ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ සාමාන්‍ය අවුරුද්ද

සාමාන්‍ය අවුරුද්දක් යනු, දින දසුන් වසරක සාමාන්‍ය ආකාරයක් වෙයි. ග්‍රෙගෝරියානු දින දසුනෙහි, සාමාන්‍ය වසරක් සඳහා නියත ලෙසින් දින 365 සහිත වන අතර එබැවින් එය අධික අවුරුද්දක් නොවෙයි. වඩාත් සාකල්‍ය ලෙසින් ගත් කල, අන්තර්ස්ථාපනයක් නොමැති වසරක් ලෙසින් හැඳින්විය හැක.

දින 365 සහිත සාමාන්‍ය අවුරුද්දක් සඳහා හරියටම සති 52ක් සහ එක් දිනයක් ඇති අතර, එබැවින් ඊළඟ අළුත් අවුරුදු දිනය, සතියේ එක් දිනයකින් පසුව උදා වෙයි. වෙනස් ආකාරයකින් මෙය පවසතොත්, සාමාන්‍ය අවුරුද්දක් ඇරඹෙන්නේ සහ අවසන් වන්නේ සතියේ එකම දිනයකදීය. (නිදසුනක් ලෙසින්, 2010දී, ජනවාරි 1 සහ දෙසැම්බර් 31 යන දෙකම, සිකුරාදා දිනයක ඇති විය.)

ග්‍රෙගෝරියානු දින දසුනේ, සෑම වසර 400කින් වසර 303 ක් සාමාන්‍ය අවුරුදු වෙති. සංසන්දනයක් කළහොත්, ජූලියානු දින දසුනෙහි, සෑම සෑම 400 කින් වසර 300 ක් සාමාන්‍ය අවුරුදු වෙති.

චන්ද්‍ර සූර්ය දින දසුනක සහ චන්ද්‍ර දින දසුනක, සාමාන්‍ය අවුරුද්දක් සමන්විත වන්නේ දින 354 කිනි.

මෙයද බලන්න සංස්කරණය