කලාබුබු හෙවත් ඇතැම් අවස්ථාවන්හි දී කලා බුබු යුනවෙන් හැඳින්වෙන්නේ ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාහි දකුණු නියාස්හි ජන කොට්ඨාසයේ සෙබලුන් විසින් පළඳිනු ලබන දැඩි වෘත්තාකාර ගෙල ‍පළඳනාවකි. කලාබුබු මගින් රණකාමයේ ජයග්‍රහණය සහ වීරත්වය සංකේතවත් කෙරේ. කලාබුබු මාලයක් පැළඳීමෙන් පළඳින්නා අනතුරුවලින් ආර්කෂා වන බව පැවසේ.[1] කලාබුබු යන්න "හිස් දඩයම්කරුගේ ගෙල පළඳනාව" ලෙස ද ජනප්‍රියත්වයට පත්ව ඇත; ඓතිහාසිකව සතුරු ගෝත්‍රිකයන්ගේ හිස ගසා දැමූ තැනැත්තන්ට පමණක් කලාබුබු පැළඳීමට අවසර හිමි විය.

දකුණු නියාස්හි කලාබුබු.

ස්වරූපය සහ නිර්මාණය සංස්කරණය

 
කලාබුබු නිර්මාණය කරනු ලබන්නේ පොල් කටු කැබලි සහ පිත්තල කම්බියක් ආධාරයෙනි.

කලාබුබු වෘත්තාකාර ස්වරූපයක් ගන්නා අතර, එහි විෂ්කම්භය 22 සෙන්ටිමීටර (8.7 in) සිට 25 සෙන්ටිමීටර (9.8 in) දක්වා අතරමැදි අගයයක් ගනියි. කලාබුබුහි ඝනකම ඒකාකාර නොවන අතර, එහි මධ්‍ය කොටස පුළුල් ය. අනතුරුව දෙපස අන්ත කරා ළඟාවත්ම එය ක්‍රමිකව කුඩා වන්නට පටන් ගනියි. දෙපස කෙටි අන්ත දෙක පිත්තල හෝ කලාතුරකින් රන් යොදා තැනූ මඬලකින් සම්බන්ධ කෙරේ. කලාබුබුහි ඇතුළත රාමුව නිර්මාණය කරනු ලබන්නේ යකඩ හෝ පිත්තල කම්බියක් යොදා ගෙන ය. මෙහි කෙළවර ගැට ගසා ඇත. මෙහි කෙළවර ඇති ගැට ගැසීම ද මඬලක හැඩය ගනියි. මඬලාකාර හැඩය ගත් පොල් කටු කැබලි (ඇතැම් අවස්ථාවල දී කැස්බෑ ලෙලි ද භාවිතා වේ)[2] ඇතුළත පිත්තල කම්බිය වටා සවි කිරීම සිදු වේ. මුදුවේ ඉදිරිපස මැද පෙදෙසේ දී මෙම තැටි වඩා විශාලව කපනු ලබන අතර, කළෙවරෙහි වූ තැටි වඩා කුඩා ය. අනුතරුව මෙම තැටි (මඬලාකාර) කැබලි එකට තද කොට, එයට සම්පූර්ණයෙන්ම සුමුදු පෘෂ්ඨයක් ලැබෙන තෙක් වැලි යොසා ඔප මට්ටම් කරනු ලැබේ. අවසානයේ ඒවා කළු පැහැයෙන් වර්ණ ගැන්වීම සිදු වේ.[3]

කලාබුබුහි ඇතුළත පිත්තල රාමුව මගින් නියාස් පුරාණෝක්තිවේදයේ එන මහා රත්රන් සර්පයා සංකේතවත් කෙරේ.[4]

සංකේතය සංස්කරණය

 
සෙපලකු ලෙස සැරසී ගෙල වටා කලාබුබුවක් පැළඳ සිටින නියාස් මිනිසෙක්.

කලාබුබු පළඳනාව ගෝත්‍රික යුධ කටයුතු සහ හිස් දඩයම් (මන්ගයිබිනු) චාරිත්‍රය හා සම්බ්නධ ය. කලාබුබු මගින් පුරුෂ භාවය, යුධ ජයග්‍රහණය, වීරත්වය සහ රණකාමීත්වය සංකේතවත් කෙරේ. ඓතිහාසිකව, රණකාමයේ පරාක්‍රමය ලද පිරිමින් සහ සතුරාගේ හිස ගසා දැමීමට සමත් වූ පුරුෂයන්ට පමණක් කලාබුබු පැළඳීමට අවසර හිමි විය. මෙය පළඳින්නා සාමාන්‍යයෙන් ගම්මානයේ සෙබල වීරයකු ලෙස සලකනු ලැබී ය. උත්සව යුධ නර්තනයේ දී ද කලාබුබු පැළඳීම සිදු වී ඇත.[1] වර්තමානය වන විට, බොහෝ නියාස් මිනිස්සු කලාබුබු මාලය පළඳිති.[4]

දකුණු නියාස් රාජ්‍යාධිකාරීත්ව මුද්‍රාවේ ද කලාබුබු සංකේතය නිරූපණය කොට ඇත.

ප්‍රභේද සංස්කරණය

උතුරු නියාස්හි නිෆිටාලි-ටාලි යනුවෙන් හැඳින්වෙන ගෙල පළඳනාව වටිනා ලෝහ යොදා නිර්මාණය කළ කලාබුබු ප්‍රභේදයකි. නිෆිටාලි-ටාලි මාල පැළඳියේ උසස් වංශවල පිරිමින් විසින් ඔවාසා භෝජන සංග්‍රහය වැනි උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වීමට පමණි. දකුණුදිග ප්‍රදේශයේ දක්නට ලැබෙන නිදසුන් මෙන් නොව, හැමවිටම නිෆිටාලි-ටාලි රිදී හෝ රන් වැනි වටිනා ලෝහ යොදා නිමාව සනිටුහන් කෙරිණි.[4]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 MuhammadHusni & Tiarma Rita Siregar 2000, පිටු අංකය: 47.
  2. "IstiadatNias" [Nias Tradition]. Museum PusakaNias (Indonesian බසින්). YayasanPusakaNias. 2017. සම්ප්‍රවේශය November 5, 2017.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  3. Marschall 2013, පිටු අංකය: 128.
  4. 4.0 4.1 4.2 Richter & Carpenter 2012, පිටු අංකය: 428.

උද්ධෘත කෘති සංස්කරණය

මේවාත් බලන්න සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කලාබුබු&oldid=410981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි