කළය
ජලය ගබඩාකර තබාගැනීමට යොදා ගන්නා භාජනයකි. මැටි වලින් සාදන ලද කළයට අමතරව ඇලුමිනියම් වලින් සහ ප්ලාස්ටික් වලින් සාදන ලද කළය ද දැකිය හැකිය.
බිහිවීම
සංස්කරණයමැටි කර්මාන්තයේ ආරම්භයත් සමග ජලය ගබඩා කිරීමට මැටි බඳුන් යොදා ගෙන අැති බැව්, ලෝකයේ පැරණිම මානව ශිෂ්ටාචාර වන මොහන්දජාරෝ, හරප්පා වැනි ශිෂ්ටාචාරයන්ගේ මැටි මෙවලම් භාවිතය ගැන හෙළිවන සාධක මගින් නිගමනය කල හැකිවේ. ශ්‍රී ලංකාවේද කැණීම් මගින් හමුවී අැති තොරතුරු අනූව විජය කුමරුගේ ලංකාගමනයට පෙර සිටම ජලය ගබඩා කිරීමට මැටි බඳුන් භාවිතා කොට තිබේ.[1] මෙසේ ජලය ගබඩා කිරීම පිණිස යොදා ගත් මැටි බඳුන පසුකාලීනව විවිධ හැඩතල කෙරේ පෙරලී යාමෙන් කළය බිහිවන්නට අැතැයි විශ්වාස කෙරේ.
ඉතිහාසමය සාධක
සංස්කරණයමෙරට කළ භාවිතය පිළිබඳ ඉතිහාසමය සාධක විවිධ ස්ථානයන්ගෙන් හමුවේ.
සීගිරිය මැටි කළය
සංස්කරණය2013 වසරේ නොවැම්බර් 1 වන දින සීගිරියේ උතුරු ඇතුල් දිය අගලෙහි කරන ලද කැණීම් කටයුතු වලදී සෙ.මී. 30ක් පමණ උස සම්පූර්ණ මැටි කළයක් සොයා ගන්නා ලදී.[2] මෙම සීගිරි මැටි කළය කාශ්‍යප රජු කාලයේ (ක්‍රි.ව. 4 - 5 සියවස) දිය නෑමට හෝ ගෘහස්තව ජලය ගබඩා කර තබන්නට භාවිත කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
සංස්කෘතිය
සංස්කරණයකාන්තාවන් විසින් අැකය මත දිය කළ රැගෙන යාමත්, කළ ගෙඩි නර්ථන අාදිය හේතුවෙනුත් කළය බොහෝ විටදී කාන්තාව සම්බන්ධ මාතෘකා හා සබැඳේ. මෙරට දැකගත හැකි, ජලය සහිත කළයක් කොහොඹා අතුවලින් සරසා හිස මත සමබර කරමින් සිදු කරන කොහොඹා කළය නර්තන අංගයද කළය අාශ්‍රිතව ගොඩ නැගුණකි.[3]
භාරතීය සංස්කෘතියෙහිද කළගෙඩි හිසේ තබා ගනිමින් කරනු ලබන කරගම් හෙවත් කරගආට්ටම් නර්ථන දැකගත හැකි වේ.
ආශ්‍රිත
සංස්කරණය- ^ "සැණකෙළි නිමිති සැදූ මැටි කළය". දිවයින. 2014-01-19. සම්ප්‍රවේශය 2015-01-20.
- ^ "එකල කළ හමු වූ කල". දිණමිණ. 2014-01-31. සම්ප්‍රවේශය 2015-01-20.
- ^ "කරගම්, කොහොඹ කළය සහ මල් කළ නර්තනය". සිළුමිණ. 2014-11-23. සම්ප්‍රවේශය 2015-01-20.