ගලගණ්ඩය
(කණ්ඨමාලය වෙතින් යළි-යොමු කරන ලදි)
ගලගණ්ඩයක් හෝ කණ්ඨමාලයක් හෝ වායු ගෙඩියක් (ඉංග්‍රීසි පදය goitre යන්න බිඳී ඇත්තේ ලතින් gutteria, struma වෙතිනි), යනු තයිරොයිඩ ග්‍රන්ථියෙහි ඉදිමුමක් වන අතර,[1] එය නිසා ගෙල හෝ ස්වරාලය ඉදිමුමකට ලක් විය හැක. ගලගණ්ඩය සාමාන්‍යයෙන් ඇතිවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය නිවැරදි අයුරින් ක්‍රියානොකරන විටකදීය.
ගලගණ්ඩය | |
---|---|
වර්ගීකරණය සහ බාහිර මූලාශ්‍ර | |
ICD-10 කේතය | E01.-E05. |
ICD-9 කේතය | 240.9 |
DiseasesDB | 5332 |
MedlinePlus | 001178 |
MeSH | D006042 |
වර්ගීකරණය
සංස්කරණයඒවා විවිධ ආකාරයට වර්ගීකරණය කෙරෙති:
- "විසිරි ගලගණ්ඩය"ක් යනු සමස්ත තයිරොයිඩය පුරා පැති ඇති ගලගණ්ඩයකි (මෙය "සරල ගලගණ්ඩය"ක් හෝ, "බහුසන්ධීය ගලගණ්ඩය"ක් විය හැකිය).
- "ධූලක ගලගණ්ඩය" යනු අධි තයිරොයිඩතාව සහිත ගලගණ්ඩයයි. මෙය බහුල ලෙසින් ග්‍රේව්ස් රෝගය නිසා ඇති වන නමුත්, බහුසන්ධීයයක ප්‍රදාහය නිසා ඇති විය හැක.
- "ධූලක නොවන ගලගණ්ඩය" (සාමාන්‍ය හෝ අඩු තයිරොයිඩ් මට්ටම් ආශ්‍රිතව පවතින) යනු අන් සියළු වර්ග වෙති ( ලිතියම් නිසාවෙන් හෝ වෙන යම් ස්වයංප්‍රතිශක්ති රෝගයන් නිසාවෙන් ඇතිවන්නාවූ).
අනෙකුත් වර්ගීකරණ විධි:
- I ගණය - ස්පර්ශ පිරික්සුම් ගලගණ්ඩය - හිසෙහි සාමාන්‍ය ස්ථාපනයෙහිදී එය දැකිය නොහැකිය; ස්පර්ශ පිරික්සුමෙන් පමණක් සොයා ගත හැක.
- II ගණය - ගලගණ්ඩය පරික්සුමෙන් සොයා ගත හැකි අතර පහසුවෙන් දැකිය හැක.
- III ගණය - ගලගණ්ඩය ඉතා විශාල හා අපරක්‍රෝඩක වෙයි; තෙරපීම යෙදූ විට එම සලකුණු පවතියි.