ඔතොකෝ වා ත්සුරායි යෝ

ඔ‍‍තොකෝ වා ත්සුරායි යෝ (男はつらいよ; "මිනිසකු වීම දුෂ්කරයි") යනු‍‍වෙන් හැඳින්වෙන්‍‍නේ කියෝෂි අත්සුමි විසින් ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන ජපන් චිත්‍රපට මාලාවකි. කියෝෂි මෙහි "තොරා-සන්" (寅さん) නැමැති කාරුණික හදවතක් සහිත නමුත් ආදරය ලැබීමට වාසනාවන්ත නොවන ඇවිදින්නකුගේ චරිතයක් නිරූපණය කරයි. බොහෝ අවස්ථාවල මෙම කතාමාලාව ද රසිකයින් විසින් හඳුන්වනු ලබන්නේ "තොරා-සන්" යන නාමයෙනි.[1] 1969 සහ 1995 අතර කාලය තුළ තිරගත වූ චිත්‍රපට 48කින් සමන්විත[2] ඔතොකෝ වා ත්සුරායි යෝ චිත්‍රපට මාලාවේ 3වන (අසුමා මොරිසාකි) සහ 4වන කථාංග (ෂුනිචි කොබයෂි) අධ්‍යක්ෂණය කරන ලද්දේ යෝජි යමාඩා විසිනි. ඔහු විසින් එම සියලු කථාංගවල තරරචනය (හෝ සහ-තිරරචනය) ද සිදුකොට ඇත.

ඔතොකෝ වා ත්සුරායි යෝ
පෝස්ටර අංක‍. 18, "තොරාගේ පවිත්‍ර ප්‍රේමය" (1976)
අධ්‍යක්‍ෂණයයෝජි හමාඩා
රචනයයෝජි හමාඩා
යොෂිතකා අසාමා
ඇතුළු පිරිස
රංගන ශිල්පීන්කියෝෂි අත්සුමි
චියෙකෝ බයිෂෝ
චිෂූ ර්යූ
සිනෙමාරූපණයටෙට්සුවෝ ටකාබා
සංගීතයනඔසුමි යමමොතෝ
බෙදාහැරීමෂෝචිකු (ජපානය)
නිකුත්වූ දිනය
1969–1995
තිර කාලය
මිනි. 110–140
රටජපානය
භාෂාවජපන්

සෑම චිත්‍රපටයක් තුළම “මැඩෝනාවියක” ලෙස හඳුන්වනු ලබන වෙනස් ප්‍රධාන කාන්තා චරිතයක් සහ ජපානයේ වෙනස් ප්‍රදේශයක් (ඇරිසෝනාවේ සහ වියානාවේ රූගත කළ කථාංග ද ඇත.) නිරූපණය කෙරේ. 1969 සහ 1989 අතර සෑම වර්ෂයකම චිත්‍රපට දෙක බැගින් නිර්මාණය කෙරිණි. 1990 සිට 1995 දක්වා නිර්මාණය වූයේ වසරකය එක් චිත්‍රපටය බැගින්, නව වසරේ මුදාහැරීම පිණිසයි. AnimEigo විසින් 2009දී එක්සත් ජනපදය තුළ පළමු පැයේ චිත්‍රපට හතර "තොරා-සන්" යන තේමාව යටතේ කට්ටලයක් ලෙස එළිදක්වන ලදී.[3] මෙම චිත්‍රපට මාලාව තනි නළුවකු විසින් ප්‍රධාන චරිතය නිරූපණය කළ දීර්ඝතම චිත්‍රපට මාලාවට හිමි ගිනස් ලෝක වාර්තාව ද උසුලයි.[4]

මෙම චිත්‍රපට මාලාව අවසන් වූයේ අත්සුමිගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී 68 වන වියේ දී පෙනහැලි පිළිකාවකින් මියයාමත් සමගයි. මෙලෙසින් තෝරා-සන් සතුට සොයමින් සංචාරය කිරීමේ අවසානයක් සනිටුහන් නොවිණි. තොරා-සන් චරිතය හේතුවෙන් අත්සුන් විශාල පිළිගැනීමකට ලක්වූ අතර, ඔහුගේ මරණය රසිකයින් විසින් තොරා-සන්ගේ මරණය ලෙස ද සලකා ඇත. අත්සුමිගේ මරණින් පසු කතාමාලාව ඉදිරියට ගෙනායමට අධ්‍යක්ෂක යමාඩා තීරණය නොකළත්, තොරා-සන් පිටපත සංචාරක සිනමා ක්‍රියාකරවන්නකු ලෙස නිෂිඩා ටොෂියුකි විසින් ප්‍රධාන චරිත නිරූපණය සිදුකළ නිජි වෝ ත්සුකමු ඔතොකෝ හා සම්බන්ධ කොට තැනීම සිදු විය. නිජි සාමාන්‍යයෙන් චිත්‍රපට සඳහා ඌනපූරණයක් වුව ද, අවසන් දර්ශන තොරා-සන් කතාමාලාවට සහ අත්සුමි කියෝෂි වෙනුවෙන් පුදකළ මරණාපර ගෞරවයක් ලෙසින් යමාඩා ඇතුළත් කොට ඇත. ඔතොකෝ වා ත්සුරායි යෝ චිත්‍රපට මාලාවේ සියලු ප්‍රදාන නළු නිළියන් නිජි චිත්‍රපටයේ ද පසුබිම් චරිත නිරූපණය කළ ද, තොරා-සන් චරිතය ද විස්මයජනක පසුබිම් නිරූපණයක් ලෙසින් චිත්‍රපටයේ අවසානයට එක්කොට ඇත්තේ තොරා තවමත් කොහේ හෝ සිටින බව පෙන්වමිනි. මෙම චිත්‍රපටය අවසන් වන්නේ අත්සුමි කියෝෂිට සිදුකළ පිදුමක් ද සමගිනි.

මූලික කථාපුවත සංස්කරණය

තොරා-සන් චිත්‍රපට සියල්ලේම සුළු වෙනස්කම් සහිතව එකම මූලික කථාපුවත දැකගත හැක. කුරුමා තොරාජිරෝ (හෙවත් තොරා-සන්) සංචාරක වෙළෙන්දකු වන අතර, ඔහු සතු සියලුම දේපළ වන්නේ ඔහුගේ කුඩා සූට්කේසය, පිටෙහි දවටාගෙව යන ඇඳුම් සහ සුළු මුදල් කිහිපයකි. ඔහු සිය භාණ්ඩ විකුණමින් නගරයෙන් නගරයට ඇවිද යයි. ඔහු ටෝකියෝවේ කට්සුෂිකාහි ෂිබමටාවේ පිහිටි සිය නිවස වෙත පැමිණීමට බෙහෙවින් අපේක්ෂා කරයි. ඔහුගේ ජීවත්ව සිටින පවුලේ සාමාජිකයන් වන්නේ සකුරා (ඔහුගේ කාරුණික අර්ධ-සොයුරිය), හිරෝෂි (සකුරාගේ සැමියා), මිත්සුවෝ (සකුරා සහ හිරෝෂිගේ පුත්‍රයා), ටට්සුසෝ (‍තොරා-සන්ගේ වියපත් මාමා) සහ ත්සුනේ (තොරා-සන්ගේ වියපත් නැන්දණිය) ය. ටට්සුවෝ සහ ත්සුනේ විසින් ෂිබමටාවේ සම්ප්‍රදායික රසකැවිලි (දන්ගෝ) අලෙවිසලක් පවත්වා ගෙන යනු ලබයි. චිත්‍රපටය ඇරඹෙන්නේ තොරා-සන් යහපත් දෙයක් සිදුකොට සිය පවුල පිළිබඳ ගරු කිරීමට තොරා-සන් තුළ ඇති අපේක්ෂාවෙන් නමුත්, හැමවිටම එහි ප්‍රතිඵලය වන්නේ කරදර රැසකි.

තොරා-සන් අනපේක්ෂිත අයුරින් දිය පවුල වෙත පැමිණෙයි. පුවලේ සාමාජිකයන් ඔහුව දැකීමෙන් ප්‍රීතියට පත්වුවත්, තොරා-සන්ගේ කටයුතු නිසා ගැටලු රැසක්ම පැනනගියි. අනතුරුව ඔහු පැමිණියාක් මෙන් විගසින් නිවසෙන් පිටව යයි.

මඳ කලකට පසු, දුරබැහැර නගරයක් වෙත ඔහු පැමිණෙන්නේ සිය භාණ්ඩ අලෙවි කරගැනීමටයි. එහිදී ඔහුට "මැඩෝනාවක" ලෙස හඳුන්වනු ලබන දුකින් පෙළෙන රූමත් කාන්තාවක මුණගැසෙයි. තොරා-සන් ක්‍රමයෙන් ෂිබමටාහි සිය පවුලේ දන්ගෝ වෙළඳසැල වෙත ඇයව රැගෙන යයි. කාන්තාව ඔහුගේ ආරාධනය පිළිගනිමින් ඔහු සමග පැමිණෙයි. තොරා-සන් එම කාන්තාවට ප්‍රිය කරයි. (නමුත් ඔහු සිය හැඟීම් පිළිබඳ නොවිමසිලිමත් ය) කෙසේනමුත්, මැඩෝනාගේ හදවත දිනාගැනීමට ඔහු දරන උත්සාහයන් ඔහුගේම ලැජ්ජාශීලීභාවය හේතුවෙන් ව්‍යර්ථ වන අතර, අවසානයේ සිදුවන්නේ ඇය තවත් අයකු සමග එකතු වීමයි. තොරා-සන් මහත් සිත් තැවුලට පත්වන නමුත්, ගාම්භීර මුහුණක් පෙන්වාගෙන සිටින අතර, සිය බිඳුණු හදවත සුව කර ගැනුමට තවත් සංචාරයක නියැළෙයි.

චිත්‍රපට මාලාවේ සම්භවය සංස්කරණය

පළමු ඔතොකෝ වා ත්සුරායි යෝ සිනමාහල් චිත්‍රපටය මුදාහැරීමට ප්‍රථම මෙහි ටෙලිනාට්‍ය ප්‍රභේදයක් 1968 සිට 1969 දක්වා විකාශය විය. එය මුලින් නම්කොට තිබුණේ "ගුකෙයි (හෙවත් "ගුක්යෝ")-කෙන්මයි" (愚兄賢妹) වහයෙනි. එහි අරුත "මෝඩ සොයුරා සහ නැණවත් සොයුරිය" යන්නයි. මෙම නාමය පැමිණෙන්නේ නයිතේ ටමරුකා (泣いてたまるか) හි අවසන් උපසිරැසියෙනි. (නයිතේ ටමරුකාහි ප්‍රධාන චරිතය ද නිරූපණය කරන ලද්දේ අත්සුමි කියෝෂි විසිනි)

කොබයෂි ෂුනිචි විසින් මෙම වැඩසටහන ඔතොකෝ වා ත්සුරායි යෝ ලෙස යළි නම්කරන ලදී. රූපවාහිනී කතාමාලාවේ අවසන් කථාංගයේ දී සර්ප දෂ්ඨනයකින් තොරාජිරෝ මියයයි. මෙම පරිසමාප්තිය නිසා ප්‍රේක්ෂකයින් කෝපයට පත්වූ අතර, ඔතොකෝ වා ත්සුරායි යෝහි චිත්‍රපට ප්‍රභේදය ප්‍රදර්ශනය ඇරඹිණි.

ආරම්භයේ දී, විකාශන නියෝජිතායතනය වූ ෂොචිකු මෙම චිත්‍රප‍ටයේ අරමුණු පිළිබඳ ප්‍රසාදයකින් පසුනොවී ය. නමුත් යෝජි යමාඩාගේ කැපවීම හේතුවෙන් මෙය විකාශය කෙරිණි. මෙම චිත්‍රපට මාලාව දැවැන්ත සාර්ථකත්වයක් හිමි කරගත් අතර, ෂෑම ග්‍රීෂ්ම ඍතුවකම සහ නව වසරකම චිත්‍රපටය බැගින් මුදාහැරිණි. ජපන් ජනප්‍රිය සංස්කෘතිය තුළ මෙම චිත්‍රපට මාලාවට සුවිසල් ස්ථානයක් හිමි විය. මොරිකාවා ෂින් හැර රූපවාහිනී ප්‍රභේදයේ සෙසු සහාය චරිත මෙම චිත්‍රපටයේ සිය චරිත නැවත නිරූපණය කරන්නේ නැත. සතෝ ගජිරෝ චිත්‍රපට බොහෝමයක "ගෙන්-චන්" ලෙසත්, නගයාමා අයිකෝ 6වන චිත්‍රපටයේ මැඩෝනා ලෙසත් සහ හිසාෂි ඉගාවා ඇගේ විවාහාපේක්ෂකයා ලෙසත් චරිත නිරූපණය කොට ඇත.

චරිත නිරූපණය සංස්කරණය

රූපවාහිනී කතාමාලාව සංස්කරණය

චිත්‍රපට සංස්කරණය

සජීවීකරණ සංස්කරණය

චිත්‍රපට මාලාව සංස්කරණය

අංකය තේමාව ජපන් නිකුතු දිනය එක්සත් ජනපද නිකුතු දිනය
1 මිනිසකු වීම දුෂ්කරයි
("ඔතොකෝ වා ත්සුරායි යෝ")
(男はつらいよ)
අගෝස්තු 27, 1969 ජූලි 18, 1974
2 තොරා-සන්ගේ ආදරණීය මව
("සෝකු ඔතොකෝ වා ත්සුරායි යෝ")
続・男はつらいよ
නොවැම්බර් 15, 1969 ජූලි 1, 1970
3 තොරා-සන්, ඔහුගේ සියුමැළි ප්‍රේමය
("ඔතොකෝ වා ත්සුරායි යෝ: ෆූටෙන් නෝ තොරා")
男はつらいよ フーテンの寅
ජනවාරි 15, 1970 ඔක්තෝබර් 20, 1973
4 තොරා-සන්ගේ මහා උපක්‍රමය
("ෂින් ඔතොකෝ වා ත්සුරායි යෝ")
新・男はつらいよ
පෙබරවාරි 27, 1970 ජූලි 25, 1973
5 තොරා-සන්ගේ පලායාම
("ඔතොකෝ වා ත්සුරායි යෝ: බෝක්යෝ හෙන්")
男はつらいよ 望郷篇
අගෝස්තු 25, 1970 මැයි 28, 1971
6 තොරා-සන්ගේ සුන් වූ ප්‍රේමය
("ඔතොකෝ වා ත්සුරායි යෝ: ජුන්ජෝ හෙන්")
男はつらいよ 純情篇
ජනවාරි 15, 1971 සැප්තැම්බර් 1, 1971
7 තොරා-සන්, යහපත් සමාරියානුවා
("ඔතොකෝ වා ත්සුරායි යෝ: ෆුන්තෝ හෙන්")
男はつらいよ 奮闘篇
අප්‍රේල් 28, 1971 ජූනි 25, 1975
8 තොරා-සන්ගේ ආදර ඇමතුම
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ කොයියුටා")
男はつらいよ 寅次郎恋歌
දෙසැම්බර් 29, 1971 අප්‍රේල් 14, 1973
9 තොරාසන්ගේ දයාබර පැරණි නිවස
("ඔතොකෝ වා ත්සුරායි යෝ: ෂිබමතා බෝජෝ")
男はつらいよ 柴又慕情
අගෝස්තු 5, 1972 මාර්තු 10, 1974
10 තොරා-සන්ගේ සිහිනය සැබෑ වීම
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ යුමෙමකුරා")
男はつらいよ 寅次郎夢枕
දෙසැම්බර් 29, 1972 මැයි 1973
11 තොරා-සන්ගේ මා අමතක නොකරන්න
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ වසුරෙනගුසා")
男はつらいよ 寅次郎忘れな草
අගෝස්තු 4, 1973 ජනවාරි 4, 1974
12 තොරා-සන් සිත්තරාවියකට පෙම් කරයි
("ඔතොකෝ වා ත්සුරායි යෝ: වතාෂි නෝ තොරා-සන්")
男はつらいよ 私の寅さん
දෙසැම්බර් 26, 1973 මැයි 22, 1974
13 තොරා-සන්ගේ ප්‍රේමෝන්මාදය
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ කොයියත්සුරේ")
男はつらいよ 寅次郎恋やつれ
අගෝස්තු 10, 1974
14 තොරා-සන්ගේ දරු නැළවිල්ල
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ කොමොරියුටා")
男はつらいよ 寅次郎子守唄
දෙසැම්බර් 28, 1974 දෙසැම්බර් 1975
15 ‍තොරා-සන්ගේ පිබිදීම සහ බිඳ වැටීම
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ අයිඅයිගාසා")
男はつらいよ 寅次郎相合い傘
අගෝස්තු 2, 1975 ජූනි 12, 1977
16 බුද්ධිමත් තොරා-සන්
("ඔතොකෝ වා ත්සුරායි යෝ: කට්සුෂිකා රිෂිහෙන්")
男はつらいよ 葛飾立志篇
දෙසැම්බර් 27, 1975 දෙසැම්බර් 31, 1976
17 තොරා-සන්ගේ හිරුඋදාව සහ හිරුබැසීම
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ යූයකේ කොයකේ")
男はつらいよ 寅次郎夕焼け小焼け
(仮タイトルは「男はつらいよ 柴又の伊達男」)
ජූලි 24, 1976 මැයි 6, 1977
18 තොරාගේ පවිත්‍ර ප්‍රේමය
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ ජුන්ජෝෂිෂූ")
男はつらいよ 寅次郎純情詩集
දෙසැම්බර් 25, 1976
19 තොරා-සන් ඔහුගේ අධිපතියා හමුවෙයි
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ තෝ තොනොසමා")
男はつらいよ 寅次郎と殿様
අගෝස්තු 6, 1977 අගෝස්තු 25, 1978
20 තොරා-සන් අනංගයා වෙයි
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ ගම්බරේ!")
男はつらいよ 寅次郎頑張れ!
දෙසැම්බර් 24, 1977
21 වේදිකාවේ පීඩිත තොරා-සන්
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ වගමිචි ඕ යුකු")
男はつらいよ 寅次郎わが道をゆく
අගෝස්තු 5, 1978
22 නගරයේ කතාබහ තොරා-සන්
("ඔතොකෝ වා ත්සුරායි යෝ: උවාසා නෝ තොරාජිරෝ")
男はつらいよ 噂の寅次郎
දෙසැම්බර් 27, 1978 සැප්තැම්බර් 28, 1979
23 තොරා-සන්, ගිනිකූරු සාදන්නා
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොන්දෙරු තොරාජිරෝ")
男はつらいよ 翔んでる寅次郎
අගෝස්තු 4, 1979 මැයි 1980
24 තොරා-සන්ගේ වසන්තයේ සිහිනය
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ හරු නෝ යුමේ")
男はつらいよ 寅次郎春の夢
දෙසැම්බර් 28, 1979 ජූනි 1, 1980
25 ‍තොරාගේ නිවර්තන උණ
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ හයිබිසුකසු නෝ හනා")
男はつらいよ 寅次郎ハイビスカスの花
අගෝස්තු 2, 1980 දෙසැම්බර් 26, 1980
26 හදාගත් පියා, තොරා!
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ කමොමේ උතා")
男はつらいよ 寅次郎かもめ歌
දෙසැම්බර් 28, 1980
27 තොරා-සන්ගේ ඔසාකාවේ ප්‍රේමය
("ඔතොකෝ වා ත්සුරායි යෝ: නනිවා නෝ කොයි නෝ තොරාජිරෝ")
男はつらいよ 浪花の恋の寅次郎
අගෝස්තු 8, 1981 ජනවාරි 1, 1982
28 තොරා-සන්ගේ පොරොන්දුව
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ කමිෆූසෙන්")
男はつらいよ 寅次郎紙風船
දෙසැම්බර් 29, 1981 ජූනි 1982
29 තොරා-සන් වෙනුවෙන් හදවත් සහ මල්
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ අජිසයි නෝ කොයි")
男はつらいよ 寅次郎あじさいの恋
අගෝස්තු 7, 1982 දෙසැම්බර් 24, 1982
30 තොරා-සන්, විශේෂඥයා
("ඔතොකෝ වා ත්සුරායි යෝ: හනා මෝ අරාෂි මෝ තොරාජිරෝ")
男はつらいよ 花も嵐も寅次郎
දෙසැම්බර් 28, 1982
31 තොරා-සන්ගේ ප්‍රේම ගීතය
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තබි තෝ ඔන්නා තෝ තොරාජිරෝ")
男はつらいよ 旅と女と寅次郎
අගෝස්තු 6, 1983 ජනවාරි 20, 1984
32 තොරා-සන් ආගමානුකූල වෙයි?
("ඔතොකෝ වා ත්සුරායි යෝ: කුචිබුවේ ඕ ෆුකු තොරාජිරෝ")
男はつらいよ 口笛を吹く寅次郎
දෙසැම්බර් 28, 1983 ජූනි 29, 1984
33 විවාහ උපදේශක තොරා-සන්
("ඔතොකෝ වා ත්සුරායි යෝ: යෝගිරි නි මුසෙබු තොරාජිරෝ")
男はつらいよ 夜霧にむせぶ寅次郎
අගෝස්තු 4, 1984 දෙසැම්බර් 21, 1984
34 තොරා-සන්ගේ තහනම් ප්‍රේමය
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ ෂින්ජිට්සු ඉචිරෝ")
男はつらいよ 寅次郎真実一路
දෙසැම්බර් 28, 1984 මැයි 1985
35 තොරා-සන්, මඟුල් කපුවා
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ රෙන්’අයිජුකු")
男はつらいよ 寅次郎恋愛塾
අගෝස්තු 3, 1985
36 තොරා-සන‍්ගේ දූපතේ හමුව
("ඔතොකෝ වා ත්සුරායි යෝ: ෂිබමතා යොරි අයි ඕ කොමෙතේ")
男はつらいよ 柴又より愛をこめて
දෙසැම්බර් 28, 1985
37 තොරා-සන්ගේ නිල් කුරුලු ෆැන්ටසිය
("ඔතොකෝ වා ත්සුරායි යෝ: ෂියාවසේ නෝ අඔයි තොරි")
男はつらいよ 幸福の青い鳥
දෙසැම්බර් 20, 1986 ජූනි 1987
38 ‍තොරා-සන් උතුරට යයි
("ඔතොකෝ වා ත්සුරායි යෝ: ෂිරෙතොකෝ බොජෝ")
男はつらいよ 知床慕情
අගෝස්තු 15, 1987 ජනවාරි 11, 1990
39 තොරා-සන් පියාට රඟපායි
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ මොනොගතරි")
男はつらいよ 寅次郎物語
දෙසැම්බර් 26, 1987
40 තොරා-සන්ගේ කොලු කාලයේ සිහිවටනය
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ සරදා කිනෙන්බි")
男はつらいよ 寅次郎サラダ記念日
දෙසැම්බර් 24, 1988
41 තොරා-සන් වියානාවට යයි
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ කොකොරො නො තාබිජි")
男はつらいよ 寅次郎心の旅路
අගෝස්තු 5, 1989 නොවැම්බර් 1989
42 තොරා-සන්, මගේ මාමා
("ඔතොකෝ වා ත්සුරායි යෝ: බොකු නෝ ඕජිසන්")
男はつらいよ ぼくの伯父さん
දෙසැම්බර් 27, 1989 ජනවාරි 11, 1990
43 තොරා-සන් නිවාඩුවක් ගනියි
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ නෝ කියූජිට්සු")
男はつらいよ 寅次郎の休日
දෙසැම්බර් 22, 1990
44 තොරා-සන් පාපොච්චාරණය කරයි
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ නෝ කොකුහකු")
男はつらいよ 寅次郎の告白
දෙසැම්බර් 21, 1991 මාර්තු 1992
45 තොරා-සන් සමාව ඉල්ලයි
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ නෝ සෙයිෂුන්")
男はつらいよ 寅次郎の青春
දෙසැම්බර් 26, 1992
46 තොරා-සන්ගේ ගිනිකූරු සාදන්නා
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ නෝ එන්දන්")
男はつらいよ 寅次郎の縁談
දෙසැම්බර් 25, 1993
47 තොරා-සන්ගේ පහසු උපදේශය
("ඔතොකෝ වා ත්සුරායි යෝ: හයිකෙයි, කුරුමා තොරාජිරෝ-සමා")
男はつらいよ 拝啓車寅次郎様
දෙසැම්බර් 23, 1994
48 තොරා-සන් බේරාගැනුමට
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ කුරෙනයි නෝ හනා")
男はつらいよ 寅次郎紅の花
දෙසැම්බර් 23, 1995
විශේෂ තොරාගේ නිවර්තන උණ
("ඔතොකෝ වා ත්සුරායි යෝ: තොරාජිරෝ හයිබිසුකසු නෝ හනා තොකුබෙත්සුහෙන්")
男はつらいよ 寅次郎ハイビスカスの花 特別篇
දෙසැම්බර් 1997

මැඩෝනාවියන් සංස්කරණය

සෑම චිත්‍රපටයකම තොරා-සන් සාමාන්‍යයෙන් සෙනෙහස දක්වන (හෝ පසුකාලීන චිත්‍රපටවල පියකු මෙන් සලකන) යුවතියක ලෙස ආරාධිත රංගන ශිල්පිනියක රංගනයෙහි යෙදෙයි. මෙම චරිත "මැඩෝනාවියන්" ලෙස හඳුන්වා ඇත. සෑම මැඩෝනාවියක‍‍ගේම චරිත චිත්‍රපටය මුදාහැරු‍ණු සමයේ ජනප්‍රිය නිළියක විසින් නිරූපණය කරන ලදී.

චිත්‍රපට අං. නිළිය චරිතය
1 සචිකෝ මිත්සුමොටෝ ෆුයුකෝ; ටයිෂකු-ටෙව් පූජකතුමාගේ දියණිය
2 ඔරියේ සතෝ නත්සුකෝ ට්සුබෞචි; ඉංග්‍රීසි ගුරුවරයාගේ දියණිය
3 මිචියෝ අරටාමා ඕ-ෂිසු; ර්යෝකන් කමිසන්
4 කෝමකි කුරිහරා හරුකෝ උසාමි; බාලාංශ ගුරුවරිය
5 අයිකෝ නගයාමා සෙත්සුකෝ; බදින ලද ටොෆු වෙළඳසැල් හිමියාගේ දියණිය
6 අයාකෝ වකාඕ යූකෝ අකාෂි; ත්සුනේගේ නෑනාගේ සැමියාගේ ලේලිය
7 රූමි සකකිබරා හනාකෝ ඔතා; අඔමොරිහි ආබාධිත පාසල් සහායිකාව
8 ජුන්කෝ ඉකියුචි ටකාකෝ රොකුහරා; කෝපි වෙළඳසැල් හිමිකාරිණිය
9 සයුරි යොෂිනගා උතාකෝ; සංචාරක/ලේඛකයාගේ දියණිය
10 කඔරු යචිගුසා චියෝ; කරනවෑමී ස්ත්‍රිය
11 රුරිකෝ අසඕකා ලිලී, අලස ගායිකාව
12 කෙයිකෝ කිෂි රිත්සුකෝ; චිත්‍ර ශිල්පිනිය
13 සයුරි යොෂිනගා උතාකෝ; ලේඛකයාගේ දියණිය
14 යුකියෝ තොආකේ කියෝකෝ; හෙදිය
15 රුරිකෝ අසඕකා ලිලී; අලස ගායිකාව
16 ෆුමියේ කෂියාමා රෙයිකෝ; උපාධි ශිෂ්‍යාව/පුරාවිද්‍යා උපදේශිකාව
17 කිවකෝ ටයිචි බෝතන්; ගේෂාව
18 මචිකෝ කියෝ අයා යග්යු; මිත්සුවෝගේ ගුරුවරයාගේ මව
19 කියෝකෝ මායා මරිකෝ; අධිපතියාගේ ඥාති දියණිය
20 ෂිහෝ ෆුජිමරා ෆුජිකෝ; විදුලි කාර්මිකයාගේ සොයුරිය
21 නනා කිනොමි නනාකෝ; SKD රිව්‍යු නර්තන ශිල්පිනිය
22 රෙයිකෝ ඔහාරා සනේ; විවාහ වූ තැනැත්තිය
23 කඔරි මොමොයි හිතොමි; පැනයන මනාලිය
24 කියෝකෝ කගාවා කෙයිකෝ; ඉංග්‍රීසි ගුරුවරයාගේ මව
25 රුරිකෝ අසඕකා ලිලී; අලස ගායිකාව
26 රන් ඉතෝ සුමිරේ; පාසල හැරයන්නිය
27 කෙයිකෝ මත්සුසකා ෆූමි; ඔසාකා ගේෂාව
28 මිකිකෝ ඔතොනෂි මිත්සුවේ; ටෙකියාගේ වැන්දඹුව
29 අයුමි ඉෂිඩා කගරි; සේවිකාව
30 යූකෝ ටනාකා කෙයිකෝ ඔගාවා; සංචාරක/පොර්තමේන්තු ගබඩාවේ සේවිකාව
31 හරුමි මියාකෝ හරුමි කියෝ; එන්කා ගායිකාව
32 කෙයිකෝ ටකෙෂිටා ටොමොකෝ; රෙන්දායි-ජි පූජකයාගේ දියණිය
33 රියේ නකහාරා ෆූකෝ; කේශාලංකරණ ශිල්පිනිය
34 රෙයිකෝ ඔහාරා ෆුජිකෝ; අතුරුදන් වැටුප්හිමියාගේ භාර්යාව
35 කනාකෝ හිගුචි වකානා එගාමි; කතෝලික ස්ත්‍රියගේ මිණිපිරිය
36 කොමකි කුරිහරා මචිකෝ; කනිෂ්ඨ උසස් පාසලේ ගුරුවරිය
37 එත්සුකෝ ෂිහොමි මිහෝ; කබුකි නළුවාගේ දියණිය
38 කෙයිකෝ ටකෙෂිටා රින්කෝ; පශු වෛද්‍යවරයාගේ දියණිය
39 කුමිකෝ අකියොෂි ටකාකෝ ටකායි
40 යොෂිකෝ මිතා මචිකෝ; වෛද්‍යවරිය
41 කෙයිකෝ ටකෙෂිටා කුමිකෝ; සංචාරක මාර්ගෝපදේශිකාව
42 කුමිකෝ ගොටෝ/
ෆුමි දන්
ඉසුමි ඔයිකවා, මිත්සුවෝගේ පෙම්වතිය; ඉසුමිගේ මව
43 කුමිකෝ ගොටෝ/
මාරි නත්සුකි
ඔයිකවා ඉසුමි, මිත්සුවෝගේ පෙම්වතිය
44 කුමිකෝ ගොටෝ/
හිදෙකෝ යොෂිඩා
ඔයිකවා ඉසුමි, මිත්සුවෝගේ පෙම්වතිය
45 කුමිකෝ ගොටෝ/
ජුන් ෆුබුකි
ඔයිකවා ඉසුමි, මිත්සුවෝගේ පෙම්වතිය
46 කෙයිකෝ මත්සුසකා සකයිදේ යොකෝ
47 රිනෝ කටාසේ මියා නොරිකො; ඡායාරූප ශිල්පිනිය
48 රුරිකෝ අසඕකා ලිලී; අලස ගායිකාව

ආශ්‍රේයයන් සංස්කරණය

සාමාන්‍ය
  • "Yoji Yamada's Films at IMDb". Internet Movie Database. සම්ප්‍රවේශය 2009-05-25.
විශේෂිත
  1. Shochiku's official website, http://www.tora-san.jp/about/introduction.html, ප්‍රතිෂ්ඨාපනය 2017-11-15 
  2. "The World of Tora-San" (Japanese බසින්). Matsutake Kabushiki Kaisha. සම්ප්‍රවේශය 2009-05-25.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  3. AnimEigo's official website, http://www.animeigo.com/products/other/tora-san, ප්‍රතිෂ්ඨාපනය 2017-11-15 
  4. "Guinness World Record Holding "Tora-san" Film Series Begins dTV Distribution". Crunchyroll. සම්ප්‍රවේශය 2015-12-05.

වැඩිදුර කියවීමට සංස්කරණය

  • "Tora-san" in Schilling, Mark. The Encyclopedia of Japanese Pop Culture. New York: Weatherhill, 1997, pp. 268–272. ISBN 978-0-8348-0380-0.

සැකිල්ල:Yoji Yamada

"https://si.wikipedia.org/w/index.php?title=ඔතොකෝ_වා_ත්සුරායි_යෝ&oldid=657231" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි