කමිසකා සෙක්කා (神坂 雪佳, 1866–1942) යනුවෙන් හැඳින්වෙන්නේ ජපානයේ මුල්කාලීන 20වන සියවසේ විසූ වැදගත් චිත්‍ර ශිල්පියෙකි.[1] කියෝතෝවේ සමුරායි පවුලකට දාව උපන් මොහු කලාවට සහ මෝස්තර නිර්මාණය සඳහා දැක්වූ කුසලතාව මුල් අවධියේම හඳුනාගැනීමට ලක් විය. ක්‍රමයෙන් ඔහු සම්ප්‍රදායික රින්පා කලා ගුරුකුලය සමග සම්බන්ධ විය. මෙම කලා සම්ප්‍රදායේ අවසන් ශ්‍රේෂ්ඨ ශිල්පියා මොහු යැයි පිළිගැනේ.[2] සෙක්කා ලැකර් සහ වෙනත් මාධ්‍ය ගණනාවක් භාවිතයෙන් නිර්මාණකරණයේ නියැළී ඇත.

තොරතුරු ලෝකය සිතුවම් මාලාවේ එන සිතුවමකි, 1909–1910

සම්ප්‍රදායික ජපන් ශෛලීන් (නිදසුනක් ලෙස රිම්පා ශෛලිය වැනි) එතරම් විලාසිතාකාරී නොවූ හෙයින්, ජපානය සිය රටේ අනන්‍ය කලා ශෛලීය ප්‍රවර්ධනයට විවිධ ප්‍රතිපත්ති අනුගමනය කරන ලදී. එහි දී සිය කලාකෘති සමග නූතනවාදී ලක්ෂණ මුසු කළ සම්ප්‍රදායික ශිල්පීන්ගේ තත්ත්වය ඉහළ නංවන ලදී. 1901දී ජපන් රජය විසින් සෙක්කාව ග්ලාස්ගෝ වෙත පිටත්කළ අතර, එහි දී ඔහු නුවෝ කලාව තුළින් ප්‍රබල ආභාසයක් ලැබී ය.[3] ජපන්වාදය කෙරෙහි වූ බටහිර ආකර්ෂණය පිළිබඳ තවදුරටත් දැනගැනීමට සිතූ ඔහු බටහිර ආකර්ෂණයට ලක්ව ඇත්තේ ජපන් කලාවේ ඇති කුමන අංග හෝ මුහුණුවර ද යන්න පිළිබඳ අධ්‍යයනය කළේ ය. නැවත ජපානය වෙත පැමිණීමෙන් පසු, ‍අලුතෙන් ආරම්භ කළ කලා සහ ශිල්පකලා පිළිබඳ කියෝතෝ නාගරික පාසලේ ඉගැන්වීම් කටයුතු සිදුකළ අතර, බටහිර රසය, ශෛලීන් සහ තාක්ෂණික ක්‍රම භාවිතා කොට නොයෙකුත් අත්හදා බැලීම් සිදුකළේ ය. [4] ඔහු එම ගුණාංග සම්ප්‍රදායික ජපන්-ශෛලියේ නිර්මාණ සමග ඒකාබද්ධ කොට බැලී ය.[3] ඔහු සම්ප්‍රදායික ජපන් තේමාවන් සහ රිම්පා චිත්‍ර කලාවේ ඇතැම් අංග සමග ඇලළී සිටිය ද, එහි සමස්ත බලපෑම බටහිර සහ නූතන එකක් විය. ඔහු විශාල ලෙස දීප්තිමත් වර්ණ භාවිතා කළ අතර, මේ නිසා ඔහුගේ සිතුවම් තේමාවන් රැගත් සාමාන්‍ය සිතුවම් වලට වඩා, මෝස්තරමය ආකාරයක් ගත්තේ ය; මෙම වර්ණ සහ රටාවන් "ජනප්‍රිය" ලක්ෂණ රැගත් අතර, සිතුවම්වලට ත්‍රිමාණ ගුණාංග ද ගෙන දුන්නේ ය.

මොමොයගුසා සංස්කරණය

 
කමිසකා සෙක්කාගේ මොමොයගුසා සිතුවම් මාලාවේ එන සිතුවමක්

මොමායගුසා ("තොරතුරු ලෝකය) සෙක්කාගේ අනර්ඝතම දැව අච්චු-මුද්‍රණ කෘතිය ලෙස සැලකේ. 1909 සහ 1910 අතර කාලයේ නිර්මාණය වූ මෙය වෙළුම් තුනකින් සමන්විත ය. එය ප්‍රකාශයට පත්කරන ලද්දේ කියෝතෝවේ උන්සෝදෝ ආයතනය විසිනි.[2] මෙම කෘති මාලාවේ ජපන් නාමය මුල්ම වරට හමුවන්නේ අටවන සියවසේ කාව්‍යමය ග්‍රන්ථයක් වන දස දහසක් පත්‍ර එකතුව (මන්'යෝෂූ) තුළ ය. එමගින් බහු පත්‍ර සහිත ශරත් ඖෂධ ශාකයක් (මොමොයොගුසා) හඳුන්වා ඇත. මෙය ඇතැම්විට කපුරු විශේෂයක් හෝ කොහොඹ ශාකය විය හැක.[3] සිතුවම් හැටකින් සමන්විත මොහුගේ කෘතිය තුළින් කුඩා අවකාශයක සනිටුහන් කරන ලද විවිධ භූමි දර්ශන, රූප, සම්භාව්‍ය තේමා සහ නිර්මාණාත්මක මාතෘකා හා සම්බන්ධ පින්තූර ඇතුළත් වේ. එමගින් සම්ප්‍රදායික රිම්පා ශෛලිය තුළ සෙක්කා ලද නිපුණභාවය මෙන්ම, එකල ජපානය කෙරෙහි බලපෑ නව සොයාගැනීම් පිළිබඳ ඔහුගේ හැඟීම ද නිරූපණය වේ.[2]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Kamisaka Sekka (1866 - 1942)". Fuji Arts.
  2. 2.0 2.1 2.2 Birmingham Museum of Art (2010). Birmingham Museum of Art: Guide to the Collection. London, UK: GILES. p. 50. ISBN 978-1-904832-77-5. 2011-09-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-06-09. {{cite book}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. 3.0 3.1 3.2 "A World of Things by Kamisaka Sekka". The Art Institute of Chicago. April 14 – July 1, 2007. සම්ප්‍රවේශය 2011-06-09.
  4. John T. Carpenter. Designing Nature: The Rinpa Aesthetic in Japanese Art. Metropolitan Museum of Art (New York, N.Y.). p. 36. {{cite book}}: Unknown parameter |allpages= ignored (help)

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කමිසකා_සෙක්කා&oldid=591641" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි