එක්ස් ජාලය
එක්ස් ජාලය වනාහි හිමිකාර මෘදුකාංග වැඩසටහනක් වන අතරම එය ව්‍යාප්ත පරිගණකීකරණය සඳහා නිමැවුනු මුල් කෙටුම්පතක්(Protocol) වේ. ඇපල් සමාගමෙහි ප්‍රශාඛාවක් වූ උසස් පරිගණකීකරණ සමූහය මගින් මෙම වැඩසටහන නිපදවීය.මෙම වැඩසටහනේ මූලික අභිප්‍රාය වනුයේ ජාලගතකරණ ලද පරිගණක සමූහයක් තනි කර්තව්‍යයක් සඳහා යෙදවීමයි.
ගොනුව:ArenaLogo.png | |
සංවර්ධක(යෝ) | ඇපල් ඉන්කෝපරේෂන් |
---|---|
ප්‍රථම නිකුතුව | ජනවාරි 6, 2004[1] |
මෙහෙයුම් පද්ධතිය | මැක් ඕඑස් එක්ස් |
පරිගණක වේදිකාව | නිදහස් |
වර්ගය | ව්‍යාප්ත පරිගණකීකරණය |
බලපත්‍රය | හිමිකාර මෘදුකාංග EULA[2] |
වෙබ් අඩවිය | www.apple.com/server/macosx/technology/xgrid.html |
මෙම වැඩසටහන මගින් ජාලකරණ පරිපාලකයින් හට පරිගණකීකරණ කළඹක් සකසා ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දෙයි. පෙර අවස්ථා වලදී භාවිතා නොවූ පරිගණකීකරණ බලශක්තිය ගණනය සඳහා යොදා ගන්නා අතරම ගණනයන්, "මැන්ඩෙල්බ්‍රොට්(Mandelbrot set)" නම් කුඩා කොටස් වලට වෙන් කොට ගැනීම ඉහත සඳහන් පරිගණකීකරණ කළඹට අදාල මූලික කර්තව්‍යයයි. එක්ස් ජාල කළඹ මැක් ඕඑස් එක්ස් 10.4 සිට මැක් ඕඑස් එක්ස් 10.7 දක්වා සියලු පරිගණක වල පූර්ව ස්ථාපනයකට ලක් කොට ඇත. නමුදු මැක් ඕඑස් එක්ස් 10.8 විකාශනය තුළ එක්ස් ජාල කළඹ ස්ථාපනය කොට නොමැත. එක්ස් ජාල පාලකය නැතහොත් කාර්යය සංවිධායකය මැක් ඕඑස් සර්වරය සමග අන්තර්ගත කොට ඇති අතර අවශ්‍යය නම් ඇපල් වෙබ් අවකාශයෙන් නොමිලේ භාගත කොට ගත හැක. ඇපල් සමාගම මගින් එක්ස් ජාල පාලකයේ විධාන පුවරුවේ යාන්ත්‍රණය සීමා කොට ඇති අතර නියැලුම් වැඩසටහන් මුහුණතක් මගින් වඩා නවීන, පහසු මෙවලම් එම වැඩසටහන සමඟ බද්ධ කොට ඇත.
මෙම වැඩසටහන ඊට අනන්‍ය වූ මුල් කෙටුම්පතක්, පරිපාටික සටහනක් මත සේවයෙහි යොදවා අනෙකුත් ශීර්ෂයන් සමඟ සන්නිවේදන කටයුතු සිදු කරනු ලබයි. මෙම සන්නිවේදන මුල් කෙටුම්පත, කැබලි විතන්‍ය හුවමාරැ මුල් කෙටුම්පත් BEEP (Blocks Extensible Exchange Protocol) පහසුකම හා බැඳේ. එක්ස් ජාල පහසුකම සක්‍රීය කොට ඇති පරිගණක සියල්ල ස්වයංක්‍රීයව සකස් කිරීමේ කටයුත්ත සඳහා වෙන් කොට ඇති පරිගණක ගොන්නට ඇතුලත් වේ.
ආරම්භක පරිගණකය සම්පූර්ණ උපදෙස් මාළාව සකස් කිරීම සඳහා එක්ස් ජාල පාලකය වෙත යොමු කරනු ලබයි. ඉන් පසුව පාලකය මඟින් මෙම සම්පූර්ණ උපදෙස් මාළාව කුඩා කාර්යයන් වලට භේදනය කිරීම සිදු කරයි. එක්ස් ජාල පද්ධතියේ නිර්මාණ සැලැස්ම නිම වී ඇත්තේ එක්ස් ජාල පහසුකම සක්‍රීය කොට ඇති පරිගණක කරා දිව යන කුඩා කාර්යයන් රැගත් පැකට්ටු වලිනි. මෙම පරිගණක නැතහොත් ශීර්ෂ තමාට අදාල උපදෙස් ක්‍රියාත්මක කොට අවසාන ප්‍රතිඵලය පද්ධතිය වෙත මුදා හරී. සකස් කොට අවසාන වූ කුඩා කාර්යයන් සියල්ල එක්ස් ජාල පාලකය මගින් ආකලනය කොට සමස්ථ සකස් කරන ලද සම්පූර්ණ උපදෙස් මාළාව ආරම්භක පරිගණකය වෙත ප්‍රතිදානය කරනු ලබයි.
ඇපල් සමාගම මගින් එක්ස් ජාල පද්ධතියේ ආදර්ශනයක් සිල්ලා වැඩසටහන සමඟ බෙදා හරින ලදී. සිල්ලා වැඩසටහන නෙක්ස්ට්හි ඕපන් ස්ටෙප් මෙහෙයුම් පද්ධති නියැලුම් වැඩසටහන් මුහුණත සමග බෙදා හැරින. මැක් ඕඑස් එක්ස්-එක්ස් ජාල පද්ධතියේ සේවා දායක විකාශනය, විධාන පුවරුවේ යාන්ත්‍රණය පමණක් ඇතුලත්ව නිෂ්පාදනය වූ අතරම මැක් ඕඑස් එක්ස් සර්වර්-එක්ස් ජාල විකාශනය ග්‍රාපිකරූපී පාලන පද්ධතියක් සමග නිපදවීමට ඇපල් සමාගම තීරණය කරන ලදී.
ඉතිහාසය
සංස්කරණයඑක්ස් ජාල පද්ධතියේ සංකල්පය සිල්ලා වැඩසටහන සමග අනුරේඛණය කළ හැක. සිල්ලා වැඩසටහන ලොව ප්‍රථම ව්‍යාප්ත පරිගණකීකරණ මෘදුකාංගය වන අතරම එය අවසාන පරිශීලක මෙහෙයුම් පද්ධතියක් සමඟ නිකුත් විය. මෙය සතුව අලස කඩතිර ආරක්ෂණ [1] මෝස්තර රටාවක් පැමිණි අතර එය Seti@Home සහ Distributed.net යන ව්‍යාපෘති වල භාවිතයට ගැනින. සිල්ලා වැඩසටහන 1991 දී ComputerWorld Smithsonian Award(විද්‍යා අංශය) ජයග්‍රහණය කළේ එය සතු වූ හොඳ සැලසුම නිසාවෙනි.[3]. ඇපල් සමාගම විසින් 1997 දී සිල්ලා අත්පත් කර ගත්තේ ඉතිරිව තිබූ නෙක්ස්ට් සමාගමද සමගිනි.[4] එක්ස් ජාලයේ පළමු බීටා සංස්කරණය 2004 වර්ෂයේ ජනවාරි මසදී නිකුත් විය.[5]
සමාගම් කිහිපයක් එක්ස් ජාල පද්ධතිය, අන්තර්ජාතික පරිගණක ජාල මත ක්‍රියාත්මක කොට තිබේ. එක් උදාහරණයක් ලෙස ඇපල් පර්යේෂණ ආයතනයේ විවෘත මැක් ජාලය ලොව වටා සිටින විද්‍යාඥයින් හට තම පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය විශාල සැකසුම් ජවය ලබා දීමට පහසුකම් සපයා ඇත.[6][7] තවත් උදාහරණයක් ලෙස අභාවයට ගිය එක්ස් ජාල ස්ටැන්ෆර්ඩ්(Xgrid@Stanford) ව්‍යාපෘතිය හැඳින්විය හැක. එම ව්‍යාපෘතිය ස්ටැන්ෆර්ඩ් සරසවියේ සහ ලොව වටා[8] ජෛව රසායන ගවේෂණයන් සඳහා යොදා ගැනින.[9]
එක්ස් ජාල පෙර නිකුතුවේ වර්ධක විකාශනය පිළිබඳ මැක් වර්ල්ඩ් සඟරාව මෙසේ ප්‍රකාශ කොට තිබිණ. "යුනික්ස් ලක්ෂණ ඔස්සේ ටයිගර් ගැන දත යුතු කරුණු 10 - එක්ස් ජාල පද්ධතිය සංකීර්ණ සජීවිකරණයන්ට හා විශාල පර්යේෂක දත්ත හසුරුවාලීමට යෝග්‍ය වේ." [10]2004 වර්ෂයේ එක්ස් ජාල පද්ධතිය වෙළදපොළට නිකුත් කිරීමෙන් අනතුරුව ඉන්ෆෝ වර්ල්ඩ් සඟරාව ප්‍රකාශ කොට සිටියේ "එක්ස් ජාලය අනාගත තාක්ෂණයේ පියවරක් බවයි." ඉන්ෆෝ වර්ල්ඩ් ප්‍රකාශක එප්රේම් ෂාවර්ට්ස් අනාවැකි පල කළේ එක්ස් ජාලය ඇපල් සමාගමේ ව්‍යාපාර පරිගණක වෙළදපොලට විවෘත අඩිතාලමක් වනු ඇති බවයි.[11]
ඇපල් සමාගම මැක් ඕඑස් එක්ස් 10.8(කඳුකර සිංහයා) හඳුන්වා දීමත් සමගම එක්ස් ජාලය අත්හිටුවනලද මෘදුකාංග පද්ධතියක් බවට පත් වූයේ ඒ හා සබැඳි බහු මාධ්‍ය නිෂ්පාදක වැඩසටහනටද තිත තබමිනි.
මුල් කෙටුම්පත
සංස්කරණයඑක්ස් ජාල මුල් කෙටුම්පත කැබලි විතන්‍ය හුවමාරැ මුල් කෙටුම්පත යොදා ගනිමින් අනෙකුත් ශීර්ෂයන් සමඟ සන්නිවේදන කටයුතු සිදු කරනු ලබයි. පද්ධති යටිතල පහසුකම් තුන් ආකාරයක පරිගණක මුහුණත් සමඟ ඉදි වී ඇති අතර ඒවා මුල් කෙටුම්පත ඔස්සේ සන්නිවේදනය සිදු කරනු ලබයි. එක් පරිගණකයක් සේවා ග්‍රාහකයා ලෙස කටයුතු කරනු ලබන අතර එය ගණනයන් සන්නිවේදනය සිදු කරනු ලබයි. අනෙක් පරිගණකය පාලකයා ලෙස කටයුතු කරන අතරම එය ගණනය ආරම්භ කිරීම හා වෙන් කොට තැබීම සිදු කරයි. අවසාන වශයෙන් නියෝජිත පරිගණකයන් ඔවුනට හිමි නියමිත ක්‍රියාවලි ඛණ්ඩය සකස් කිරීම සිදු කරයි.
එකම පරිගණකය හට එකම විටකදී සේවා ග්‍රාහකයා, පාලකයා, හා නියෝජිත පරිගණකයක් ලෙසටද හැසිරීමේ අවකාශ පවතී. එක්ස් ජාල මුල් කෙටුම්පත පද්ධති යටිතල පහසුකම් සපයා දෙන අතර ගණනයන් සැකසීමේ කර්තව්‍යයන් කෙරෙහි සහභාගී නොවේ.[12] එක්ස් ජාලය ඉලක්ක කොට ඇත්තේ කාලය වැඩිපුර භාවිතා කරන, පහසුවෙන් කුඩා කොටස් වලට වෙන් කළ හැකි ගණනය කිරීම් සඳහායි. විටකදී මෙම කාර්යය "දුෂ්කර සමාන්තර කාර්යයක්" ලෙසට හැඳින්වේ. මොන්ටි කාලෝ ගණනයන්, ත්‍රිමාණ සජීවීකරණයන් හා මැන්ඩෙල්බ්‍රොට් සිතියම් මෙයට අයත් වේ.[12]
එක්ස් ජාල මුල් කෙටුම්පත තුළදී පණිවිඩ වර්ග තුනක් එකම කළඹක් තුළ පිහිටි පරිගණක හරහා හුවමාරු කළ හැක. එම පණිවිඩ වර්ග තුන මෙසේයි.
1.ආයාචනා
2.නිවේදන
3.ප්‍රතිචාර
ප්‍රතිග්‍රාහකයා කරනු ලබන ආයාචනා සඳහා පද්ධතිය මගින් ප්‍රතිචාර දැක්විය යුතුයි. නිවේදනයන් ප්‍රතිචාර අපේක්ෂා නොකරයි. පණිවිඩ වර්ග සියල්ල, නාමිකව, වර්ගය අනුව, සහ අන්තර්ගතය විශ්ලේෂණය කිරීමෙන් හඳුනාගත හැක. සෑම පණිවිඩයක්ම කැබලි විතන්‍ය හුවමාරැ මුල් කෙටුම්පත භාව්තයෙන් අහුරා ඇති අතර එය ලැබුනු බව හිස් පණිවිඩයක් මගින් ආයාචනා පාර්ශවයට දැනුම් දෙයි.[5] ප්‍රතිග්‍රහණය කළ පණිවිඩය ප්‍රතිචාරයක් බලාපොරොත්තු වේ නම් හුදෙක් පණිවිඩය විසින්ම ප්‍රතිචාරය අඩංගු ස්වාධින කැබලි විතන්‍ය හුවමාරැ මුල් කෙටුම්පත් පණිවිඩයක් නිපදවයි. එක්ස් ජාල පණිවිඩ අගය යුගලයන්ගෙන් සමන්විත කෝෂ ග්‍රන්ථයක් ලෙස කේතාංකනය කරනු ලබයි. මෙම අගය යුගල කැබලි විතන්‍ය හුවමාරැ මුල් කෙටුම්පත් ජාලය හරහා යැවීමට ප්‍රථම එක්ස්.එම්.එල් භාෂාවට (XML) පරිවර්ථනය කරනු ලබයි.
නිර්මාණ ශිල්පය
සංස්කරණයඑක්ස් ජාලයේ නිර්මාණ ශිල්පය කාර්යය පදනම් වූ පද්ධතියක් මත නිර්මාණය වී ඇත. එක්ස් ජාල පාලකය නියෝජිතයින් හට කාර්යය පිටත් කර හරින අතර නියෝජිතයින් පද්ධතියට ප්‍රතිචාර දක්වයි. ජාල පාලකය ක්‍රියාත්මක කරන සැබෑ පරිගණනය "කාර්යයක්" ලෙසට හැඳින්වේ. කාර්යයක් සාර්ථකව නිම කිරීමට අවශ්‍ය ගොනු(පරාමිතීන්, දත්ත ගොනු, ලැයිස්තු, ක්‍රියාත්මක කළ හැකි ගොනු හා ෂෙල් අක්ෂර) එම කාර්යය සතු වේ. එක්ස් ජාලයේ අඩංගු ගොනු සමකාලීනව, විෂමකාලීනව හෝ යම් කිසි කාර්යය ව්‍යාකූලත්වයකදී ක්‍රියාත්මක කළ හැකි විය යුතුයි. කාර්යයක් සම්පූර්ණ කිරීමෙන් පසුව එක්ස් ජාල පාලකය අදාල ග්‍රාහකයා වෙත කාර්යය පූරණය කිරීමේ හෝ අපොහොසත් වීමේ සංඥාව නිකුත් කරයි. උදාහරණයක් ලෙස ඊ මේල් පණිවුඩයක් මගින් ග්‍රාහකයා දැනුවත් කිරීම සිදු කරනු ලබයි. පද්ධතිය කාර්යය සකසන අතරතුර ග්‍රාහකයා හට ජාලයෙන් මිදිය හැක. ග්‍රාහකයා හට කාර්යයේ තත්වය විමර්ෂණය කළ හැකි අතර එක් එක් උප කාර්යයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ පහසුකම් සලසා නොමැත. [13]
එක්ස් ජාල පාලකය, එක්ස් ජාලයේ පිහිටි නිවැරදි කෘත්‍යයකට මධ්‍යව පිහිටා ඇත. මෙම මධ්‍ය ශීර්ෂය විසින් බෙදා හැරීම, අධීක්ෂණය හා නියෝජිතයන් මත රදවා ඇති කාර්යයන් සමායෝජනය සිදු කරයි. පාලකය මත ධාවනය වන වැඩසටහන හට නියෝජිතයින්ට පවරා ඇති කාර්යයන් පැවරීම සහ නැවත පැවරීම සිදු කළ හැකියි. මෙය සිදු කිරීමට හේතුව වනුයේ තනි නියෝජිතයෙක් මාර්ගයෙන් සිදු විය හැකි අසමත්වීම් වලක්වාලීමයි. නියෝජිතයෙක් හට පිරිනමන කාර්යය ප්‍රමාණය සාධක දෙකක් මත රඳා පවතී.
1.එක්ස් ජාලය තුළ සිටිනා සම්පූර්ණ නියෝජිතයින් ගණන
2.එක් ශීර්ෂයක් මත ක්‍රියාත්මක වන්නා වූ සකස් කිරීම් ප්‍රමාණය
එක්ස් ජාලය තුළ සිටිනා සම්පූර්ණ නියෝජිතයින් ප්‍රමාණය, ජාල පාලකය මඟින් සිදු කරන කාර්ය විභජනනයට පූර්ව හේතු සාධක වේ. පද්ධතිය සතු නියෝජිතයින් ප්‍රමාණය විශාල නම් කාර්ය ප්‍රමාණය සම කාලීන ලෙස නියෝජිතයන් අතරේ බෙදී යන අතරම නියෝජිතයින් ප්‍රමාණය අවම මට්ටමක පවතී නම් කාර්ය සියල්ල පෙළ ගැස්විය යුතුය. එක්ස් ජාලයේ අඩංගු පරිගණකයක සැකසුම් ඒකක එකකට වඩා වැඩියෙන් නිරීක්ෂණය වේ නම්, පාලකය මගින් හඳුනාගත් එක් එක් සැකසුම් ඒකකයට වෙන් වූ කාර්ය ලබා දීම සිදු කරයි. පාලකය මඟින් සිදු කල යුතු කාර්ය ප්‍රමාණයට වඩා නියෝජිතයින් ප්‍රමාණය අඩු වූ විට ඉහත කී සංසිද්ධිය ක්‍රියාවට නැංවේ. [13]
එක්ස් ජාලය ස්තරීකරණය වී ඇත්තේ කැබලි විතන්‍ය හුවමාරැ මුල් කෙටුම්පත සහ [HTTP] සමඟ සැසඳිය හැකි අන්තර්ජාල ඉංජිනේරු කාර්යය බලකා(IETF) තත්වයන් යටතේ වේ. මෙහි සන්නිවේදන කටයුතු සිදු වනුයේ ද්වී බහුපත් ආකාරයට වන අතර තුල්‍යයා-තුල්‍යයා[Peer-to-peer] ජාල අතර සිදු වන්නේ මෙම සන්නිවේදනයයි. ඒමෙන්ම කැබලි විතන්‍ය හුවමාරැ මුල් කෙටුම්පත මඟින් එක්ස්.එම්.එල් භාවිතා කොට බහු නියෝජිත පිරිසක් සමඟ එකම ජාලය තුළ සන්නිවේදනය කිරීමට අවශ්‍ය ආකෘතිය සකසනු ලැබේ.[14]
අතුරු මුහුණත
සංස්කරණයඑක්ස් ජාලය විධාන පුවරුව මඟින් පාලනය කළ හැකි අතරම එක්ස් ජාලයේ ග්‍රාපිකරූපී අතුරු මුහුණතද මැක් ඕඑස් එක්ස් සර්වරය සමඟ අඩංගු කොට 2009 මාර්තු මසදී අන්තර්ජාලයට මුදා හැරින. ග්‍රාපිකරූපී අතුරු මුහුණත එක්ස් ජාලය පරිපාලනය කිරීමේ කාර්යක්‍ෂම ක්‍රමෝපාය විය. පටන් ගැන්මේදී එක්ස් ජාලය මැක් ඕඑස් එක්ස් 10.4 සමඟ අන්තර්ගත වූ අතර ග්‍රාපිකරූපී අතුරු මුහුණත ඕඑස් එක්ස් සර්වරයට පමණක් සීමා විය. ඇපල් සමාගම ගත් මේ තීරණය නිසා එක්ස් ජාලය සමඟ ජනතාවට කටයුතු කිරීමේ ඉඩ ප්‍රස්තා සීමා සහිත තත්වයකට පත් විය. අවසානයේදී ඇපල් සමගම විසින් එම මැක් ඕඑස් එක්ස් සර්වර් පරිපාලක මෙවලම් මහජනයා හට භාවිතා කිරීම සඳහා ප්‍රකට කළේය.[15]
ග්‍රාපිකරූපී අතුරු මුහුණත මැක් ඕඑස් එක්ස් සර්වර් නොවන පද්ධතීන් වලට අඩංගු නොවුවද විධාන පුවරුවේ xgridctl
සහ xgrid
විධාන මඟින් සර්වර් පරිපාලක මෙවලම ජනයාට භාවිත කිරීමේ අවස්ථාව උදා විය.[16] එක්ස් ජාල පාලක වැඩසටහන ක්‍රියාත්මකව තිබියදී වුවද එක්ස් ජාල පරිපාලක ටූලය ක්‍රියාත්මක කල හැක.[15] විෂුවල් හබ්(Visual Hub) වැනි වැඩසටහන් අතුරු මුහුණත් මඟින් එක්ස් ජාල පාලක හැකියාවන් සක්‍රීය කොට ඇත. [17][18]
තව බලන්න
සංස්කරණය- TenGrid එක්ස් ජාල පාලනය පිලිබඳ ගැටළු සාකච්ඡා කරන විස්තරාංග ඇතුළත් විකිපතක්.
- An Xgrid Primer gives recreational uses of Xgrid.
- කොන්දෝර් ඉහල-ප්‍රතිඵල පරිගණක පද්ධතිය
යොමුව
සංස්කරණය- ^ a b "Mac OS X Manual Page For xgrid(1)". Apple Inc. 2007-12-03. සම්ප්‍රවේශය 2008-07-25.
- ^ "Mac OS X 10.5 SLA" (PDF). Apple Inc. 2005-03-09. 2008-03-19 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-06-12.
- ^ "Zilla - Computerworld Honours Program Archives". සම්ප්‍රවේශය 2009-02-27.
- ^ "Apple Computer, Inc. Agrees to Acquire NeXT Software Inc" (Press release). Apple Computer. 1996-12-20. 2002-02-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-06-13.
- ^ a b Côté, Daniel (2004-06-21). "XGrid agent for Unix architectures". Simple. March 10, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-07-18.
- ^ Martellaro, John (2007-02-13). "OpenMacGrid Computing Grid for Mac Users Announced". The Mac Observer. සම්ප්‍රවේශය 2009-03-01.
- ^ Saunders, Grover (2007-02-12). "OpenMacGrid creates distributed computing love-fest". Ars Technica. සම්ප්‍රවේශය 2009-03-01.
- ^ Parnot, Charles (2007-12-03). "Xgrid@Stanford - Home". Stanford University. සම්ප්‍රවේශය 2008-07-25.
- ^ Parnot, Charles (2007-12-03). "Xgrid@Stanford - Projects". Stanford University. සම්ප්‍රවේශය 2008-07-25.
- ^ Michaels, Philip (2004-09-01). "10 Things to Know about TIGER". 21 (9). MacWorld: 50–55. ISSN 0741-8647. සම්ප්‍රවේශය 2008-10-16.
{{cite journal}}
: Cite journal requires|journal=
(help); Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help) (Subscription required) - ^ Schwartz, Ephraim (2004-01-26). "Doth Apple Protest Too Much?". 26 (4). InfoWorld: 12. සම්ප්‍රවේශය 2008-10-16.
{{cite journal}}
: Cite journal requires|journal=
(help) (Subscription required) - ^ a b Côté, Daniel (2004-01-07). "XGrid". Simple. 2008-04-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-07-18.
- ^ a b "Xgrid Programming Guide: How It Works". Apple Inc. 2007-10-31. සම්ප්‍රවේශය 2008-06-12.
- ^ "Mac OS X Server: Xgrid" (PDF). Technology Brief. Apple Inc. 2007-11-01. p. 2. සම්ප්‍රවේශය 2009-03-01.
- ^ a b Muir, Dylan (2005-06-23). "10.4: Run an Xgrid with Tiger client". Macosxhints.com. සම්ප්‍රවේශය 2008-07-26.
- ^ For explicit instructions on setting up an xgrid controller without needing an OSX server see http://tengrid.com/wiki1/index.php?title=XGRID_FAQ
- ^ "VisualHub offers Xgrid support". MacNN. 2006-06-07. සම්ප්‍රවේශය 2008-07-26.
- ^ Sellers, Dennis (2006-08-01). "VisualHub update adds over 20 new features". Macsimum News. සම්ප්‍රවේශය 2009-03-01.[permanent dead link]