උසස් පෙළ දේශපාලන විද්‍යාව

ප්‍රජාතන්ත්‍රවාදය

මතවාද

ආණ්ඩුක්‍රම ආකෘතීන්

      1 ලිකිත ,අලිකිත 
      2 නම්‍ය අනම්‍ය 
      3 ඒකීය හා සංදීය

දේශපාලන විද්‍යාවේ ආරම්භය සංස්කරණය

ආදි කාලීන මානවයා ජීවත් වූ සමාජය සංවිධානය වී නොතිබුණි.ඒ නිසා ම මිනිසුන් තම අවශ්‍යතාවයන තනි තනිව සපුරා ගෙන වෙන් වෙන් ව ජීවත් විය. මෙසේ ජීවත් වූ මිනිසුන් හේතුන් ගණනාවක් නිසා ශිෂ්ඨාචාර ගත විය. ඒ නිෂ්පාදන උපකරණයන් ගේ දියුණුව, ගින්දර සොයා ගැනීම, කෘෂි කර්මන්තය හඳුනාගැනීම, සතුන් හීලෑ කරගැනීම වැනි හේතුන්ය. මෙසේ ශිෂ්ඨාචාර වූ මනාසා පළමුව පවුල් වශයෙන්ද දෙවනුව ගෝත්‍ර වශයෙන් ද , සංවිධානය වූ අතර ඒ තුළින් පාලනය නැමති සංකල්පය ආරම්භවිය. කිසියම් ගෝත්‍රයක විසූ ශක්තිමත්ම මිනිසා එහි නායකයා බවට පත් විය. මෙය දේශපාලනයේ ආරම්භය යි. එහෙත් දේශපාලන විද්‍යාව නමැති විෂය ආරම්භ වන්නේ ග්‍රීක පෟර රාජ්‍යය පදනම් කර ගනිමිනි. පවුර රාජ්‍යය හැදින්වීම සදහා භාවිතා කරන ලද Polis යන වචනය බිහවී ඇත. පසුව වද්‍යාත්මකව සංවර්ධනය වූ මෙම විෂයය Political Science හෙවත් දේශපාලන විද්‍යාව වශයෙන් හදුන්වන ලදී. ඇරිස්ටෝටල් නැමති ග්‍රීක දාර්ශනිකයා මෙම විෂය දියුණු කල ප්‍රථම පුද්ගලයායි. ඒ නිසා දේශපාලන විද්‍යාවේ පියා ලෙස සැලකෙන්නේ ද [[ඇරිස්ටෝටල් ය.

දේශපාලන විද්‍යාවේ ස්වභාවය සංස්කරණය

දේශපාලනය විද්‍යාවක් ලෙස ආරම්භ වූයේ ග්‍රීක යුගයේ සිටය. ග්‍රීක යුගයෙන් ආරම්භ වන දේශපාලන විද්‍යා විෂය අධ්‍යයනය කිරීම මේ වන විට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය වෙමින් ඉදිරියට පැමිණ ඇත. ග්‍රීක යුගයෙන් පටන් ගෙන මධ්‍යතන යුගයේ අවසානය දක්වා වූ සමස්ථ කාලය පුරාම දේශපාලනය හැදෑරුවන්ගේ මූලික අවධානය යොමු වූයේ රාජ්‍ය කේන්ද්‍රගත අධ්‍යයනයකටය. නූතන යුගයේ ආරම්භය වන විට දේශපාලන විද්‍යාව බලය පිළිබද හදාරන විෂයයක් ලෙස ඉදිරියට පැමිණ ඇත. මේ අනුව දේශපාලන විද්‍යාව මතවාද දෙකක් ඔස්සේ විකාශනය වී ඇත. එනම් 1 දේශපාලන විද්‍යාව රාජ්‍ය පිළිබඳව අධ්‍යනය කරන විද්‍යාවක් යන මතවාදය හා 2 දේශපාලන විද්‍යාව බලය පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාවක් යන මතවාදයන්ය. දේශපාලන විද්‍යාව රාජ්‍ය පිළිබඳව අධ්‍යයනක කරන විද්‍යාවක් දේශපාලන විද්‍යාව රාජ්‍ය පිළිබඳව හදාරන විද්‍යාවක් බවට වන මතවාදයේ ආරම්භය ග්‍රීක යුගය දක්වා විහිදෙයි. මෙහිදී ග්‍රීක යුගයේ දී Polis යන නම්න් හඳුන්වන ලද

දේශපාලන විද්‍යාව ක්‍රි.පු 3-5 අතර කාලයේ ග්‍රීක යුගය තුළ බිහි විය.දේශපාලන විද්‍යාවේ පියා වන ඇරිස්ටෝටල් දේශපාලන විද්‍යාව යන සමාජ විද්‍යාව හදුන්වන්නේ ලොව සියලු සමාජ විද්‍යා අතර අග්‍රගණ්‍යම සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව ලෙස යි.මේ අනුව, දේශපාලන විද්‍යාව නැමැති වසර 2500කටත් වඩා වැඩි ඉතිහාසයක් ඇති දේශපාලන විද්‍යාව සතු විශයේ ස්වාභාවය අධ්‍යනය කිරීමෙදී ප්‍රධාන මාතෘකා 3ක් යටතේ අධ්‍යනය කෙරේ.

1.විශය තේමාව

2.විද්‍යානුකූලභාවය

3.අධ්‍යනය කිරීමේ ක්‍රමවේද

දේශපාලන විද්‍යාවේ විශය තේමාව හඳුනා ගැනීමේදී දේශපාලන විද්‍යාව යනු සංවිධිත සමාජයක් තුළ මානවයින්ගේ දේශපාලන චර්යාව හදාරනු ලබන විශය ලෙස දේශපාලන විද්‍යාව සැලකේ.මෙම දේශපාලන චර්යාව බිහි වීමට ප්‍රධාන වශයෙන් බලපාන සාධක-ආර්ථික, සමාජ, සංස්කෘතික, ආගමික, භූගෝලීය, මනෝ විද්‍යාත්මක, පුද්ගල සබඳතා, ඓතිහාසික උරුම වේ.

මෙම සාධකයන් හරහා බිහි වන මානවයින්ගේ දේශපාලන චර්යාව පිළිබඳ සංවිධිත සමාජ ක්‍රමයක් තුළ සිදු කරන හැදෑරීම දේශපාලන විද්‍යාව ලෙස සැලකේ.

දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවක් වන අතර මෙහි විද්‍යානුකූලභාවය පිළිබඳව විවිධ අදහස් විශයේ මුල් අවධියේ සිට පැවතුණි.ගානර්ට අනුව යම් විශයක අදාළ තත්ත්වයන් එකට ගෙන ඒවා ගලපමින්, වර්ග කරමින්, නිරීක්ෂණ හා විශ්ලේෂණය මඟින් අවසාන වශයෙන් ලබා ගන්නා දැනුම් සම්භාරය විද්‍යාවක් වේ. තවද විද්‍යාවක අන්‍යෝන්‍ය වශයෙන් බැඳුණු අංග කිහිපයක් පවතී. ඒවානම්; දත්ත එකතු කිරිම, ඒවා පිලිවෙලට තබා ගැනීම, ඒවා වර්ග කිරිම, නිරීක්ෂණය හා විශ්ලේෂණය, අවසාන නිගමනවලට එලැඹීම.

මේ අනුව විද්‍යාවක් ලෙස සැලකෙන මෙම සාධකයන් දේශපාලන විද්‍යාව තුළ පවතීද යන්න හදුනා ගැනීමෙන් දේශපාලන විද්‍යාවක විද්‍යාත්මකභාවය තහවුරු කර ගත හැකිය. ඇරිස්ටෝටල්,බොඩෑන්, බ්‍රයිස්සාමි,හොබ්ස් යන චින්තකයින් මෙය විද්‍යාවක් ලෙස හඳුන්වයි.ඔවුන් දේශපාලන විද්‍යාව විද්‍යාවක් බවට දැක්වූ තර්ක මෙසේය.

1)දේශපාලන විද්‍යාවේ පර්යේශනාගාරය සමාජයයි.

2)දේශපාලන චර්යාවන් සාමාන්‍යකරණය මඟින් පොදු නිගමන ලබා ගනී.

3)ස්වභා විද්‍යාවක් තරම් එය පරිපුර්ණ නොවන්නේ එය සංකිර්ණ විශයක් වන බැවිනි.

4)දේශපාලන විද්‍යාව තුළද සදාකාලික මත පවතී

කෙසේ වුවත් දේශපාලන විද්‍යාව විද්‍යාවක් නොවන බවට අදහස් දැක්වූ චින්තකයින්ද ඇත.එඩ්මන් බර්ග්,මේට්ලන්ඩ්,ඔගස්ට් කොම්ටේ වේ.

දේශපාලන විද්‍යාව පිළිබඳ හොඳ විභාග ප්‍රශ්න මාලාවක් මා දකින විට මට කනගාටු සිතෙන්නේ අසා ඇති ප්‍රශ්න පිළිබඳව නොව එහි මාතෘකාව පිළිබඳවය.- මේට්ලන්ඩ්

මේ අනුව ඉදිරිපත්ව ඇති මෙම චින්තන අදහස් කැටි කරගත් විට දේශපාලන විද්‍යාව විද්‍යාවක් නොවන බව දැක්වෙන පොදු තර්ක කීපයකි.

1)දේශපාලන විද්‍යාව මූලධර්ම අතර ඒකීයභාවයක් දැකිය නොහැක.

2)හේතු සාධක මත පිහිටා නිශ්චිත අනාවැකි ප්‍රකාශ කළ නොහැක.

3)විද්‍යාත්මක ශිල්පීය ක්‍රම භාවිතා කළ නොහැක.

4)නියැතිවාද ගොඩනැංවිය නොහැක.

මේ ආකාරයට දේශපාලන විද්‍යාවේ විද්‍යානුකූලභාවය සම්බන්ධයෙන් නිශ්චිත මතවාදයක් නොමැති අතර පොදු එකඟතාවක් විද්‍යානුකූලභාවය සම්බන්ධයෙන් බිහි වී නැත.

දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම සංස්කරණය

දේශපාලන විද්‍යාව අයත් වන්නේ සමාජයීය විද්‍යා ගණයටය. සමාජ විද්‍යාවක් මගින් කරනුයේ මිනිසාගේ සමාජ හැසිරීම හා සම්බන්ධ විවිධ මහැතිකඩ අධ්‍යයනය කිරීමය. මේ අනුව දේශපාලන විදයාව මගින් කරනුයේ මිනිසා දේශපාලන ජීවියෙක් ලෙස සංවිධිත දේශපාලන සමාජයක් තුළ හැසිරෙන ආකාරය අධ්‍යයනය කිරීමය. ඓමගින් අදහස් කරන්නේ මිනිසා දේශපාලන තීරණවලට එළඹෙන්නේ කෙසේද? එම තීරණ සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියා කරන්නේ කෙසේ ද ? දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මිනිසා දේශපාලන සමාජයක් තුළ ගොඩ නඟා ඇති දේශපාලන ආයතන සමඟ සම්බන්ධතා පවත්වන්නේ කෙසේ ද ? යන්න යි. මිනිසාගේ දේශපාලන හැසිරීම තීරණය වීම කෙරෙහි බලපාන්නේ දේශපාලන කරුණු පමණක් ම නොවේ. ආර්ථික, සංස්කෘතික, ආගමික,සමාජයීය,මනෝවිද්‍යාත්මක, භූගෝලීය, පුද්ගල, ඓතිහාසික උරුමයන් යනාදී වශයෙන් පුළුල් සාධක සමූහයක් ඒ කෙරෙහි බලපානු ලැබේ.

දේශපාලන විද්‍යාව වූ කලී සමාජ විද්‍යාවන් අතර අග්‍රගන්‍යතම සමාජ විද්‍යාව වන අතර ( master science ) එය ලොව පැරණිතම හා සියලුම සමාජ විදයාවන් ගේ මව් විෂය ද වේ. දේශපාලන විද්‍යාව යනු සරල අර්ථයෙන් ගත් කළ රාජ්‍ය පාලන කලාව පිළිබඳ හදාරනු ලබන විද්‍යාව ලෙස අර්ථ දැක්වුවද , මෙය විෂයක් ලෙස ආරම්භ වී වසර 3000- 4000 ක් පසුකොට ක්‍රි.ව. 2013 ජීවත් වන අප එය හඳුනාගත යුතු වන්නේ , ඉන් ඔබ්බ්ට ගිය පුළුල් අන්තර් ජාතික රාජ්‍ය ක්‍රමයක් තුළ ජිවත් වන දේශපාලන ජීවීන් ට සමපාතවය. මහාචාර්ය ජෝන් සීලී ඉතිහාසය නමැති මහා වෘක්ෂයේ මිහිරි ඵළය දේශපාලන ය යැයි පැවසුවේ එම යථෝක්ත අදහස ප්‍රත්‍යක්ෂ කරමිනි. රාජ්‍ය හා ආණ්ඩුව ද ආගම ද දේහපාලනය ද සර්වසම යැයි අන්‍යසම යැයි පැවසු යුගයක නොව සියලු දේශපාලනමය ප්‍රපංචයන් අරභයා නව අර්කථන නිර්මාණය කළ යුතු දේශපාලන කළියුගයක අප ජීවත් වෙමු. රාජ්‍ය වනාහී භූමිය , ජනගහණය , ආණ්ඩුව හා අභ්‍යන්තර හා බාහිර වහයෙන් ඇති ස්වාධිපතීත්වයේ නිර්මාණයක් ලෙස දුරවබෝධ සංකල්පයක් ලෙස විග්‍රහ කළ ද , අන්තර් ජාතික රාජ්‍ය ක්‍රමය තුළ මොන්ටිවීඩියෝ සම්මුතියෙන් පසු අන්තර් ජාතික පිළිගැනීම ද සහිත ප්‍රපංචයක් බවට එය පත් විය. න්‍යායාත්මකව රාජ්‍ය යනු දුරවබෝධ සංකල්පයක් වුවද , නිවන් නොදැක නිවනක් නැතැයි ද , ස්වර්ගයක් නොදැක ස්වර්ගයක් නැතැයි ද තර්ක කරනු ලබන රීතියක සිට මානව සංවිධිත ජීවිතය පාලනය කරන රාජ්‍ය නමැති අපූර්ව සුවිහේෂී සමාජ සංවිධානය සාකච්ජාවට බඳුන් කිරීම උචිත ද යන්න ද ගවේෂණය කළ යුතුව ඇත.

දේශපාලන විද්‍යාව සහ අනෙකුත් සමාජයීය විද්‍යා විෂයයන් සංස්කරණය

දේශපාල විද්‍යාව අනෙක් සමාජයීය විද්‍යාවන් සමඟ ඉතා කිට්ටුවෙන් බැඳී තිබෙන ආකාරය දැකිය හැකිය. ඉතිහාසය, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, දර්ශනය, සමාජ විද්‍යාව, නීතිය, මානව විද්‍යාව, සංඛ්‍යාන විද්‍යාව යනාදිය නිදසුන් ලෙස දැක්විය හැක. මෙම සමීප සම්බන්ධතාවය හේතු කොටගෙන දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම දේශපාලන විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් පමණක් කළ නොහැකි බව ඇතැම් විද්වතුන්ගේ අදහස වේ.  ඒ සඳහා අන්තර් විෂයත්මක දෘෂ්ටිකෝණ යොදාගත යුතු බව ඔවුන් ප්‍රකාශ කොට ඇත. 

පර්යේෂණ ක්‍රමවේද, විෂය අන්තර්ගතය සහ විෂය තුළ වර්ධනය වී ඇති න්‍යාය සහ සංකල්ප සලකා බලමින් දේශපාලන විද්‍යාව අර්ථාන්විතවම නියම විද්‍යාවක් බවට විද්වතුන් පිරිසක් තර්ක කරන අතර තවත් විද්වත් පිරිසක් දේශපලන විද්‍යාව ශාස්ත්‍රීය විෂයක් පමණක් බවට මත පල කරති.

දේශපාලන විද්‍යාව අධ්‍යයන විෂයක් ලෙස සංස්කරණය

දේශපාලන විධාය විෂයක් ලෙස අධ්‍යයනය කිරීම ආරම්භ වන්නේ ක්‍රි. පූ. 3 වන සියවසයේ දී පමණ ඉපැරණි ග්‍රීසිය තුළය. මේ සම්බන්ධයෙන් පදනම දැමූවන් ලෙස සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් යන ග්‍රීක දේශපාලන හා සමාජ දාර්ශනිකයන් තිදෙනා හඳුනා ගත හැක. ග්‍රීක යුගයේ සිට මේ දක්වා ඉදිරියට පැමිණ ඇති දේශපාලන විද්‍යා විෂය අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා යුග වලට බෙදා තිබේ. එනම්, 1 ග්‍රීක යුගය 2 රෝම යුගය 3 මධ්‍යතන යුගය 4 නූතන යුගය ක්‍රි. පූ. 7වන සියවසේ සිට 15වන සියවස දක්වා කාලය ඉහත දැක්වූ මුල් යුග තුනට ද, 15 වන සියවසෙන් පසු කාලය නූතන යුගයට අයත් කාලය ලෙස ද සලකනු ලැබේ. දේශපාලන විද්‍යා විෂයයේ විකාශය දෙස බැලීමේ දී පෙනී යන ප්‍රධානතම ලක්ෂණය වන්නේ ඒ ඒ යුගවල දී සිදුවී ඇති දේශපාලන සිදුවීම් සමඟ දේශපාලන විද්‍යාවේ අවධානය යොමු කරන විෂය කරණු ප්‍රසාරණය වී ඇති බවය. නිදසුන් ලෙස ග්‍රීක රෝම හා මධ්‍යතන යුගවලදී දේශපාලන සහ සමාජ දාර්ශනිකයින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ මිනිසාට උපරිම භෞතික හා ආධ්‍යාත්මික වර්ධනයක් ලබා දිය හැකි වඩාත් හොඳ රාජ්‍ය ක්‍රමය හා ආණ්ඩු ක්‍රමය කුමක් ද යන්න ගවේෂණය කිරීමටය. එබැවින් මෙම කාලය තුළ දේහඵාලන විද්‍යාවේ ප්‍රධාන තේමාව වූයේ රාජ්‍ය හා ආණ්ඩ්ව පිළිබඳව හදාරන විෂය ලෙස ප්‍රචලිත විය. 15වන සියවසෙන් පසුව ආරම්භ වන නූතන යුගය තුළ දේශපාලන විද්‍යාවේ තේමාව රාජ්‍ය හා ආණ්ඩුව පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් ඔබ්බට විහිදීයන ආකාරය දැකිය හැක. මේ සම්බන්ධයෙන් බලපෑ මූලික කරුණු කිහිපයක් පෙන්වා දිය හැක ඒවා නම්, ජාතික රා්‍ය ක්‍රමයේ ආරම්භය නව ආණ්ඩුක්‍රම ආකෘතීන් ඉදිරියට ඒම. නව අධ්‍යයන ක්‍රම ඉදිරිපත් වීම. අනෙක් සමාජයීය විද්‍යා හා ස්වාභාවික විද්‍යා අධ්‍යයනය කිරීමෙන් ලබාගත් ප්‍රතිඵල වල බලපෑම . ඉහත කරුණුවල බලපෑමෙන් දේශපාලන බලය, රාජ්‍ය පරිපාලනය, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා කළමනාකරණය, ගැටුම් නිරාකරණය හා ගැටුම් කළමනාකරණය, අන්තර්ජාතික දේශපාලනය යන විෂය ධාරාවන් ද දේශපාලන විද්‍යාව තුළට එක්වන ආකාරය හඳුනා ගත හැකි වේ. මෙයට අමතර 20 වන සයවසයේ දෙවන භාගය තුළ වර්ධනය කළ චර්යාවාදී අධ්‍යයන ක්‍රමය ද දේශපාලන විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය ප්‍රසාරණය කිරීම සම්බන්ධයෙන් ඉමහත් දායකත්වයක් සපයා ඇත. නිදසුන් ලෙස දේශපාලන චර්යාව දේශපාලන සමාජානුයෝජනය දේශපාලන සංස්කෘතිය දේශපාලන ප්‍රභූන් දේශපාලන ක්‍රම අධ්‍යයනය(පද්ධති අධ්‍යයනය)යනාදිය පෙන්වා දිය හැකිය.

දේශපාලන විද්‍යාවේ විද්‍යානුකූලභාවය

දේශපාලන විද්‍යාව ක්‍රි.පු.3 වන සියවසේ ග්‍රීසිය තුළ දේශපාලන විද්‍යාව බිහි විය.එතෙක් පටන් වසර 2500ක ඉතිහාසයේ සිට මේ දක්වා ගලා ආ ප්‍රබල සමාජ විද්‍යාවක් ලෙස සැලකේ.ඇරිස්ටෝටල් දක්වන්නේ ලොව සියලු සමාජ විද්‍යාවන් අතර අග්‍රගණ්‍ය සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව බවට මේ අනුව දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවක් වශයෙන් සැලකේ.

සැබවින්ම දේශපාලන විද්‍යාව විද්‍යාවක් ද? යන්න හදුනා ගැනීමේදී මේ පිළිබඳ ව තවමත් පොදු එකඟතාවක් බිහි වී නැත.ඇතැමුන් මෙය විද්‍යාවක් බවත් සමහරක් මෙය විද්‍යාවක් නොවන බවත් කරුණු දක්වා තිබේ.මේ අනුව දේශපාලන විද්‍යාව විද්‍යාවක් ද යන්න හදුනා ගැනීමේදී විසදා ගත යුතු ගැටලු 2ක් පවතී.

1)විද්‍යාව යනු කුමක්ද ?

2)දේශපාලන විද්‍යාව තුළ විද්‍යාවක අංග අන්තර්ගත වේද?

සැබැවින් ම විද්‍යාව යනු කුමක්ද යන්න හදුනා ගැනීමේදී මහාචාර්ය ගානර් විසින් විද්‍යාව මෙසේ දක්වයි.

විද්‍යාව යනු යම් විශයකට අදාළ තත්ත්වයන් එකට ගෙන ඒවා ගලපමින්, වර්ග කරමින්, නිරීක්ෂණය හා විශ්ලේෂණය මඟින් අවසාන වශයෙන් ලබා ගන්නා දැනුම් සම්භාරය යි.

මේ අනුව විද්‍යාවක මූලිකාංග කිහිපයක් පොදුවේ හදුනා ගත හැකිය.

1)දත්ත එකතු කිරිම

2)ඒවා පිලිවෙලට තබා ගැනීම

3)වර්ග කිරිම

4)නිරීක්ෂණය හා විශ්ලේෂණය

5)අවසාන නිගමනවලට එලැඹීම

මේ ආකාරයෙන් විද්‍යාව යන්න හදුනා ගත හැකි අතර මීළඟට මෙම විද්‍යාවක ලක්ෂණ දේශපාලන විද්‍යාව තුළ පවතීද යන්න සම්බන්ධයෙන් කරුණු ගවේෂණය කල යුතුය.දේශපාලන විද්‍යාවක අංග පවතින බවත් දේශපාලන විද්‍යාව විද්‍යාවක් බවත් දැක්වූ චින්තකයින් කීපදෙනෙකි.

  • ඇරිස්ටෝටල්
  • බොඩෑන්
  • බ්‍රයිස්සාමි
  • ගානර්

මෙම චින්තකයින් විසින් ඉදිරිපත් කල මතවාදයන් කැටි කරගත් විට දේශපාලන විද්‍යාව විද්‍යාවක් බව දැක්වෙන තර්ක මෙසේය

1.දේශපාලන විද්‍යාවේ පරීක්ෂණාගාරය සමාජය යි.

කිසියම් විශයක් අධ්‍යනයේදී ඊට නිශ්චිත පරීක්ෂණාගාරයක් තිබීම අනිවාර්ය නැත.සමාජයද පරීක්ෂණාගාරය ලෙස භාවිතා කල හැකිය.

2)මානවයින්ගේ දේශපාලන චර්යාවන් සාමාන්‍යකරණය මඟින් පොදු නිගමන ලබා ගනී.

ස්වාභා විද්‍යාවක නම් නිශ්චිත නිගමන පවතී.H2 +O = H2O වැනි නිශ්චිත නිගමන භාවිතා වූවත් දේශපාලන විද්‍යාව මානවයින්ගේ දේශපාලන චර්යාවන් මත පදනම් වන නිසා ඒවා සාමාන්‍යකරණය කොට ලබා ගත හැක්කේ පොදු නිගමන ය.

3)දේශපාලන විද්‍යාව ස්වාභා විද්‍යාවක් තරම් පරිපුර්ණ නොවන්නේ එය සංකිර්ණ විශයක් වන බැවිනි

ස්වාභා විද්‍යාවක් නම් භෞතික සාධක මත පදනම් වන නිසා වඩාත් ස්ථිර පරිපුර්ණ නිගමන ලැබේ.නමුත් දේශපාලන විද්‍යාව වැනි සමාජ විද්‍යාවක් ගතිකත්වයෙන් යුතු නිසා විශය සංකිර්ණ වන අතර ස්වාභා විද්‍යාවක් තරම් පරිපුර්ණ නැත.

4)දේශපාලන විද්‍යාව තුළද සදාකාලික මතවාද පවතී.

සාමාන්‍යයෙන් ස්වාභා විද්‍යාවක් තුළ ස්ථිර නියැතීන් පවතී.නමුත් දේශපාලන විද්‍යාව තුළද ඇතැම් අවස්ථාවල සදාකාලික මත හදුනා ගත හැකිය.

ඇරිස්ටෝටල්-සෑම විප්ලවයටම හේතුව සමාජ අසමානතාවයයි.

ඇක්ටන් සාමි-බලය විසින් මිනිසා දූෂණය කරනු ලැබේ.

මේ අනුව දේශපාලන විද්‍යාව තුළද සදාකාලිකව පිළිගත හැකි මත මේ ආකාරයෙන් නිරූපණය කල හැක.උක්ත තර්කවලින් පැහැදිලි වන්නේ දේශපාලන විද්‍යාව විද්‍යාවක් ලෙස පිළිගත හැකි පොදු කරුණු පවතින බවයි.

දේශපාලන විද්‍යාව අධ්‍යයන කිරීමේ ප්‍ර වේශ / ක්‍රම සංස්කරණය

දේශපාලන විද්‍යාව අධ්‍යයනක සඳහා භාවිතයට ගැනෙන අධ්‍යයන ක්‍රමවේද කිහිපයක් ඇත. මේවා අතරින් වැදගත් ඒවා ලෙස පහත දැක්වෙන අධ්‍යයන ක්‍රමවේද හැඳින්විය හැක. 1. දාර්ශනික අධ්‍යයන ක්‍රමය 2. තුලනාත්මක අධ්‍යයන ක්‍රමය 3. බහු විශයික විශයික අධ්‍යයන ක්‍රමය 4. සමාජ විද්‍යාත්මක ක්‍රමය 5. චර්යාවාදී අධ්‍යයන ක්‍රමය 6. පද්ධති විශ්ලේෂණ ක්‍රමය 7. සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රමය

දේශපාලන විද්‍යාව සාමාජීය විශයක් ලෙස සලකන අතර එනම් මෙය සමාජ විද්‍යා විශයකි. දේශපාලන විද්‍යාව විධිමත් ව හැදෑරීම සඳහා භාවිතා කරන අධ්‍යනය ක්‍රමවේද මේ ඔස්සේ සලකා බැලේ. දේශපාලන විද්‍යාව විධිමත් ව හැදෑරීම සම්බන්ධයෙන් අධ්‍යනය ක්‍රමවේද සොයා ගැනීමට මුලින්ම කටයුතු කලේ ඇරිස්ටෝටල් ය.එහෙත් රෝම මධ්‍යතන යුගවලදි මේ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු නොවු අතර නූතන යුගයේදී දේශපාලන විද්‍යාව හැදෑරීමට විධිමත් අධ්‍යනය ක්‍රමවේද පිළිබඳ ව මූලික වූයේ ජෝන් ස්ටුවර්ඩ් මිල්, ඔගස්ට් කොම්ටේ, කොන්වෝයි ලුයිස්, ඇලෙක්සැන්ඩර් ඛේන්, බ්‍රයිස්සාමි, බ්ලැන්ට්ශ්ලි යන අයයි.

මෙම දේශපාලන විද්‍යාව අධ්‍යනය කිරීමේ ක්‍රමවේද කොටස් 2කි.

1)සාම්ප්‍රදායික අධ්‍යනය මාර්ග

1.දාර්ශනික අධ්‍යනය ක්‍රමය

2.තුලනාත්මක අධ්‍යනය ක්‍රමය

3.ඓතිහාසික අධ්‍යනය ක්‍රමය

2)නූතන අධ්‍යනය මාර්ග

1.සමාජ විද්‍යාත්මක අධ්‍යනය ක්‍රමය

2.චර්යාවාදී අධ්‍යනය ක්‍රමය

3.පද්ධති විශ්ලේෂණ ක්‍රමය

4.සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රමය

1. දාර්ශනික අධ්‍යයන ක්‍රමය සංස්කරණය

සිතින් නිර්මාණය කරගත් ප්‍රශස්ත දේශපාලන ක්‍රමයක් පදනම් කරගෙන එය ගොඩනැගීම සඳහා පැවතිය යුතු දේශපාලන පරිසරය විස්තර කිරීම මුල් කොට ගෙන මෙම අධ්‍යයන ක්‍රමය ගොඩනැගී ඇත. මෙම ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ අවසාන ඉලක්කය ප්‍රථමයෙන් තීරණය කොට එම ඉලක්කය වෙත ළඟාවිය යුතු ගමන් මාර්ගය දෙවනුව විස්තර කිරීමය. ප්‍රායෝගිකත්ත්වය නොව මන:කල්පිත වාදය මෙම අධ්‍යයන ක්‍රමය හරහා වේ. ප්ලේටෝ ගේ “පරමාදර්ශ රාජ්‍ය“, තෝමස් මෝර් ඉදිරිපත් කළ “උටෝපියානු රාජ්‍ය ක්‍රමය“, රෑසෝ ගේ පොදු කැමැත්ත, මාක්ස් ගේ කොමියුනිස්ට් සමාජය“ මෙම අධ්‍යයන ක්‍රමය පදනම් කරගෙන නිර්මාණය කර ඇති දේශපාලන සංකල්ප වේ.


2. තුලනාත්මක අධ්‍යයන ක්‍රමය සංස්කරණය

දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ පැරණීතම අධ්‍යයන ක්‍රමයක් ලෙස මෙය හඳුන්වා දිය හැක. විවිධ දේශපාලන ක්‍රම සහ දේශපාලන ආයතන එකට ගෙන ඒවායේ හොඳ නරක, සම අසමතා, අධ්‍යයනය කරමින් වඩාත් ප්‍රශස්ත දේශපාලන ක්‍රමයක් හා අයතන ගොඩනගා ගැනීම මෙම අධ්‍යයන ක්‍රමයේ හරය වේ. එමෙන්ම විෂයයට අදාළ නව දැනුම නිෂ්පාදනය සහ න්‍යාය සංවර්ධනය තුලනාත්මක හැදෑරීම්වල මූලික අරමුණ වේ. ඇරිස්ටෝටල් ගේ “දේශපාලනය“ කෘතිය තුලනාත්මක අධ්‍යයනය පදනම් කරගෙන ලියන ලද විවිධ දේශපාලන කෘතින්ට නිදසුන් ලෙස දැක්විය හැක. වර්තමානය වන විට තුලනාත්මක අධ්‍යයන ක්‍රමය ගුණාත්මක විශ්ලේෂණ ක්‍රමයක් ලෙස භාවිත කරයි. තුලනාත්මක දේශපාලන විද්‍යාව (Comparative Politics )ලෙස විෂය ප්‍රභේදයක් වර්ධනය වීමට මෙම අධ්‍යයන ක්‍රමය මූලික වී ඇත.

3. ඓතිහාසික අධ්‍යයන ක්‍රමය සංස්කරණය

දේශපාලන ආයතනයන්ගේ සහ දේශපාලන ක්‍රමවල ඓතිහාසික වර්ධනය හා වර්තමාන තත්ත්වය අධ්‍යයනය කරමින් ඒ මත ලබා ගන්නා ප්‍රතිඵල මත අනාගත ප්‍රවණතා කථනය කිරීම මත ඓතිහාසික අධ්‍යයන ක්‍රමය ගොඩ නැගී ඇත.

4. සමාජ විද්‍යාත්මක ක්‍රමය සංස්කරණය

අන්තර් විෂයාත්මක සම්බන්ධතාවය තුළින් ගොඩනැගුණු ප්‍රෙව්ශයක් ලෙස හැඳින්විය හැක. සමාජ විද්‍යාව() හා මානව විද්‍යාව () මෙයට මූලික වේ. සමාජ යාන්ත්‍රණය හා පුද්ගලයින්ගේ දේශපාලන හැසිරීම අවබෝධ කර ගැනීමට සමාජ විද්‍යාත්මක අධ්‍යයන ක්‍රම වඩාත් ඵලදායී වේ. සමාජ වද්‍යාත්මක අධ්‍යයන ක්‍රමයේ උපකරණ කිහිපයකි. 1. සහභාගීත්ව පරීක්ෂණ 2. සෘජු නිරීක්ෂණ 3. සම්මුඛ සාකච්ඡා 4. ප්‍රශ්නාවලී 5. සිද්ධි අධ්‍යයනය

5. චර්යාවාදී අධ්‍යයන ක්‍රමය සංස්කරණය

මිනිසාගේ සැබෑ දේශපාලන හැසිරීම පදනම් කොට ගෙන මෙම අධ්‍යයන ක්‍රමය ගොඩනැගී ඇත. මෙම අධ්‍යයන ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ, I. සැබෑ තත්වය පමණක් අධ්‍යයනයට ලක් කිරීම II. සදාචාරාත්මක කරුණු හෝ ඉලක්ක අධ්‍යයනය නොකිරම. III. අනවශ්‍ය අගය කිරීම්වලින් තොරවීම. IV. විද්‍යාත්මක ශිල්ප ක්‍රම භාවිතය යනාදිය යි.

6. පද්ධති විශ්ලේෂණ ක්‍රමය සංස්කරණය

මෙය ව්‍යුහ- කාර්ය විශලේෂණ ක්‍රමය ලෙස ද හඳුන්වනු ලැබේ. අමෙරිකානු දේශපාලන වද්‍යාඥයින් දෙදෙනෙකු වූ ගබ්රියල් ආමන්ඩ් සහ ඩේවිඩ් ඊස්ටන් මෙම අධ්‍යයන ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රමුඛයෝ වෙති. දේශපාලන ක්‍රමයක් ගොඩනැගී ඇති ව්‍යුහයන් සහ ඒවා මගින් ඉටු කරන කාර්යයන් සමස්ථයක් ලෙස ගෙන අධ්‍යයනය කිරීම මත මෙම ක්‍රමය ගොඩනැගී ඇත. නිදසුන් ලෙස ගබ්රියල් ආමන්ඩ් විසින් ඉදිරිපත් කළ “ව්‍යුහ - කාර්ය විශ්ලේෂණ ක්‍රමය “ ඩේවිඩ් ඊස්ටන් ඉදිරිපත් කළ “යෙදවුම් - නිමවුම්“ විශ්ලේෂණ ක්‍රමය දැක්විය හැක.

7. සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රමය සංස්කරණය

ගණිතමය ශිල්ප ක්‍රම තුළින් දේශපාලනික ප්‍රපංචයන් හා සංසිද්ධීන් හඳුනා ගැනීම හා විශලේෂණය කිරීමට සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රමය යොදා ගනී. මේ සම්බන්ධයෙන් වැදගත් චින්තකයින් ලෙස බ්‍රයිස් සාමි, ග්‍රෙහැම් වොලර්ස්, ඩී වැල්ඩෝ(), එච්.ඩී. ඇන්ඩර්සන් දැක්විය හැක. ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් ලබාදීම සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රමයෙන් බලාපොරොත්තු වේ. ඒ නිසා එහි දී මූලික වශයෙන් දත්ත එකතු කිරීම වැදගත් වේ. ඉන් පසු මෙම දත්ත විශලේෂණය කරයි. එහිදී ප්‍රස්ථාර, වගු ආදිය යොදා ගන්නා අතර සංඛ්‍යාත්මක මිනුම් ක්‍රමද යොදා ගනී. විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ දී නියදි හරහා තෝරා ගන්නා දත්ත මත පූර්ව නිගමනවලට එළඹීමට, මැතිවරණ විශ්ලේෂණය කිරීම, ගැටුම් විශ්ලේෂණය දිළිඳුකම පිටු දැකීමේ සේවාවන් ආදිය නිරීක්ෂණය කිරීමේ දී යොදා ගනීදෙ

දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ දී ඉහතින් දක්වන ලද කිසිදු න්‍යායයක් නිරපේක්ෂ වශයෙන් යොදා ගත නොහැක. එබැවින් ඒවා අවශ්‍යතාවය අනුව සම්මිශ්‍රණය කරමින් යොදා ගන්නා ආකාරය දැකිය හැකි වේ.

දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ වැදගත්කම සංස්කරණය

දේශපාලනය අධ්‍යයනය කරන්නේ ඇයි?, එසේ කිරීමේ ප්‍ර යෝජනවත් භාවය කුමක් ද? යන කරුණු විමසිමේ දී පෙනීයන්නේ දේශපාලන සමාජය තුළ ජීවත් වන සියළු දෙනාම දේශපාලන ජීවීන් බැවින් සහ දේශපාලන ක්‍රමයේ ක්‍රියාකාරීත්වයට ඔවුන් සියළු දේනාම සහභාගිවන බැවින් දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම තාර්කික දේශපාලන ජීවියෙකු ලෙස ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය වන දෙයක් බවයි. දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ ප්‍ර යෝජනවත් භාවය පහත සඳහන් ආකාරයට දැක්විය හැක.

 තමා ජීවත් වන දේශපාලන පරිසරය පිළිබඳ අවබෝධ කර ගැනීම.  වගකීම් හා යුතුකම් අවබෝධකර ගත් හොඳ පුරවැසියකු බවට පත්වීමට හැකි වීම.  විචාරශීලීත්වය වර්ධනය කර ගැනීමට හැකිවීම.  දේශපාලන ක්‍රමයේ විවිධ වෘත්තීන් සඳහා කුසලතා වර්ධනය කර ගැනීම.  අන්තර්ජාතික සමාජය පිළිබඳ අවබෝධ කර ගැනීමට හැකි වීම.  රාජ්‍ය තාන්ත්‍රිකයන් බිහි කිරීම.tg

දේශපාලන විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය සංස්කරණය

දේශපාලන විද්‍යා‍වේ විෂය ක්ෂේත්‍රය පිළබඳ හැදෑරීමේ දී පොදුවේ පිළිගත් මතවාදයක් නොමැති බවත් අධ්‍යයනය ක්ෂේත්‍රෙය් ප්‍රධාන මාතෘකාව ලෙස තවමත් පිළිගනු ලබන්නේ රාජ්‍ය පිළිබඳව හැදෑරීම බවත් සඳහන් කළ හැකිය. රාජ්‍ය කේන්ද්‍ර කොට ගත් ඒ ආශ්‍රිතව මූලිකාජග අධ්‍යයනය කිරීම දේශපාලන විෂය ක්ෂේත්‍රයට අයත් වන නමුත් කලින් කලට විෂය ක්ෂේත්‍රයට අයත් කරුණු වෙනස් වෙමින් පවතින ආකාරය හදුනාගත හැකිය. දේශපාලන විද්‍යා විෂය ක්ෂේත්‍රයට අයත් අංග පිළිබඳ පොදුවේ පිළිගත් අර්ථකථනයක් නොමැති අතර ඒ පිළිබඳ මේ දක්වා පොදු එකඟතාවයක් ද ඇති වී නැත. මේ අනුව කාලයත් සමඟ එකතු වූ නව තේමාවන් ඔස්සේ දේශපාලන විද්‍යා විෂය ක්ෂේත්‍රය වෙනස් වූ ආකාරය විමසා බැලීම මෙහි දී සිදුවේ. දේශපාලන විද්‍යා විෂය ක්ෂේත්‍රය පිළිබඳව පොදුවේ පිළිගත් අර්ථකතනයක් දැක්විය නොහැක. එයට අයත් වන්නේ කුමක් ද ? යන්න පිළිබඳව මේ දක්වා පොදු එකඟතාවයක් ද ඇති වී නොමැත. කලින් කලට විෂය ක්ෂේත්‍රයට අයත් කරුණු වෙනස් වෙමින් පවතී. මේ අනුව වර්ථමානයේ දේශපාලන විද්‍යාව තුළ අධ්‍යයනය කරන මාතෘකා පහත සඳහන් ආකාරයට දැක්විය හැකිය. I. දේශපාලන දර්ශනය, දේශපාලන චින්තනය, දේශපාලන න්‍යාය හා දේශපාලන මතවාද II. දේශපාලන ආයතන III. රාජ්‍යය හා ආණ්ඩු IV. දේශපාලන බලය V. දේශපාලන ක්‍රියාදාමය VI. නීතිය හා අධිකරණය VII. තුලනාත්මක ආණ්ඩු ක්‍රමය VIII. රාජ්‍ය පරිපාලනය IX. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය X. ගැටුම්, ගැටුම් ප්‍රභවය, ගැටුම් කළමනාකරණය හා නිරාකරණය XI. අන්තර්ජාතික දේශපාලනය යනාදිය යි.

රාජ්‍යෙයේ ස්වභාවය සංස්කරණය

දේශපාලන විද්‍යා විෂයේ කේන්ද්‍රීය තේමාව වන්නේ රාජ්‍යය යි. එබැවින් රාජ්‍යෙය් ආරම්භය, එහි විකාශය සහ වරතමාන තත්ත්වය පිළිබඳව විචාරාත්මක දැනුමක් හා අවබෝධයක් ලබා ගැනීම දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන්නෙකු විසින් අනිරාර්යයෙන්ම කළ යුත්තකි. රාජ්‍ය යේ ආරම්භය හා විකාශය දෙස බැලිමේ දී පෙනීයන ලක්ෂණයක් වන්නේ යුගයෙන් යුගයට රාජ්‍ය යේ කාර්‍යභාරය වෙනස්වෙමින් ඉදිරියට ගමන් කර ඇති බවයි. පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය තත්ත්වයන් අනුව මෙම වෙනස්වීම සිදුව ඇත. රාජ්‍ය ක්‍රමයේ ආරම්භය ලෙස සැලකෙන්නේ ග්‍රීක නාගරික රා්‍ය ක්‍රමයයි. ඉන් අනතුරුව රෝම අධිරාජ්‍ය ක්‍රමය, මධ්‍යතන යුගය, වැඩවසම් රාජාණ්ඩු ක්‍රමය හරහා ඉදිරියට ගමන් කළ අතර 17වන සියවසේ ජාතික රාජ්‍ය වශයෙන් සංවිධානය වන ආකාරය දැකිය හැකිය. ජාතික රාජ්‍ය ගොඩ නැගී තිබෙන්නේ භූමිය, ජනගහනය, ආණ්ඩුව හා ස්වාධිපත්‍ය බලය යන සාධක හතරේ එකතු වෙනිත මීට අමතරව අන්තර්ජාතික වශයෙන් පිළිගැනීම තවත් කොන්දේසියක් ලෙස සමහර නුතන දේශපාලන විද්‍යාඥයින් පිළිගෙන ඇත. ජාතික රාජ්‍ය ක්‍රමයේ විකාශය දෙස බැලීමේ දී පෙනී යන්නේ ප්‍රථමයෙන් නිර්බාධවාදී රාජ්‍ය ලෙස පටන් ගෙන අනතුරුව සුභ සාධක රාජ්‍ය ලෙස ක්‍රියාත්මක වී, මේ වන විට අවම රාජ්‍ය ක්‍රමයට මාරු වී ඇති බවයි. අවම රාජ්‍ය ලෙස සලකන්නේ නිර්බාධවාදය හා සුභසාධකවාදයට අතර මැදි තත්ත්වයක් ය. රාජ්‍ය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී රාජ්‍ය හා බැඳී පවතින තවත් දේශපාලන සංකල්ප කිහිපයක් හඳුනා ගත හැක. ඒවා නම් ජාතිය, ජාතිකත්වය, ජනවාර්ගිකත්වය, රාජ්‍ය හා සමාජය, රාජ්‍ය හා ආණ්ඩුව සහ රාජ්‍ය සහ අනෙක් සමාජ සංවිධාන යනාදිය යි. මෙම සංකල්ප මඟින් විදහා දක්වන තේමාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ දී අනීවාර්යයෙන්ම කළ යුත්තකි. භූමිය හා ජනගහනය රාජ්‍ය යෙන් රාජ්‍යයට වෙනස් විය හැක. ස්වාධිපති බලය සෑම රාජ්‍යයකටම පොදුවේ හිමි වුවකි. ආණ්ඩු ආකෘති අතින් වෙනස් විය හැකි වුවද සැම රාජ්‍යයකම පැවැත්ම සඳහා ආණ්ඩුව අත්‍යාවශ්‍ය සාධයකයක් වේ. රාජ්‍යයක් ලෙස යම් දේශපාලන ඒකකයක් හඳුනාගැනීම සම්බන්ධ ජාත්‍යන්තර එකඟතාවක් මොන්ටිවීඩියෝ සම්මුතිය() තුළින් ලැබුණි. එහිදී ජාත්‍යන්තර සමාජය තුළ ඇති සබඳතා හා පිළිගැනීමද රාජ්‍යයක් ලෙස හඳුනා ගැනීමේ මුලිකාංගයක් බවට පත්විය.

රාජ්‍ය යේ ආරම්භය හා විකාශය සංස්කරණය

රාජ්‍ය යේ ආරම්භය හා විකාශනය සලකා බැලීමේ දී ග්‍රීක යුගයෙන් පටන්ගෙන වර්තමාන ජාතික රාජ්‍ය ක්‍රමය දක්වා දිගු විකාශනාත්මක ගමනක රාජ්‍යය ඉදිරියට ගමන් කර ඇත. ඒ ඒ යුගවල ක්‍රියාත්මක වූ රාජ්‍ය පහත සඳහන් ආකාරයට හඳුනාගත හැක. I. ග්‍රීක නාගරික රාජ්‍ය ක්‍රමය II. වැඩවසම් රාජ්‍ය ක්‍රමය III. ජාතික රාජ්‍ය ක්‍රමය IV. නිර්බාධවාදී රාජ්‍යය V. සුභසාධක රාජ්‍යය VI. අවම රාජ්‍යය VII. නව රාජ්‍යය ==

== ග්‍රීක නාගරික රාජ්‍ය ක්‍රමය ==

ක්‍රි.පූ. 7වන සියවසේ ග්‍රීසිය තුළ ක්‍රියාත්මක වූ රාජ්‍ය ක්‍රමය නාගරික රාජ්‍යක්‍රමය ලෙස හඳුන්වනු ලැබේ. භූමි ප්‍රමාණයෙන් අතිශයින්ම කුඩා රාජ්‍ය කුමයක් වූ අතර ග්‍රීසියේ සෑම ප්‍රධාන නගරයක් පදනම් කරගෙන එක් රාජ්‍යයක් බැගින් පිහිටුවා තිබුණි.ග්‍රීක නාගරික රාජ්‍ය ක්‍රමය තුළ සමාජ ක්‍රමය ගොඩ නැගී තිබුණේ ප්‍රධාන සමාජ පන්ති 3ක් පදනම් කරගෙනය. එනම් I. රදලයින් II. නිදහස් වැසියන් III. වහලුන් වශයෙනි. නාගරික රාජ්‍ය ක්‍රමය තුළ දේශපාලන බලය හිමිවූයේ රදලයින්ට/වහල් හිමියන්ට පමණි. විදේශිකයන්ට, ස්ත්‍රීන්ට, ළමයින්ට හා වහලුන්ට දේශපාලන බලය හිමි නොවීය.රදල පන්තිය ප්‍රමාණයෙන් කුඩා එකක් වූ නිසා සියලු දෙනාම දේශපාලන කටයුත වලට එනම් ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ කටයුතුවලට සහභාගි වූ අතර එම හේතුවෙන් මෙම ක්‍රමය හඳුන්වනු ලැබුවේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ලෙසය. මෙහි අනෙක් ලක්ෂණය වූයේ රාජ්‍ය පාලනයේ වැඩ කටයුතු එනම් ව්‍යස්ථාදායකය, විධායකය, අධිකරණය කටයුතු කාර්යය වශයෙන් බෙදා වෙන් කොට නොතිබීමයි.

වැඩවසම් රාජ්‍ය ක්‍රමය සංස්කරණය

රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුව ආරම්භ වන පාප් අධිරාජ්‍යය තුළ ක්‍රියාත්මක වූ ක්‍රමය වැඩවසම් රාජ්‍ය ක්‍රමය ලෙස හඳුන්වා දිය හැකිය. මෙම ක්‍රමයේ මූලික ලක්ෂණය වූයේ රාජාණ්ඩු පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වීමයි. මේ කිසිඳු රාජ්‍යයක් ශක්තිමත් මධ්‍ය බල අධිකාරයක් යටතේ ගොඩනැගී නොතිබුණි.ප්‍රාදේශීය මට්ටමින් බලය ක්‍රියාත්මක කරනු ලැබීය. රාජ්‍ය පාලකයින් පත් කිරීම, ඉවත් කිරීම පිළිබඳව අවසාන බලධාරිත්වය දැරුවේ පාප් වහන්සේය. ආර්ථික ක්‍රමය කෘෂිකර්මාන්තය මත පදනම් විය.

ජාතික රාජ්‍ය ක්‍රමය සංස්කරණය

16 වන සියවස පමණ කාලයේ මධ්‍යම යුරෝපය තුළ ජාතික රාජ්‍ය ක්‍රමයේ ආරම්භය සිදු විය. මේ කාලය තුළ තමන්ගේ ම පාලන ප්‍ර දේශ, ස්වාධින පරිපාලන ක්‍රමය, ජාතික හමුදාවක්, ගොඩනගා ගන්නා අතර එය තහවුරු කිරීමට ස්වාධිපති බලය පිළිබඳ මතවාදය වර්ධනය විය. ජාතික රාජ්‍ය ක්‍රමය බිහිවීම කෙරෙහි බලපෑ හේතු සාධක කිහිපයකි. එනම්, 1. පාප් අධිරාජ්‍යය බිදවැටීම. 2. වැඩවසම් ක්‍රමය බිඳවැටීම 3. ධනවාදය ආරම්භවීම 4. ක්‍රිස්තියානි ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය 5. කාර්මික විප්ලවය 6. පුනර්ජීවන විප්ලවය යන කරුණු කාරණාය. මේ අනුව බිහිවන ජාතික රාජ්‍ය ගොඩ නැගෙන්න් එක් ජාතියක් සඳහා එක් රාජ්‍යයක් යන සංකල්පය පදනම් කරගෙනය. භූමිය,ජනගහනය, ස්වාධිපති බලය හා ආණ්ඩුව යන සාධක හතර පදනම් කොට ගෙන ගොඩ නැගී ඇත. ජාතික රාජ්‍ය ක්‍රමයේ පදනමට අවශ්‍ය දේශපාලන මතවාද බොඩෑන්, මැකියාවේලි සහ හොබ්ස් විසින් සපයනු ලැබු අතර නෛතික පදනම 1648 වෙස්ට්ෆෝලියා සාම සම්මුතියෙන් සපයන ලදී. ආරම්භක අවස්ථාවේදී සෑම ජාතික රාජ්‍ය ක්‍රමයකම පාලන ක්‍රමය ගොඩ නැගී තිබුණේ රාජාණ්ඩුවාදී පාලන ක්‍රමයක් පදනම් කරගෙනය. වර්තමානය දාක්වා ජාතික රාජ්‍ය ක්‍රමය විකාශය වීමේ දී රාජාණ්ඩුවාදී පාලන ක්‍රම, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම දක්වා පරිවර්තනය වී ඇති අතර ජාතික රාජ්‍යෙය් ආර්ථික මුහුණුවර කාලයත් සමග වෙනස්වීම් වලට භාජනය වී ඇත. එසේ සිදුවු වෙනස් වීම් නිසා රාජ්‍ය යේ ආර්ථික මුහුණුවර තුනක් හඳුනා ගත හැකිය එනම්, I. නිර්බාධවාදී රාජ්‍යය II. සුභසාධක රාජ්‍යය III. අවම රාජ්‍යය

නිර්බාධවාදී රාජ්‍යය සංස්කරණය

නිර්බාධවාදී රාජ්‍යය ක්‍රමයේ මූලික ලක්ෂණ කිහිපයකි. එනම්, I. පෞද්ගලික වාදය II. රාජ්‍යය ආර්ථික කටයුතු වලින් මුළුමනින්ම ඈත් වීම. III. ආර්ථික කටයුතු මෙහෙයවීම පුද්ගලයා විසින් කළ යුතු වීම. IV. වෙළඳපොළ බලවේග මගින් ආර්ථිකය හැසිරවීම. රාජ්‍ය යේ කාර්යභාරය වන්නේ මිනිසාට තම පෞද්ගලිකත්වය වර්ධනය කර ගැනීමට අවශ්‍ය සමාජ කොන්දේසි නිර්මාණය කොට පවත්වාගෙන යාම මෙන්ම නීතිය හා සාමය ආරක්ෂා කිරීමයි.

සුභසාධක රාජ්‍යය සංස්කරණය

1928 – 29 තුළ ඇති වූ ලෝක ආර්ථික අවපාත යෙන් පසු නිර්බාධවාදී රාජ්‍ය ක්‍රමය සුභ සාධක රාජ්‍ය ක්‍රමයට පරිවර්තනය වීම දැකිය හැකිය. 11වන ලෝක යුද්ධයෙන් පසු සුභ සාධක රාජ්‍ය ක්‍රමය ශක්තිමත් විය. ජෝන් මෙනාඩි කෙන්ස්ගේ ආර්ථික දර්ශනය තුළින් (කෙන්සියානු දර්ශනය) සුභ සාධක රාජ්‍ය සංකල්පයට න්‍යායික පසුබිමක් ලැබුණි. මෙම පරිවර්තනය කෙරෙහි බලපැ හේතු සාධක කිහිපයකි. එනම්, I. නිර්බාධවාදී රාජ්‍යය ක්‍රමය යටතේ සමාජ බහුතරය අවම වරප්‍රසාද සහිත අය බවට පත්වීම සහ ඔවුන් වෙනුවෙන් රාජ්‍ය මැදිහත් විය යුතුය යන සමාජ ඉල්ලීම. II. ලෝක යුද්ධ දෙකක් මගින් සිදුවන විනාශය සහ ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට රාජ්‍යය සක්‍රීය ලෙස මැදිහත් විය යුතුය යන ඉල්ලීම. III. පෞද්ගලික අංශය අඩු අවධානයක් දක්වන හෝ මුළුමනින්ම අවධානයක් නොදක්වන ක්සේත්‍රයන් හි වර්ධනය සඳහා රාජ්‍යය සෘජ්ව මැදිහත් වීම. IV. විවිධ සමාජ සුභ සාධක හා සංරක්ෂණ කාරයයන් ක්‍රියාවට නැංවීම. V. සමාන පුරවැසියන් හා සමාන ඉඩ ප්‍රස්තාවන් යන සිද්ධාන්තය පදනම් කරගෙන රාජ්‍ය විසින් දේශපාලන ආර්ථික හා සමාජ කාර්යයන් කළමනාකරණය කිරීම. VI. අවසාන වශයෙන් මෙහි හරය වන්නේ ආර්ථික හා සමාජ කටයුතු කළමනාකරණය සඳහා රාජ්‍ය සෘජුව මැදිහත් වෙමින් සමාජයේ පීඩාවට පත් කොටස්වල භෞතික වර්ධනය උදෙසා ක්‍රියා කිරීමය.

අවම රාජ්‍යය සංස්කරණය

1970 ගණන්වලින් පසු ජාතික රාජ්‍ය ක්‍රමය ආශ්‍රිතව වර්ධනය වන නව රාජ්‍ය සංකල්පය අවම රාජ්‍ය වශයෙන් හඳුන්වනු ලැබේ. අවම රාජ්‍ය යනුවෙන් අදහස් කරන්නේ ආර්ථික කටයුතුවලින් රාජ්‍ය හැකිතාක් දුරට ඉවත් වීමය. මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ ධනවාදය හා නිදහස යන ආර්ථික දර්ශනය අවම රාජ්‍ය සංකල්පයට න්‍යායික පසුබිම සැපයීය. නමුත් නිර්බාධවාදී රාජ්‍ය ක්‍රමය තුළ සිදුවූවාක් මෙන් රාජ්‍ය මුළුමනින්ම ආර්ථික කටයුතුවලින් ඈත්වීමක් සිදු නොවේ. සත්‍ය වශයෙන් දැකිය හැකි වන්නේ නිර්බාධවාදී රාජ්‍යයට වඩා තරමක් ඉදිරියට ගිය සුභසාධක රාජ්‍යෙයන් පසුපසට පැමිණි අතරමැදි තත්ත්වයකි.මේ අනුව සමාජ කටයුතු වලදී එහි අවමය කළමනාකරණය කිරීම රාජ්‍ය විසින් ද ආර්ථික කටයුතු කළමනාකරණය කිරීම පෞද්ගලික අංශය විසින් ද කළ යුත බව අවම රාජ්‍ය සංකල්පයෙන් අවධාරණය කෙරේ.

නව රාජ්‍ය සංස්කරණය

නව රාජ්‍යයන් යනුවෙන් හඳුනවනු ලබන්නේ මෑතකාලීනව බිහිවූ රාජ්‍යයන්ය. මේ සෑම රාජ්‍යයක් ආශ්‍රිතවම පොදු ලක්ෂණ කිහිපයක් හදුනාගත හැකිය. එනම්, I. ආර්ථික වශයෙන් - අසංවර්ධිත වීම II. දේශපාලන වශයෙන් - නවීකරණය නොවීම III. සාමාජයීය වශයෙන් - බහුවිධ ස්වරූපයක් ගැනීම මෙම රාජ්‍යයන් තුනවන ලෝකයේ රාජ්‍ය ලෙසද හඳුන්වනු ලැබේ. අතීතයේ සිට මේ දක්වා මෙම රාජ්‍ය මුහුණ දී ඇති ගැටළු වන්නේ ජාතිය ගොඩනැංවීම සහ ආර්ථික සංවර්ධනය අයත් කර ගැනීමය.

රාජ්‍ය සම්භවය පිළිබඳ මතවාද සංස්කරණය

I. දේවවරම්වාදය සංස්කරණය

මෙහි හරය වන්න් රාජ්‍ය දෙවියන් වහනසේ විසින් නිර්මාණය කළ බවයි. දෙවියන් වහන්සේ විසින් පලකයා පත් කොට ඔහුට පාලන බලතල පවරා ඇත. පාලකයා එම බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට වගකිව යුතුය. දේවවරම්වාදයේ විශේෂ ලක්ෂණය වන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදයට මුළුමනින් පටහැනි සිද්ධාන්තයක් වීමය. එමගින් අයහපත්,ආඥාදායක, රාජාණ්ඩුවාදී පාලන ක්‍රම බිහිවීම වැලැක්විය හැකි නොවේ.

II. සමාජ සම්මුතිවාදය සංස්කරණය

සමාජ සම්මුති වාදය නව යුගය තුළ රාජ්‍ය පිළිබඳ නව මතවාදයක් ලෙස හැඳින්විය හැක. මෙම මතවාද ඉදිරිපත් කිරීමට මුල්වූයේ එංගලන්ත ජාතික තෝමස් හොබ්ස්, ජෝන් ලොක් හා ප්‍රංශ ජාතික ජින් ජැක්වින් රූසෝය. මොවුන් තිදෙනා දරණ පොදු මතය වන්නේ රාජ්‍ය වූ කලී මිනිසුන අතර ඇතිකරගත් සමාජ සම්මුතියක ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය බිහි වූ බවයි. නමුත් සම්මුතියෙන් ඇති කරගත් රාජ්‍ය හොබ්ස් දැක් වූ ආකාරයට අසහාය බලැති රාජාණ්ඩු ක්‍රමයක් වේ. ජෝන් ලොක් විසින් තම සමාජ සම්මුතිවාදී අදහස තුළින් පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය අදහස ඉදිරිපත් කළේය. රූසෝ දක්වන ආකාරයට මහජන ස්වාධිපත්‍යය පදනම් කරගත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් වේ. මෙම මතවාදයන් මගින් එතෙක් කල් පිළිගෙන තිබූ දේවවරම්වාදය ප්‍රතික්ෂේප කරමින් රාජ්‍යයට ජනතා පදනමක් සපයන ආකාරය හඳුනාගත හැක. යුරෝපා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් වේ.

III. විකාශනාත්මකවාදය සංස්කරණය

සමාජ විකාශනයේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය බිහි වූ බව විකාශනාත්මකවාදය මගින් කියැවේ. රාජ්‍ය බිහිවීම සම්බන්ධයෙන් මිනිසුන් එකට එක්තැන් වීම තීරණාත්මක සාධකයක් වූ බව විකාශනාත්මකවාදයෙන් දැක්වේ. මින්සුන් එකට එක්තැන් වීම කෙරෙහි බලපෑ සමාජ බන්ධන ලෙස විකාශනාත්මකවාදීන් දක්වන්නේ ඥාති සම්බන්ධතා, ආගම, පොදු වාසස්ථානයක පදිංචි වීම, ආරක්ෂාව, ආර්ථික අවශ්‍යතා සහ දේශපාලන හැඟීම් යනාදියයි. මෙයාකාරයට ආරම්භ වූ රාජ්‍ය විකාශය වූයේ ගෝත්‍ර රාජ්‍ය, පෙරදිග රාජ්‍ය, ග්‍රීක නාගරික රාජ්‍ය, රෝම අධිරාජ්‍ය, වැඩවසම් රාජ්‍ය සහ නූතන ජාකි රාජ්‍ය ක්‍රම හරහාය. රාජ්‍ය යේ පැවැත්ම සදාතනික දෙයක් ලෙස විකාශනාත්මකවාදීන් දකින අතර මිහිපිට මිනිසුන් වාසය කරන තෙක් රාජ්‍ය ද නොනැසී පවතීය යන්න විකාශනාත්මකවාදයේ හරය වේ.

IV. ලිබරල්වාදය සංස්කරණය

ලිබරල්වාදය හා විකාශනාත්මකවාදය අතර එතරම් පැහැදිලි වෙනසක් හඳුනාගත නොහැක. ලිබරල්වාදීන් ප්‍රකාශ කරන්නේ රාජ්‍ය වූ කලී මිනිසුන් විසින් තම පොදු යහපත උදෙසා පිහිටුවාගත් පොදු සංවිධානයක් ලෙසය. මේ අනුව මිනිසාගේ භෞතික සංවර්ධනය සඳහා කටයුතු කිරීම රාජ්‍ය යේ ප්‍රධාන කාර්යය ලෙස ලිබරල්වාදී හු හඳුනා ගනිති. විවිධත්වය සහිත මිනිසුන්ගෙන් යුත් සමාජයක පොදු යහපත ගොඩනැගීමට නම් රාජ්‍ය වැනි පොදු සංවිධානයකින් එවුන් පාලනය කිරීම අවශ්‍ය වන බව ලිබරල්වාදීන් කියා සිටියි.

V. පැසිස්ට්වාදය සංස්කරණය

පැසිස්ට් රාජ්‍ය ආරම්භය පිළිබඳ කථා කරන මතවාදයක් නොව රාජ්‍යෙය් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්නා වු මතවාදයක් ලෙස හැඳින්විය හැකිය. උත්තරීතර බලයක් සහිත ආඥාදායක රාජ්‍ය ක්‍රමයක් පැසිස්ට්වාදීන්ගේ ආදර්ශය වේ. මෙම රාජ්‍ය තුළ මිනිසා රාජ්‍ය යේ සේවකයකු මිස රාජ්‍යය මිනිසාගේ සේවකයකු නො වේ.

VI. සමාජවාදය සංස්කරණය

සමාජවාදී මතය දකින්නේ රාජ්‍ය පංති ආයුධයක් ලෙසය. ඇති - නැති ලෙස සමාජය බෙදී ගිය පසු ඇති පන්තියේ ඕනෑ එපාකම් හා ආශාවන් ආරක්ෂා කොට පවත්වාගෙන යාම සඳහාත් නැති පන්තිය පාලනය කරමින් සූරා කෑම සඳහාත් රාජ්‍ය නැමත් උපකරණය ඇති පන්තිය විසින් පිහිටුවාගත් බව සමාජවාදීන්ගේ අදහස වේ. සමාජවාදීන් රාජ්‍ය සදාකාලික දෙයක් ලෙස නොසලකන අතර රාජ්‍යෙය් බිහිවීමට පදනම් වූ පෞද්ගලික දේපළ ක්‍රමය අහෝසි කිරීමෙන් රාජ්‍ය ද අහෝසි වන බව කියා සිටී. සමාජවාදීන්ගේ මතයට අනුව මිනිසාට සැබෑ විමුක්තිය උදාවන්නේ රාජ්‍ය පෙරළා දමා ගොඩනගන කොමියුනිස්ට් සමාජ ක්‍රමය තුළය.

රාජ්‍ය, ජාතිය, ජනවාර්ගිකත්වය හා ජාතිකත්වය සංස්කරණය

රාජ්‍ය සහ ජාතිය අතරත්, ජාතිය හා ජාතිකත්වය අතරත්, ජාතිය හා ජනවාර්ගික කණ්ඩායම් අතරත් පවත්නා සම්බන්ධතාව අධ්‍යයනය කිරීම මෙම මාතෘකාවෙන් අදහස් වේ. රාජ්‍ය හා ජාතිය අතර පවතින්නේ ඉතාමත් සමීප සම්බන්ධාවයක්ය. බොහෝ රාජ්‍යයන්ගේ නිළ නාමය ගොඩනැගී තිබෙන්නේ ඒ රාජ්‍ය තුළ ජීවත්වන ජාතිය පදනම් කොට ගෙනය. රාජ්‍ය තුළ ජීවත්වන සියළු දෙනාවම එමරටේ පුරවැසියන් ලෙස සලකන අතර එම පුරවැසියන් ජාතියක් ලෙස සංවිධානය වී රාජ්‍ය පිළිබඳ ගොඩනගා ගන්නා හැගීම් මාලාව ජාතිකත්වය යන්නෙන් අදහස් වේ. ජනවාර්ගිකත්වය යන්නෙන් අදහස් කරන්නේ රාජ්‍ය තුළ ජීවත් විය හැකි වාර්ගික ජන කොටස් ය. වාර්ගික ජන කොටසකට තමන්ට වෙන් වූ භාෂාවක්, ආගමක්, සංස්කෘතියක්, ඓතිහාසික උරුමයන් සමූහයක් සහ අනාගත අපේක්ෂාවන් තිබිය හැක. රාජ්‍යයක් තුළ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට වෙනස් ජනවාර්ගික කණ්ඩායම් කිහිපයක් ජීවත් විය හැකිය. එම ජනවාර්ගික කණ්ඩායම් පටු වාර්ගිකත්වයෙන් මිදී ජාතියක් ලෙස සිතන්නේ නම්, කටයුතු කරන්නේනම් එහි දී වාර්ගිකත්වය යටපත් වී පොදු ජාතිකත්වය ඉදිරියට පැමිණෙන්නේය.

රාජ්‍ය සහ සමාජය සංස්කරණය

යම් භූමි ප්‍ර දේශයක් තුළ ජීවත්වන ජනතාව විසින් තමන්ගේ ඕනෑ එපාකම් සපුරා ගැනීම සඳහා පිහිටුවා ගෙන ඇති සමස්ථ සංවිධාන ජාලාවේ එකතුවකි. මේ අනුව රාජ්‍යය ද සමාජ සංවිධානයක් වේ. සමාජයේ දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීම පිණිස සමාජය විසින් රාජ්‍ය පිහිටුවා ගෙන ඇත. නමුත් රාජ්‍ය බිහි වූ පසුව සමාජය රාජ්‍යයට යටත් වු තත්ත්වයක් දැකිය හැකිය. රාජ්‍ය බලයට සමාජය යටත් වන්නේ විවිධත්වය පදනම් කරගත් සමාජය අභිවෘද්ධිය කරා ඉදිරියට මෙහෙයවීමේ වගකීම රාජ්‍යයට පැවරී ඇති නිසාය.

රාජ්‍ය සහ ආණ්ඩුව සංස්කරණය

ආණ්ඩුව රාජ්‍ය ගොඩනැගී ඇති සංයුතික සාධක හතරින් එකකි. න්‍යායාත්මකව ගත්විට ආණ්ඩුව රාජ්‍යෙය් නියෝජිතයා වුවද ප්‍රායෝගිකව ගත් විට දැකිය හැකි තත්ත්වය වන්නේ ආණ්ඩුව රාජ්‍යෙය් ස්වාමියා වීමය. ප්‍රායෝගික ක්ෂේත්‍රෙය් සැබෑ වශයෙන්ම සිදු වන්නේ රාජ්‍යයට වුවමනා දේ ආණ්ඩුව විසින් කිරීම නොව ආණ්ඩුවට අවශ්‍ය දේ රාජ්‍යෙය් නාමයෙන් කර ගැනීමය.

රාජ්‍ය සහ සමාගම් සංස්කරණය

අනෙකුත් සමාජ සංවිධාන යනුවෙන් අදහස් කරන්නේ රාජ්‍ය තුළ ජීවත්වන මිනිසුන් විසින් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ගොඩනගා ඇති සංවිධානයන්ය. සමාජ සංවිධානවල ක්‍රියාකාරීත්වය තීරණය වන්නේ රාජ්‍යය විසින් ඒවාට ක්‍රියාත්මක වීමට ඉඩ දී ඇති ප්‍රමාණය අනුවය. රාජ්‍යෙය් කැමැත්තට යටත්ව සමාජ සංවිධාන ක්‍රියාත්මක විය යුතු අතර රාජ්‍ය යේ කැමැත්තට පරිභාහිරව ක්‍රියාත්මක වන සංවිධාන දියකර හරිනු ලැබේ.

ආණ්ඩුවේ ස්වභාවය, ආණ්ඩු ක්‍රම ආකෘති සහ කාර්යයන් සංස්කරණය

දේශපාලන වශයෙන් සංවිධානය වූ මිනිස් සමාජයක පාලන කටයුතු ක්‍රියාත්මක කරන දේශපාලන ආයතනය ආණ්ඩුව ලෙස හැදින්වෙන අතර මෙම ඒකකයෙන් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීම අපේක්ෂා කෙරේ. ආණ්ඩුව සමාජ සංවිධාන අතරින් සුවිශේෂ සමාජ සංවිධානයක් වේ. එයට හේතුව දඬුවම් කිරීමේ තර්ජනය සහිතව අධිකාරී බලය ක්‍රයාවට නංවමින් මිනිස් සමාජය පාලනය කිරීමට ඇති හැකියාවයි. මෙවැනි අධිකාරී බලයක් ක්‍රියාවට නැංවීමට කිසිම ආයතනයකට හැකියාවක් නොමැත. මෙම ඒකකය මඟන් අපේක්ෂා කරන්නේ ඉහත දැක්වූ ආකාරයට ආණ්ඩුව සුවිශේෂි සමාජ සංවිධානයක් වන්නේ ඇයි ද? යන්න හඳුනා ගැනීම, විවිධ ආණ්ඩුක්‍රම ආකෘතීන්, ආණ්ඩුක්‍රම ව්‍යුහයන් හා කාර්යයන් හඳුනා ගැනීම යනාදිය ගවේෂණය කිරීමයි. == ආණ්ඩුව ==

ආණඩුව හඳුනා ගැනිම සංස්කරණය

ආණ්ඩුව සම්බන්ධයෙන් විවිධ අර්ථකථන ඉදිරිපත් වී ඇත. “මිනිස් සමාජයක කාර්යය මෙහෙයවීමේ අධිකාරී බලය සහිත ආයතනය ලෙස. “මිනිස් සමාජය පාලනය කරන ආයතනය ලෙස’ “රාජ්‍ය පාලනය කරන්නා වූ පුද්ගල කණ්ඩායම’ රාජ්‍ය හෝ මිනිස් සමාජය පාලනය කරනු ලබන්නා වු ක්‍රම’ මෙයට අමතරව විවිධ රාජ්‍ය ආකෘතීන් අවබෝධ කර ගැනීමේ දී රාජ්‍ය පිළිබඳ හැදෑරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් වේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය, පැසිස්ට් රාජ්‍ය ආකෘතිය සහ සමාජවාදී රාජ්‍ය ආකෘතිය හඳුනා ගැනීම ද විෂය අධ්‍යයනය කිරීමේ දී කළ යුතුය.

රාජ්‍ය හඳුනා ගැනීම සංස්කරණය

රාජ්‍ය, සමාජ සංවිධාන අතරින් උත්තරීතර ම සමාජ සංවිධානය වේ. රාජ්‍ය යේ ආරම්භය කවදා කොතැනකදී සිදුවූවා දැයි යන්න නිශ්චිත වශයෙන් කිව නොහැක. රාජ්‍යයක මූලිකාංග සහිත රාජ්‍ය ක්‍රමයක් ඉතිහාසය තුළ දැකිය හැකි වන්නේ පැරණි ග්‍රීසිය තුළ ක්‍රියාත්මක වු නාගරික රාජ්‍ය ක්‍රමය දක්වා විකාශය වී ඇත. දේශපාලන විද්‍යාව තුළ රාජ්‍යයක් ලෙස හඳුනා ගන්නේ පහත සඳහන් මූලිකාංග හතරින් සමන්විත සංවිධානයකි. එනම්, I. භූමිය II. ජනගහනය III. ස්වාධිපති බලය IV. ආණ්ඩුව මේ අනුව ස්වාධිපති බලය ක්‍රියාවට නංවන ඒජන්තවරයා ලෙස ආණ්ඩුව විසින් එම බලය පොලීසිය, සන්නද්ධ සේවාවන් හා නිලබල ක්‍රමය හරහා ක්‍රියාවට නංවනු ලැබේ. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වුවද, ඒකාධිපතිවාදී වුවද සෑම ආණ්ඩුවක් ම මුහුණ දෙන පොදු ගැටළුවක් වන්නේ ආණ්ඩුවේ නීති වලට ජනතාව අවනත කරගන්නේ හා බැඳ තබාගන්නේ කෙසේ ද යන්නයි. ආණ්ඩුව මෙය ක්‍රියාවට නංවන්නේ සහයෝගයෙන්, තර්ජනය කිරීමෙන් සහ වාරණ ක්‍රියාවට නැංවීමෙනි. ආණ්ඩුවට යෙදිය හැකි වාරණ භෞතික, ආර්ථික, මානසික සහ හිංසාකාරී වශයෙන් විවිධ වේ. නිදසුන්:- I. කෙනෙකුට යම් ව්‍යාපාරයක හෝ වෘත්තියක යෙදීමට අවශ්‍ය බලපත්‍ර නොදී සිටීමේ අයිතිය ආණ්ඩුවට ඇත. II. ඡන්දය දීමේ අයිතිය අහෝසි කිරීමේ බලය ආණ්ඩුවට ඇත. III. රාජ්‍ය තනතුරු දීම වැළැක්වීම IV. මූල්‍ය ආධාර අත්හිටුවීම V. පාඨශාලාවකින් හෝ විශ්ව විද්‍යාලයකින් පන්නා දැමීම. VI. අවසාන වශයෙන් රටින් පිටුවහල් කිරීමේ අයිතිය ඇත. ස්වාධිපති බලය ක්‍රියාත්මක කිරීමේ නීත්‍යානුකූල හිමිකරුවා ලෙස මේ සෑම වාරණයක්ම අවශ්‍ය අවස්ථාවලදී ක්‍රියාවට නැංවීමට ආණ්ඩුවට හැකියාව ඇත. මෙමගින් ආණ්ඩුව ජනතාව බලයට යටත් කර ගැනීමට පොළඹවා ලීම සඳහා උදාහරණ සපයනු ලැබීමයි. නිදසුන්:- I. නීති කඩකරන්නන්නට මුහුණ දීමට සිදුවන වාරණ මොනවාදැයි පෙන්වා දීම II. එසේ උදාහරණ සැපයීම මගින් නීතිවලට අවනත වීම හෝ කඩ කිරීම වලක්වා ගැනීමට ක්‍රියාකරනු ලැබීම. නමුත් ඉහත දැක්වූ වාරණ හරහා ම ආණ්ඩු නීති ක්‍රියාවට නැංවීමට උත්සාහ නොගනී. සමහරවිට ආණ්ඩුව ජනතාවගේ ස්වෙච්ඡාත්මක කැමැත්ත මත නීතිවලට අවනත කර ගැනීමට ද උත්සාහ ගනී. මෙම ස්වෙච්ඡාත්මක කැමැත්ත ලබා ගැනීම කරනු ලබන්නේ ආණ්ඩුව හා ජනතාව අතර ඇති කර ගන්නා එකඟතාවන් මතයි.

== ආණ්ඩුවේ බලය යෙදීමේ උපකරණ == ( ගුරු සංග්‍රහයේ කරුණු එලෙසම දැමීම තාර්කික නොවේ මෙම ලිපියේ ඇත්තේ , ගුරු සංග්‍රහයේ කරුනු පමණි. ) ආණ්ඩුවක් විසින් බලය යෙදීම සඳහා උපකාර කරගන්නා වූ උපකරණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විතවේ. එනම්, I. පොලීසිය II. සිවිල් සේවය

පොලීසිය සංස්කරණය

ආණ්ඩුව විසින් බලය ක්‍රියාවට නැංවීමට යොදා ගන්නා හස්තය වන්නේ පොලීසියයි. පොලීසියට පැවරී ඇති කාර්යය වන්නේ නීතිය හා සාමය රැකීමත්, නීති කඩකරන්නන් නීතියේ රැහැනට කොටු කර අධිකරණ ක්‍රියා මාර්ග හරහා නියමිත දඬුවම් ලබා දීමත් ය. ( ශ්‍රී ලංකා පොලීසියේ සංවිධානය වී ඇති ආකාරය බලය පැවරී ඇති අණපණත්, පොලීසිය බලය ක්‍රියාවට නංවන ආකාරය ඇතුළත් කළ යුතුය.)

සිවිල් සේවය සංස්කරණය

ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා තීරණ ජනතාව වෙත ගෙන යන හස්තය නිලබල ක්‍රමය හෙවත් නිලබල යාන්ත්‍රණය ලෙස හැඳින්වේ. ( ශ්‍රී ලංකාව තුළ සිවිල් සේවය සංවිධානය කර ඇති ආකාරය, සිවිල් සේවයේ කාර්යභාරය යනාදිය ඇතුළත් කළ යුතුය)

ආණ්ඩුවේ බලය සංවරණය කිරීමේ මාර්ග සංස්කරණය

ආණ්ඩුව කුමන ස්වරූපයක් ගත්ත ද එහි බලය සංවරණය නොකළහොත් සහ එම බලය තනි පුද්ගලයකු අත ඒකරාශී වුවහොත් අනීවාර්යයෙන් ඒකතන්ත්‍ර, හිතුවක්කාරී පාලනයක් ඇතිවීම වැලැක්විය නොහැක. ඇක්ටන් සාමිවරයාගේ නිදහස ආරක්ෂා කිරීම සඳහාත් ආණ්ඩුව හිතුවක්කාරී වීම වැලැක්වීම සඳහාත් ආණ්ඩුවේ බලය සංවරණය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ. ආණ්ඩුවේ බලය සංවරණය කිරීමට යොදා ගත හැකි උපක්‍රම දෙකකි. I. බලතල බෙදීම II. ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව හා ව්‍යවස්ථානුකූල වාදය බලතල බෙදීම දෙයාකාරයකට කළ හැක. එනම්, I. ප්‍රාදේශීය වශයෙන් බලතල බෙදීම II. කාර්යාත්මක ලෙස බලතල බෙදීම ප්‍රාදේශීය වශයෙන් බලතල බෙදීමේදී රාජ්‍යය දේශපාලන ඒකක කිහිපයකට බෙදමින් සෑම ඒකකයකටම ආණ්ඩුවක් සහිතව පවරාදී කාර්යයන් ක්‍රියාවට නැංවීමේ වගකීම් පවරනු ලැබීම. කාර්යාත්මක වශයෙන් බලතල බෙදීම කරනු ලබන්නේ ආණඩුවේ කාර්යයන් බෙදා දැක්වීමය. මෙම ක්‍රමයේ මූලික වාසි තුනක් හඳුනා ගත හැක. එනම්, I. බලතල එක් පුද්ගලයෙකු හෝ ආයතනයක් අත ඒකරාශි වීම වලක්වාලීමෙන් ඇතිවන වාසි II. විශේෂිකරණය කිරීම තුළින් ලබා ගත හැකි වාසි ආණ්ඩුවේ බලතල කාර්යාත්මක වශයෙන් බෙදීම යනුවෙන් අදහස් කරන්නේ විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ යන ආයතන අතර බලය බෙදා හැරීමය. (ආණ්ඩුව හිතුවක්කාර සහ අත්තනෝමතිකවීම වැලැක්වීමට මෙයාකාරයට බලතල බෙදීම අවශ්‍ය දෙයක් ලෙස පිළිගැනීම සහ පැහැදිලි න්‍යාය ද සවිස්තරාත්මකව දක්වන්න)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා ව්‍යවස්ථානුකූල වාදය (මේ යටතේ පහත මාතෘකා ගුරුවරයා විසින් සාකච්ඡා කළ යුතුය.) I. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කුමක් ද? II. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගත විය යුතු මූලිකාංග III. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වර්ගීකරණය කරන ආකාරය IV. ව්‍යවස්ථානුකූලවාදය යනු කුමක් ද? V. ව්‍යවස්ථානුකූලවාදයට ඇති සීමාවන් ආණ්ඩුක්‍රම ආකෘතිය(දේශපාලන මතවාද අනුව) දේශපාලන මතවාද අනුව ආණ්ඩු ක්‍රම කොටස් තුනකට වර්ග කළ හැක. එනම්, I. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී II. පැසිස්ට්වාදී III. සමාජවාදී

1. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක මූලික අංග ලක්ෂණ පහත සඳහන් ආකාරයට හඳුනා ගත හැක. i. මහජන ස්වාධීපතිත්වය ii. සමානාත්මතාව iii. අයිතිවාසිකම් iv. නියෝජන ආණ්ඩු ක්‍රමය v. කාලීනව පවත්වන නිදහස් සහ සාධාරණ මැතිවරණ vi. ව්‍යවස්ථානුකූල ආණ්ඩුව vii. වගකීම් සහිත ආණ්ඩුව viii. නීතියේ ආධිපතිත්වය ix. තරගකාරී දේශපාලන පක්ෂ ක්‍ර මය x. නිදහස් බලපෑම් කණ්ඩායම් ක්‍රියාකාරිත්වය xi. නිදහස් මහජන මතයේ ක්‍රියාකාරිත්වය xii. යහ පාලනය xiii. නිදහස් ජනමාධ්‍ය xiv. පාලකයින් සහ පාලිතයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී චර්යාව (මෙම කරුණු සවිස්තරාත්මකව දැක්විය යුතුය.) 2. පැසිස්ට්වාදී ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණ • ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයන් ආශ්‍රිතව පවතින ඉහතින් දක්වන ලද මූලික ගුණාංග කිසිවක් පැසිස්ට් ආණ්ඩු ක්‍රමය තුළ දැක ගත නොහැක. • මේ අනුව පැසිස්ට් ආණ්ඩු ක්‍රමයක මූලික අංග ලක්ෂණ පහත දැක්වෙන ආකාරයට හඳුනා ගත හැක. i. තනි පුද්ගලයකු විසින් මෙහෙයවන ආඥාදායක පාලනය ii. ආණ්ඩුවේ කාර්යයන් , ව්‍යුහයන් කාර්යාත්මක පදනමක් මත පැහැදිලිව සහ විධිමත්ව විභේධීකරණය කර නො තිබීම. iii. ඒක පක්ෂ ක්‍රමයේ ක්‍රියාකාරිත්වය iv. දැඩි ජාතිවාදය v. රාජ්‍ය යේ උත්තරීතරභාවය vi. පුද්ගලයා සහ සමාජය රාජ්‍ය යේ බලයට නිර්දය ලෙස යටත් කොට පාලනය කිරීම vii. දේශපාලන ක්‍රියාදාමයේ සෑම මූලිකාංගයක්ම අකර්මන්‍ය කිරීම viii. යුද්ධකාමි වීම 3. සමාජවාදී ආණ්ඩු ක්‍රම • මාක්ස් ලෙනින්වාදී දේශපාලන සහ ආර්ථික සිද්ධාන්ත පදනම් කොට ගෙන මෙම ආණ්ඩුක්‍රම ගොඩ නගා ඇත. • ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම තුළ දැකිය හැකි බොහෝ මූලික ගුණාංග සමාජවාදී ආණ්ඩුක්‍රමය තුළ දැකිය නො හැක. • සමාජවාදී ආණ්ඩුක්‍රමයක මූලික අංග ලක්ෂණ පහත සඳහන් ආකාරයට හඳුනාගත හැක. i. ඒක පක්ෂ පාලන ක්‍රමය සහ පක්ෂයේ අධිපතිත්වය ii. කොමියුනිස්ට් මූලධර්ම පදනම් කරගෙන ආණ්ඩුවේ ව්‍යුහයන් ගොඩනඟා තිබීම සහ කාර්යයන් විභේධීකරණය කර තිබීම. iii. නිදහස් සහ තරඟකාරී වෙළෙඳපොළ වෙනුවට රාජ්‍ය විසින් ආර්ථිකය පාලනය කිරීම - මධ්‍යගත සැලසුම් ක්‍රමය iv. කොමියුනිස්ට් මූලධර්ම වලට අනුව ජනතාවගේ දේශපාලන, ආර්ථික හා සමාජ ජීවිතය පාලනය කිරීම • මෙම ආණ්ඩුක්‍රමයට පැරණි සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව නිදසුනකි. 4. සමාජ - ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම • ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන න්‍යායන් සහ සමාජවාදයේ ආර්ථික න්‍යායන් එකට එකතු කරමින් ගොඩ නඟන ලද මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක් මෙයින් නිරෑපණය වේ. මේ අනුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තුළ දැකිය හැකි ව්‍යවස්ථානුකූල පාලනය, වගකීම, මැතිවරණ, දේශපාලන පක්ෂ, බලපැම් කණ්ඩායම්, අධිකරණයේ ස්වාධීනත්වය යනාදී සෑම ගුණාංගයක් ම මෙම ආණ්ඩුක්‍රම තුළ ද ක්‍රියාත්මක වන ආකාරය දැකිය හැකිය. • නමුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක මූලිකම ලක්ෂණය වන්නේ ආර්ථිකය කළමනාකරණය කිරීමට රාජ්‍ය දැඩි ලෙස මැදිහත් වීමය. එසේ වුවද සමාජවාදී ආණ්ඩුක්‍රමයක් තුළ මෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තුළ දැඩි මධ්‍යගත සැලසුම් ක්‍රමයක් යටතේ රාජ්‍ය විසින් ආර්ථිකය පාලනය කරනු නො ලැබේ. රාජ්‍ය කරනු ලබනන්නේ නිෂ්පාදනය හා බෙදා හැරීමේ කාර්යයන් ට රාජ්‍ය සෘජුවම සහභාගි වීම හරහා රාජ්‍ය යේ අරමුණු අනුව ආර්ථිකය මෙහෙයවීමය. දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලය තුළ බිහි වූ තුන්වන ලෝකයේ බොහෝ රටවල් විසින් මෙම දේශපාලන හා ආර්ථික දර්ශනය ක්‍රියාවට නංවන ලදී. අවම රාජ්‍ය සංකල්පය මේ වන විට පෙරමුණට පැමිණ තිබෙන්නේ මෙම ක්‍රමය අසාර්ථක වීමේ ප්‍රතිළුලයක් ලෙසයි. (ඉහතින් දැක්වූ ආණ්ඩුක්‍රම වර්ග හතරේ සාපේක්ෂ වාසි හා අවාසි සඳහන් කළ යුතුය)

ආණ්ඩුක්‍රම ආකෘතීන් (බලය බෙදීම අනුව) ආණ්ඩුක්‍රමය හඳුනා ගැනීම සඳහා යොදා ගතහැකි තවත් නිර්ණායකයක් ලෙස රාජ්‍ය යේ ස්වාධිපති බලය ක්‍රියාවට නංවන ආකාරය පෙන්වා දිය හැක. මේ අනුව ඒකීය, සන්ධීය සහ සහසන්ධීය යනුවෙන් ආණ්ඩුක්‍රම වර්ග තුනක් හඳුනා ගත හැක. 1.ඒකීය ආණ්ඩුක්‍රමය රාජ්‍ය යේ ස්වාධිපති බලය තනි මධ්‍යම ආණ්ඩුවක් විසින් ක්‍රියාවට නැංවීම, ඒකීය පරිපාලන ක්‍රමය, ඒකීය අධිකරණය, ඒකීය පුරවැසිභාවය යනාදිය ප්‍රධාන ලක්ෂණ වේ.එසේ වුවද ඒකීය ආණ්ඩුක්‍රමයන් තුළ පළාත් පාලන ආයතන වලට බලය පවරා දී ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රියාවට නැංවිය හැක. මෙසේ බලය පැවරීම බලය බෙදා දැක්වීමක් නොව බලය අවධාරිත කිරීමක් යටතේ ක්‍රියාත්මක වන අතර මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම බලය යලි පවරා ගත හැක. (මෙම ආණ්ඩුක්‍රමයේ වාසි සහ අවාසි දක්විය යුතුය) 2.සන්ධීය ආණ්ඩුක්‍රමය රාජ්‍ය යේ ස්වාධීපති බලය ක්‍රියාවට නැංවීම සඳහා බල මධ්‍යස්ථාන හෙවත් ආණ්ඩු කිහිපයක් සහභාගි වීම මෙම ආණ්ඩුක්‍රමයේ මූලිකම ලක්ෂණය වේ. මේ අනුව සන්ධීය ආණ්ඩුක්‍රමයන් තුළ එක් මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත ආණ්ඩු කිහිපයක් ක්‍රියාත්මක වන ආකාරය දැකිය හැකිය. මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩු අතර බලය බෙදා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟිනි. බලය බෙදීම සඳහා යොදා ගන්නා ක්‍රම තුනක් තිබේ. I. මධ්‍යම ආණ්ඩුවේ බලය දක්වා ඉතිරි බලතල ප්‍රාන්ත ආණ්ඩුවලට අත් හැරීම. II. ප්‍රාන්ත ආණ්ඩුවල බලතල දක්වා ඉතිරි බලතල මධ්‍යම ආණ්ඩුවට අත් හැරීම. III. මධ්‍යම, ප්‍රාන්ත සහ සමගාමී වශයෙන් ලැයිස්තු තුනක් යටතේ බලතල බෙදා හැරීම (මේ සඳහා ලෝකයේ ක්‍රියාත්මක වන සන්ධීය ආණ්ඩුක්‍රම ආශ්‍ර යෙන් අවශ්‍ය නිදසුන් ඉදිරිපත් කරන්න.) සන්ධීය ආණ්ඩුක්‍රම අධ්‍යයනයේ දී පහත දැක්වෙන කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. (අ). සන්ධීය ආණ්ඩුක්‍රම පිහිටුවා ගැනීම කෙරෙහි බලපාන හේතු සාධක හා අරමුණු (ආ). සන්ධීය ආණ්ඩුක්‍රමයක මූලික ලක්ෂණ ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය, අධිකරණයේ කාර්ය භාරය, මධ්‍යම ආණ්ඩුව තුළ ප්‍රාන්ත ආණ්ඩුවලට නියෝජනය සැපයීම, භෞතික හා ආර්ථික සම්පත් බෙදා හරින ආකාරය යනාදිය. (ඇ). සන්ධීය ආණ්ඩුක්‍රමයක වාසි හා අවාසි (ඈ). සන්ධීය ආණ්ඩුක්‍රමයන් හි නූතන ප්‍රවණතා 3. සහසන්ධීය ආණ්ඩුක්‍රමය ඒකීය හා සන්ධීය ආණ්ඩුක්‍රම වර්ග දෙකට අතර මැදිව පවතින ආණ්ඩුක්‍රමයක් ලෙස සහසන්ධීය ආණ්ඩුක්‍රමය හඳුන්වා දිය හැක. ප්‍රධාන ලක්ෂණය වන්නේ ප්‍රාන්ත රාජ්‍යයන්ට තමන්ගේ ස්වාධීපති බලය ඒයාකාරයෙන්ම ආරක්ෂා කර ගනිමින් සමහර කරුණු සම්බන්ධයෙන් පමණක් එක්සත් වී ක්‍රියා කිරීමට හැකිවීමය. මෙම ක්‍රමය යටතේ ශක්තිමත් ප්‍රාන්ත ආණ්ඩු ක්‍රමයක් සහ දුර්වල මධ්‍යම ආණ්ඩුවක් ක්‍රියාත්මක වන ආකාරය දැකිය හැකි වේ. ආණ්ඩුවේ අස්ථාවරභාවය ප්‍රධානතම දුර්වලතාව වේ. හේතුව තමන් කැමති ඕනෑම අවස්ථාවක දී ප්‍රාන්ත ආණ්ඩුවලට වෙන්ව යෑමේ අයිතිය හිමිවීම නිසාය. මේ සඳහා සලසා ඇති ව්‍යවස්ථානුකූල විධිවිධාන රටින් රටට වෙනස් වේ. ක්‍රි.ව. 1789 ට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක වූ සහසන්ධීය ආණ්ඩුක්‍රමය මේ සඳහා දිය හැකි හොඳම නිදසුනක් වේ.


ආණ්ඩුක්‍රම ආකෘතින් (විධායක බලය ක්‍රියාවට නංවන ආකාරය අනුව) ආණ්ඩුක්‍රම හඳුනා ගැනීම සඳහා බාවිතයට ගත හැකි තවත් නිර්ණායකයක් ලෙස ආන්ඩුක්‍රමය තුළ විධායක බලය ක්‍රියාවට නැංවීම සඳහා ගොඩනගා ඇති ව්‍යුහයන්ගේ ස්වරූපය හඳුන්වා දිය හැක. මෙම පදනම මත ආණ්ඩුක්‍රම වර්ග හතරක් හඳුනා ගතහැක. 1. කැබිනට් ආණ්ඩුක්‍රමය 2. ජනාධිපති ආණ්ඩුක්‍රමය 3. මිශ්‍ර විධායකය 4. ඒක පුද්ගල තන්ත්‍රය 1. කැබිනට් ආණ්ඩුක්‍රමය මෙම ආණ්ඩු ක්‍රමය තුළ විධායක බලතල ක්‍රියාවට නංවන්නේ අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයක් විසිනි. ව්‍යවස්ථාදායකයේ (නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ) බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන පක්ෂයේ නායකයා අගමැති ධුරයට පත්වන අතර ඔහුගේ අභිමතය අනුව කැබිනට් මණ්ඩලයේ අනෙක් සාමාජිකයින් පත්කරනු ලැබේ. විධායක බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකකට සාමූහිකව වගකිව යුතුය. යන්න කැබිනට් ආණ්ඩුක්‍රමයක පිළිගත් එක් පදනම් මූලධර්මයක් වේ. කැබිනට් ආණ්ඩුක්‍රමයක විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවතින්නේ සමීප සම්බන්ධතාවයක් ය. හේතුව විධායකය ව්‍යවස්ථාදායකයෙන් තේරීපත් වීමත්, විධායකය ව්‍යවස්ථාදායකයේ සාමාජිකයින් ගෙන් සමන්විත වීමත්, විධායකය ව්‍යවස්ථාදායකයට වගකීමට බැඳී සිටීමත්ය. කැබිනට් ආණ්ඩුක්‍රමයක විධායකයේ පැවැත්ම තීරණය වන්නේ ව්‍යවස්ථාදායකයෙන් එයට ලැබෙන සහයෝගය අනුවය. සාමාන්‍යයෙන් විධායකයට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවක් මඟින් හෝ අයවැය පනත වැනි වැදගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුමත නොකිරීම මඟින් හෝ විධායකය බලයෙන් ඉවත් කිරීමේ හැකියාව ව්‍යවස්ථාදායකය සතුවේ. විධායක බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සාමූහිකව ක්‍රියා කිරීමක් න්‍යායාත්මක වශයෙන් ප්‍රකාශ වුවද, කැබිනට් ආණ්ඩුක්‍රමයක ර් සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ක්‍රියා කලාපය විශේෂයෙන් වැදගත් වේ. නූතන ප්‍රවණතාව වන්නේ කැබිනට් ආණ්ඩුක්‍රමය සත්‍ය වශයෙන්ම අගමැතිගේ ආණ්ඩුවක් බවට වර්ධනය වීමය. ආණ්ඩුව තනි පක්ෂයකින් සමන්විත වන්නේ නම් සහ ස්ථාවර බහුතරයක සහයෝගය ව්‍යවස්ථාදායකය තුළ ආණ්ඩුවට තිබෙන්නේ නම් එවැනි තත්ත්වයක් තුළ අගමැතිවරයාගේ තත්ත්වය, ජනාධිපති ආණ්ඩුක්‍රමයක ජනාධිපතිවරයෙකුගේ තත්ත්වයට සමාන වේ. 2. ජනාධිපති ආණ්ඩුක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක බලතල ක්‍රියාවට නැංවීමේ වගකීම හා බලය ඒක පුද්ගල විධායකයකට පැවරී තිබෙන ආණ්ඩුක්‍රම ජනාධිපති ආණ්ඩුක්‍රම ලෙස හඳුනාගත හැක. මෙවැනි ආණ්ඩුක්‍රම වල ජනාධිපතිවරයා ජනතාව විසින් සෘජුවම නිශ්චිත නිල කාලයක් සඳහා තෝරා පත් කර ගනී. ජනාධිපතිවරයා ව්‍යාවස්ථාදායකයට වගකීමට බැඳී නොමැත. (මෙම තත්ත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන අනුව රටෙන් රටට වෙනස් විය හැක.) ව්‍යවස්ථාදායකයේ පාලනයෙන් ජනාධිපතිවරයා නිදහස් වන බැවින් සහ දෝෂාභියෝගයක් මගින් හැරුණ විට ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමට නොහැකි බැවින් විධායක බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පුළුල් නිදහසක් භුක්ති විඳී. විධායක බලතල ක්‍රියාවට නැංවීම පිළිබඳ ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සංවරණ යොදා නැත්නම් එහිදී ජනාධිපතිවරයාගේ තත්ත්වය අතිශයින්ම බලසම්පන්න වේ. කැබිනට් විධායකයකට වඩා ජනාධිපති විධායකය කාර්යක්ෂමතාවෙන් වැඩි බැව් පොදු පිළිගැනීම වේ‍. 3. මිශ්‍ර විධායකය විධායක බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් විධායකයන් දෙකක් ක්‍රියාත්මක වන ආණ්ඩු මේ සම්බන්ධයෙන් දැක්විය හැක. 1958 පස්වන සමූහාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රංශය තුළ ද, 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාව තුළ ද ගොඩනඟා තිබෙන්නේ මෙවැනි ආණ්ඩුක්‍රමයන් ය. මිශ්‍ර විධායකයක් පවතින තත්ත්වයන් තුළ විධායක බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ජනාධීවරයෙකු සහ අගමැති ප්‍රධාන අමාත්‍ය මණ්ඩලයක් සහභාගි වන ආකාරය දැකිය හැක. නමුත් මෙයින් වඩාත් වැදගත් වන්නේ ජනාධිපති තනතුරය. අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයට විධායක බලතල ක්‍රියාවර නැංවීම සම්බන්ධයෙන් සහභාගි විය හැකි ප්‍රමාණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සපයා ඇති ප්‍රතිපාදන අනුව තීරණය වේ. ද්විත්ව විධායකයේ ජනාධිපතිවරයා කෙළින්ම ජනතාව විසින් තෝරා පත් කරගනී ජනාධිපතිවරයා විසින් අගමැති ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථාදායකයෙන් තෝරා පත් කරනු ලැබේ. මේ අනුව ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකය අතර සෘජු සම්බන්ධතාවක් නොමැති අතර අගමැති සහ අමාත්‍ය මණ්ඩලයත් , ව්‍යවස්ථාදායකයත් අතර සෘජු සම්බන්ධතාවක් පවතී. අගමැති හා අමාත්‍ය මණ්ඩලය ව්‍යාවස්ථාදායකයට වගකිව යුතු අතර. විශ්වාසභංග යෝජනාවක් මගින් ඔවුන් ඉවත් කිරීමේ බලයද ව්‍යවස්ථාදායකය සතු වේ. නමුත් එසේ කරන ඉවත් කිරීමක් ජනාධිපති තනතුර කෙරෙහි බලපාන්නේ නැත. 4. ඒක පුද්ගල තන්ත්‍රය එක් පුද්ගලයකු අත විධායක බලතල ඒකරාශි වීමත්, එම බලය ක්‍රියාවට නැංවීම කෙරෙහි සීමාවන් හෝ සංවරණ නොමැති වීමත් මෙම ආණ්ඩුක්‍රමයේ ප්‍රධාන ලක්ෂණය වේ. රාජාණ්ඩු පාලන ක්‍රම, මිලිටරි ආඥාදායක පාලන ක්‍රම නිදසුන් ය. නමුත් මෙම තත්ත්වය සමහර විට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම තුළ ද දැකිය හැකිය. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක වුවද, විධායකබලතල සංවරණය කර නොමැතිතේ නම් සහ තනි පුද්ගලයකු අත විධායක බලතල ඒකරාශී කර තිබේ නම් එවැනි තත්ත්වයන් තුළ ඒක පුද්ගල තන්ත්‍ර පාලන ක්‍රමයන් පැවතිය හැක.


ආණ්ඩුව - ව්‍යුහය හා කාර්යයන් මෙම මාතෘකාව යටතේ අධ්‍යයනය කරනු ලබන්නේ ආණ්ඩුක්‍රමයක විධායකය, ව්‍යාවස්ථාදායකය හා අධිකරණය යන ව්‍යුහ සහ ඒවා මඟින් ඉටු කරන කාර්යයන් පිළිබඳව ය. 1. විධායකය (අ). සංවිධානය කර ඇති ආකාරය හා අදාළ න්‍යායාත්මක මූලධර්ම (ආ). බලතල හා කාර්යය (ඇ) ව්‍යවස්ථාදායකය හා අධිකරණය සමඟ පවත්නා අන්තර් සම්බන්ධතා (ඈ) තෝරාපත් කරන ආකාරය (ඉ) නිලයෙන් ඉවත් කරන ආකාරය (ඊ) නූතන ප්‍රවණතා (මේ සම්බන්ධයෙන් ජනාධිපති හා කැබිනට් ආණ්ඩුක්‍රමවල විධායකය පදනම වශයෙන් ගෙන විස්තර කළ යුතුය) 2.ව්‍යවස්ථාදායකය (අ) සංවිධානය කිරීමේ මූලධර්ම - ඒක මාණ්ඩලිකවාදය හා ද්විමාණ්ඩලිකවාදය (ආ) බලතල හා කාර්යයන් (ඇ) නුතන ප්‍රවණතා 3. අධිකරණය (අ) සංවිධානය කිරීමේ මූලධර්ම (ආ) බලතල හා කාර්යය (ඇ) විනිශ්චයකරුවන් පත් කරන ආකාරය සහ ඉවත් කරන ආකාරය (ඈ) අධිකරණයේ ස්වාධීනත්වය ආණ්ඩුව - කාර්යය බාහිර හා අභ්‍යන්තර වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. බාහිර කාර්යය ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මෙය කොටස් තුනකින් සමන්විත වේ. එනම්, දේශසීමා එකඟතාව ආරක්ෂා කිරිම දේශපාලන නිදහස ආරක්ෂා කිරීම රාජ්‍යෙය් භෞතික පැවැත්ම ආරක්ෂා කිරීම ජාතික ආර්ථිකය වර්ධනය කිරීම ජාතික සුභසාධනය ඉහළ නැංවීම ජාතික අභිමතය ආරක්ෂා කිරීම ජාතික දේශපාලන මතවාදය ආරක්ෂා කිරීම අභ්‍යන්තර කාර්යයන් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සමාජ සුභසාධනය සමාජ කළමනාකරණය පරිසර කළමනාකරණය අධ්‍යාපනික හා සංකේතාත්මක කාර්යයන් (මෙම එක් එක් කාර්ය සඳහා නිදසුන් ඉදිරිපත් කරන්න)

ආණ්ඩුකරණයට ජනතාව සම්බන්ධ වන විධික්‍රම දේශපාලන ක්‍රියාදාමය පළිබඳව අධ්‍යයනය කිරීම මෙහි දී සිදුකෙරේ. දේශපාලන ක්‍රියාදාමය යනුනේ අදහස් කරන්නේ සංවිධානය වූ දේශපාලන ක්‍රමයක් තුළ ගොඩනගා ඇති දේශපාලන බලධාරී ආයතන සහ එම දේශපාලන සමාජයේ පුද්ගලයන් එකට යා කරන්නා වූ උපාංග අන්තර්ගත වන්නා වූ ක්‍රියා පිළිවෙතයි. මෙම උපාංග ලෙස නියෝජන ක්‍රම, මැතිවරණ ක්‍රම, සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම, මහජන මතය, බලපෑම් කණ්ඩායම් සහ සිවිල් සමාජය හඳුනාගත හැක. දේශපාලන සමාජයක් තුළ මිනිසුන් එම ක්‍රියාදමායට සම්බන්ධවීමේ මට්ටම සහ ගුණාංග රඳා පවතින්නේ ඔවුන් දේශපාලන සමාජානුයෝජනයට ලක්වන ප්‍රමාණය අනුවය. එබැවින් මෙම ඒකකය තුළින් දේශපාලන සමාජානුයෝජනය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කෙරේ. මිනිසුනගේ දේශපාලන සමාජානු මට්ටම අනුව දේශපාලන සංස්කෘතියේ ස්වරූපය ප්‍රකාශයට පත්වේ. නිදසුන් ලෙස යම් දේශපාලන සමාජයක මිනිසුන් ඉහළ මට්ටමේ දේශපාලන සාමාජානුයෝජන මට්ටමකට ලක්ව තිබේ නම් එහි දී දේශපාලන සංස්කෘතිය ද ඉහළ මට්ටමක් පෙන්නුම් කරන අතර දේශපාලන සමාජානුයෝජනය පහළ මට්ටමක පවතින්නේ නම් එමඟින් නිරූපනය වන දේශපාලන සංස්කෘතිය ද පහළ මට්ටමකට පැමිණේ. එබැවින් මෙම ඒකකය තුළ දේශපාලන සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීම ද අවධාරණය කෙරේ. මෙයට අමතරව දේශපාලන සමාජයක් තුළ ප්‍රධාන ගණයේ දේශපාලන ක්‍රියාකාරීන් කණ්ඩායමකගේ පැවැත්ම දැකිය හැකිය. ඕනෑම දේශපාලන ක්‍රමයක පෙර ගමන් කරුවන් වන්නේ මොවුන් ය. ඔවුන් දේශපාලන ප්‍රභූන් ලෙස හඳුන්වනු ලැබේ. දේශපාලන ක්‍රමයක දේශපාලන ප්‍රභූන් ඉටුකරන භූමිකාව එද දේශපාලන ක්‍රමයේ පැවැත්ම සහ ඉදිරි ගමන පිළිබඳව දැඩි බලපෑමක් කරනු ලැබේ. එබැවින් මෙම ඒකකය තුළ දේශපාලන ප්‍රභූන් පිළිබඳවද අධ්‍යයනක කිරීම අපේක්ෂා කෙරේ.‍

දේශපාලන ක්‍රියාදාමය - ආණ්ඩුව හා ජනතාව නියෝජන ක්‍රමය හා මැතිවරණ ක්‍රම නියෝජන ක්‍රමය යනු කුමක්ද? නියෝජනය අවශ්‍ය වන්නේ ඇයි? (නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජන ක්‍රමය අවශ්‍ය බව පැහැදිලි කරන්න) නියෝජන ක්‍රම ප්‍රාදේශීය නියෝජනය සරල බහුතර නියෝජන ක්‍රමය ඒකාන්ත බහුතර නියෝජන ක්‍රමය සමානුපාතික නියෝජනය විවෘත ලැයිස්තු ක්‍රමය සංවෘත ලැයිස්තු ක්‍රමය මාරු කළ හැකි ඡන්ද ක්‍රමය(STV) (මෙම නියෝජන ක්‍රමයන් හී යහපත්, අයහපත් ලක්ෂණ හා ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය නිදසුන් සහිතව ඉදිරිපත් කරන්න.)

ජර්මානු මැතිවරණ ක්‍රමය හෙවත් මිශ්‍ර නියෝජන ක්‍රමය ශුද්ධ සරල බහුතර නියෝජන ක්‍රමයේ හා ශුද්ධ සමානුපාතික නියෝජන ක්‍රමයේ භාවිතාව තුළ ඇතිවන ගැටළු වැලැක්වීම සඳහා මිශ්‍ර නියෝජන ක්‍රමවේදය භවිත කරයි.

සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම නීති සම්පාදන කාර්යයට පුරවැසියන් කෙළින්ම සහභාගි වීම සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ හරයයි. සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම යනු මොනවාද? ප්‍රාථමික ජනතා මණ්ඩල ක්‍රමය ජනමත විචාරණ ක්‍රමය ෆ්ලෙබිසයිට් ක්‍රමය(ජනතා ආඥා ක්‍රමය) ප්‍රාරම්භනය (නීතියට මුල පිරීම) පුනරාවර්තනය ( නැවත කැඳවීම) දේශපාලන පක්ෂ ක්‍රමය දේශපාලන පක්ෂයක් යනු කුමක් ද? දේශපාලන පක්ෂවල ආරම්භය දේශපාලන පක්ෂ රටින් රටට වෙනස් වුව ද පොදුවේ පහත සඳහන් අංග ලක්ෂණ දැකිය හැකිය. සහභාගීත්වය (හවුල්කාරීත්වය) බහුවිධතාව රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා සටන් වැදීම ප්‍රතිපත්ති සම්පාදනයට හා ක්‍රියාත්මක කිරීමට හවුල් වීම දේශපාලන පක්ෂවල කාර්යයන් විසිරී ඇති මහජන මතය ඒකරාශී කිරීම සමාජ බලය අධිකාරී බලය බවට පරිවර්තනය කිරීම ඡන්ද දායකයින් දැනුවත් කිරීම නායකයන් පුහුණු කිරීම සාමාජිකයන් බඳවා ගැනීම පක්ෂ වර්ගීකරණය

කේවල පක්ෂ හා ජනතා පක්ෂ ජනතා පක්ෂ කොටස් තුනකි. එනම්, ඒක පක්ෂ ක්‍රමය කොමියුනිස්ට් ආකෘතිය පැසිස්ට් ආකෘතිය නව රාජ්‍යයන් හි ක්‍රියාත්මක වන පක්ෂ ක්‍රමය ද්වි පක්ෂ ක්‍රමය බහු පක්ෂ ක්‍රමය ( මෙම පක්ෂ රටාවන්ගේ යහපත් හා අයහපත් ලක්ෂණ හා ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය නිදසුන් )

මහජන මතය මහජන මතය යනු කුමක් ද? ආණ්ඩුව හා එහි ක්‍රියාකාරීත්වය දේශපාලන වශයෙන් වැදගත් පුද්ගලයින් සහ දේශපාලන වශයෙන් වැදගත් සිදුවීම් යන අංශ තුන කෙරෙහි මහජනතාව ප්‍රකාශ කරන අදහස්වල සමාන්‍යකරණය කරන ලද අදහස් මහජන මතය වේ. මහජන මතය යනු පුද්ගල මත රාශියක එකතුව ලෙස ද සැලකිය හැකිය. මහජන මතය සකස්වීම කෙරෙහි සාධක කිහිපකයක් බලපායි. එනම්, පවුල, අධ්‍යාපනය, ආගම, සමාජ සංවිධාන, ජනමත නායකයින්, ආර්ථික සාධක, ජනමාධ්‍යයන්, දේශපාලන පක්ෂ අදිය යි. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී මහජන මතයේ වැදගත්කම රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී මහජන මතය පහත සඳහන් ආකාරයට ප්‍ර යෝජනයට ගනී. එනම්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ කාර්යක්ෂමතාව සඳහා මහජන මතය සැලකිල්ලට ගැනීම යහපාලනය සඳහා මහජන මතය සැලකිල්ලට ගැනීම මැතිවරණ දෙකක් අතර කාලයේ ජනතා මතය ප්‍රකාශ කළ හැකි වීම.

බලපෑම් කණ්ඩායම් ( Pressure Groups) දේශපාලන බලය හසුරුවන පුද්ගලයින්ට සහඉ ආයතනවලට බලපෑම් කිරීම මඟින් තම අරමුණු සපුරා ගැනීම සඳහා ක්‍රියාත්මක වන පුද්ගල කණ්ඩායම් හා සංවිධාන බලපෑම් කණ්ඩායම් වේ. බලපෑම් කණ්ඩායම් දේශපාලන පක්ෂයකින් වෙනස් වේ. ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථකත්වය සඳහා බලපෑම් කණ්ඩායම් අවශ්‍ය වේ. බලය හසුරුවන අය සමඟ සබඳතා පැවැත්වීම, විදුලි පුවත්, දුරකථන පණිවුඩ, පෙළපාලි , විරෝධතා ව්‍යාපාර, වැඩ වර්ජන, පත්‍රිකා හා ප්‍රකාශන, භෝජන සංග්‍රහ, තෑති බෝග දීම, නිල පරීක්ෂණවලට සහභාගි වීම, උපදෙස් ලබාදීම යනාදි ක්‍රම මඟින් බලපෑම් කරයි. ආශා කණ්ඩායම (Interest Groups) බලපෑම් කණ්ඩායම් වලින් වෙනස් වන එහෙත් දේශපාලන ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ වන සමාජ සංවිධාන විශේෂයක් වේ.


සිවිල් සමාජය සිවිල් සමාජය යනු ආණ්ඩුව, පවුල සහ වෙළෙඳපොළ යන ආයතන තුන් වර්ගය හැරුණු විට සමාජය තුළ ක්‍රියාත්මක වන අනෙක් සියළුම ප්‍රජා හා සමාජ සංවිධානයන්ගේ සම්ස්ථ එකතුව වේ. “බෙදාගත් ආශාවන් අරමුණු හා අගය කිරීම් උදෙසා බලය බෙදීමෙන් තොරව සාමූහිකව ක්‍රියාත්මක වන සමාජ ක්ෂේත්‍රය සිවිල් සමාජය ලෙස අදහස් වේ. “ (London School of Economics) සිවිල් සමාජයක ප්‍රධාන ලක්ෂණ සාමූහික ක්‍රියාවන් වීම බලය යෙදීමෙන් තොරවීම අනන්‍යතාව දේශසීමා නිශ්චිත ලෙස හඳුනාගත නොහැකිවීම සිවිල් සමාජය පිළිබඳ අදහස 20 වන සියවස දෙවන භාගයේ දී ඉදිරියට පැමිණීමට හේතු කිහිපයක් බලපාන ලදී. එනම්, තුන්වන ලෝකයේ රටවල ආණ්ඩුවල ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීම. ස්වාභාවික හා මානව සම්පත් පැවතිය ද ආර්ථික සංවර්ධනක් ඇති කිරීමට අපොහොසත් වීම. දුෂණය, නාස්තිය ආකාර්යක්ෂමතාව වර්ධනය වීම. සාමාන්‍ය ජනතාවගේ දේශපාලන අවබෝධය පුළුල් වීම සහ ජනතාව දේශපාලනික වශයෙන් පසුගාමී තත්ත්වයක පැවතීම. සිවිල් සමාජයක් ගොඩනැගීමෙන් අපේක්ෂා කරන්නේ ජනතාව දේශපාලනික වශයෙන් සවිබල ගැන්වීමයි. යහපාලනය ගොඩනැගීම සහ පවත්වාගෙන යාම සඳහා සිවිල් සමාජයට කිහිප ආකාරයකට බලපෑම් කළ හැකිය. එනම්, ප්‍රතිවිරෝධතා බලවේගයක් ලෙස ක්‍රියාකිරීම ආණ්ඩුකරණය පිළිබඳ මුරබල්ලෙකු ලෙස ක්‍රියා කිරීම පුද්ගලයින් සාමූහික සමාජ ජීවිතයකට හුරුපුරුදු කරවීම

ජනතාව දේශපාලන ජීවීන් වශයෙන් දේශපාලන සමාජානුයෝජනය මිනිසුන් තමන් ජිවත්වන දේශපාලන ක්‍රමයට අනුගත කිරීම සඳහා අවශ්‍ය දේශපාලන දැනුම හැ අවබෝධය ලබාදෙමින් මිනිසුන්ගේ දේශපාලන ගතිගුණ, ආකල්ප විශ්වාසයන්, අගය කිරීම් යනාදිය හැඩගැස්වීම කෙරෙහි බලපාලන සමස්ත ක්‍රියාවලිය දේශපාලන සමාජානුයෝජනය යනුවෙන් හැඳින්විය හැකිය. සමාජානුයෝජන කාරක පහත සඳහන් පරිදි දැක්විය හැක. එනම්, පවුල අධ්‍යාපන ආයතන මිත්‍ර සමාගම් වෘත්තීය අත්දැකීම් ජනමාධ්‍ය ආගමික සංවිධාන දේශපාලන පක්ෂ දේශපාලන සංකේත ආණ්ඩ්ව දේශපාලන සංස්කෘතිය දේශපාලන සංස්කෘතිය යනුවෙන් අදහස් කරන්නේ දේශපාලන ක්‍රමය තුළ ජීවත්වන ජනතාව විසින් එම දේශපාලන ක්‍රමය කෙරෙහි ගොඩනැගි තිබෙන ගතිගුණ, විශ්වාසයන්, අගය කිරීම් යනාදියෙහි සමස්ත එකතුවකි. මෙම ක්‍රියාදාමය තුළින් ප්‍රකාශ වන මූලික ක්‍රියාකාරකම් 3 කි. 1. දේශපාලන ක්‍රමය කෙරෙහි ගොඩනඟා තිබෙන ආකල්ප හා දේශපාලන ක්‍රමය වඩාත්ම ප්‍රශස්ත දේශපාලන ක්‍රමයක් ද ? නැද්ද ? යන්න පිළිබඳව ජනතාව තුළ තිබෙන අවබෝධය. 2. දේශපාලන සංකේත කෙරෙහි ඇති බැඳීම් හා ගරු කිරීම්, එනම් ජාතික ගීය, ජාතික කොඩිය, ජාතික මුද්‍රාව, නිදහස් දිනය, ජාතික වීරයින් යනාදිය පිළිබඳ ව පවත්වන බැඳීම් සහ ගරු කිරීම් 3. අවසාන අගයන් පිළිබඳව තාර්කික විනිශ්චයකට ඒමට ඇති හැකියාව ආණ්ඩුව විසින් කුමක් කළ යුතු ද, නො කළ යුතු ද යන්න අවසාන අගය කිරීම විනිශ්චය කිරීමට ඇති හැකියාව.

දේශපාලන ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වය යනු පුද්ගලයාගේ සමාජයීය හැසිරීමේ විධික්‍රමයකි. උදා:- වර්ග වාදය. වර්ගවාදය ආයතනික ගත කළ හොත් එවන් දෙයක් හඳුන්වනු ලබන්නේ දේශපාලන ප්‍රචණ්ඩත්වය වශයෙනි. දේශපාලන ප්‍රචණ්ඩත්වය කැරලි කෝලාහල තුළින් ඇතිවිය හැකි. මීට අමතරව විප්ලව, පැහැර ගැනීම්, හමුදා විසින් බලය පැහැර ගැනීම්, ගරිල්ලා යුද්ධ ක්‍රම, ත්‍රස්තවාද, සාම්ප්‍රදායික යුද්ධ, ආගමික විප්ලව වැනි අවස්ථාවන් හි දී දේශපාලන ප්‍රචණ්ඩත්වය දැකිය හැක.

දේශපාලන චර්යාව දේශපාලන වශයෙන් සංවිධානය වූ සමාජයක පුද්ගලයින් එහි බල ආයතන සමඟ ක්‍රියාකාරී වෙමින් බල ආයතන වටා හැසිරෙන ආකාරය දේශපාලන චර්යාව ලෙස සැලකේ. දේශපාලන හැසිරීම කෙරෙහි බලපාන සාධක ගණනාවකි. එනම්, පුද්ගලයින්ගේ ආර්ථිකය පුද්ගලයින්ගේ සමාජ මට්ටම ජන වර්ගය කුලය අධ්‍යාපනය ලැදියාවන් (පුද්ගල) වෙනත් දේශපාලන සමාජානුයෝජනය සඳහා දේශපාලන චර්යා මූලික වශයෙන් බලපායි.

දේශපාලන චර්යා අවබෝධ කර ගත හැකි අවස්ථා මහජනයා දේශපාලනයට සහභාගිවන ආකාරය ප්‍රදර්ශනාත්මක දේශපාලන ක්‍රියාවලිය (වැඩ වර්ජන / උද්ඝෝෂණ / නායකත්ව චර්යා) ආශා කණ්ඩායම් වල හා බලපෑම් කණ්ඩායම්වල ක්‍රියාකාරකම්. ජාතික රාජ්‍යවල ක්‍රියාකාරකම් ආණ්ඩුනොවන සංවිධාන වල ක්‍රියාකාරකම් ත්‍රස්තවාදී සංවිධානවල හැසිරීම දේශපාලන සන්නිවේදනය

දේශපාලන ප්‍රභූන් ඕනෑම සංවිධානාත්මක සමාජයක දේශපාලන ක්‍රියාවලියට නායකත්වය දෙන්නා වූ පුද්ගල කණ්ඩායමක් දේශපාලන ප්‍රභූන් ලෙස පොදුවේ හැඳින්විය හැකිය. ප්‍රභූ කණ්ඩායම් බිහිවීම කෙරෙහි බලපාන සාධක පරම්පරාව ධනය ආගම අධ්‍යාපනය ආකර්ෂණීය නායකත්වය කුලය නිලය බලය දේශපාලන හැකියාවන් නූතන සමාජයේ ධනය හා බලය වැනි සාධක මුල්කරගෙන ප්‍රභූන් බිහිවීම හඳුනාගත හැක. දියුණු දේශපාලන සංස්කෘතියක් නොමැති රටවල ප්‍රජාතන්ත්‍රවාදී ආයතනික ව්‍යුහය තුළ ද නව ආකාරයකින් ප්‍රභූවාදය ඉස්මතු විය හැකිය.

