවේ මොවුන්ගේ ජාතිය අනිකුත් ජාතින් අතුරින් බුද්දිමත් වේ.[18][20]

යොමුව සංස්කරණය

  1. 1.0 1.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; itis2 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. Hallowell, E. (1857). Notes of a collection of reptiles from the Gaboon country, West Africa. Philadelphia: Academy of Natural Sciences of Philadelphia, by Dr. Herny A. Ford. pp. 48–72.
  3. "Naja". The Free Dictionary. Princeton University. සම්ප්‍රවේශය 10 January 2014.
  4. "melano". Merriam-Webster Medical Dictionary. සම්ප්‍රවේශය 10 March 2014.
  5. "leuc-". Merriam-Webster Medical Dictionary. සම්ප්‍රවේශය 10 March 2014.
  6. 6.0 6.1 6.2 6.3 "Naja melanoleuca". Clinical Toxinology Resource. University of Adelaide. සම්ප්‍රවේශය 2014-03-22.
  7. "Naja". Integrated Taxonomic Information System. සම්ප්‍රවේශය 11 January 2014.
  8. Wallach, V.; Wüster, W.; Broadley DG. (2009). "In praise of subgenera: taxonomic status of cobras of the genus Naja Laurenti (Serpentes: Elapidae)" (PDF). Zootaxa. 2236: 26–36. සම්ප්‍රවේශය 11 January 2014.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  9. 9.0 9.1 9.2 9.3 O'Shea, M. (2005). Venomous Snakes of the World. United Kingdom: New Holland Publishers. p. 71. ISBN 0-691-12436-1.
  10. Broadley, DG. (1983). Fitzsimons' Snakes of Southern Africa. Johannesburg: Delta Books. ISBN 0-947464-30-1.
  11. 11.0 11.1 11.2 Burton, M. (2002). International Wildlife Encyclopedia. United States: Marshall Cavendish Corp; 3rd edition. pp. 481–482. ISBN 0-7614-7270-3.
  12. 12.0 12.1 12.2 Spawls, Branch, S., B. (1995). The Dangerous Snakes of Africa. Ralph Curtis; Revised Edition. p. 71. ISBN 978-0-88359-029-4.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  13. Shine, R.; Branch WR., Webb JK., Harlow PS., Shine T., Keogh JS. (June 2007). "Ecology of cobras from southern Africa". Journal of Zoology. 272 (2): 183–193. doi:10.1111/j.1469-7998.2006.00252.x.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  14. 14.0 14.1 14.2 14.3 14.4 14.5 14.6 Marais, J. (1992). A Complete Guide to Snakes of Southern Africa (Republished 2004). South Africa: Struik Publishers. p. 312. ISBN 1-86872-932-X.
  15. Tryon, BW. (15 November 1979). "Reproduction in Captive Forest Cobras, Naja melanoleuca (Serpentes: Elapidae)". Journal of Herpetology. Society for the Study of Amphibians and Reptiles. 13 (4): 499. JSTOR 1563487.
  16. 16.0 16.1 16.2 16.3 16.4 Spawls, Branch, S., B. (1995). The Dangerous Snakes of Africa. Ralph Curtis; Revised Edition. p. 72. ISBN 978-0-88359-029-4.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  17. Mattison, C. (2007). The New Encyclopedia of Snakes. New York City: Princeton University Press. p. 272. ISBN 0-691-13295-X.
  18. 18.0 18.1 18.2 18.3 Spawls, Branch, S., B. (1995). The Dangerous Snakes of Africa. Ralph Curtis; Revised Edition. p. 73. ISBN 978-0-88359-029-4.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  19. Haji, R. "Venomous snakes and snake bite" (PDF). Zoocheck Canada Inc. p. 14. සම්ප්‍රවේශය 27 February 2012.
  20. 20.0 20.1 20.2 "Immediate First Aid for bites by the Forest cobra (Naja melanoleuca)". Toxicology. University of California, San Diego. සම්ප්‍රවේශය 2014-03-22.
  21. Zug, R.; Ernst, CH (1996). Snakes in Question: The Smithsonian Answer Book. Washington D.C., USA: Smithsonian Institution Scholarly Press. p. 112. ISBN 1-56098-648-4.
  22. Brown, JH (1973). Toxicology and Pharmacology of Venoms from Poisonous Snakes. Springfield, IL: Thomas. p. 184. ISBN 0-398-02808-7. LCCN 73000229.
  23. Fry, BG. "LD50 menu (Archived)". 2012-04-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-03-22.

බාහිර යොමුව සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කැලෑ_නාගයා&oldid=606303" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි