ක්‍ෂය රෝගය යනු ක්‍ෂීරපායීන්ට වැලඳෙන බෝවන රෝගයකි.

Tuberculosis
වෙනත් නම්Phthisis, phthisis pulmonalis, consumption
Tuberculosis-x-ray-1.jpg
Chest X-ray of a person with advanced tuberculosis: Infection in both lungs is marked by white arrow-heads, and the formation of a cavity is marked by black arrows.
විශේෂතාවInfectious disease, pulmonology
රෝග ලක්‍ෂණChronic cough, fever, cough with bloody mucus, weight loss[1]
හේතුMycobacterium tuberculosis[1]
අවදානම් සාධකSmoking, HIV/AIDS[1]
රෝග විනිශ්චය ක්‍රමCXR, culture, tuberculin skin test[1]
Differential diagnosisNecrotizing pneumonia, histoplasmosis, sarcoidosis, coccidioidomycosis[2]
වැළක්වීමScreening those at high risk, treatment of those infected, vaccination with bacillus Calmette-Guérin (BCG)[3][4][5]
ප්‍රතිකාරAntibiotics[1]
සංඛ්‍යාතය25% of people (latent TB)[6]
මරණ1.6 million (2017)[7]

ක්‍ෂය රෝගයේ ඉතිහාසය.සංස්කරණය

මෙම රෝගය සුදු මයා මාරිය,කාසය,කාස රෝගය ආදී නම්වලින් හදුන්වා ඇත.ශිලා යුගයේ පවා මෙම රෝගය පැවති බව හමු වු ඇටසැකිලිවලින් සාක්‍ෂි දරයි.එංගලන්තයේ රිචඩ් මෝටන්,ප්‍රංශ ජාතික ජින් ඇන්ටන් විලමින්,ලුයි පාස්ටර් යන විද්‍යාඥයින් ක්‍ෂය රෝගය සම්බන්ධව පර්යේෂණ කර ඇත.බොහෝ පර්යේෂණ ප්‍රතිඵල අනුව ක්‍ෂය රෝගයට විරුද්ධව ඇති එකම සාර්ථක එන්නත B.C.G.බව දැන් පිළිගැනේ.ඒ අනුව 1904 ඇමරිකාවේ ද 1898 දී එංගලන්තයේ ද ක්‍ෂය රෝගය සම්බන්ධ සංගම් ආරම්භ විය.1904 ජාතික ක්‍ෂය රෝග සංගමයේ සභාපති වු වෛද්‍ය ලිවින්ස්වන් ට්‍රැඩෝ 1905 දී පැවැත් වු මූලාසන දේශන‍යේ දී මෙසේ ප්‍රකාශ කළේය."ප්‍රථම හා ප්‍රධානම අවශ්‍යතාව වනුයේ මහජනතාවට අධ්‍යාපනය ලබා දී ඔවුන්ගේ මාර්ගයෙන් රජයට අධ්‍යාපනයක් ලබා දීමයි."කෙසේ ‍වෙතත් අදවනවිට ක්‍ෂය රෝගය සුවකළ හැකි මට්ටමකට පැමිණ ඇත.

ක්‍ෂය රෝගය යනු කුමක්ද?සංස්කරණය

ක්‍ෂය රෝගය ටියුබකල් බැසිලස මගින් ඇති කෙරෙන ආසාදක රෝගයකි.ඕනෑම ඉන්ද්‍රියක් හෝ කොටසක් ආක්‍රමණය කිරීමට ටියුබකල් බැසිලසයට පුළුවනි.1882ඳී රොබට් කොක් නම් වෛද්‍යවරයා විසින් ක්‍ෂය රෝගයට හේතුකාරකයවන බැක්ටීරියාව වන ටියුවකියුලස් බැසිලස නම් ක්‍ෂද්‍ර ජීවී විශේෂය සොයා ගන්නා ලදී. එමගින් වසා ග්‍රන්ථිවලත්, හන්දිවලත්, අන්ත්‍රවල හා අනුබද්ධයෙහිත්, වකුගඩුවල හා මුත්‍රාශ‍යෙහිත්, පිරිමින්ගේ වෘෂණවලත්, ස්ත්‍රින්ගේ ඩිම්බවලත්, පැලෝපීය නාලවලත්,සමෙහි හා දේහයේ වෙනත් පටකවලත් රෝගය ඇති කිරීමට පුළුවන.වැඩි වශයෙන් මරණය සිදුකරන තත්වය වන්නේ පෙනහැලිවල ක්‍ෂය රෝගයයි. මෙම රෝගය වැළදීමෙන් ආරක්‍ෂාවීමට අප නිරන්තරව වගබලා ගතයුතුය.ඒ අනුව ප්‍රථමයෙන් ම මහමත්ම ජනතාව දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත්ය.විශේෂයෙන්ම ලැජ්ජාව හෝ භය හේතුවෙන් රෝගය සගවාගෙන සිටීමෙන් වළකින ලෙසට ජනතාවට උපදෙස් ලබාදීම වැදගත්ය.එසේම ඔවුන්ගේ දුර්වල වූ සෞඛ්‍යය පුරැදු ඇති කිරීම,B.C.G.එන්නත් ලබාදීම කළ හැක


 


ක්‍ෂය රෝගයේ ලක්‍ෂණ මොනවාද?සංස්කරණය

  • කල්පවතින ලා උණ
  • සති3 හෝ 4කට වඩා පවතින කැස්ස
  • රාත්‍රි නින්දේදී දහඩිය දැමීම හා උණ
  • ශරීරය කෙට්ටුවීම හෝ ක්‍රමයෙන් බර අඩුවීම
  • සෙම හෝ කෙළ සමඟ ස්වල්ප වශයෙන් ලේ පිටවීම
  • පපුවේ වේදනාව
  • මහන්සිය
  • කෙටි ශ්වසනය
  • කෑම අරුචිය

ක්‍ෂය රෝගය සෑදීමට හේතුසංස්කරණය

  • ආහාර මදකම හා දුෂ්පෝෂණය
  • අධික මත්පැන් පානය
  • පමණ ඉක්මවා වෙහෙසීම
  • පිරිසිදු වාතයෙන් තොර ස්ථානවල ජීවත්වීම

ක්‍ෂය රෝගය පිළිබද ලෝක තත්වයසංස්කරණය

1960 ගණන් වනවිට යටත් පිරිසෙන් එක්කෝටි පනස්ලක්‍ෂයක් පමණ මෙ‍ම ක්‍ෂය රෝගයෙන් පෙළිණි.මෙ‍ම රෝගයෙන් වර්ෂයක් පාසා තිස්ලක්‍ෂයකට වැඩි සංඛ්‍යාවක් මිය යයි.සංවර්ධිත රටවල ක්‍ෂය රෝගයෙන් සිදුවන මරණ පහළ බැස ඇති අතර ක්‍ෂය රෝගයෙන් පෙළෙන සංඛ්‍යාව පහළ බැස නැත.ක්‍ෂය රෝගයෙන් පෙළෙන්නන්ගෙන් 80% වැඩි ප්‍රමාණයක් ජීවත්වනුයේ සංවර්ධනය වෙමින් පවතින රටවලය.ඉන්දියාවේ වසරක් පාසා ක්‍ෂය රෝගයෙන් 500000 පමණ මිය යයි.මේ වනවි‍ට ලංකාවේ වාර්තාගත වු ක්‍ෂය රෝග මරණ සංඛ්‍යාව හේතු කිහිපයකින් අසතුටුදායක විය.ක්‍ෂය රෝගය හා ආශ්‍රිත සමාජ කැලල නිසා ඉන් සිදුවන මරණ බොහෝ ගණනක් සැබවින්ම ක්‍ෂය රෝගය නිසා යයි සහතික නොවීය.ජනගහනයෙන් 80%ක්ම වාසය කරන ග්‍රාමීය ප්‍රදේශවල ක්‍ෂය රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් නියම රෝග විනිශ්චයකට භාජනය නොවන නිසා ඔවුන් අතර වන මරණ ක්‍ෂය රෝගයෙන් සිදු වූ මරණ ලෙස වාර්තාගත නොවී යයි.ක්‍ෂය රෝගයෙන් සම්පූර්ණ සුවය ලැබීමට අවුරැද්දක් හෝ ඊට වැඩිකලක් ගතවේ.මෙය බෝවන රෝගයක් නිසා එකම පවුලක දෙදෙනකුට හෝ ඊට වැඩි ගණනකට හෝ එකවර රෝගය වැළදීම විරළ නොවීය.

ජගත් ක්‍ෂය රෝග දිනය මාර්තු24 වේ.2009 වසරේ ක්‍ෂය රෝග දිනයේ පාඨය-අපි ක්‍ෂය රෝගය වළකමු.සැබවින්ම එය කළ යුතුය.

ක්‍ෂය රෝගය පිළිබද ලංකාවේ තත්වයසංස්කරණය

ලංකාවේ වසරකට නව ක්‍ෂය රෝගීන් 900-10000ත් අතර ප්‍රමාණයක් ජීවත් වේ.කොළඹ,ගම්පහ,කළුතර,නුවර,ගාල්ල යන දිස්ත්‍රික්කවල රෝගීන් වාර්තා වීම වැඩිය.ක්‍ෂය රෝගය සුව කිරීම සදහා අවශ්‍යවන සියලුම සම්පත් අදවනවිට අප සතුව පවතී.ක්‍ෂය රෝගය මිනිසා විසින්ම ඇතිකරගන්නා නිසා එය මැඩලීම අපහසුය.ලංකාවේ ළය රෝහල්,ළය සායනික හා ක්‍ෂය රෝගීන් සදහා වූ රජයේ අනෙක් සේවාවන්ගේ විශාල වෙනස්වීම් සිදු වී ඇත.ලජ්ජාව හා භය නිසා මෙම රෝගය සගවා සිටින පිරිස වැඩිය.එම නිසා ඔවුන්ගෙන් තව තවත් මේ රෝගය බෝ වේ.ක්‍ෂය රෝගය හේතුවෙන් බොහෝ විට දුක් විදීම,ආර්ථික අමාරැකම්,තම අසල්වාසීන් කොන් කිරීම නිසා රෝගීන්ගේ සිතෙහි ඇතිවන මානසික පෙලීම ආදී තත්ව දැකිය හැක. අදවනවිට ලංකා රජයේ ක්‍රියාමාර්ගය වී ඇත්තේ සූතිකාගාරයෙන් මසකට සෑහෙන ඖෂධ ප්‍රමාණයක් නොමිලේ රෝගීන්ට ‍බෙදා දීමයි.රෝගී කාලය තුළ තනි පුද්ගලයකුට රු.40/=ක් සහ පවුලකට රු.80/= හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ දීමනාවක් රජය විසින් ලබා දේ.රෝගීන්ගෙන් වැඩිදෙනෙක් ක්‍රමවත් ලෙස ඖෂධ පාවිච්චි නොකිරීම නිසා සුවය නොලබා දීර්ඝ කාලයක් තිස්සේ එම දීමනා ලබා ගනිමින් සිටී.ලංකාව තුළ මෙම රෝගය සගවා ගෙන ජීවත්වන පිරිස වැඩිය.කෙසේ වෙතත් ක්‍ෂය රෝගය නිට්ටාවටම සුව වූ පසුව ආයුෂ අඩු වීමක් සිදු නොවේ.අතුරු ආබාධ ඇතිවීම ද ඉතා අවමය.වර්තමානය වනවිට බෙහෙවින්ම අවශ්‍යවනුයේ ක්‍ෂය රෝගය පිළිබද නිසි තතු මාධ්‍ය මගින් හෝ ජනතාවට දැනුම්දීමයි.

ක්‍ෂය රෝගය සම්බන්ධයෙන් මේතාක් ගෙන ඇති ක්‍රියා මාර්ගසංස්කරණය

1945 ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරය ඇති කිරීම

1949 B.C.G.එන්නත ප්‍රථමවරට ලබාදීම

1953 දී රජයේ මුදල් යෝජනා ක්‍රමය ඇති කිරීම

1963 දී උපන් දරුවන් සදහා B.C.G.එන්නත ප්‍රථමවරට හදුන්වාදීම

1950 දී රැකියාවලට යන පුද්ගලයන්පරීක්‍ෂා කිරීම සදහා කුඩා X කිරණ ඡායාරෑප ගැනීම ආරම්භ කිරිම

වාට්ටු සෑදීම හා ළය චිකිත්සාගාර ඇති කිරීම

මහජනයා දැනුවත් කිරීමේ ව්‍යාපාර ඇති කිරීම

ක්‍ෂය රෝගය සදහා ඖෂධ නොලේ සැපයීම

දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම

 

ආශ්‍රිත ග්‍රන්ථසංස්කරණය

  • කුලරත්න,එස්.ඒ.එම්.2004.ක්‍ෂය රෝගය,ගම්පොළ:එම්.ජී.මුද්‍රණාලය
  • පෙරේරා,කේ.ඩී.සී.2000. ඖෂධ අතර සිර වූ මිනිස්සු,වැල්ලම්පිටිය:චතුර මුද්‍රණාලය
  • ගොඩකුඹුර,ජී.ආර්.ඩබ්.1970.වෛද්‍යවරයෙක් කථා කරයි,කොළඹ:මහජන පුස්තකාලය
  • ජයසූරිය,ජේ.එච්.එ‍ෆ්.1969.ක්‍ෂය රෝග අභියෝග,කොළඹ 10:කුලරත්න සහ සමාගම

මූලාශ්‍රසංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 1.4 "Tuberculosis Fact sheet N°104". World Health Organization (WHO). October 2015. Archived from the original on 23 August 2012. Retrieved 11 February 2016.
  2. Ferri, Fred F. (2010). Ferri's differential diagnosis : a practical guide to the differential diagnosis of symptoms, signs, and clinical disorders (2nd සංස්.). Philadelphia, PA: Elsevier/Mosby. පි. Chapter T. ISBN 978-0-323-07699-9. 
  3. Hawn TR, Day TA, Scriba TJ, et al. (December 2014). "Tuberculosis vaccines and prevention of infection". Microbiology and Molecular Biology Reviews. 78 (4): 650–71. doi:10.1128/MMBR.00021-14. PMC 4248657. PMID 25428938.
  4. Organization, World Health (2008). Implementing the WHO Stop TB Strategy: a handbook for national TB control programmes. Geneva: World Health Organization (WHO). පි. 179. ISBN 978-92-4-154667-6. https://books.google.com/books?id=EUZXFCrlUaEC&pg=PA179. 
  5. Harris, Randall E. (2013). Epidemiology of chronic disease: global perspectives. Burlington, MA: Jones & Bartlett Learning. පි. 682. ISBN 978-0-7637-8047-0. 
  6. "Tuberculosis (TB)". World Health Organization (WHO). 16 February 2018. Retrieved 15 September 2018.
  7. "Global tuberculosis report". World Health Organization (WHO). Retrieved 2017-11-09.
"https://si.wikipedia.org/w/index.php?title=ක්‍ෂය_රෝගය&oldid=446658" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි