කහානි 2: දුර්ගා රාණි සිං

(කහානි 2 වෙතින් යළි-යොමු කරන ලදි)

කහානි 2: දුර්ගා රාණි සිං (හෙවත් සරලව කහානි 2; සිංහල: කථාව 2) යනු සුජෝයි ඝෝෂ් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2012 ඉන්දියානු සංත්‍රාස චිත්‍රපටයකි. මෙය නිෂ්පාදනය කරන ල්දදේ ඝෝෂ් සහ ජයන්තිලාල් ගේඩා විසිනි.[7] 2012 කහානි චිත්‍රපටයේ අනුගාමී චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ විද්‍යා බාලන් සහ අර්ජුන් රාම්පාල් විසින් වන අතර, ජුගල් හංස්රාජ් සහ ඛාරාජ් මුඛර්ජී සහාය රංගනයෙන් දායක වෙති.[8] මෙහි ප්‍රධාන ඡායාරූපකරණය 2016 මාර්තු සිට 2016 මැයි දක්වා සිදු විය.[9][10] මෙම චිත්‍රපටය 2016 දෙසැම්බර් 2 දින මුදාහැරිණි.[1] කහානි 2 යනු පැහැරගැනීමක සහ මිනීමැරුමක චෝදනා පැටවෙන දුර්ගා රාණි සිං නැමැත්තියගේ කථාවයි‍. 2016 දෙසැම්බර් 15 දින උත්තර් ප්‍රදේශ්හි දී මෙය බදුවලින් නිදහස් යැයි ප්‍රකාශ කෙරිණි.[11] 62වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී, බාලන් ඇගේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය සඳහා නිර්දේශ විය.

කහානි 2: දුර්ගා රාණි සිං
අධ්‍යක්‍ෂණයසුජෝයි ඝෝෂ්
රචනයසුජෝයි ඝෝෂ්
රිතේෂ් ෂා (දෙබස්)
කතාවස්තුවසුජෝයි ඝෝෂ්
සුරේෂ් නායිර්
නිශ්පාදනයසුජෝයි ඝෝෂ්
ජයන්තිලාල් ගාඩා
රංගන ශිල්පීන්පහළ බලන්න
සිනෙමාරූපණයතාපන් බාසු
සංගීතයක්ලින්ටන් සෙරීජෝ
Production
companies
බවුන්ඩ්ස්ක්‍රිප්ට් මෝෂන් පික්චර්ස්
පෙන් ඉන්ඩියා ලිමිටඩ්
බෙදාහැරීමපෙන් ඉන්ඩියා ලිමිටඩ් (ඉන්දියාව)
ඊරෝස් ඉන්ටර්නැෂනල් (ඇතැම් විදේශ රටවල)[2][3]
නිකුත්වූ දිනය
  • 2 දෙසැම්බර් 2016 (2016-12-02)[1]
තිර කාලය
මිනිත්තු 128[4]
රටඉන්දියාව
භාෂාවහින්දි
පිරිවැයINR කෝටි 17[5]
ආදායමඇස්ත. INR කෝටි 54.79[6]

කථාපුවත සංස්කරණය

විද්‍යා සිංහා (විද්‍යා බාලන්) යනු සිය නවයොවුන් දියණිය වන මිනී (තුනිශා ෂර්මා) සමග බටහිර බෙංගාලයේ චන්දන් නගර්හි වෙසෙන මධ්‍යම-පාන්තික වැඩකරන මවකි. ඇගේ දියණියගේ ඉණෙන් පහළ අප්‍රාණික වීම නිසා රෝද පුටුවක් භාවිතා කරයි. මිනී විනෝදමත් දැරියක වන අතර, විද්‍යා ඇය වෙනුවෙන් වෙහෙස වී වැඩ කරන්නේ මුදල් උපයාගෙන ඇමරිකාවට ගොස් සිය දියණියව සුව කරගැනීමේ අරමුණිනි.

එක් දිනෙක, සවස් වරුවේ විද්‍යා සිය නිවස වෙත පැමිණෙන අතර සිය දියණිය අතුරුදන් වී ඇති බව දැකගන්නට ලැබෙයි. එවිටම විද්‍යාට නාඳුනන පුද්ගලයකුගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන අතර, මිනී මියයනු දැකීමට අවශ්‍ය නොමැති නම් එක්තරා ලිපිනය්ක වෙත පැමිණෙන ලෙස පවසයි. ඇය පාර හරහා යන විට, ටැක්සියක ගැටෙන අතර ඇය කෝමා තත්ත්වයට පත්වේ. ටැක්සි රියදුරා විසින් ඇයව වෛද්‍ය මෛති (ප්‍රදීප් මුඛර්ජී) විසින් පවත්වාගෙන යන ආරෝග්‍යශාලාව වෙත රැගෙන යයි. විද්‍යාගේ නඩුව සම්බන්ධයෙන් උප-පොලිස් පරීක්ෂක ඉන්දර්ජීත් සිං (අර්ජුන් රාම්පාල්) පත් කෙරේ. විද්‍යාගේ නිවස වෙත පැමිණෙන ඔහු විද්‍යාගේ දින පොත සොයාගන්නා අතර, එය සාක්ෂියක් ලෙස තබාගනියි. ඉන්දර්ජීත්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන ප්‍රාණාබ් හල්දර් (ඛාරාජ් මුඛර්ජී) ඔහුට පවසන්නේ පැහැරගැනීම් සහ මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් දුර්ගා රාණි සිං නැමැත්තියක අවශ්‍ය කොට ඇති බවයි.

ඉන්දර්ජීත් ඇගේ දිනපොත කියවත්ම ඇගේ අතීතය අනාවරණය වේ. ඇය කාලිම්පොං පාසලේ ලිපිකාරිණියක ලෙස කටයුතු කොට ඇත්තේ දුර්ගා රාණි සිං යන නාමයෙනි. ඇය අරුන් (තෝටා රෝයිචෞධරි) සමග මිතුරුවන අතර, අරුන් ඇයට පෙම් කරයි. පාසලේ දී මිනී දේවන් (නෛශා ඛන්නා) පන්තියේ නිදාගැනීම හේතුවෙන් හැමවිටම දඬුවම් ලබනු ඇය දකියි. මිනී සමග මිතුරුවීමට ඇය උත්සාහ දැරුව ද, එය අසාර්ථක වීම නිසා දුර්ගා මිනී‍ගේ මිත්තණිය (අම්බා සන්‍යාල්) හමුවීමට යන්නේ තම්න ගුරුවරියක බව හඟවමිනි. දුර්ගාගේ සැකය නිවැරදි වන්නේ මිනීගේ මාමණ්ඩිය වන මෝහිත් දේවන් (ජුගල් හංස්රාජ්) විසින් තමන්ට ලිංගික අතවර සිදුකරන බැව් මිනී හෙළිකිරීමත් සමගයි. දුර්ගාගේ දිනපොත අනුව, ඇය ද ළමාවියේ අතවරයන්ට ගොදුරුවූවකු බැව් පෙනේ. ඇය මිනීගේ මිත්තණියට මේ බව පැවසුව ද, ඇය දුර්ගාගේ ප්‍රකාශය නොසලකා හරියි. දුර්ගා මේ පිළිබඳ පොලීසියේ නඩුවක් ගොනු කිරීමට උත්සාහ දරන නමුත්, පොලිස් නිලධාරිනිය (ගාර්ගි භාරද්වාජ්) මිනීගේ මිත්තණියගේ පාර්ශ්වයට පෙනීසිටිමින් මෙම ප්‍රශ්නයට මැදිහත් නොවන ලෙස දුර්ගාට තර්ජනය කරයි. විඛ්ෂිප්ත වන මිනී තරප්පු පෙළෙන් පහළට පනියි. ඇගේ ඉණෙන් පහළ පෙදෙස අප්‍රාණික වේ. මිනීව ඇගේ පුවලෙන් රැකගැනීම‍ට සිතන දුර්ගා ඇගේ මිත්තණිය සමග පොරබදයි. එම ගැටුමේ දී වන අනතුරකින් මිනීගේ මිත්තණිය මරණයට පත්වේ. මිනී සමග පලායන දුර්ගා, විද්‍යා සිංහා යන නව නාමයෙන් චන්දන් නගර්හි පදිංචියට පැමිණෙයි. නමුත් ඔවුන් පසුපස ලුහුබඳින මෝහිත් පොලිස් නිලධාරිණියගේ සහාය ඇතිව මිනීව පැහැර ගනියි.

වර්තමානයේ, අපරාධකාරී පොලිස් කාන්තාව ආරෝග්‍යශාලාව වෙත පැමිණ මිනීව බේරාගැනීමට අවශ්‍ය නම් කප්පම් ‍ගෙවන ලෙසට තර්ජනය කරයි. මිනීව පැහැරගෙන ඇත්තේ ඇය සහ මෝහිත් විසිනි. බියට පත්වන විද්‍යා කෝමා තත්ත්වයෙන් සුවය ලද සැණින් රෝහලෙන් පලා යයි. ඇය නිවසට පැමිණ කප්පම්කරුවන් ඇයට පැමිණෙන්නට පැවසූ ලිපිනය සොයයි. එවිට හල්දර් සහ ඉන්දර්ජීත් විසින් ඇයව අල්ලාගනු ලබයි. කෙසේනමුත්, ඇය ඔවුන්ගෙන් මිදී පලායන්නේ ඉන්දර්ජීත්ගේ අතට වෙඩි තබමිනි. කොල්කතාව වෙත පැමිණෙන විද්‍යා මෝහිත් පැවසූ ස්ථානයට පැමිණෙයි. විද්‍යා කප්පම් මුදල පොලිස් නිලධාරිණියට ලබා දෙයි. නමුත් පොලිස් කාන්තාව එම මුදල කෙරෙහි උනන්දු වන බව දකින මෝහිත් ඇයට වෙඩි තබයි. අනතුරුව ඔහු විද්‍යාව සිරකිරීමට තැත් කරයි. නමුත් බිම වැටුණු ඔහුගේ රිවොල්වරය උදුරාගන්නා මිනී, මෝහිත්ට වෙඩි තබා ඝාතනය කරයි. උපකාර පිණිස විද්‍යා ඉන්දර්ජීත්ට කතා කරයි. නමුත් හල්දර් සහ අනෙක් පොලිස් නිලධාරීන් ඔහුට ඇයව ගෙන්වාගෙන සිරභාරයට ගන්නා ලෙස පවසයි. ඉන්දර්ජීත් විද්‍යාට සිය පියාගේ නිවස වෙත පැමිණෙන ලෙස පවසන අතර, එය වටා පොලිස් ආරක්ෂාව යොදා ඇත. හල්දර් විද්‍යා වෙතට පැමිණීමට තැත් කරන නමුත්, ඇය ඔහුගේ පාදයට වෙඩි තබයි. පසුව ඇය නිවසට ගිනි තබයි.

අසානයේ හෙළිදරව් වන්නේ විද්‍යාගේ සැබෑ නම දුර්ගා රාණි සිං බවත්, ඇය ඉතා කුඩා වියේ දීම ඉන්දර්ජීත්ට විවාහ කොට දී ඇති බවයි. පසුව ඔවුන් වෙන් වී ඇත. කෝමාවෙන් සුවපත් වීමෙන් පසු, දුර්ගා ඉන්දර්ජීත්ගෙන් උපකාර ඉල්ලා සිටි අතර, ඇගේ පලායාම ද සැලසුම් කොට ඇත. විද්‍යා සහ ඇගේ හදාගත් දියණිය වෙනුවෙන් සැබෑ ගමන් බලපත්‍ර තනා දී ඇත්තේ ද ඉන්දර්ජීත් විසිනි.ඔහු ඇයව පොලිස් තානාපති කාරයේ සඟවා කොල්කතාව වෙත රැගෙන පැමිණ ඇති අතර, ගිනිබත් වූ නිවසින් පලායාමට ද ඔහු උපකාර කොට ඇත.

දුර්ගා ජීවත් වන බැව් පෙනේ. (පොලීසිය සිටින්නේ ඇය මියයන්නට ඇති බවයි) ඇය නිව් යෝක් නගරය බලා ගමන් ගන්නේ මිනීගේ සැත්කම සඳහායි. ඉන්දර්ජීත් ද සිය පවුල සමගින් සතුටින් වාහනය පදවාගෙන යනු පෙනේ.

චරිත නිරූපණය සංස්කරණය

නිෂ්පාදනය සංස්කරණය

2012 මාර්තුවේ දී, ඝෝෂ් නිවේදනය කළේ කහානි චිත්‍රපට මාලාවක් ලෙස ගොඩනැගීමට තමන් අදහස් කරගෙන සිටින බවයි. ඔහු මේ කෙරෙහි පෙළඹුණේ සත්‍යජිත් රායිගේ ෆෙලූඩා රහස් පරීක්ෂක කතාමාලාවෙනි. ඔහුට විද්‍යා බාග්චිගේ කතාපුවත එලෙසම විද්‍යා බාලන් සමගින් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය විය.[16] කහානි 2 හි රූගත කිරීම් 2013දී ඇරඹීමට සැලසුම් කෙරිණි.[17] නමුත් 2013 ජූලි මස සුජෝයි ඝෝෂ් සහ සෙසු සම-නිෂ්පාදකවරුන් අතර මතභේද ඇති විය.[18] 2014 පෙබරවාරියේ, මෙම චිත්‍රපටය සිදුනොවන බව විද්‍යා පැවසූයේ මෙම මතභේද නිසායි.[19] නමුත් වසර දෙකකට පසුව, මෙම චිත්‍රපටය විද්‍යා ද සමගින් පූර්ව-නිෂ්පාදනයේ ඇති බව ඝෝෂ් සනාථ කළේ ය.[20] කහානි 2 ලෙස නම්කළ මෙම චිත්‍රපටය 2016 මාර්තු මස රූගත කිරීම් ඇරඹුණේ අර්ජුන් රාම්පාල් සහ විද්‍යා ප්‍රධාන නළු නිළියන් ලෙස දායක කරගනිමිනි.[9]

2016 ඔක්තෝබරයේ, මෙහි ටීසරය නිකුත් කිරීමෙන් පසුව, මෙම චිත්‍රපටය කහානි 2: දුර්ගා රාණි සිං ලෙස නැවත නම්කෙරිණි.[21] ආරම්භයේ දී, දුර්ගා රාණි සිං ඓශ්වර්යා රායි සමගින් නිම කිරීමට සැලසුම් කළ වෙනත් චිත්‍රපටයක් විය.[22] නමුත් මෙහි කථාව ද කහානි චිත්‍රපට මාලාවට සමාන හෙයින්, නිෂ්පාදකයින් විසින් කහානි හි අනුගාමී කථාපුවතයට එය ඇතුළත් කරන ලදී.[23][24]

බාලන් සහ ඝෝෂ් විසින් පසුව නිවේදනය ‍කළේ මෙම චිත්‍රපටය 2012දී මුදාහළ කහානි චිත්‍රපටයේම කථාපුවත ඉදිරියට ගෙනයාමක් නොව, කහානි චිත්‍රපට මාලාවේ ඉදිරි චිත්‍රපටය බවයි.[25]

පිළිගැනීම සංස්කරණය

විචාරක පිළිගැනීම සංස්කරණය

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත මෙම චිත්‍රපටයට තරු පහෙන් 4ක් ලබාදුන්නේ ය.[26] ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත මෙයට තරු පහෙන් තුන හමාරක් ලබාදුන්නේ ය.[27] ඉන්ඩියා ටුඩේ පුවත්පත මෙයට රතු පහෙන් 2ක් ලබාදුන්නේ ය.[28] ද ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත ද මෙයට රතු පහෙන් 2ක් ලබාදුන්නේ ය.[29] ෆස්ට්පෝස්ට් පුවත්පත විසින් ද මෙයට තරු පහෙන් 2ක් ලබා දී ඇත.[30]

බොක්ස් ඔෆීස් සංස්කරණය

පළමු දිනයේ මෙම චිත්‍රපටය ඉන්දියාව තුළ   කෝටි 4.25ක ආදායමක් උපයාගත් අතර, ආරම්භක සති අන්තයේ එය   කෝටි 16.97ක් උපයාගත්තේ ය.[6]

ධ්වනිපථය සංස්කරණය

Untitled

චිත්‍රපටයේ සංගීතය නිමවන ලද්දේ ක්ලින්ටන් සෙරීජෝ විසිනි.

සියලු පද රචනා සිදුකරන ලද්දේ (රබින්ද්‍රනාත් තාගෝර් විසින් රචිත "ආනන්දොලෝකේ" ගීතය හැර) අමිතාභ් භටාචාර්ය විසිනි.. 

කහානි 2
අංකය. ගීතයගායක(යින්) කාලය
1. "මෙහ්රාම්"  අරිජිත් සිං 4:41
2. "ලම්හොන් කේ රස්ගුල්ලේ"  සුනිධි චෞහාන්, බියන්කා ගෝමස් 3:21
3. "ආනන්දොලෝකේ"  ක්ලින්ටන් සෙරීජෝ 3:05
4. "ආවුර් මේන් ඛුෂ් හූන්"  ඈෂ් කිං 3:49

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

අනුගාමී චිත්‍රපට සංස්කරණය

නිෂ්පාදකයින් විසින් මෙම චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටයක් ද මුදාහැරීමට සැලසුම් කොට ඇත.[32][33][34][35]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 සංරක්ෂිත පිටපත, http://economictimes.com/magazines/panache/kahaani-2-trailer-released-vidya-balan-sends-moviedom-into-panic-mode/articleshow/55049874.cms, ප්‍රතිෂ්ඨාපනය 2017-10-09 
  2. "Kahaani 2 - Box Office Mojo". Box Office Mojo. සම්ප්‍රවේශය 15 January 2017.
  3. "Kahaani 2 - International Box Office Results". Box Office Mojo. සම්ප්‍රවේශය 15 January 2017.
  4. "Kahaani 2 (15)". British Board of Film Classification. සම්ප්‍රවේශය 15 January 2017.
  5. "Box office report: 'Kahaani 2' defeats 'Kahaani' on opening day; but is it enough?". Indiatvnews.com. 3 December 2016. සම්ප්‍රවේශය 21 December 2016.
  6. 6.0 6.1 3 December 2016 – 1:08 hrs IST (3 December 2016). "Box Office: Worldwide Collections and Day wise breakup of Kahaani 2". Bollywood Hungama. සම්ප්‍රවේශය 21 December 2016.{{cite web}}: CS1 maint: numeric names: authors list (link)
  7. "Check out: Vidya Balan starrer Kahaani 2 goes on floor". Bollywood Hungama. 16 March 2016. සම්ප්‍රවේශය 17 March 2016.
  8. Sen, Zinia (17 March 2016). "Vidya Balan, Arjun Rampal begin shooting for the 'Kahaani' 2". The Times of India. සම්ප්‍රවේශය 17 March 2016.
  9. 9.0 9.1 Ghosh Choudhury, Soumodeep (16 March 2016). "Kahaani 2 begins in Kalimpong". The Times of India. සම්ප්‍රවේශය 17 March 2016.
  10. "Vidya Balan wraps up 'Kahaani 2' shoot". The Times of India. 16 May 2016. සම්ප්‍රවේශය 21 May 2016.
  11. "Amar Ujala – Hindi EPaper Lucknow city| Hindi News – News in Hindi | अमर उजाला हिंदी न्यूज़ | Amar Ujala". Epaper.amarujala.com. 13 January 2009. සම්ප්‍රවේශය 21 December 2016.
  12. "Kahaani 2 Has An 'Independent Story' to Avoid Comparison, Says Director – NDTV Movies". Movies.ndtv.com. 25 October 2016. සම්ප්‍රවේශය 21 December 2016.
  13. "Trailer Watch: Kahaani 2 looks intriguing! – Rediff.com Movies". Rediff.com. 25 October 2016. සම්ප්‍රවේශය 21 December 2016.
  14. The author has posted comments on this article (22 November 2016). "Vidya Balan breaks down while filming 'Kahaani 2'". The Times of India. සම්ප්‍රවේශය 21 December 2016. {{cite web}}: |author= has generic name (help)
  15. 3 September 2016 – 3:20 hrs IST (3 September 2016). "Check out: Arjun Rampal posts pictures from Kahaani 2 set". Bollywood Hungama. සම්ප්‍රවේශය 21 December 2016.{{cite web}}: CS1 maint: numeric names: authors list (link)
  16. Jha, Subhash K. (16 March 2012). "Kahaani to be a franchise?". The Times of India. 3 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 March 2012.
  17. IANS (24 May 2013). "Kahaani 2 with Vidya Balan will hit the floors in 2013". CNN-IBN. 1 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 September 2012.
  18. Trivedi, Dhiren. "Why was Sujoy Ghosh kicked out of Kahaani 2?". Bollywoodlife. සම්ප්‍රවේශය 17 July 2014.
  19. Batra, Ankur (27 February 2014). "'Kahaani 2' shelved". The Times of India. සම්ප්‍රවේශය 22 March 2014.
  20. "'Kahaani 2' in pre-production stage, to star Vidya Balan: Sujoy Ghosh". The Indian Express. Press Trust of India. 8 February 2016. සම්ප්‍රවේශය 9 February 2016.
  21. "Kahaani 2 trailer review: Unnecessarily mysterious and infuriatingly self-important". Deccan Chronicle. සම්ප්‍රවේශය 21 December 2016.
  22. "Aishwarya Rai Bachchan in Sujoy Ghosh's 'Durga Rani Singh'?". The Indian Express. 14 October 2015. සම්ප්‍රවේශය 21 December 2016.
  23. "Vidya Balan's 'Kahaani 2' is the reason why Sujoy Ghosh scrapped 'Durga Rani Singh'". Ibtimes.co.in. 12 April 2016. සම්ප්‍රවේශය 21 December 2016.
  24. "Vidya Balan talks about 'Kahaani 2'". The Hindu. සම්ප්‍රවේශය 21 December 2016.
  25. සැකිල්ල:Meta.author. "Bollywood Star Vidya Balan Talks About Playing Powerful Women And Equal Pay". Forbes. සම්ප්‍රවේශය 21 December 2016. {{cite web}}: |author= has generic name (help)
  26. "Kahaani 2 review: Vidya Balan is on auto pilot mode in this thrilling ride | movie reviews". Hindustan Times. සම්ප්‍රවේශය 21 December 2016.
  27. Share on FacebookShare on Twitter. "Kahaani 2 Review: The movie fails to keep a tight grip on proceedings throughtout its duration". The Times of India. සම්ප්‍රවේශය 21 December 2016. {{cite web}}: |author= has generic name (help)
  28. "Kahaani 2 movie review: Vidya Balan is the hero in this thriller : Reviews, News". India Today. 2 December 2016. සම්ප්‍රවේශය 21 December 2016.
  29. "Kahaani 2 movie review: Vidya Balan's performance is the saving grace of this predictable thriller". The Indian Express. 3 December 2016. සම්ප්‍රවේශය 21 December 2016.
  30. "Kahaani 2 movie review: Vidya Balan is lovely but Sujoy Ghosh's climax is a let-down". Firstpost. සම්ප්‍රවේශය 21 December 2016.
  31. "62nd Filmfare Awards 2017: Winners' list". The Times of India. 15 January 2017. සම්ප්‍රවේශය 15 January 2017.
  32. Bulbul Sharma (14 December 2016). "Confirmed! Sujoy Ghosh to come up with Kahaani 3". Pinkvilla. සම්ප්‍රවේශය 21 December 2016.
  33. Share on FacebookShare on Twitter. "Vidya Balan: 'Kahaani 3' confirmed". The Times of India. සම්ප්‍රවේශය 21 December 2016. {{cite web}}: |author= has generic name (help)
  34. "'Kahaani 2' success could pave way for 'Kahaani 3'? | BizAsia Showbiz". Media247.co.uk. සම්ප්‍රවේශය 21 December 2016.
  35. Share on Twitter (14 December 2016). "Kahaani and Gangs Of Wasseypur to get third installments – Mumbai Mirror". The Times of India. සම්ප්‍රවේශය 21 December 2016. {{cite web}}: |author= has generic name (help)

බාහිර සබැඳි සංස්කරණය