කන්ද උඩරට (ඉංග්‍රීසි:  Kandy) එසේත් නැත්නම් මහනුවර තුන්වන වික්‍රමබාහු රජ විසින් සෙන්කඩගල පුර ලෙසින් ආරම්භ කරන ලදැයි සැලකෙයි. [තහවුරු කර නොමැත]



*මහනුවර රාජධානිය*

පහළොස්වන සියවස අගභාගයේ දී ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සෙංකඩගල නගරය කේන්ද්‍ර කොටගෙන මහනුවර රාජධානිය බිහි විය. 16 වන සියවසේ සිට මෙරට මුහුදුබඩ ප‍්‍රදේශවල බලය පතුරුවාගෙන සිටි පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසි යන යුරෝපීයන්ගෙන් එල්ල වූ තර්ජනවලට මුහුණ දෙමින් 1815 වර්ෂය වන තෙක් මෙරට ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට එම රාජධානියට හැකියාව ලැබුණි. මහනුවර රාජධානිය යනු ස්වාභාවික ආරක්ෂාව සහිත භූමියක පිහිටි පාලන මධ්‍යස්ථානයකි. මධ්‍යම කඳුකර ප‍්‍රදේශයේ පිහිටි මහනුවර හෙවත් සෙංකඩගල නගරය කේන්ද්‍ර කොටගෙන මෙම රාජධානිය බිහි විය. සෙංකඩගලපුරය, කන්ද උඩරට, උඩරට රාජධානිය, කන්දෙනුවර යන නම් ද මෙම රාජධානිය හැඳින්වීමට භාවිත කෙරේ. නගරයට මහනුවර මහවැලි ගඟෙන් ආරක්ෂාව ලැබෙන අතර උඩවත්ත කඳුවැටිය හා හන්තාන කඳුවැටියෙන් ද එයට තවදුරටත් ආරක්ෂාව ලැබේ. උස් භූමියක පිහිටි බැවින් පහතරට ප‍්‍රදේශවල සිට මහනුවර නගරයට පැමිණීම අතීතයේ දී දුෂ්කර වී තිබිණ. බලන, හුන්නස්ගිරිය වැනි දුර්ග මාර්ග හරහා මෙම නගරයට ඇතු`ඵ වීමට සිදුව තිබීම එහි ආරක්ෂාවට හේතුවක් විය.

*මහනුවර රාජධානියේ ආරම්භය*

හයවන පරාක‍්‍රමබාහු රජු කෝට්ටේ රාජ්‍ය පාලනය කළ අවධියේ මහනුවර ප‍්‍රදේශය කෝට්ටේ රාජ්‍යයට යටත් පාලන ඒකකයක් වශයෙන් පැවතුණි. එම රජතුමා යටතේ එක් කාලයක දී ජෝතිය නම් සිටුවරයෙක් උඩරට පාලන කටයුතුවල නිරත විය. මේ අතර ජෝතිය සිටුවරයා උඩරට, කෝට්ටේ රාජ්‍යයෙන් නිදහස් කර ගැනීම සඳහා හයවන පරාක‍්‍රමබාහු රජුට විරුද්ධව කැරැල්ලක් ඇති කළ බව වාර්තා වේ. එම කැරැල්ල අසාර්ථක විය. හයවන පරාක‍්‍රමබාහු රජුගේ මරණයෙන් පසු කෝට්ටේ රාජධානිය ක‍්‍රමයෙන් දුර්වල විය.එම තත්වයෙන් ප‍්‍රයෝජන ගත් සේනාසම්මත වික‍්‍රමබාහු නම් ප‍්‍රභූවරයෙක් උඩරට රාජධානිය කෝට්ටේ පාලන බලයෙන් නිදහස් කරගෙන, සෙංකඩගල නගරය මුල් කර ගනිමින් වෙන ම රාජධානියක් පිහිටුවිය. මේ අනුව උඩරට රාජධානියේ මුල් ම රජතුමා සේනාසම්මත වික‍්‍රමබාහු වේ. සේනාසම්මත වික‍්‍රමබාහු රජුගෙන් පසුව ඔහුගේ පුතෙකු ලෙස සැලකෙන ජයවීර බණ්ඩාර උඩරට රජු බවට පත් විය. ජයවීර රජතුමාගේ කාලයේ දී කෝට්ටේ රාජධානිය කෝට්ටේ, සීතාවක හා රයිගම වශයෙන් කොටස් තුනකට බෙදුණි. ඒ පිළිබඳව පස්වන පරිච්ෙඡ්දයේ දී විස්තර කෙරේ. මෙසේ කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදීම නිසා උඩරට රාජධානියට තවදුරටත් ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලැබුණි.

16 වන සියවස ආරම්භයේ දී පෘතුගීසීහු ලංකාවට පැමිණියහ. ඔවුහු කෝට්ටේ රාජධානිය සම`ග සබඳතා ඇති කර ගෙන ක‍්‍රමයෙන් එහි දේශපාලන කටයුතුවලට ද ඇඟිලි ගැසූහ.

එවකට උඩරට පාලකයා වූ ජයවීර රජු සම`ගත් සබඳතා ඇති කර ගැනීමට පෘතුගීසීහු උත්සාහ කළහ. එහෙත් ඉන් සාර්ථක ප‍්‍රතිඵල නොලැබුණි. උඩරට පාලකයා වූ ජයවීර බණ්ඩාර රජුගෙන් පසු ඔහුගේ පුතෙකු වන කරලියද්දේ බණ්ඩාර උඩරට පාලකයා බවට පත් විය. කරලියද්දේ බණ්ඩාර උඩරට බලය අල්ලා ගැනීම ගැන සීතාවක පාලකයෝ අසතුටින් පසු වූහ. මෙසේ සීතාවකින් තමන්ට එල්ල වූ තර්ජන නිසා කරලියද්දේ බණ්ඩාර රජු පෘතුගීසීන් සමඟ හිතවත් විය. තම පාලකයා විදේශ ජාතියක් සම`ග හිතවත්ව එම සංස්කෘතිය පිළිගනිමින් කටයුතු කිරීම ගැන උඩරට ප‍්‍රභූවරු කලකිරුණහ. මේ නිසා උඩරට ප‍්‍රභූවරයෙකු වූ වීරසුන්දර බණ්ඩාර, සීතාවක පාලකයා වූ පළමුවන රාජසිංහ රජුට උඩරට අත්පත් කර ගැනීමට ආධාර කළේ ය. රාජසිංහ රජු උඩරට ආක‍්‍රමණය කළ විට ඊට මුහුණදීමට නොහැකි වූ කරලියද්දේ බණ්ඩාර රජු තම දියණිය වූ කුසුමාසන දේවියත් බෑනා කෙනෙකු වූ යමසිංහ බණ්ඩාර ඇතු`ඵ රජ පවුලත් සමඟ මන්නාරමට පලා ගොස් පෘතුගීසීන්ගේ රැකවරණ පැතී ය. එහි දී කරලියද්දේ රජුගේ දියණිය වූ කුසුමාසන දේවිය, දෝන කතිරිනා නමින් ද බෑනා වූ යමසිංහ බණ්ඩාර දොන් පිලිප් නමින් ද පෘතුගීසීන් වෙතින් බෞතීස්ම ලැබූහ. ක‍්‍රි. ව. 1580 දී පමණ උඩරට රාජ්‍ය යටත් කර ගත් පළමුවන රාජසිංහ රජතුමා සීතාවක සිට උඩරට පාලනය කළේ ය. වැඩිකල් යාමට පෙර සීතාවක රාජසිංහ රජු හා ඉහත කී වීරසුන්දර බණ්ඩාර අතර මතභේදයක් ඇති විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සීතාවක රාජසිංහ රජතුමන් විසින් වීරසුන්දර බණ්ඩාරව මරවන ලදි. තම පියාගේ මරණයත් සම`ග වීරසුන්දර බණ්ඩාරගේ පුතා වූ කොනප්පු බණ්ඩාර ජීවිත ආරක්ෂාව පතා පෘතුගීසීන් වෙතට පලා ගියේ ය. දොන් ජුවන් නමින් පෘතුගීසීන් වෙතින් බෞතීස්ම ලැබූ එතුමා පෘතුගීසීන්ට හිතවත්ව කටයුතු කළේ ය.

  • උඩරට කැපී පෙනෙන රජවරු*

➡️පළමුවන විමලධර්මසූරිය රජතුමා (ක‍්‍රි. ව. 1592 - ක‍්‍රි. ව. 1604) සීතාවක රාජසිංහ රජු උඩරට රජු වශයෙන් සිටි අවධියේ දී ශිව ආගම වැළඳගෙන ඇතැම් බෞද්ධ භික්ෂූන්ට එරෙහිව කටයුතු කළේ ය. මේ නිසා උඩරට ප‍්‍රභූවරුන් තුළ ද රාජසිංහ රජු කෙරෙහි කලකිරීමක් ඇති විය. එම තත්වය ප‍්‍රයෝජනයට ගත් පෘතුගීසීහු උඩරට තමන්ට ගැති පාලනයක් පිහිටුවීමට උත්සාහ කළහ. පෘතුගීසීහු තම රැකවරණය ලබා සිටි කරලියද්දේ බණ්ඩාරගේ බෑනා වූ යමසිංහ බණ්ඩාර උඩරටට යවා රජකමට පත් කළහ. යමසිංහ බණ්ඩාරගේ ආරක්ෂාව පිණිස කොනප්පු බණ්ඩාර කුමරුන් ද පෘතුගීසීන් විසින් උඩරටට යවන ලදි. යමසිංහ බණ්ඩාර කෙටි කාලයකින් මිය ගියේ ය. මේ නිසා පෘතුගීසීහු යමසිංහ බණ්ඩාරගේ ලාබාල පුත් කුමරෙකු උඩරට සිංහාසනයේ තබා උඩරට රූකඩ පාලනයක ගෙන යාමට උත්සාහ කළහ. මේ අවස්ථාවේ දී ඉදිරියට පැමිණි කොනප්පු බණ්ඩාර පෘතුගීසීන්ට එරෙහිව කටයුතු කරමින් උඩරට බලය අල්ලා ගත්තේ ය. පෘතුගීසීන් යටතේ ම දොන් ජුවන් නමින් බෞතීස්ම ලබා සිටි කොනප්පු බණ්ඩාර උඩරට දී තමන්ට එරෙහිව කටයුතු කිරීම ගැන පෘතුගීසීහු කුපිත වූහ. මේ නිසා ඔවුහු කොනප්පු බණ්ඩාරගෙන් පළිගැනීමට අවස්ථාවක් සොයමින් සිටියහ. ක‍්‍රිස්තු වර්ෂ 1592 දී කොනප්පු බණ්ඩාර කුමරා පළමුවන විමලධර්මසූරිය නමින් උඩරට රජවීම උඩරට රාජධානි ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමකි. එතුමා බලයට පත් වීම නිසා උඩරට රාජධානිය තුළ පෘතුගීසි ගැති පාලනයක් ඇති වීම වැලකුණි.

  • විමලධර්මසූරිය රජුගේ වැදගත්කම*

‘ ක‍්‍රි. ව. 1592 සිට 1604 දක්වා පළමුවන විමලධර්මසූරිය රජු උඩරට රජු වශයෙන් කටයුතු කළේ ය. මෙතුමා බලයට පත්වන විට උඩරට සිංහාසනයට නීත්‍යනුකූල උරුමයක් නොතිබුණි. මේ නිසා කරලියද්දේ බණ්ඩාරගේ දියණියක් වූ කුසුමාසන දේවිය (දෝන කතිරිනා කුමරිය* විවාහ කර ගනිමින් හෙතෙම තම නීත්‍යනුකූල උරුමය තහවුරු කර ගත්තේ ය. ‘ විමලධර්මසූරිය රජතුමා හා කුසුමාසන දේවිය අතර විවාහයෙන් උඩරටට අලූත් රජ පෙළපතක් බිහි විය. සෙනරත් රජු, දෙවන රාජසිංහ රජු, දෙවන විමලධර්මසූරිය රජු සහ වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු එම පරපුරට අයත් වේ. ‘ විමලධර්මසූරිය රජතුමා සීතාවක බලපෑමෙන් උඩරට රාජධානිය නිදහස් කර ගත්තේ ය. සීතාවක රාජසිංහ රජු උඩරට ආක‍්‍රමණය කළ අවස්ථාවේ විමලධර්මසූරිය රජු ඔහුව පරාජය කළේ ය.

*පෘතුගීසී බලයට එරෙහිව කටයුතු කිරීම*
මෙම රජතුමාගෙන් සිදු වූ තවත් මෙහෙවරකි. 

ක‍්‍රිස්තු වර්ෂ 1594 දී දන්තුරේ සටනේ දී ද, ක‍්‍රිස්තු වර්ෂ 1602 දී බලන සටනේ දී ද පෘතුගීසීන් පැරදවීමට විමලධර්මසූරිය රජතුමා සමත් විය. ‘ විමලධර්මසූරිය රජතුමා බුදු දහම නගාසිටුවීමට පියවර රැසක් අනුගමනය කළේ ය. බුරුමයෙන් උපසම්පදාව ගෙන ඒම, ලංකාතිලකය, ගඩලාදෙණිය වැනි විහාර අලූත්වැඩියා කිරීම එම කටයුතුවලට උදාහරණ වේ. ‘ ආරක්ෂාව සඳහා දෙල්ගමුව විහාරයේ කුරහන් ගලක් තුළ ස`ගවා තිබූ දළදාව උඩරටට වැඩමවා තැන්පත් කරවී ය. සෙනරත් රජතුමා (ක‍්‍රි. ව. 1604 -1635* පළමුවන විමලධර්මසූරිය රජුගෙන් පසු ඔහුගේ ඥාති සහෝදරයෙකු වූ සෙනරත් උඩරට රජු බවට පත් විය. සෙනරත් රජු සටනට වඩා සාමකාමීත්වය අගය කළ අයෙකි. මේ නිසා වර්ෂ 1617 දී පෘතුගීසීන් සම`ග සාම ගිවිසුමක් ඇති කර ගැනීමට සෙනරත් රජතුමා කටයුතු කළේ ය. එහෙත් සෙනරත් රජුගේ කාලයේ දී ම පෘතුගීසි කපිතාන් ජනරාල් කොන්ස්තන්තිනෝ ද සා විශාල සේනාවක් සම`ග පැමිණ ඌව ප‍්‍රදේශය ආක‍්‍රමණය කළේ ය. රජුගේ පුතා වූ මහා ආස්ථාන කුමරුන් විසින් උඩරට හමුදාවන් මෙහෙයවූ අතර රන්දෙනිවෙල දී මෙම දෙපාර්ශ්වය අතර ප‍්‍රබල සටන් ඇති විය. මෙම සටනින් පෘතුගීසීන්ට අන්ත පරාජයක් අත් විය.

➡️දෙවන රාජසිංහ රජතුමා (ක‍්‍රි. ව. 1635 -1687) සෙනරත් රජුගෙන් පසු මහා ආස්ථාන කුමරු හෙවත් දෙවන රාජසිංහ රජතුමා උඩරට රාජධානියේ සිහසුනට පත් විය. කීර්තිමත් රජෙකු වූ මෙතුමා පෘතුගීසීන් මෙරටින් නෙරපා දැමීමේ දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළේ ය. දෙවන රාජසිංහ රජුගේ පාලන සමයේ වැදගත්කම ‘ දෙවන රාජසිංහ රජතුමා පෘතුගීසීන් පලවා හැරීම සඳහා ලන්දේසීන්ගේ සහාය ලබා ගැනීමට ක‍්‍රියා කළේ ය. ඒ අනුව 1638 වර්ෂයේ දී මෙම රජතුමා හා ලන්දේසීන් අතර ගිවිසුමක් ඇති විය. අනතුරුව දෙපාර්ශ්වය පෘතුගීසීන්ට එරෙහිව ප‍්‍රහාර එල්ල කොට වර්ෂ 1658 දී ඔවුන් මෙරටින් නෙරපා දැමී ය. ‘ දෙවන රාජසිංහ රජතුමන් උඩරට රාජධානියේ බල ප‍්‍රදේශය පු`ඵල් කිරීමට කටයුතු කර ඇත. පෘතුගීසීන් නෙරපා හැර සමස්ත දිවයිනේ ම පාලකයා වීමේ අරමුණක් රජුට තිබුණත් පෘතුගීසීන්ගෙන් අත්පත් කර ගත් ප‍්‍රදේශ ලන්දේසීන් තමන් යටතේ තබා ගත් නිසා එම අරමුණ ඉටු කර ගත නොහැකි විය. එතෙක් පෘතුගීසීන් යටතේ තිබූ ප‍්‍රදේශ රැසක් උඩරටට එකතු කර ගැනීමට මේ රජුට හැකි විය. ‘දෙවන රාජසිංහ රජුගේ කාලයේ දී දියෝගු ද මේලෝ නම් පෘතුගීසි කපිතන් ජනරාල්වරයා 1638 වර්ෂයේ දී විශාල හමුදාවක් සම`ග උඩරට ආක‍්‍රමණය කළේ ය. ගන්නොරුව වෙලේ දී දෙවන රාජසිංහ රජුගේ හමුදාවෝ ආක‍්‍රමණික හමුදාව වටකොට ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කළහ. මේ සටනින් ද පෘතුගීසීන් අන්ත පරාජයට පත් වූ අතර රාජසිංහ රජු ජය ලැබී ය. ‘ක‍්‍රි. ව. 1635 දී සෙනරත් රජුගේ මරණින් පසු බලයට පත් දෙවන රාජසිංහ රජතුමා වර්ෂ 1687 වන තෙක් උඩරට පාලනය කළේ ය. ඒ අනුව උඩරට රාජධානි ඉතිහාසයේ දීර්ඝ කාලයක් පාලන කටයුතු මෙහෙයවූ රජු වූයේ මෙතුමා ය.

➡️දෙවන විමලධර්මසූරිය රජු (ක‍්‍රි. ව. 1687 - ක‍්‍රි. ව. 1707) ‘ දෙවන රාජසිංහ රජුගෙන් පසුව ඔහුගේ පුත‍්‍රයා වූ දෙවන විමලධර්මසූරිය කුමරු උඩරට රජකමට පත් විය. මෙතුමා බොහෝ සාමකාමී පාලකයෙකු වශයෙන් කටයුතු කළේ ය. ‘ පහතරට ප‍්‍රදේශවල සිටි ලන්දේසීන් සම`ග සුහදව කල්ගෙවීම කැපී පෙනෙන ලක්ෂණයකි. ‘ මෙම රජතුමාගේ කාලයේ දී බුද්ධ ශාසනය නගා සිටුවීම ස`දහා බුරුමයෙන් උපසම්පදාව ගෙන්වා උඩරට උපසම්පදාව පිහිටුවිය. ‘ එසේ ම දළදා මාලිගාව ප‍්‍රතිසංස්කරණය කළ බව ද දැක්වේ.

➡️ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු (ක‍්‍රි. ව. 1707 - 1739) ‘ දෙවන විමලධර්මසූරිය රජු 1707 වර්ෂයේ දී මිය ගිය විට ඔහුගේ පුත් වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ කුමරු උඩරට රජකමට පත් විය. ‘ උඩරට ඉතිහාසයේ දුර්වල පාලකයෙකු ලෙස සැලකෙන මේ රජතුමාගේ කාලයේ ප‍්‍රභූ පන්තියේ බලය වර්ධනය විය. ‘ මෙම රජතුමන් ද ඉන්දියානු කුමාරිකාවක විවාහ කර ගෙන සිටි අතර එම විවාහයෙන් රජකමට උරුම පුතෙකු ලැබී නොතිබුණි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නායක්කර් වංශිකයෝ උඩරට බලයට පැමිණියහ.

➡️ශ‍්‍රී විජය රාජසිංහ රජතුමා (ක‍්‍රි. ව. 1739 - 1747) ‘ මෙතුමා උඩරට රාජ්‍යයේ බලයට පත් පළමු නායක්කර් වංශික රජතුමා ය. ඔහු වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ නායක්කර් බිසවගේ සහෝදරයෙකි. ‘ ශ‍්‍රී විජය රාජසිංහ රජතුමා සරණංකර ස`ගරජ හිමියන්ගේ බුද්ධ ශාසනික කටයුතුවලට උපකාර කළේ ය. එහිමියන්ගේ උපදෙස් පරිදි බුරුමයෙන් උපසම්පදාව ගෙන ඒමට කටයුතු කළත් එය සාර්ථක නොවී ය.

➡️කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා (ක‍්‍රි. ව. 1747 - 1782) ශ‍්‍රී විජය රාජසිංහ රජුට සිංහාසන උරුමකරුවෙකු නොසිටි බැවින් ඔහුගේ මරණයෙන් පසු අගබිසවගේ සොහොයුරෙකු කීර්ති ශ‍්‍රී රාජසිංහ නමින් උඩරට රජකමට පත් විය. එවකට ඔහුගේ වයස අවුරුදු 16ක් පමණ විණැයි ස`දහන් වේ. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු වැලිවිට සරණංකර ස`ගරජ හිමියන්ගෙන් බණ දහම් හදාරා ඇත. ඒ නිසා බෞද්ධාගම පිළිබ`ද මනා දැනුමක් රජුට තිබුණි. එබැවින් උඩරට වැසියෝ රජතුමාට මහත් ගෞරවයක් දැක්වූහ. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ උඩරට ප‍්‍රදේශවල විශාල බෞද්ධ පුනරුදයක් ඇතිවීම නිසා උඩරට රාජධානි ඉතිහාසයේ එතුමාගේ කාලය විශේෂයෙන් කැපී පෙනේ. වැලිවිට සරණංකර සංඝරාජ හිමියෝ රජුට අවශ්‍ය අනුශාසනා ලබා දෙමින් මෙම බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා ලෙස ක‍්‍රියා කළහ. උඩරට රජවරුන්ට දිගු කාලයක් යුද්ධයට ප‍්‍රමුඛත්වය ලබා දී ක‍්‍රියා කිරීමට සිදු වීමත් යුරෝපියන්ගේ ක‍්‍රියාකාරිත්වයත් වැනි හේතු නිසා මෙම රජතුමාගේ කාලය වන විට දිවයිනේ බුද්ධ ශාසනයේ විශාල පිරිහීමක් ඇතිව තිබුණි. උපසම්පදාව ලැබූ භික්ෂූන් වහන්සේලා රට තුළින් සොයා ගැනීමටත් අපහසු වී තිබිණ. මේ නිසා සරණංකර හිමියන්ගේ උපදෙස් පරිදි රජු ලන්දේසින්ගේ නැව් ලබාගෙන සියමයට ¥තයන් යවා උපාලි හිමියන් ප‍්‍රමුඛ භික්ෂූන් වහන්සේලා මෙරටට වැඩමවා 1753 වර්ෂයේ දී උපසම්පදා උත්සවයක් පැවැත්විය. ඒ සම`ග ම වර්තමානය දක්වා පවතින සියම් නිකාය ආරම්භ විය. එසේ ම රජතුමා විසින් වැලිවිට සරණංකර හිමියන් සංඝරාජ පදවියට පත් කරන ලදි. උඩරට හා පහතරට ප‍්‍රදේශවල අබලන්ව තිබූ වෙහෙර විහාර විශාල ප‍්‍රමාණයක් මෙම රජතුමා විසින් ප‍්‍රතිසංස්කරණය කරවන ලදි. දඹුලූ විහාරය එසේ ප‍්‍රතිසංස්කරණය කරවූ විහාරවලට උදාහරණයකි. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු හින්දු භක්තිකයෙකු වුව ද වාර්ෂිකව දළදා පෙරහර පැවැත්වීමට උපකාර ලබා දුන් අතර එයට දේවාල පෙරහර ද එක් කොට වඩා උත්කර්ෂවත් කළේ ය. මෙරට මුහුදුබඩ පළාත්වල සිටි ලන්දේසීන්ගෙන් උඩරට රාජධානියට තර්ජන එල්ල වීම නිසා මොවුන් පලවා හැරීම පිණිස මේ රජතුමා ඉන්දියාවේ සිටි ඉංග‍්‍රීසීන්ගෙන් ආධාර ලබා ගැනීමට උත්සාහ කළේ ය. රජුගේ ඉල්ලීම මත ජෝන් ෆයිබස් නම් ඉංග‍්‍රීසි ¥තයෙකු 1762 වර්ෂයේ දී මහනුවරට පැමිණ රජු මුණ ගැසුණි. එහෙත් එම ¥ත ගමනෙන් සාර්ථක ප‍්‍රතිඵල නොලැබුණි. රජු ඉංග‍්‍රීසින්ගෙන් උදව් පතන බව දැනගත් පසු ලන්දේසීන්ගෙන් උඩරටට එල්ල වූ තර්ජන තවත් වැඩි විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ලන්දේසීහු 1765 වර්ෂයේ දී උඩරට ආක‍්‍රමණය කළ ද මෙම ආක‍්‍රමණයෙන් ඔවුන්ගේ අරමුණ ඉටු කර ගත නොහැකි විය. දිගින් දිගට ම පැවති ලන්දේසි තර්ජන නිසා දිගු කාලීනව සාමයක් අපේක්ෂා කළ රජතුමා 1766 වර්ෂයේ දී ලන්දේසීන් සම`ග ගිවිසුමක් අත්සන් කළේ ය. මේ ගිවිසුමෙන් උඩරට රාජධානියට මුහුදු වෙරළක් අහිමි කිරීමටත් එමගින් විදේශ රටවල් සම`ග රජු පවත්වන සබඳතා බිඳ දැමීමටත් ලන්දේසීන් ප‍්‍රයත්න දරා ඇත. එහෙත් ගිවිසුමේ සඳහන් බොහෝ කරුණු ප‍්‍රායෝගික වශයෙන් ක‍්‍රියාත්මක නොවී ය.රාජාධිරාජසිංහ රජතුමා (ක‍්‍රි.ව. 1782 - 1798) කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගෙන් පසු ඔහුගේ සොහොයුරා රාජාධිරාජසිංහ නමින් රජකමට පත් විය. මෙතුමා භක්තිමත් බෞද්ධයෙකු විය. ඉංග‍්‍රීසීන් ශ‍්‍රී ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශ ලන්දේසීන්ගෙන් අත්පත් කොට ගත්තේ මේ රජුගේ කාලයේ දී ය. 1798 වර්ෂයේ දී රාජාධිරාජසිංහ රජතුමා මිය ගියේ ය.

➡️ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා (ක‍්‍රි. ව. 1798 - 1815) රාජාධිරාජසිංහ රජු මිය යන විට රජකමට උරුමකම් කිව හැකි නායක්කර් කුමාරවරුන් දෙදෙනෙක් සිටියහ. ඔවුන් දෙදෙනා කන්නසාමි හා මුත්තුසාමි යනුවෙන් හැ`දින්වේ. එවකට උඩරට මහාදිකාරම් වූ පිළිමතලව්වේගේ සහය කන්නසාමි කුමාරයාට ලැබිණි. ඒ අනුව පිළිමතලව්වේගේ මැදිහත් වීමෙන් ලාබාල වියේ සිටි කන්නසාමි කුමරා ක‍්‍රිස්තු වර්ෂ 1798 දී ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ නමින් උඩරට රජකමට පත් විය. මුත්තුසාමි කුමරා ආරක්ෂාව පතා ඉංග‍්‍රීසීන් වෙතට පලා ගිය අතර ඔහුට ඉංග‍්‍රීසීන්ගේ රැකවරණය ලැබුණි. තමාට හිතවත් කන්නසාමි කුමරා රජකමට පත් කිරීමෙන් ඔහු හැමදාම තමාට අවනතව තබා ගත හැකි බව පිළිමතලව්වේ කල්පනා කළ බව පෙනේ. මෙම රජු මුල දී පිළිමතලව්වේගේ අදහස් පිළිගත් නමුත් පසුව තම නායක්කාර ඥාතීන්ගේ බසට අවනත වී ක‍්‍රියා කර තිබේ. මේ නිසා රජු හා පිළිමතලව්වේ අතර මතභේද ඇති විය. එහි දී පිළිමතලව්වේ ඉංග‍්‍රීසීන්ගෙන් ආධාර ලබා ගෙන රජුට එරෙහිව ක‍්‍රියා කිරීමට උත්සාහ කළත් එම වැඩ පිළිවෙළ අසාර්ථක විය. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු උඩරට පාලනය කරන විට මුහුදුබඩ ප‍්‍රදේශවල බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වශයෙන් සර් ෆ්‍රෙඞ්රික් නෝර්ත් මුල දී කටයුතු කළේ ය. නෝර්ත් ආණ්ඩුකාරයාට උඩරට යුධ ශක්තිය හා උපක‍්‍රම පිළිබඳ අවබෝධයක් නොවී ය. එබැවින් 1803 වර්ෂයේ දී ඔහු උඩරට අල්ලා ගැනීමේ ආක‍්‍රමණයක් දියත්කොට තම රැකවරණ ලබා සිටි මුත්තුසාමි කුමරුන් උඩරට රජු වශයෙන් ප‍්‍රකාශයට පත් කළේ ය. එහෙත් වැසියන්ගේ සහය ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුට ලැබීම නිසා එම ආක‍්‍රමණය අසාර්ථක විය. එහි දී මුත්තුසාමි කුමරා ජීවිතක්ෂයට පත් විය.

ශ‍්රී වික‍්‍රමරාජසිංහ රජතුමා ක‍්‍රිස්තු ව'රෂ 1798 - 1815 දක්වා උඩරට පාලනය කළේ ය. ‘ දළදා මාලිගාවට චිත්තාකර්ෂණීය පත්තිරිප්පුව එක් කිරීමට එතුමන් කටයුතු කර ඇත. ‘ මාලිගාව ඉදිරිපිට ඇති කිරි මුහුද නම් වැව තැනවීම, මෙතුමාගේ කාලයේ සිදු විය. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේ උඩරට රාජධානිය තුළ දේශපාලන අර්බුදයක් ඇති විය. එහි ප‍්‍රතිඵල වශයෙන් රජු හා රදල ප‍්‍රභූ පන්තිය අතරත් රජු හා පොදු ජනතාව අතරත් පැවති සබඳතාව බිඳ වැටුණි. මහනුවර රාජධානිය තුළ ම රජු අනාරක්ෂිතයකුගේ තත්වයට පත් විය. මෙම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් එවකට මෙරට ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයා වූ රොබට් බ‍්‍රවුන්රිග් උඩරට ආක‍්‍රමණය කළේ ය. මේ අවධිය වන විට උඩරට මහාධිකාරම් වූ ඇහැලේපොල හා රජු අතර ගැටුමක් ඇති විය. මේ නිසා ඇහැලේපොල ඉංග‍්‍රීසීන්ගේ රැකවරණය ලබා සිටියේ ය. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුට එරෙහිව ඉංග‍්‍රීසීන් එල්ල කළ ආක‍්‍රමණයේ දී ඇහැලේපොලගේ සහාය ඉංග‍්‍රීසීන්ට ලැබුණි. උඩරට වැසියන් බොහෝ දෙනෙකු රජු කෙරෙහි කලකිරී සිටි බැවින්, මෙවර ඉංග‍්‍රීසීන් උඩරටට පැමිණීම වැළැක්වීමට කිසිවෙකු ඉදිරිපත් නොවී ය. එහි ප‍්‍රතිඵල වශයෙන් කිසි දු අපහසුවකින් තොරව මහනුවර නගරයට ඇතු`ඵ වීමට ඉංග‍්‍රීසීහු සමත් වූහ. රජවාසලින් පලාගොස් මැදමහනුවර ප‍්‍රදේශයේ නිවසක සැ`ගවී සිටි රජු උඩරැටියන් විසින් සොයාගෙන ඉංග‍්‍රීසින්ට භාර දෙන ලදි. මෙසේ රජු අත්අඩංගුවට ගැනීමෙන් වෙනත් කිසි දු යුරෝපීයයෙකු උඩරට දී නොලත් ජයක් ලැබීමට ඉංග‍්‍රීසිහු සමත් වූහ. අනතුරුව බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා උඩරට ප‍්‍රභූවරුන් සම`ග ගිවිසුමක් අත්සන් කළේ ය. එය 1815 වර්ෂයේ මාර්තු දෙවන දින ගිවිසුම හෙවත් උඩරට ගිවිසුම වශයෙන් ප‍්‍රසිද්ධියට පත් විය. මේ ගිවිසුම අනුව උඩරට රාජධානිය ඉංග‍්‍රීසීන්ට යටත් බව පිළිගෙන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ඇතු`ඵ නායක්කර්වරුන්ට උඩරට සිංහාසනයට තිබූ සියලූ උරුමයන් අහෝසි කෙරිණි. මෙසේ උඩරට රාජධානියේ ස්වාධිපත්‍ය අහෝසි වීමත් සමඟ සමස්ත දිවයිනම බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය. බි‍්‍රතාන්‍ය අත්අඩංගුවට පත් වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ඉංග‍්‍රීසීන් විසින් ඉන්දියාවේ වෙල්ලෝරයට රැගෙන යන ලදි.

  • කෘෂිකර්මය*

මෙරට සාම්ප‍්‍රදායික ජීවන ක‍්‍රමය වූ කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථික රටාව මහනුවර යුගය තුළ ද ක‍්‍රියාත්මකව පැවතුණි. මහනුවර රාජ්‍ය සමය වන විට මෙරට තෙත් කලාපය තුළ ශීඝ‍්‍ර ජනගහන ව්‍යාප්තියක් පැවති නමුත් තෙත් කලාපයට වර්ෂය පුරා පැතිරුණ වර්ෂාවක් ලැබුණ බැවින් වියළි කලාපයේ මෙන් වැව් අමුණු තනා ජලය රැස් කර තබා ගැනීමේ අවශ්‍යතාවක් නොතිබිණ. මහනුවර ආශ‍්‍රිතව කඳුකර ප‍්‍රදේශ බහුල වූ බැවින් හෙල්ම`ඵ ක‍්‍රමයට සකසා ගත් කුඹුරු අහස් දියෙන් වගා කිරීම සුලභ ලක්ෂණයක් විය. පහතරට ප‍්‍රදේශවල තවදුරටත් සමාන්‍ය පරිද්දෙන් කුඹුරු වගාව පැවතුණි. කුඹුරු ගොවිතැනට අමතරව හේන් ගොවිතැන ද පැවතිණි. කුරක්කන්, මෙනේරි, තල, ඉරි`ගු ආදිය හේන්වල වගා කෙරිණි. මීට අමතරව කොස්, දෙල්, ගම්මිරිස්, අල වර්ග, සාදික්කා, කරදමුංගු, පුවක්, එළව`ඵ, පලතුරු ආදිය ගෙවතු වගා වශයෙන් පැවතුණි. කිරි ලබා ගැනීම, ගොවිතැන් කටයුතු, ප‍්‍රවාහන කටයුතු ආදිය සඳහා ගව පාලනය සිදු විය. වෙළෙඳාමමහනුවර රාජ්‍ය සමයේ දී දේශීය වෙළෙඳාම මෙන් ම විදේශීය වෙළෙඳාම ද පැවතුණි. මුහුදුබඩ ප‍්‍රදේශවල නිෂ්පාදන උඩරට ප‍්‍රදේශවලට අලෙවි කෙරුණ අතර උඩරට ප‍්‍රදේශවල නිෂ්පාදන පහත රටට අලෙවි විය. වෙළෙඳාමේ දී කාසි භාවිතය ද සිදු වූ අතර, භාණ්ඩ හුවමාරු ක‍්‍රමය ද පැවති බව පෙනේ. උඩරට හා පහතරට අතර කඩවත් තනා තිබුණු අතර වෙළෙඳ ද්‍රව්‍ය ප‍්‍රවාහනය මෙම කඩවත් හරහා සිදු විය. කඩවත් යනු ලන්දේසීන්ගේ සීමා-වන් හා උඩරට රාජධානියේ සීමාවන් අතර පැවති මුරපොළවල් ය. උඩරට රාජ්‍ය සමයේ විදේශ වෙළෙඳාම රජුගේ ඒකාධිකාරය යටතේ පැවතුණි. මුහුදුබඩ ප‍්‍රදේශවල සිටි යුරෝපීයන් සම`ග රජු වෙළෙඳ සබඳතා පැවැත්වූ අතර ඉන්දියාව හා උඩරට අතර ද වෙළෙඳ සම්බන්ධතා පැවතුණි.

  • කර්මාන්ත*

උඩරට ආර්ථික ඉතිහාසයේ කෘෂිකර්මය හා වෙළෙඳාම හැරුණු විට, කර්මාන්තවලට ද වැදගත් තැනක් ලැබී තිබුණි. එකල රාජධානියේ බොහෝ කටයුතුවලට අවශ්‍ය කාර්මික නිෂ්පාදන හා භාණ්ඩ රට තුළ ම නිෂ්පාදනය කෙරුණි. මේ සඳහා කුල පදනම් කරගත් වෙන ම ශිල්පීය පරම්පරාවක් සිටියහ. ඔවුන් දිගු කලක සිට පරම්පරාවෙන් පරම්පරාවට ඒ ඒ ශිල්පීය දැනුම පවත්වාගෙන ආ පිරිසකි. මැටි, තඹ, පිත්තල, යකඩ, ලෝහ ආදියෙන් විවිධ භාණ්ඩ හා උපකරණ නිෂ්පාදනය කෙරුණි. මේ සඳහා ඒ ඒ ශිල්පීන්ගෙන් සමන්විත ගම් පිහිටුවා තිබුණි. ඒ ඒ ශිල්පී කණ්ඩායම්වලට නායකත්වය දෙන නායකයෝ පත්ව සිටියහ. භාණ්ඩ අලංකාරය සඳහා ලාක්ෂා කර්මාන්තය යොදා ගැනිණි. යකඩ කර්මාන්තය සඳහා කොත්මලේ ප‍්‍රදේශය ද දුම්බර ප‍්‍රදේශය පන් කර්මාන්තය සඳහා ද ප‍්‍රසිද්ධියට පත්ව තිබුණි. මහනුවර රාජධානි සමයේ පැවති ග‍්‍රාමීය සමාජය තුළ ගම ස්වයංපෝෂිත එකක් විය. ඒ ඒ කුල හෝ ශිල්ප ශ්‍රේණි සඳහා වෙන් වෙන්ව ගම් පිහිටුවා තිබුණි. රාජ්‍යයේ බහුතර පිරිස ගොවියන් වූ අතර සියලූ ශිල්පීන් අතර හොඳ සබඳතාවක් පැවතිණි. අන්‍යෝන්‍ය සහයෝගය සහ සහජීවනය, සාමුහිකත්වය, සමාජය තුළ හොඳින්, ආරක්ෂා වී තිබුණි. මෙම සමාජයේ පූජ්‍ය පක්ෂය, ප‍්‍රභූ පන්තිය හා සාමාන්‍ය ජනතාව යනුවෙන් ස්ථර තුනක් දැකිය හැකි විය. ප‍්‍රභූ පන්තිය සමාජයේ කැපී පෙනෙන ම බලවේගය වූ අතර රජු හැරුණ විට පාලන කටයුතුවල යෙදී සිටි ප‍්‍රධානීන් ප‍්‍රභූ පන්තියට අයත් විය. රදලයන් යන නාමය ද ඔවුන් සඳහා භාවිත කෙරිණ. සාමාන්‍ය ජනතාවට ගොවියන්, කම්කරුවන්, වෙළෙන්දන් හා ඉහත කී විවිධ ශිල්පීය කණ්ඩා-යම් ද ඇතුළත් විය. උඩරට ජන සමාජයේ පවුල් ඒකකය ශක්තිමත්ව පැවතුණි. පියාගෙන් පසුව දේපල දරුවන්ට උරුම වන ක‍්‍රමයක් පැවතුණි. පියා මුල් කරගෙන පැවති මෙම සමාජ ක‍්‍රමය පීතෘ මූලික සමාජයක් ලෙස හැඳින්වේ.

  • විවාහ ක‍්‍රම*

උඩරට සමාජයේ කැපී පෙනෙන විවාහ ක‍්‍රම දෙකක් පැවතුණි.

➡️ දීග විවාහය - මනාලිය මනාලයාගේ නිවසට කැන්දාගෙන ගොස් එහි ජීවත් වීම.

➡️ බින්න විවාහය - මනාලයා මනාලියගේ නිවසේ පදිංචි වී සිටීම. මීට අමතරව සහෝදරයන් කිහිපදෙනෙකු සිටින පවුලකට එක මනාලියක් කැඳවාගෙන ඒමේ සිරිතක් ද පැවතුණි. කෘෂිකාර්මික සමාජයක දේපල අයිතිය බෙදී යාම වලක්වා ගැනීමට මෙබඳු විවාහ ක‍්‍රම උපයෝගී වූ බව පෙනේ. ගම්පොල හා කෝට්ටේ රාජ සමයේ පැවති ගෘහ නිර්මාණ ශිල්ප ආශ‍්‍රයෙන් සැකසුණු වාස්තු විද්‍යාවක් මහනුවර රාජ සමයේ පැවතුණි.එහි පැවති ගොඩනැගිලි ඉදිකිරීම් අතර ආගමික ගොඩනැගිලිවලට විශේෂ තැනක් ලැබුණි. දළදා මාලිගය, ඇම්බැක්කේ දේවාලය, ලංකාතිලක විහාරය, හින්දු දේවාල ඒ අතර ප‍්‍රධාන තැනක් ගනී. මහනුවර රාජ සමයේ දී ටැම්පිට විහාර ඉදි කිරීමේ සම්ප‍්‍රදායක් පැවතුණි. පොළොවේ දැව කණු සිටුවා ඒ මත ගොඩනැගිලි ඉදි කළ විට වේයන් වැනි සතුන්ගෙන් දැව කණුවලට හානි පැමිණ ගොඩනැගිලි විනාශයට පත් විය. මේ තත්වය වලක්වා ගැනීමට පොළවට ගල් කණු සිටුවා එම ගල් කණුවලට ලී කණු පුරුද්දා හෝ බාල්ක යොදා ටැම්පිට විහාර ඉදි කෙරුණි. මහනුවර රාජ සමයට අයත් විහාර බිතු සිතුවම්, ලී කැටයම් හා ප‍්‍රතිමා ආදියෙන් එකල පැවති කලා කුසලතාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි ය

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

මහනුවර කන්ද උඩරට රාජ්‍යයේ පරිපාලනය

පරිශීලක:- Keniro AMahaLekam

🔆මහනුවර කන්ද උඩරට රාජ්‍යයේ පරිපාලනය

මහනුවර දෙවන රාජසිංහ රජු, ඔහුගේ පාමුල අධිගාරයෙකු සමඟ.

🔆රජ

ප්‍රධාන ලිපිය: උඩරට රජවරුන්ගේ ලැයිස්තුව

සිංහල රජවරු - සිරි සඟ බෝ නිවස - දිනජාරාගේ නිවස - මහනුවර නායකයන්

සේන සම්මත වික්‍රමබාහු (1473–1511)

ජයවීර අස්තානා (1511–1551)

කරලියද්දේ බණ්ඩාර (1551–1581)

ඩෝනා කැතරින් (1581-1581)

I රාජසිංහ (1581–1593)

I විමලධර්මසූරිය (1590–1604)

සෙනරත් (1604–1635)

II රාජසිංහ (1635–1687)

විමලධර්මසූරිය II (1687-1707)

වීර නරේන්ද්‍ර සිංහ (1707–1739)

ශ්‍රී විජය රාජසිංහ (1739-1747)

කිර්ති ශ්‍රී රාජසිංහ (1747–1782)

ශ්‍රී රාජාධි රාජසිංහ (1782-1798)

ශ්‍රී වික්‍රම රාජසිංහ (1798-1815)

උඩරට පරිපාලන ක්‍රමයට අනුව රජු සියලු ක්ෂේත්‍රවල ප්‍රධානියා විය. ඔහු "ලංකේශ්වර ත්‍රිසිංහලාධීශ්වර" නමින්ද හැඳින්විණි. රජුට සියලු ඉඩම් හිමි බවත් එබැවින් "භූපති" ලෙස හඳුන්වනු ලැබූ බවත් පිළිගැනිණි. රජු "අදීශ්වර" නමින් හැඳින්වුවද ප්‍රධාන ප්‍රධානීන් හා බෞද්ධ පූජකවරුන්ගෙන් උපදෙස් ලබා ගැනීම සිරිත විය. රජුට එකල ජනප්‍රිය චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීමට සිදු විය, එසේ නොවුවහොත් ජනතාව ඔහුට විරුද්ධව කැරලි ගැසීමට පටන් ගනී. මේවාට අවනත නොවීම රජුගේ බලයට හානිදායක වනු ඇත, උදාහරණයක් ලෙස ඉංග්‍රීසින්ට යටත් වීමට සිදු වූ වික්‍රම රාජසිංහ, බෞද්ධ පූජකවරුන්ගේ සහ නායකයින්ගේ උපදෙස් නොසලකා හරිමින් පැරණි සම්ප්‍රදායන් අනුගමනය නොකළ නිසා. සිවිල් සහ අපරාධ නඩු වලදී රජුට අධිකරණ බලය ඇත.

Iවන විමලධර්මසූරිය සමඟ මහනුවර රජවරුන් මුළු දිවයිනේම පාලකයන් බවට පත් විය.

🔆රාජ්ය කාර්යාල

රජු විසින් විශ්වාසවන්ත හා හැකියාව ඇති පුද්ගලයන් රාජ්‍යයේ ඉහළ නිලතල සඳහා පත් කරනු ඇත.

🔆මහාඅදිකාරම්

ප්‍රධාන ලිපිය: මහා අඩිගර්

රාජ්‍යයේ ඉහළම නිලතල වූයේ පල්ලෙගම්පහේ සහ උඩගම්පහේ නම් වූ අදිකාර්වරුන් දෙදෙනාගේ (අදිකාරම්වරුන් ලෙස හඳුන්වනු ලබන) ඔවුන්ගේ අධිකරණ බල ප්‍රදේශය තුළ සමාන බලතල සහ වරප්‍රසාද දරයි. උඩගම්පහේ අදිකාර්ට වඩා පල්ලේගම්පහේ අදිකාර්ට ප්‍රමුඛත්වය හිමි විය. අදිකාර්වරුන් අනෙකුත් ප්‍රධානීන්ගෙන් කැපී පෙනෙන්නේ මහා නිලමේ (මහා නිලධාරි) යන පදවි නාමයෙනි. රජුගේ කැමැත්ත මත තනතුර දැරූ නිසා, ඔහුගේ ජීවිත කාලය පුරාම, රජුගේ අප්රසාදයට ලක් නොවන්නේ නම්, නිලධරයාට කාල සීමාවක් නොතිබුණි. පොලිසිය සහ සිරගෙවල් තිබුණේ ඔවුන්ගේ පාලනය යටතේ. අනෙකුත් සියලුම ප්‍රධානීන්, ප්‍රධාන පූජකවරයා මෙන්ම ඉඩම් ප්‍රදානය කිරීම හෝ සේවා සඳහා ත්‍යාග පිරිනැමීම සම්බන්ධයෙන් අදිකාර්වරුන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලදී. එකම පවුලේ සාමාජිකයන් පත් කර ඇතත් එය පරම්පරාගත නොවීය.

ප්‍රධාන ලිපිය: දිසාව දිසාව පළාත් ආණ්ඩුකාරවරු වූහ. උඩරට රාජධානිය පළාත් විසි එකකින් සමන්විත වූ අතර ඉන් ප්‍රතිපත්ති දොළහක් දේසවෝනි ලෙස හඳුන්වනු ලබන අතර ඒ සෑම එකක්ම එහි ආණ්ඩුකාරයා ලෙස කටයුතු කළ දිසාව නම් ප්‍රධානියා යටතට පත් විය.

මේවා:

හතර කෝරලය (හතර කෝරළය)

හත් කෝරලය (හත් කෝරල)

ඌව

මාතලේ

සබරගමුව

තුන් කෝරලය (කෝරල තුන)

වලපනේ

උඩපලාල

නුවරකලාවිය

වෙල්ලස්ස

බින්තැන්නේ

තමන්කඩුව

රජු විසින් පත් කරන ලද, දිසාව රජුගේ පුද්ගලික නියෝජිතයා ලෙස දෙසවෝනිවරුන් සම්බන්ධයෙන් සිවිල් සහ අපරාධ යන දෙඅංශයෙන්ම පරිපාලන හා අධිකරණ බලය තිබුණි. රජුගේ මළුවට හෝ ගෘහයට අනුයුක්තව සිටින අය හැර, ඔවුන්ගේ පළාත තුළ ඇති සියලුම පුද්ගලයින් සහ ඉඩම් සම්බන්ධයෙන් ඔවුන්ට අධිකරණ බලය තිබුණි. රජුගේ කැමැත්ත මත තනතුර දැරූ නිසා, ඔහුගේ ජීවිත කාලය පුරාම, රජුගේ අප්රසාදයට ලක් නොවන්නේ නම්, නිලධරයාට කාල සීමාවක් නොතිබුණි. එකම පවුලේ සාමාජිකයන් පත් කර ඇතත් එය පරම්පරාගත නොවීය. 🔆මහාලේකම්

🔆මහාලේකම්

ප්‍රධාන ලිපිය: මහාලේකම්

(සිංහල භාෂාවෙන් ප්‍රධාන ලේකම්) උඩරට රාජධානියේ දෙපාර්තමේන්තු ප්‍රධානියා විය. රජුගේ ලේකම් කාර්යංශය පාලනය කළේ මොහුයි. එය හරියට අද ජනාධිපති ලේකම් වගේ තනතුරක් බව පේනවා. ඔහු යටතේ ලේකම් මුහන්දිරම් කෙනෙක් සහ සුළු නිලධාරින් කිහිප දෙනෙක් කටයුතු කළා. මේ නිලධාරින් පණිවිඩ ගෙන යාම හා ආඥා ප්‍රකාශයට පත් කිරීමද සිදු කළා. ලේකම් මිටිය හා පන්හිද සමඟ ලේකම් ඇසළ පෙරහරේ ගමන් කළ බව ජෝන් ඩොයිලිගේ වාර්තාවල දැක්වෙනවා.

🔆රටේ මහත්මායා අගයන්න ප්‍රධාන ලිපිය: රටේ මහත්මායා අගයන්න උඩනුවේරේ, හේවාහැටේ, යටිනුවේරේ, කොත්මලේ, තුන්පනාහේ, දුම්බර යන කුඩා දිස්ත්‍රික්කවල ආණ්ඩුකාරවරුන් වූයේ රටේ මහත්තයාය.

🔆උඩරට ප්‍රධානීන්ගේ ලැයිස්තුව

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

🔆මහ අදිකාරම්

දෙවන අදිකාරම්

හතර කෝරළේ දිසාව

හත් කෝරළේ දිසාව

මාතලේ දිසාව තුන් කෝරළේ දිසාව

සපරගමුවේ අටකලන් කෝරළේ හා

කුරුවිටි කෝරළේ දිසාව

සපරගමුවේ මැද කෝරළේ හා කොලොන්නේ කඩවත් දිසාව

ඌවේ දිසාවවරු

උඩ පළාතේ දිසාව

වැල්ලපානේ දිසාව

බින්තැන්නේ දිසාව

වෙල්ලස්සේ දිසාව

නුවර කලාවිය දිසාව

තමන්කඩුව දිසාව

උඩුනුවර රටේ මහත්මයා

යටිනුවර රටේ මහත්මයා

හාරිස්පත්තුවේ රටේ මහත්මයා

දුම්බර රටේ මහත්මයා

හේවාහැට රටේ මහත්මයා

කොත්මලේ රටේ මහත්මයා

උඩ බුලත්ගම රටේ මහත්මයා

යටි බුලත්ගම රටේ මහත්මයා

මීමුරේ රටේ මහත්මයා

මහ දියවඩන නිලමේ

පල්ලේවාහල දියවඩන නිලමේ

මහ ගබඩා නිලමේ

උඩගබඩා නිලමේ

පල්ලේවාහල ගබඩා නිලමේ

භාණ්ඩාගාරයේ වන්නකු නිලමේ

බත් වඩන නිලමේ

ගජනායක නිලමේ

🔆මහාලේකම් - මහමොහොට්ටි මහලේකම්වරයා යන අර්ථයෙන්ද

රාජ්‍ය මාලිගාවේ #මහලේකම්වරයා #මහමොහොට්ටි ලෙසද....

රජු ගේ #මහවාසල මහලේකම් ( මහලේකම් මිටිය ලියන්නා ) ලෙසද....උඩරට රාජධානියේ දෙපාර්තමේන්තු ප්‍රධානියා ද. රජුගේ ලේකම් කාර්යංශය පාලනය කළේද මෙතුමායි.!

#මහාලේකම්වරයා නොහොත් #මහමොහොට්ටි උඩරට රාජධානියේ දෙපාර්තමේන්තු ප්‍රධානියා යටතේ...,

අතපත්තු ලේකම්

වෙඩික්කාර ලේකම්

නානායක්කාර ලේකම්

වඩන තුවක්කුකාර ලේකම්

පඩිකාර ලේකම්

කොඩිතුවක්කුකාර ලේකම්

මඩුවේ ගංගාකාර ලේකම්

කුරුවේ ලේකම්

කෙංගෙල්ලේ කුරුවේ ලේකම්

මාතලේ කුරුවේ ලේකම්

දුනුකාර ලේකම්

කූනම් මඩුවේ ලේකම්

සැතපෙන ගෙයි මුහන්දිරම්වරු

රන් ආයුධ මණ්ඩපයේ ලේකම් සහ අතපත්තුවේ මුහන්දිරම්

මුර පොළේ සුදලිය මුහන්දිරම්

මරුවල්ලිය මුහන්දිරම්

වනාහී රාජ්‍යය නිළධාරීන්ද තවත් සුළු නිළධාරීන් මඩුල්ලක්ද විය... !

🔆 පන්සල් ප්‍රධානීන්

ප්‍රධාන පන්සල වූ දළදා මාලිගාවේ ප්‍රධානියා හෙවත් දියවඩන නිලමේ

නාථ දේවාලයේ බස්නායක නිලමේ

මහ දේවාලයේ බස්නායක නිලමේ

කතරගම දේවාලේ බස්නායක නිලමේ

පත්තිනි දේවාලේ බස්නායක නිලමේ 🔆 අනිකුත් ප්‍රධානීන්

🔆 අනිකුත් ප්‍රධානීන්

දාන ශාලාවේ වන්නකු නිලමේ

කොට්ටල් නිලමේ

මහබද්දේ හෙවත් බෙරවා ප්‍රධානියා

බඩහැලබද්දේ හෙවත් වළං සාදන්නන්ගේ ප්‍රධානියා

රදාබැද්දේ හෙවත් රෙදිසෝදන්නාගේ ප්‍රධානියා

හුනුබැද්දේ හෙවත් හුනු පුච්චන්නගේ ප්‍රධානියා

අනිලබද්දේ ප්‍රධානියා

කින්නරබැද්දේ ප්‍රධානියා

අස්පන්තියේ මුහන්දිරම්

උඩුනුවර මුහන්දිරම්

යටිනුවර මුහන්දිරම්

තුම්පනේ මුහන්දිරම්

හාරිස්පත්තුවේ මුහන්දිරම්

දුම්බර මුහන්දිරම්

හේවාහැට මුහන්දිරම්

සුදු හරක් පන්තියේ පිළිබඳ මුහන්දිරම්වරු

කුට්ටහ ලේකම්

ලුනුබැද්දේ ප්‍රධානියා

පල්ලේ විදානේ

පොරෝකාර මුහන්දිරම්

ඌව ගම්බැද්දේ

4 කෝරළේ මඩිහේ

පහළ බුලත්ගම ප්‍රධානියා

🔆දියවඩන නිලමේ ප්‍රධාන ලිපිය: දියවඩන නිලමේ

දියවඩන නිලමේ යනු බුදුන් වහන්සේගේ ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් පුරාණ චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජ ගෙදර නිලධාරියෙකි. ශ්‍රී දළදා මාලිගාවේ සියලු කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම දියවඩන නිලමේවරයාට පැවරී ඇත. මහනුවර ඇසළ පෙරහැර වාර්ෂික සංදර්ශනය සංවිධානය කිරීම ඔහුගේ ප්‍රධාන රාජකාරියකි.

නීතිය සහ අපරාධ යුක්තිය මහනුවර රාජධානිය පාලනය කරනු ලැබුවේ සියවස් ගණනාවක් පුරා පැවත එන සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් මගින් වන අතර එය රාජධානියේ පැවති සිවිල් සහ අපරාධ නීති පද්ධතියෙහි පදනම වේ. මෙම සම්ප්‍රදායික නීතියේ කොටස් ශ්‍රී ලංකාවේ වත්මන් නීති රාමුවට උඩරට නීතිය ලෙස සංග්‍රහ කර ඇත. මුල් සහ අභියාචනා නඩු දෙකෙහිම සිවිල් සහ අපරාධ නඩු සම්බන්ධයෙන් අවසාන අධිකරණ බලය රජු සතු විය. ප්‍රතිපත්ති ප්‍රධානීන් තම බල ප්‍රදේශය තුළ සිටින පුද්ගලයන් කෙරෙහි සිවිල් සහ අපරාධ අධිකරණ බලය ක්‍රියාත්මක කළහ.

මහා නඩුවේ

මහානාඩුව (මහා අධිකරණය) රජු, අදිකාර්, දිසාවේ, මහාලේකම් යන අයගෙන් සමන්විත වන අතර, සිවිල් සහ විවිධ කාලවල සහ ස්ථානවල පැවති දේශයේ ඉහළම උසාවියක් වන්නේ මොහාන්දිරම්වරුන්ය

"https://si.wikipedia.org/w/index.php?title=කන්ද_උඩරට_ඉතිහාසය&oldid=648272" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි