ඒ. ඩබ්ලිව්. ධර්මපාල

ඒ. ඩබ්ලිව්. ධර්මපාල වසර 42ක් (1922-1964) දකුණු ආසියාවේ පැරණිතම ගුවන් විදුලි මධ්‍යස්ථානය වන රේඩියෝ සිලෝන් හි පුරෝගාමී විකාශකයෙකු සහ බාහිර විකාශන ඉංජිනේරුවරයෙකි.[1] රේඩියෝ සිලෝන් හි ඉංජිනේරුවන්ගේ සහාය ඇතිව, පළමු ලෝක යුධ සමයේදී අල්ලා ගන්නා ලද ජර්මානු සබ්මැරීනයක රේඩියෝ උපකරණ 0.5 kw රේඩියෝ සම්ප්‍රේෂකයක් බවට පත් කිරීමට ඔහුට හැකි විය. මෙය භාවිතා කරමින්, පළමු පර්යේෂණාත්මක විකාශනය, ග්‍රැමෆෝන් සංගීතය වාදනය කිරීම, මධ්‍යම ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුවෙන් 1923 දී පවත්වන ලදී. 1925 දෙසැම්බර් 16 වැනිදා, එංගලන්තයේ බීබීසීය ආරම්භ කර යන්තම් වසර තුනකට පසුව, නිත්‍ය, නිල ගුවන් විදුලි විකාශන ආරම්භ කළ අග්නිදිග ආසියාවේ පළමු බ්‍රිතාන්‍ය යටත් විජිතය බවට ලංකාව පත් විය. 1929 දී රේඩියෝ සිලෝන් ගුවන්විදුලියෙන් ඇසුණු පළමු සිංහල හඬ ධර්මපාලගේ ය.[2] 1954 දී ඔහු රේඩියෝ සිලෝන් හි සහකාර ඉංජිනේරුවරයා ලෙස පත් කරන ලදී.[3]

ධර්මපාලතුමා බාහිර විකාශනයන් සමඟින් පුරෝගාමී වූ අතර දිවයින පුරා බුද්ධ ජයන්ති කටයුතුවලට පූර්ණ ලෙස සම්බන්ධ විය. ධර්මපාලතුමාගේ තාක්ෂණික ප්‍රවීණත්වය රේඩියෝ සිලෝන් ආයතනයට අමිල විය.

මේකත් බලන්න සංස්කරණය

යොමු කිරීම් සංස්කරණය

  1. "Features | Online edition of Daily News - Lakehouse Newspapers". archives.dailynews.lk. සම්ප්‍රවේශය 2022-02-14.
  2. "Online edition of Sunday Observer - Business". archives.sundayobserver.lk. සම්ප්‍රවේශය 2022-02-14.
  3. (ඉංග්‍රීසි බසින්). 1955 https://books.google.com/books?id=qRGaAAAAIAAJ&q=A.+W.+Dharmapala+%22radio+ceylon%22. {{cite book}}: Missing or empty |title= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ඒ._ඩබ්ලිව්._ධර්මපාල&oldid=550700" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි