කාලෝ ෆොන්සේකා යනු ප්‍රකට ශ්‍රී ලාංකික වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක්, විත්වතෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකි. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයා ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා ද වේ. ඔහු වාමාංශික දේශපාලන ක්‍රියාධරයෙකු වූ සේ ම ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපතිවරයෙකු ව ද කටයුතු කළේ ය.

Carlo Fonseka
දේශීය නම
කාලෝ ෆොන්සේකා
උපතමාර්තු 4, 1933(1933-03-04)
මියගිය දිනයSeptember 2, 2019(2019-09-02) (වයස 86)
Colombo
ජාතිකත්වයSri Lankan
උගත් ශාස්ත්‍රාලයUniversity of Ceylon
University of Edinburgh
රැකියාවAcademic
තනතුරPresident, Sri Lanka Medical Council.
කාල සීමාවJanuary 2012 – June 2017
පූර්වප්‍රාප්තිකයාLalitha Mendis
දේශපාලන පක්ෂයLanka Sama Samaja Party

මුල් අවධිය සහ පවුල් පසුබිම සංස්කරණය

1933 මාර්තු 4 දින කොළඹ දී කාලෝ ෆොන්සේකා උපත ලැබුවේ ය. ඒ රෝමානු කතෝලික පවුලකට දාව ය. මීගමුව මාර්ස් ස්ටෙලා විදුහලින් සහ කොළඹ සාන්ත ජෝෂප් විදුහලින් පාසල් අධ්‍යාපනය ලැබූ හෙතෙම 1955 දී එවක පැවති ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් විය. ඔහු 1960 වසරේ ඉන් පිටවන්නේ ප්‍රථම පංතියේ සාම්ර්ථ සහිත වෛද්‍ය විද්‍යා උපාධිධරයෙකු ලෙස ය.

සේවාව සංස්කරණය

විශ්වවිද්‍යාල අධයාපනයෙන් අනතුරු ව කොළඹ මූලික රෝහලට ඇතුළත් වූ කාලෝ මහාචාර්ය කේ. රාජසූරිය සහ ශල්‍ය වෛද්‍ය නොයෙල් බාතොලමියුස් යටතේ සීමාවාසික පුහුණුව ලැබී ය. ඉන්පසු ව ඔහු සිය ගම්පියස වූ දිවුලපිටියට නුදුරු මීරිගම මහ රෝහලේ වෛද්‍ය නිළධාරියකු ලෙස එක්විය. 1962 දී ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ කායික විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස එක්විය. 1964 දී එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ කායික විද්‍යා පීඨයට ඇතුළත්වන හෙතෙම 1966 දී ඉන් සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය.

1967 දී ෆොන්සේකා ලංකා විශ්වවිද්‍යාලයේ කායික විද්‍යා පීඨයට නැවත පැමිණියේ ය. 1989 දී රාගම හෙවත් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමෙන් අනතුරු ව 1991 දී කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් විය. එහි දී කැලණිය එම පීඨයේ ප්‍රථම පීඨාධිපතිවරයා වූයේ ද කාලෝ ෆොන්සේකා ය. ඔහු 1997 දක්වා එම තනතුරෙහි කටයුතු කළේ ය. 1996 සිට 1997 දක්වාත්, 1998 සිට 2001 දක්වාත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ කළමණාකරන මණ්ඩලයේ සභාපතිවරයා ව ද කටයුතු කළේ ය. 2000 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලය එතුමන් ව සම්මාන මහාචාර්ය පදවියකින් පුදනු ලැබී ය.

2012 ජනවාරි මස ඔහු ව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයට ද පතිකෙරිණ. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඒ අවස්ථාවේ දී එයට විරෝධය දැක්වූයේ එම පත්කිරීම දේශපාලන බලපෑම් මත සිදුකෙරුණක් බව පවසමිනි. ඔහුගේ ධූර කාලය 2016 දෙසැම්බර් මසින් අවසන් විය යුතු ව තිබුණත් රජය ඔහුට සය මසක සේවා දිගුවක් ලබා දුන්නේ ය. 2017 ජූනි අග හෙතෙම එම තනතුරින් විශ්‍රාම ලැබී ය.

ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු වූ කාලෝ එහි මධ්‍යම කාරක සභිකයෙකු මෙන් ම දේශපාලන මණ්ඩල සභිකයෙකු ද විය. එහි කෝට්ටේ ශාඛාව මෙහෙය වූයේ ද ඔහු ය. 1980 දී උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ ව ක්‍රියාකාරී වූ හෙතෙම වෛද්‍ය සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතරතුර සයිටම් (South Asian Institute of Technology and Medicine – SAITM) පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම ද විවේචනය කළේ ය.

1999 වසරේ දී ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබද ශාස්ත්‍රපති උපාධියක් ලබාගත්තේ ය. He is a fellow of the Ceylon College of Physicians and the Sri Lanka College of General Practitioners.

ඔහු ලංකා කලා කවුන්සලයේ සභාපති ලෙසත් විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ සභාපති ලෙසත් ජාතික දුම්කොළ සහ මත්ද්‍රව්‍ය අධිකාරියේ සභාපති ලෙසත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ලෙසත් කටයුතු කර තිබේ. කාලෝ ෆොන්සේකා ලෝක දුම්කොළ විරෝධී දිනය වෙනුවෙන් 2012 දී අග්නිදිග ආසියාව නියෝජනය කරමින් සම්මාන ලැබූ හය දෙනා අතරින් එක් අයෙකු ද වේ. ප්‍රවීණ ගීත රචකයෙක් වන හෙතෙම ඔහු රචනා කළ ගීත ඇතුළත් කාලෝචිත ගී (1992) සහ රත්තරන් දුවේ (2006) එළි දැක තිබේ.

2019 සැප්තැම්බර් 2 දින ඔහු අභාවප්‍රාප්ත විය.

"https://si.wikipedia.org/w/index.php?title=කාලෝ_ෆොන්සේකා&oldid=442123" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි