ප්‍රකාශ තන්තුවක් යනු තන්තුවෙහි දෙකොණ අතර ආලෝකය සම්ප්‍රේෂණය කල හැකි වන පරිදී තරංග නායකයක් ලෙසින් හෝ "ආලෝක නලයක්" ලෙසින් හෝ ක්‍රියාකරන සිහින්, නම්‍ය, පාරදෘශ්‍ය තන්තුවකි. ව්‍යවහාරික විද්‍යාවෙහි සහ ඉංජිනේරු විද්‍යාවෙහි, ප්‍රකාශ තන්තු සැලසුම් කිරීම හා භාවිතය පිළිබඳ ක්ෂේත්‍රය හැඳින්වෙන්නේ තන්තු ප්‍රකාශ විද්‍යාව ලෙසිනි. වෙනත් සන්නිවේදන ආකාරවලට වඩාඉහල දත්ත සීඝ්‍රතාවයකින් සහ දුර ස්ථාන 2ක් හරහා සම්ප්‍රේෂණය කිරීමට මෙමඟින් ඉඩ ලබාදේ. ලෝහ කම්බි වෙනුවට තන්තු භාවිතා කරනුයේ , ඒවා හරහා අඩු හානියකින් යුතුය සංඥාගමන් කරන නිසා සහ ඒවා විද්‍යුත් චුම්භක බාධා කිරීම් වලට ඹරොත්තු දෙන නිසාත්ය. ප්‍රකාශ තන්තු සංවේදක සඳහාත් ,විවිධාංගීකරණය වු වෙනත් භාවිතයන් වලදීත් යොදා ගැනේ.

ප්‍රකාශ තන්තු

පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය මඟින් ප්‍රකාශ තන්තුවේ හරය තුළ ආලෝකය පවත්වා ගැනේ. මෙය තන්තුව ක්ෂුද්‍ර තරංග රඳවාගෙන සිටින හා ප්‍රවාහනය කරන ලෝහ නලයක් ලෙස ක්‍රියා කිරීමට හේතු කාරක වේ.බොහෝ ව්‍යාප්ති මාර්ග හෝ තීර්යයක් ආකාර සඳහා සහාය වන තන්තු බහුවිධ ආකාර තන්තුලෙස හැඳින්වේ. බහුවිධ ආකාර තන්තුවලට සාමාන්‍යයෙන් විශාල විෂ්කම්භයක් සහිත හරයක් තිබෙන අතර කෙටිදුර සන්නිවේදන සම්බන්දතා සඳහා හෝ වැඩි බලයක් සම්ප්‍රේෂණය කළයුතු අවස්ථා සඳහා යොදා ගනී.තනි ආකාර තන්තු 200mට වඩා දිග ,බෙහෝ සන්නිවේදන සම්බන්ධතා සඳහා යොදා ගනී.

ප්‍රකාශ තන්තු වල දිග ප්‍රමාණයෙන් සම්බන්ධ කිරීම , විදුලි කම්බි හෝ කේබල සම්බන්ධ කිරීමට වඩා බෙහෝ සංකීර්ණ වේ. තන්තු වල කෙළවර සැලකිල්ලෙන් යුතුව පැලිය යුතු වන අතර ඉන්පසුව කාර්මිකව එකට පිරිද්දීම හෝ එසේත් නැතිනම් විද්‍යුත් වාපයක් භාවිතයෙන් ඒවා එකට විලීන කිරිම කළ යුතුය. ඉවත් කළ හැකි සම්බන්ධතා ඇති කිරීම සඳහා විශේෂ සම්බන්ධක භාවිතා කරනු ලබේ.

ඉතිහාසය

සංස්කරණය

ප්‍රකාශ තන්තු පිටුපස වූ ආලෝකය යොමු කිරීමේ න්‍යාය මුලින්ම ආදර්ශනය කරනු ලැබුවේ ඩැනියෙල් කොලෝචන් හා ජේකස් බැබිනෙට් විසින් 1840 දී පැරීසියේ දීය. වසර 10කට පසු අයර්ලන්ත ජාතික නිපැයුම්කරුවෙකු වූ ජෝන් ටින්ඩල් ජල උල්පත් යොදාගෙන මහජන ප්‍රදර්ශන සිදු කරන ලදී. දත්ත වේදයේ වූ සංවෘත අභ්‍යන්තර දිලිසුම් වැනි ප්‍රායෝගික භාවිත කරළියට පැමිණියේ විසිවන සියවසේ මුල් කාලයේය. 1920 ගණන්වල දී නල හරහා රූප සම්ප්‍රේෂණය ගුවන් විදුලි පර්යේෂකයෙකු වූ ක්ලැරන්ස් හැන්සල් හා රූපවාහිනී විශේෂඥයෙකු වූ ජෝන් ‍ලොගී බෙයාර්ඩ් විසින් වෙන වෙනම නිරූපනය කරන ලදී. ඊළඟ දශකය තුළ හෙන්රිච් ලෑම් විසින් අභ්‍යන්තර වෛද්‍යමය පරීක්ෂණ වලදී, න්‍යාය ප්‍රථම වරට යොදා ගන්නා ලදී. 1952 දී භෞතිකඥ නරේන්ද්‍ර සිංග් කාපනි ටිනචල්ගේ අධ්‍යයන මත පදනම්ව සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ප්‍රකාශ තන්තු බිහිවිය. වඩ වඩාත් ගැලපෙන වර්තන දර්ශකයක් ලබා දීම සඳහා වීදුරු තන්තුව පාර දෘශ්‍ය වැස්මකින් යුත් නූතන ප්‍රකාශ තන්තු නිෂ්පාදනය වූයේ දශකයේ පසු භාගයේ දීය. දියුණුව ඊළඟට යොමු වූයේ තන්තු මිටි මඟින් රූප සම්ප්‍රේක්ෂණය කෙරෙහිය. 1956 මිචිගන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් වූ බැඩිල් හර්ෂොවට්ස්, සී. විල්බර් පීටර්ස් හා ලොරන්ස් බී. කර්ටිස් ප්‍රථම ප්‍රකාශ තන්තුවලින් යුත් අර්ධ සුනම්‍ය ගැස්ට්‍රොස්කෝපයට පේටන්ට් බලපත්‍රය හිමි කර ගත්හ. ගැස්ට්‍රොස්කෝපය නිපදවීමේ ක්‍රියාවලියේ දී කර්ටිස් විසින් ප්‍රථමවරට වීදුරු වැසුම් ද්‍රව්‍ය මත රඳා පැවතුනි. වෙනත් විවිධ රූප සම්ප්‍රේක්ෂණ යෙදුම් ද ඒ සමඟම ක්‍රියාවට යෙදවිනි. අර්ධ සන්නායක උපාංග සඳහා අධි සංශුද්ධ සිලිකන් හඳුන්වා දීම තුළින හානිය අඩු සිලිකා තන්තු යථාර්තයක් බවට පත් විය.

1965 දී සටෑන්චර්ච් ටෙලිෆෝනය ඇන්ඩි කේබල්ස් නම් බ්‍රිතාන්‍ය සමාගමේ චාර්ලිස් කේ කාඕ හා ජෝර්ජ් ඒ හොක්හැම් විසින් නුතන තන්තුවල හායනය ප්‍රකිරණය වැනි භෞතික විද්‍යාත්මක ආචරණ නිසා නොවන ඉවත් කරළ හැකි අශුද්ධතා නිසා සිදුවන බව ප්‍රථම වරට ප්‍රකාශ කළහ. හායනය කිලෝ මීටරයක 20 dB දක්වා අඩු කළ හැකි නම් ප්‍රකාශ තන්තු සන්නිවේදනය සඳහා හොඳ ප්‍රායෝගික මාධ්‍යයක් බව ඔවුන් ප්‍රකාශ කළහ. මෙම හායන මට්ටම හඳුන්වන ඇමරිකන් ග්ලාස් මේකර් කොර්නින්ග් ග්ලාස් වර්ක් හි සේවය කළ රොබර්ට් ඩී. මෝරර්, ඩොන්ල්ඩ් කෙක්, පීටර් සී එල්ට්ස් සිලිකා වීදුරු ටයිටේනියම් මඟින් මාත්‍රණය කර කිලෝමීටරයකට හායනය 17 dB වූ තන්න්තුවක් ආදර්ශනය කර පෙන්වීය. වසර කිහිපයකට පසු හර මාත්‍රකය ලෙස ජර්මේනියම් ඔක්සයිඩ් යොදාගෙන 4 dB/km වූ තන්තුවක් නිපදවීය. මෙවැනි අඩු හායන මට්ටම් ටෙලි සන්නිවේදනය ඉක්මන් කරවූ අතර අන්තර්ජාලය යථාර්තයක් බවට පත් කරලීය. වර්තමානයේ ප්‍රකාශ තන්තුවල හායන මට්ටම විද්‍යුත් තඹ කම්බිවලට වඩා අඩුය. එම නිසා 500–800 km පුනරාවර්තන වලින් යුත් දුරවලින් යුත් ප්‍රකාශ තන්තුමය සබඳතා ඇති විය.

1986 දී බෙල් විද්‍යාගාරවල ඉමැනුවෙල් ඩිසටරයර් හා සතැප්ටන් විශ්ව විද්‍යාලයේ ඩේවිඩ් පේයින් විසින් සමව දියුණු කරන ලද ඉර්බියම් මඟින් මාත්‍රණය කරන ලද ප්‍රකාශ තන්තු විස්තාරක, (amplifier) ප්‍රකාශ - විද්‍යුත් - ප්‍රකාශ පුනරාවර්තන (repeaters) අඩු කිරීමෙන් හෝ බොහෝමයක් විට ඉවත් කිරීමෙන් දිගු දුර තන්තු පද්ධතිවල වියදම අවම කරන ලදී. නූතන බහුලව භාවිතා වන ප්‍රකාශ තන්තුවල හරය හා ආවරණය යන දෙකම වීදුරුවලින් තනා ඇති නිසා ඒවා පැරණි වීමේ ක්‍රියාවලියට දක්වන්නේ අඩු පෙළඹවීමකි. එය 1973 දී ජර්මනියේ ෂොට් ග්ලාස් හි රෙහර්ඩ් බර්න්සි විසින් හඳුන්වා දෙන ලදී.

1991 දී ෆෝටෝනික ස්ඵටික පිළිබඳ ක්ෂේත්‍රයේ ආගමනය , පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ නොව ආවර්තිත ව්‍යුහයකින් තන්තු ( විද්‍යාව (2003) , 299 බෂ්ම , 358 පිටුව) වල නිර්මාණයට ඉවහල් විය. ප්‍රථමවරට ෆෝ‍ටෝනික ස්ඵටික තන්තු වාණිජමය වශයෙන් මිළදී ගැනීමට හැකිවූයේ 1996 දීය. ෆෝටෝනික ස්ඵටික තන්තු, සාමාන්‍ය තන්තුවලට වඩා වැඩි ශක්තියක් රැගෙන යන ලෙස සැලසුම් කළ හැකි අතර එහි තරංග ආයාමය මත රඳා පවතින ගුණ, යම් යම් යෙදුම්වලදී ඒවායේ කාර්ය ඵලය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පරිදි හැසිරවිය හැකි වේ.

ක්‍රියාකාරිත්ව මූලධර්මය

සංස්කරණය

ප්‍රකාශ තන්තුවක් යනු පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ක්‍රියාවලියක් මඟින් එහි අක්ෂය දිගේ අලෝකය සම්ප්‍රේශණය කරන සිලින්ඩරාකාර පාර විද්‍යුත් ‍තරංග මෙහෙයවන්නකි. තන්තුව වැසුම් ස්ථරයකින් වටවූ හරයකින් යුක්ත වේ. ආලෝක සංඥාව හරය තුළම තබා ගැනීම සඳහා හරහා වර්තනාංකය ආවරණය වර්තනාංකයට වඩා විශාල විය යුතුය. හරය හා ආවරණය අතර සීමාව, ස්ටෙප් ඉන්ඩෙක්ස් (step-index) තන්තුවල දී තියුණු අතර ග්‍රේඩඩ් ඉන්ඩෙක්ස් (graded-index fiber) තන්තුවල දී ක්‍රමික වේ.

බහු විධ තන්තු

සංස්කරණය
 
බහු විධ තන්තු හරහා ආලෝකය ව්‍යාප්ත වීම.

විශාල (10 μm ට වඩා වැඩි) හර විශ්කම්භයකින් යුත් තන්තු ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව මඟින් විශලේෂණය කළ හැක. එවැනි තන්තු, විද්‍යුත් චුම්භක විශ‍්ලේෂණයෙන් බහු විධ තන්තු ලෙස හඳුන්වයි. (පහත බලන්න) ස්ටෙප් ඉන්ඩෙක්ස් බහු විධ තන්තුවල දී ආලෝකය ව්‍යාප්ත වන්නේ පූර්ණ අභ්‍යන්තර අතරු මුහුණත සඳහා පරාවර්තනයෙනි. අවධි කෝණය විශාල කෝණයකින් හර - ආවරණ අතුරු මුහුණත හමුවන කිරණ (අතුරු මුහුණතට ලම්භ රේඛාවට සාපේක්ෂව මනිනු ලබයි) සම්පූර්ණයෙන්ම පරාවර්තනය වේ. අවධි කෝණය (පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සඳහා අවම කෝණය) තීරණය කරනු ලබන්නේ හරය හා ආවරණ ද්‍රව්‍ය අතර වර්තන අංකවල වෙනසෙනි. අඩු කෝණයකින් මායිම හමුවන කිරණ හරයෙන් ආවරණය වෙත වර්තනය වන අතර ආලෝකය ඉදිරියට රැගෙන නොයයි. එනම් තොරතුරු ද රැගෙන නොයයි. අවධි කෝණය මඟින් තන්තුවෙහි acceptance angle ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන numerical aperture කෝණය තීරණය කරනු ලබයි. අධි numerical aperture , තන්තුව තුළට ආලෝකය කාර්යක්ෂමව ඇතුල් කරන අතර අක්ෂයට ආසන්නයෙන් හා විවිධ වූ කෝණවලින් ආලෝකයට ව්‍යාප්ත වීමට ද ඉඩ ලබා දේ. කෙසේ නමුත් මෙම අධි numerical aperture, අපකිරණ ප්‍රමාණය වැඩි කරයි. එසේ වන්නේ වෙනස කෝණ සහිත කිරණවලට වෙනස් පථ දිග ඇති නිසා ඒවා තන්තුව හරහා යාමට විවිධ වූ කාල ගන්නා නිසාය. එම නිසා අඩු වඩාත් සුදුසු වේ.

 
ප්‍රකාශ තන්තු වර්ග

ග්‍රේඩඩ් ඉන්ඩෙක්ස් තන්තුවල දී, හරයේ වර්තනාංකය අක්ෂය හා ආවරණය අතර දී ක්‍රමානුකූලව අඩ‍ුවේ. මෙහි දී ආලෝක කිරණවලට හර - ආවරණ අතුරු මුහුණතේ දී එකවර පරාවර්තන වනවා වෙනුවට ඒවා ආවරණයට ළඟාවත්ම සුමටම හැරේ. මෙම වක්‍ර පථ, බහු පථ අපකිරණය අවම කරයි. මන්ද යත්, විශාල කෝණ සහිත කිරණ අධි වර්තනාංකයෙන් යුත් කේන්ද්‍රයෙන් නොව අඩු වර්තනාංකයෙන් යුත් හරයේ මායිමෙන් ගමන් කරයි. වර්තනාංක ආකෘතිය තෝරා ගනු ලබන්නේ තන්තුව තුළ විවිධ කිරණවල අක්ෂීය ව්‍යාප්ත වේගවල වෙනස අඩු කිරීමටය. මෙම නියම වර්තනාංකය, වර්තනාංකය හා අක්ෂය සිට දුර අතර වූ පරාවලයික සබඳතාවට බොහෝ සෙයින් සමාන වේ.

ඒක විධ තන්තු

සංස්කරණය
 
ඒක විධ ප්‍රකාශ තන්තුවක්, සංරචක ස්ථිර වල විශ්ම්භය පෙන්නුම් කරයි.
1.- Core 8 µm
2.- Cladding 125 µm
3.- Buffer 250 µm
4.- Jacket 400 µm

ව්‍යාප්ත වන ආලෝකයේ තරංග ආයාම මෙන් 10 ගුණයකට වඩා අඩු හර විශ්කම්භයකින් යුත් තන්තුවක් ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව යොදා ගෙන නිරූපණය කළ නොහැක. ඒ වෙනුවට එය විද්‍යුත් චුම්භක තරංග සමීකරණයට අවකරණය කළ ඇති පරිදි මැක්ස්වෙල්ගේ සමීකරණවල විසඳුම් මඟින් ව්‍යුහයක් ලෙස විශ්ලේෂණය කළ යුතුය. සමචාරී ආලෝකය බහු විධ තන්තු තුළින් ව්‍යාප්ත වීමේ දී ඇති වන ස්පෙක්ල් (speckle) වැනි හැසිරීම් අවබෝධ කර ගැනීමට ද විද්‍යුත් චුම්භක විශලේෂණය අවශ්‍ය වේ. තරංගමය යොමු කාරකයක් ලෙස තන්තුව ආලෝකයට තන්තුව දිගේ ව්‍යාප්ත විය හැකි සීමාකරන ලද තීර්යක් විධි එකක් හෝ කිහිපයකම සහාය දේ. එක් විධියකට පමණක් සහාය දක්වන තන්තුවක්, ඒක විධ තන්තුවක් ලෙස හඳුන්වනු ලැ‍බේ. විශාල හරයකින් යුත් බහු විධ තන්තුවල හැසිරීම තරංග සමීකරණය භාවිතයෙන් ද නිරූපණය කළ හැක. එහි දී එවැනි තන්තු ව්‍යාප්ත විධි එකකට වඩා වැඩි ගණනකට සහාය දෙන බව පෙන්වා දේ. හරය විධි ස්වල්පයකට වඩා සහාය දීමට තරම් විශාල නම් බහු විධ තන්තුවල එවැනි නිරූපණයක් දළ වශයෙන් ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාවේ උපකල්පනවලට සමාන වේ. තරංග යොමුකාරක විශ්ලේෂණය පෙන්වා දෙන්නේ තන්තුව තුළ වූ මුලු ආලෝක ශක්තියම හරය තුලම ගැබ්වී නැති බවයි. ඒ වෙනුවට, විශේෂයෙන් ඒක විධ තන්තුවලදී ශක්තියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් evanescet තරංග ලෙස හරය තුළ චලනය වේ.

වඩාත් බහුල ඒක විධ තන්තු වර්ගයට 8 සිට 10 μm දක්වා වූ හර විශ්කම්භයක් පවතී. විධි ඒ ව්‍යුහය රඳා පවතින්නේ භාවිතා වන ආලෝකයේ තරංග ආයාමය මතය. එමනිසා දෘශ්‍ය තරංග ආයාමවලදී තන්තුව සහාය දක්වනනේ අතිරේක විධි සුලු ප්‍රමාණයකට පමණි. සැසඳීමේ දී බහු විධි තන්තු 50 μm වැනි කුඩා හර හා මයික්‍රොමීටර් සිය ගණක් විශාල හර ලෙස නිෂ්පාදනය කරයි.

විශේෂ කාර්ය තන්තු

සංස්කරණය

සමහරක් විශේෂ කාර්ය ප්‍රකාශ තන්තු සිලින්ඩරාකාර නොවන හරයකින් හා / හෝ ආවරණයකින් යුක්තව තනා ඇත. බොහෝ විට මේවා තනා ඇත්තේ ඉලිප්සිය හෝ සෘජුකෝණාශ්‍රාකාර හරස් කඩකින් යුක්තවය. මේවාට ධ්‍රැවීයතාවය පවත්වා ගන්නා තන්තු ඇතුළත් ‍වේ.

ෆෝටෝනික ස්ඵටික තන්තු නිපදවා ඇතේ ක්‍රමික රටාවකට අනුව වර්තනාංක වෙනස් කරමිනි. (බොහෝ විට තන්තුව දිගේ දිවෙන සිලින්ඩරාකාර සිදුරු ලෙස) එවැනි තන්තු ආලෝකය හරයට සීමා කිරීමට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට අමතරව හෝ ඒ වෙනුවට අපකිරණය යොදා ගනී. මෙම තන්තුවෙහි ගුණ විවිධ යෙදුම් විශාල සංඛ්‍යාවකට සුදුසු පරිදි සැකසිය හැක.

ප්‍රකාෂ තන්තු සන්නිවේදනය

සංස්කරණය

ප්‍රකාෂ තන්තු වල ඇති නම්‍යතාවය නිසා එය සන්නිවේදන මාධ්‍යයක් ලෙස වර්තමානයේ යොදගෙන ඇත. එය තුළින් ආලෝකය ගමන් කිරීමේදි ආලෝක ධාරාවේ ක්ෂය වීමක් දැකිය හැකිය. විද්‍යුත් ධාරා වලට වඩා ආලෝක ධාරාවල දුර ප්‍රමාණය අඩු නිසා එය දිගු දුර සන්නිවේදන මාධ්‍යයක් ලෙස වඩාත් යෝග්‍යය වේ. එමනිසා යොදාගත යුතු රිපීටර්ස් ගණනද අඩුය. එසේම ආලෝක ධාරා තත්පරයට ගිගාබයිට් 40 ක වේගයකින් වර්ධනය කිරීමේ හැකියාවද එයට ඇත.

කෙටි දුර සන්නිවේදනයේදි ප්‍රකාෂ තන්තු යොදා ගැනීම මඟින් ගොඩනැගිලි තුළ ඉඩ ඇහිරීම වැළකේ. තවද ප්‍රකාෂ තන්තු වලට විද්‍යුත් ක්ෂේත්‍ර වල බලපෑමක් නැත. එම නිසා ගිනිගන්නා සුළු හා පුපුරන ද්‍රව්‍ය අඩංගු ස්ථානවල මේවා යොදා ගෙන ඇත. ප්‍රකාෂ තන්තු වීදුරු වලින් මෙන්ම ප්ලාස්ටික් වලින්ද නිපදවිය හැකිය. නමුත් වීදුරු වල අති අඩු හායන ගුණය නිසා දිගු දුර සන්නිවේදනයේදි වීදුරු යොදා ගනී. බහු මත තන්තු කෙටි දුර සන්නිවේදනයේදිත් (මීටර් 500 දක්වා) ඒක මත තන්තු දිගු දුර සන්නිවේදනයේදීත් යොදා ගනී.

ප්‍රායෝගික ගැටළු

සංස්කරණය

ප්‍රකාශ තන්තු රැහැන්

සංස්කරණය

ප්‍රායෝ‍ගික තන්තු වල වැස්ම (cladding) වටා, සාමාන්‍යයෙන්, දැඩි රෙසින “අවරෝධක” ස්ථරයක් ආලේපනය කර ඇති අතර, එය තවදුරටත්, සාමාන්‍යයෙන් ප්ලාස්ටික් වලින් නිමැවුනු, “කංචුක” ස්තරයකින් වට කෙරෙනු ලැබේ. මෙම ස්තර විසින් තන්තුව ශක්තිමත් කෙරෙන මුත්, එහි ප්‍රකාශ තරංග නියාමක ගුණයට, කිසිදු බලපෑමක් ඇති නොකරයි. දෘඪ තන්තු එකලසයන් හිදී සමහර විට තන්තු අතර අවකාශයට ආලෝකය අවශෝෂණය කර ගන්නා ( “අඳුරු”) වීදුරු බහාලනුයේ, එමගින් එක් තන්තුවකින් කාන්දු වන ආලෝකය අනෙකට ඇතුළුවීම වැළැක්වීමටය. තන්තු මිටි තුලින් රූප සංඥා යැවීමේ යෙදුම්වලදී, මෙම සැකසුම හේතුවෙන් තන්තු අතර හරස්-කතාව අඩු කිරීම හෝ තන්තු දීපනය වීම අඩු කිරීම සිදු වේ.

නූතන රැහැන් විවිධ වූ ආරක්ෂක කොපු හා ආවරණ විශාල සංඛ්‍යාවකින් යුක්තව පැමිණේ. ඒවා, අගල් තුළ කෙළින්ම වැළලීම, ජව රැහැන් ලෙස ද්විත්ව භාවිත, නායිනී (conduit) තුළ ස්ථාපනය, ඒරියල දුරකථන කණුවල සවි කිරීම, සබ්මැරීන්වල ස්ථාපනය කිරීම හෝ මහා මාර්ගවල බහාලීම් වැනි යෙදුම් සඳහා නිර්මාණය කර තිබේ.

සාම්ප්‍රදායික තන්තු 30 mm වඩා කුඩා අරයකින් යුතුව නැවේ නම් තන්තුවේ හානිය විශාල ලෙස වැඩිවේ. ගෘහස්ථ පරිසර පද්ධතිවල පහසු ස්ථාපනයට තනා ඇති නැවිය හැකි තන්තු සම්මතකරණය කර ඇත්තේ ITU-T G.657 ලෙසය. මෙම වර්ගයේ තන්තු කිසිම බලපෑමකින් තොරව 7.5 mm තරම් කුඩා අයක් දක්වා වුව ද නැවිය හැකිය. නැවිය හැකි තන්තු, තන්තු නවා කාන්දුවන ආලෝකය අනාවරණය කිරීමෙන් තන්තුව තුළ වු සංඥාව අනවසරයෙන් ලබා ගැනීමේ වංචාවලට ද ප්‍රතිරෝධයක් දක්වයි.

අවසන් කිරීම හා කොන් පිරිද්දීම

සංස්කරණය
 
බහු විධතන්තුවක ST තන්තු සම්බන්ධක.

ප්‍රකාශ තන්තු, අවසන් කිරීමේ උපාංගවලට සම්බන්ධ කරනු ලබන්නේ ප්‍රකාශ තන්තු සම්බන්ධක මඟිනි. මෙම සම්බන්ධක FC, SC, ST, LC, හෝ MTRJ වැනි සම්මත වර්ගවලින් ඇත. ප්‍රකාශ තන්තු සම්බන්ධක හෝ පිරිද්දීම් මඟින් එකිනෙකට සම්බන්ධ කළ හැක. එනම් තනි ප්‍රකාශ තරංග නියාමකයක් තැනීමට තන්තු දෙකක් එකතු කිරීමයි. සාමාන්‍යයෙන් පිළිගත් පිරිද්දීමේ ක්‍රමය චාප විලයක පිරිද්දීමයි. එහි දී සිදු කරන්නේ විද්‍යුත් චාපයක් මඟින් තන්තු කෙළවරවල් උණු කිරීමයි. ඉක්මනින් පාස්සා ගැනීමට යාන්ත්‍රික පිරිද්දීමක් යොදා ගනු ලැබේ. විලයන පිරිද්දීම සිදු කරනු ලබන්නේ පහත පරිදි ක්‍රියා කරන විශේෂ උපකරණයකිනි. පිරිද්දීම ආරක්ෂා වන පරිදි තන්තු කෙළවර දෙක පාස්සනු ලබන්නේ පිරිද්දුම් ආවරකයක් තුළය. තන්තු කෙළවරවල දී ඒවායේ වූ ආරක්ෂක බහු අවයවක ආවරණය ඉවත් කරනු ලැබේ. (වඩා දැඩි බාහිර ආවරණයක ති‍බේ නම් එයත්) කෙළවරවල් ලම්භක වන පරිදි ඒවා සූක්ෂමව කපා ගැනීමෙන් පසු ඒවා පිරිද්දුම් ආවරණයේ විශේෂ කවුළු තුළ තබනු ලැබේ. සාමාන්‍යයෙන් , පිරිද්දීමට පෙර හා පසු කැපුම් නිරීක්ෂණය කිරීමට පිරිද්දුම විශාල කළ දර්ශන තිරයක් තුළින් නරඹනු ලැබේ. පිරිද්දීම් ආවරණය අවසන් එකට සකස් කිරීමට කුඩා මෝටර යොදා ගන්නා අතර දූවිලි හා තෙතමනය පිලිස්සීම සඳහා හිඩැස අසල වූ ඉලෙක්ට්‍රෝඩ මඟින් කුඩා පුලිඟුවක් නිකුත් කරනු ලැබේ. ඉන්පසු වීදුරුහි ද්‍රවාංකයට වඩා උෂ්ණත්වය ඉහල යන පරිදි විශාල පුලිඟුවක නිකුත්කරන අතර මඟින් කෙළවරවල් උණු වී ස්ථිරවම පෑස්සේ. උණු වූ හරය හා වැස්ම මිශ්‍ර නොවන පරිදි පුළිඟුවේ ශක්තිය හා ස්ථානය වෙනස් කරනු ලැබේ. මෙමඟින් ප්‍රකාශ හානිය අඩු කරලයි. පිරිද්දුම් හානි තක්සේරුව, පිරිද්දීම සිදු කරන යන්ත්‍රය මඟින් මනිනු ලැබේ. එය සිදු කරන්නේ වැස්ම හරහා එක් පැත්තකින් ආලෝකය ඇතුල් කර අනෙක් පැත්තේ වැස්මෙන් කාන්දුවන ආලෝකය මැනීමෙනි. 0.1 dB ට වඩා අඩු පිරිද්දුම් හානියක් අපේක්ෂිත වේ. මෙම පිරිද්දීමේ ක්‍රියාවලියේ සංකීර්ණත්වය, තන්තු පිරිද්දීම තඹ කම්බියක් පිරිද්දීමට වඩා අපහසු කාර්යක් බවට පත් කරවයි.

යාන්ත්‍රික තන්තු පිරිද්දීම් නිර්මාණය කර තිබෙන්නේ වේගවත් හා පහසු ස්ථාපනය සඳහාය. නමුත් එහිදී ද බාහිර ආරක්ෂක ආවරණ ඉවත් කිරීම, පිරිසිදු කිරීම හා සුක්ෂම ලෙස කැපුම් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. තන්තු කෙළවරවල් නිවැරදිව ස්ථාන ගත කර එකට රඳවා තබා ගන්නා නිවැරදිව තනන ලද කොපු මඟිනි. සාමාන්‍යයෙන් යොදා ගන්නේ සන්ධිය හරහා ‍ආලෝක සම්ප්‍රේශණය වැඩි දියුණු කරන පැහැදිලි වර්තනාංක ගැලපුම් ජෙල් වර්ගයකි. මෙවැනි සන්ධි, විශේෂයෙන් ජෙල් යොදා ගෙන තිබේ නම් වැඩි විලයන පිරිද්දීමට වඩා වැඩි ප්‍රකාශ හානියකින් හා අඩු ශක්තිමත් බවකින් යුක්ත වේ. සියලුම පිරිද්දීමේ ක්‍රමවල දී සන්ධියේ පසු ආරක්ෂාව සඳහා එය ආවරණයක් තුළ බහාලනු ලැබේ. තන්තු අවස්න් වන්නේ සම්බන්ධක තුළය. එම නිසා තන්තු කෙළවර අවසන් මුහුණතේ නිවැරදිව හා ආරක්ෂිතව රැඳවී තිබේ. මූලිකව ප්‍රකාශ තන්තු සම්බන්ධකයක් යනු දෘඩ සිලින්ඩරාකාර බැරලයක් වන අතර බැරලය එහි පෑස්සුම් බහාලුම තුළ හොඳින් රැඳවී පවතින ලෙස කොපුවකින් වටවී ඇත. පෑස්සුම් යාන්ත්‍රණය “තදකර ලොක් කිරීමක්” “කරකවා අගුලු ලෑමක්” හෝ “ඉස්කුරුප්පු කිරීමක්” විය හැකිය. සාමාන්‍ය සම්බන්ධයක් ස්ථාපනය කරනුයේ තන්තු කෙළවර සකසා එය සම්බන්ධකයේ පසුපස කොටසට ඇතුල් කිරීමෙනි. තන්තුව ‍හොඳින් සවි වීමටත් පසුපසට වන ඇඳීම්වලින් ආරක්ෂා කිරීමටත් ඉක්මනින් ඇලවෙන මැලියම් වර්ගයක් යොදා ගනී. මැලියම් ඇලවී ඉවර වූ පසු තන්තුවේ කෙළවර කණ්ණාඩියක මුහුණතක් මෙන් වන තෙක් ඔප දමනු ලැබේ. තන්තු වර්ගය හා අවස්ථාව අනුව විවිධ ඔප දැමීමේ විධි භාවිතා වේ. ඒක විධ තන්තුවලදී කෙළවරේ ඔප දමනු ලබන්නේ කුඩා වක්‍රතාවයකින් යුක්ත වන පරිදිය. එවිට සම්බන්ධක එකට සවි කළ විට ඒවායේ හර පමණක් ස්පර්ශ වේ. මෙය “භෞතික ස්පර්ශ” (PC) ඔප දැමීම ලෙස හඳුන්වනු ලැබේ. වක්‍ර කරන ලද මතුපිට කෝණිකව ඔප මට්ටම් කිරීමෙන් “කෝණික භෞතික ස්පර්ශ” (APC) සබඳතාවක් ඇති කරගත හැක. එවැනි සබඳතාවලට PC සබඳතාවලට වඩා වැඩි හානියක් ඇත. නමුත් ආනත මතුපිටින් පරාවර්තනය ආලෝකය හරයෙන් එලියට කාන්දු වන නිසා ප්‍රති පරාවර්තනයට බොහෝ දුරට අඩු කරයි. මේ නිසා සංඥා ශක්තියේ සිදු වන හානිය විවර හානිය ලෙස හඳුන්වනු ලැබේ. APC තන්තු කෙළවරවල් විසන්ධි කර තිබුණ ද ඇත්තේ අඩුප්‍රති පරාවර්තනයකි.

නිදහස අවකාශ සීහුම

සංස්කරණය

බොහෝ විට ප්‍රකාශ තන්තුවක් තවත් ප්‍රකාශ තන්තුවක් සමඟ හෝ ආලෝක විමොචක ඩයෝඩයක්,ලේසර් ඩයෝඩයක්‍ හෝ මොඩියුලේටර් වැනි ප්‍රකාශ විද්‍යුත් උපකරණයක් සමඟ සම්බන්ධ කිරීමේ අවශ්‍යතා පැන නගී. මෙයට කෙලින්ම තන්තුව අදාල උපකරණය සමඟ ස්පර්ශ වන පරිදි සීරුවෙන් සැකසිම හෝ වායු හිඩැසක් තුළින් සීහුම සිදුවන පරිදි කාචයක් යොදා ගැනීම ඇතුළත් වේ. සමහරක් අවස්ථාවල දි එයට කාචයක් ලෙස හැසිරීමට ඉඩ ලබා දෙමින් කෙළවර වක්‍රාකාරව ඔප දමනු ලැබේ. පර්යේෂණාගාර පසුබිම්වල දී සාමාන්‍යයෙන් ආලෝකය තියුණු ලක්ෂ්‍යයකට නාභිගත කරන අන්වීක්ෂීය වස්තු කාච යොදා ගන්නා තන්තු ඇරඹීමේ පද්ධතියක් මඟින් තන්තු තවත් තන්තුවකට හෝ උපකරණයට අදාල පරිදි සකසනු ලැබේ. සීහුම් කාර්යක්ෂමතාව ඉහල නැංවීමට කාච,තන්තු හෝ උපකරණ චලනය සඳහා නිරවද්‍ය පරාවර්තන වේදිකාවක්(ක්ෂුද්‍ර - ස්ථානයක කිරීම් මේසයක්) යොදා ගනී.

තන්තු විලයනය

සංස්කරණය

වර්ග සෙන්ටිමීටරයට මෙගා වොට් 2කකට වඩා වැඩි ප්‍රකාශ තීව්‍රතාවලදී තන්තුව කම්පනයකට ලක් වු විට දී හෝ එකවර හානි වීමේ දී තන්තු විලයනය සිදු විය හැක. හානියෙන් වන පරාවර්තනය , නිසා තන්තුව බිඳී යාමට පෙර ක්ෂණිකව වාෂ්ප වේ. මෙම නව දෝෂය ද පරාවර්තිත වන නිසා හානිය සම්ප්‍රේෂකය දෙසට තත්පරයට මීටර 1 – 3 වේගයෙන් ව්‍යාප්ත වේ. තන්තුවක් බිඳුනු අවස්ථාවක දී ලේසර් බල්බයෙහි ආරක්ෂාව සහතික කරවා විවෘත තන්තු පාලන පද්ධති ද තන්තු විලයනය ව්‍යාප්ත වීම නැවැත්වීමට භාවිතා කළ හැක. මුහුදු යට රැහැන් වැනි විවෘත තන්තු පාලනය නැතිව අධි ජව මට්ටම් අවශ්‍ය අවස්ථාවලදී සම්ප්‍රේශකයේ වූ තන්තු විලයන ආරක්ෂක උපකරණයක් මඟින් හානිය වැළැක්වීමට පරිපථය බිඳ දමනු ලැබේ.