ප්‍රාජාතන්ත්‍රවාදය සහ යහපාලනනය අතර පවත්නා අන්තර් සම්බන්ධතාව නුතනයේ බොහොමයක් ආණ්ඩු ක්‍රම ගෙඩනලා තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පදනම් කොට ගෙනය. එබැවින් දේශපාලන විද්‍යාව අධ්‍යයන කිරීමේ දී මෙම මූලධර්ම පිළිබඳ ගැඹුරින් විමසා බැලීම සහ අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය කරුණක වේ. මිනිසුන් ක්‍රියාකාරී දේශපාලන ජීවීන් ලෙස දේශපාලන ක්‍රමයට සහභාගි වී බලපෑම් සහගත ක්‍රියා කළාපයක් ඉටු කිරීමට නම් මෙම මූලධරමවල නා්‍යායත්මක පදනම් සහ ඒවායේ ප්‍රායෝගික භාවය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. මෙම ඒකකයෙන් එම ඉලක්ක සපුරා ගැනීම අපේක්ෂා කෙරේ. මෙම ඒකකය තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තෝරාගත් සංකල්ප කිහිපයක් අධ්‍යාපනයට ලක්කෙරේ. ඒවා නම් ප්‍රජාතන්ත්‍රවාදය, එහි න්‍යායාත්මමක පදනම, ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය, අයිතිවාසිකම් සහ යුතුකම්, ඒවායේ න්‍යාය සහ භාවිතය, නිදහස සහ සමානාත්මතාවය, නීතිය හා නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය යනාදිය යි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් වඩාත් ජනහිතකාමී ආණ්ඩු ක්‍රමයක් බවට පත්වන්නේ එය යහපාලනය මූලධර්ම පදනම් කර ගෙන ක්‍රියාත්මක වුවහොත් පමණි. එබැවින් යහපාලනය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? එහි සංයුතික මූලධර්ම මොනවාද? යන්න ගැඹුරින් අධ්‍යයනය කිරීම මෙම ඒකකයෙන් අපේක්ෂා කෙරේ. අයිතිවාසිකම් හා යුතුකම් පිිරිපුන් සමාජ ජිවතයක් ගත කිරීම සඳහා මිනිසුන්ට අවශ්‍යෙයන් ම තිබිය යුතුයැයි පිළිගැනෙන සමාජ හිමිකම් අයිතිවාසිකම් ලෙස හඳුන්වා දිය හැක. පුද්ගලයෙකු මනුෂ්‍යෙයකු වශයෙන් ඉපදීම නිසා ගෞරවාන්විතව සහ සුරක්ෂිතව ජීවත්වීම සඳහා ලැබෙන හිමිකම් විශේෂයකි. (අයිතිවාසිකම් පිළිබඳ පහත සඳහන් චින්තකයින්ගේ නිර්වචන පිළිබඳ අවධානය යොමු කරන්න් :- හොබ් හවුස්, ජෝන් ලොක්, හැරල්ඩ් ජේ. ලැස්කි, වයිල්ඩ්) අයිතිවාසිකම් වර්ගීකරණය අයිතිවාසිකම් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට වර්ගීකරණය කළ හැක. එනම්, 1. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් 2. ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යොදා ඇති විධිවිධාන • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අයිතිවාසිකම් සහතික කිරීම. • අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම අධිකරණයට පැවරීම. • අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම • නීතියේ ආධිපත්‍ය පිළීගැනීම. • රාජ්‍ය සේවය හා පොලීසිය ස්වාධීනව පවත්වා ගෙන යාම. • ආර්ථික සාධාරණත්වය. • අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වීම. • නිදහස් හා ස්වාධීන ජන මාධ්‍ය තිබීම. සීමා • අන් අයගේ අයිතිවාසිකම් වලට බාධා නොවන පරිදි අයිතිවාසිකම් භුක්ති විඳීම • සමාජයේ පොදු යහපතට බාධාවක් නොවන පරිදි අයිතිවාසිකම් භුක්ති විඳීම. • පවතනා නීතිමය විධිවිධාන උදා:- හදිසි අවස්ථා

අයිතිවාසිකම්වල ප්‍රායෝගික වැදගත්කම • සංවර්ධනය මැනීමේ නිර්ණායකයක් වීම • විදේශාධාර ලබාගැනීමේ නිර්ණායකයක් වීම • මානව අයිතිවාසිකම් කඩවීම අනාවරණය කරගත හැකි වීම.

යුතුකම් යුතුකම් හුදු බැඳීම් ලෙස අර්ථකථනය කළ හැක. පුද්ගලයකු යම් දෙයක් කිරීමට හෝ නොකිරීමට බැඳීමක් ඇති වු විට එය අනිවාර්යයෙන්ම යුතුකමක් හා සමඟ සම්බන්ධ වේ. යුතුකම් හා අයිතිවාසිකම් අතර වෙනස • සෑම අයිතිවාසිකමක්ම යුතුකමක් හා බැඳී පවතී. • යුතුකම් හා අයිතිවාසිකම් එකිනෙකට වෙන් කළ නොහැකි ය. යුතුකම් වර්ගීකරණය යුතුකම් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකිය. එනම්, 1. සදාචාරාත්මක යුතුකම් 2. නීතිමය යුතුකම් සදාචාරත්මක යුතුකම් ආතාර විද්‍යාත්මක සංකල්ප පදනම් කොට ගෙන ගොඩනැගී තිබීමය. උදා:- වැඩිහිටියන් සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, දූ දරුවන්ට සැලකීම නීතිමය යුතුකම් පොදු සමාජ යහපත සඳහා පුරවැසියන් විසින් ඉටු කළ යුතු බවට රාජ්‍යෙය් නීතිය මගින් විධානය කර ඇති කාර්යයන්. උදා:- රාජ්‍යයට අවනතභාවය දැක්වීම , රාජ්‍යය මගින් පනවන නීති පිළිගැනීම, අයබදු ගෙවීම, නීතිය හා සාමය පවත්වා ගෙන යාම සඳහා රාජ්‍යයට සහාය දැක්වීම.

නිදහස හා සමානාත්මතාව නිදහස තම පෞද්ගලික ක්‍රියාකාරකම් වර්ධනය කර ගනිමින් යහපත් සමාජ ජීවතයක් ගත කිරීම සඳහා මිනිසාට ඇති අයිතිය නිදහස යනුවෙන් හැඳින්වේ. නිදහස යනු අසීමිත හා අසහාය නිදහසක් නොවිය යුතුය. (නිදහස පිළිබඳ ඉදිරිපත් කර ඇති නිර්වචන ඔස්සේ තව දුරටත් සංකල්පය පැහැදිලි කරන්න) නිදහස වර්ගීකරණය නිදහස ප්‍රධාන වශයෙන් පහත සඳහන් පරිදි වර්ගීකරණය කෙරේ. එනම්, 1. සිවිල් නිදහස 2. පෞද්ගලික නිදහස 3. ආර්ථික නිදහස 4. දේශපාලන නිදහස (ඉහත සඳන් කරුණු වෙන්වෙන්ව නිදසුන් සහිතව විස්තර කරන්න.) නිදහස සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති අදහස් නිදහස සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති අදහස් කොටස් දෙකකට බෙදා දැක්විය හැක. එනම්, 1. ප්‍රතිශේධාත්මක නිදහස පිළිබඳ මතවාදය 2. ප්‍රතිජනනාත්මක නිදහස පිළිබඳ මතවාදය (මේවා විස්තර කරන්න) නිදහස සුරක්ෂිත කිරිමට නූතන රාජ්‍යවල යොදා ඇති විධිවිධාන • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මූලික මිනිස් අයිතිවාසිකම් ප්‍රකාශනයක් අන්තර්ගත කිරීම • අධිකරණයේ ස්වාධීනත්වය • නීතියේ ආධීපත්‍යය • ආර්ථික සාධාරණත්වය • නිදහස් ජනමාධ්‍යයක පැවැත්ම • මහජනතාව දැනුවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නිදහස භුක්ති විඳීමේ දී ප්‍රායෝගික සීමා • අන් අයගේ නිදහසට බාධා නොවන පරිදි නිදහස භුක්ති විඳිය යුතු වීම • සමාජයේ නීතියට යටත්ව නිදහස භුක්තිවිඳිය යුතු වීම • සිවිල්, ආර්ථික හා දේශපාලන නිදහස භුක්තිවිඳීමේ දී ඒවා එකිනෙකට ගැටෙන සුළුවීම. සමානාත්මතාව සමාජය තුළ ජීවත්වන සියලුම දෙනාටම සමාන අයුරින් අයිතිවාසිකම් භුක්තිවිඳීමට ඉඩ සැලසීම සමානාත්මතාව යනුවෙන් හැඳින්වේ. සමානාත්මතාවය සඳහා තිබිය යුතු ප්‍රධාන ගුණාංග • පුද්ගලයින් විශේෂීකරණයට භාජනය නො කිරීම • සමාන ඉඩ ප්‍රස්තා සියලු දෙනාටම ලබා දීම. • සියලු දෙනාටම සමාන අයිතිවාසිකම් හිමිවීම. නිදහස හා සමානාත්මතාව අතර සම්බන්ධතාව නිදහස හා සමානාත්මතාව එකිනෙකට පටහැනි නොවන එකිනෙක අනුපූරක වේ. නිදහස සහ සමානාත්මතාව එකිනෙකට පටහැනි සංකල්ප වේ. ප්‍රායෝගික ආර්ථික සමානාත්මතාව අති කළ විට නිදහසේ ඇතැම් අංග සීමා වේ.

නීතිය හා නීතියේ ආධිපත්‍ය සංවිධිත සමාජයක් තුළ මිනිසුන්ගේ පැවැත්ම පාලනය කිරිම සඳහා අධිකාරී බලය පදනම් කොට ගෙන රාජ්‍ය පනවන ලද රෙගුලාසි නීතිය යන පදයෙන් හැඳින්වේ. (ඇරිස්ටෝටල් / සල්මන්ඩ් / තෝමස් හොබ්ස් / ජෝන් ලොක් / එච්. ආර් සෝල්ටු / හොලන්ඩ් ආදීන් ගේ නිර්වචන වලින් නීතියේ විවිධ පැතිකඩ හඳුන්වා දෙන්න)

නීතියේ මූලාශ්‍ර • ව්‍යවස්ථාදායකය • යුක්තිය • නීති විශාරද මත • අධීකරණ තීරණ • සිරිත් විරිත් • ආගම (නීති මූලාශ්‍ර පැනවීමෙහි ලා නීති මූලාශ්‍ර බලපාන ආකාරය පැහැදිලි කළ යුතුය.) නීතියක පැවතිය යුතු මූලික ලක්ෂණ • අධිකාරී බලය • පුද්ගලයන්ගේ බාහිර සමාජ හැසිරීම පාලනය කිරීම • නීති කඩකිරීම දඬුවම් ලැබීමට හේතුවක් වේ. • සමාජයේ පොදු යහපත අරමුණු කොට ගෙන පැනවීම. • වෙනස්වන සමාජ අවශ්‍යතාවන් සහ ආශාවන් අනුව නීතිය වෙනස් වේ. • නීති නිරවුල් හා පැහැදිලිව දැක්විය යුතු වේ. ‍නීති වර්ග නීති වර්ග ප්‍රධාන වශයෙන් දෙයාකාරයකි. එනම්, 1. දේශීය නීති 2. ජාත්‍යන්තර නීති දේශීය නීති • ව්‍යවස්ථානුකූල නීතිය • පුද්ගල නීතිය • පොදු නීතිය • පරිපාලන නීතිය ජාත්‍යන්තර නීති • ජාත්‍යන්තර සිරිත් • ජාත්‍යන්තර ගිවිසුම් • ශිෂ්ටාචාර පිළිගත් මූල ධර්ම • ජාත්‍යන්තර අධිකරණයේ නීති • ජාත්‍යන්තර නීතිවේදීන් ගේ මත නීතිය හා සදාචාරය අතර සම්බන්ධතාව සදාචාරය නීතියේ මූලාශ්‍රයකි. පුද්ගලයාගේ සදාචාරාත්මක තත්ත්වය උසස් කිරීම නීතියේ අරමුණකි. ( නිදසුන් සහිත ව විස්තර කරන්න) නීතිය හා සදාචාරය අතර වෙනස්කම් (නීතියේ මූලික ලක්ෂණ හා සසඳමින් වෙනස ඉස්මතු කර දක්වන්න)

පුද්ගලයා නීතියට අවනත වීම පිළිබඳ ඇති මත සදාචාරාත්මක වාදය :- මිනිසා නීතියට යටත් වන්නේ එමගින් “ජනතා අභිමතය පිළිබිඹුවන නිසාය“ ප්‍රත්‍යක්ෂ මූලික නීතිවේදී මතය :- “ස්වාධිපතිත්වයේ ආඥාවක් වන බවයි“ නීතියේ ආධිපත්‍ය නීතියට අනුව පාලනය කිරීම නීතියේ ආධිපත්‍ය යනුවෙන් හැඳින්වේ. (නිදසුන් සහිතව විස්තර කරන්න) නීතියේ ආධිපත්‍ය පිළිබඳ සංකල්පය(මහාචාර්ය ඒ.වී. ඩයිසිගේ මතයට අනුව) • පුද්ගලයෙකුට දඬුවම් කළ යුත්තේ පවත්නා නීතියට අනුව අධිකරණය මගින් පමණකි. • නීතිය ඉදිරියේ සියළු දෙනාම සමාන වීම • පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා තහවුරු කිරීම නීතිය මගින් සිදුවිය යුතු අතර අයිතිවාසිකම් සමාජයෙන් හා සම්මතයෙන් හිමි වේ. • ප්‍රායෝගිකව මෙම සංකල්පය බිඳවැටේ (නීතියේ ආධිපත්‍ය පිළිබඳ ජාත්‍යන්තර නීතිවේදීන් ගේ සමුළුවේ අදහස් විශ්ලේෂණය කරන්න) පුද්ගලික දේපල (විවිධ දේශපාලන මත අනුව විස්තර කරන්න)


යහපාලනය 1980 දශකයෙන් පසු කාලය තුළ ඇතිවූ කිතිකාවකින් ඉස්මතු වූ සංකල්පයකි යහපාලනය යන්න. මෙම සංකල්පය ගොඩනැංවීම කෙරෙහි බලපෑවේ තුන්වන ලෝකයේ රටවල ආර්ථික සංවර්ධනය මන්දගාමී වීම සහ සමාජ සාධාරණත්වය බිඳ වැටීමට බලපා ඇති සාධක විමසා බැලීමේ දීය. තුන්වන ලෝකයේ රටවල ආර්ථික හා මානව සම්පත් නිසි කළමනාකරණයක් නොකිරීම හේතුවෙන් ආර්ථික සංවර්ධනය මන්දගාමී වී ඇති බවත්, එමගින් සමාජ සාධාරණත්වය ගොඩ නැගීම් බිඳවැටී ඇති බවත් තහවුරු විය. අනවශ්‍ය ආකාරයෙන් බලය මධ්‍යගත වීම, රාජ්‍ය පාලනයේ අකාර්යක්ෂමතාව, රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම, රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම හා ක්‍රියාවට නැංවීම කෙරෙහි ජනතා සහභාගිත්වය නොමැතිවීම, අල්ලස හා දූෂණය ඉහළයාම, රාජ්‍ය පාලකයින් වගකීමෙන් තොර වීම යනාදී හේතු සාධක රටක් තුළ යහපාලනය බිඳ වැටීමට බලපා ඇති හේතු වේ. තුන්වන ලෝකයේ රටවල් පොදුවේ මුහුණ දී ඇති මෙම ගැටළුවලින් මිදීම සඳහා ඉදිරිපත් වූ එක් ක්‍රමවේදයක් වන්නේ යහපාලනය ගොඩනැගීමය. මෙම සංකල්පය ඉදිරියට ගෙන ඒම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන (UNDP) ද, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හා සංවර්ධනය සඳහා දායක වන වෙනත් ආයතන විසින් ද කටයුතු කර ඇත. යහපාලන සංකල්පය මගින් අවධාරණය කරන මූලික කරුණු කිහිපයකි. එනම්, • සහභාගිත්වය • නීතියේ ආධිපතිත්වය • වගකීම • විනිවිදභාවය • ප්‍රතිචාරාත්මක බව • සහමිතිකභාවය • කාර්යක්ෂමතාව සහ ප්‍රතිඵලදායීතාව • සාධාරණත්වය

ආණ්ඩුකරණ ක්‍රියාවලියට සක්‍රීය ජනතා සහභාගීත්වය (Active People’s Participation) ලබා ගැනීම වැදගත් යහපාලන මූලධර්ම භාවිතාවක් බව අවධාරණය කරන ජාත්‍යන්තර සංවිධාන දක්වයි.


ශ්‍රී ලංකාවේ පරවති යටතු විජිත පාලනයේ ස්වභාවය බ්‍රිතාන්‍ය යටත් විජිත පලන සමය තුළ අනුගමනය කළ ප්‍රතිපත්තිවල බලපෑමෙන් ලංකාව තුළ සිදු වු දේශපාලන, ආර්ථීක, සමාජයීය වෙනස්කම් මොනවාද? යන්න මෙම ඒකකය යටතේ සලකා බැලේ. ඒ යටතේ රාජාණ්ඩුවාදී පාලන ක්‍රමය අහෝසි වීම, යැපුම් මට්ටමේ ආර්ථික ක්‍රමය වෙනස් වීම, සම්ප්‍රදායික සමාජ සම්බන්ධතා බිඳ වැටීම යනාදියට අමතරව බටහිර ප්‍රජාතන්ත්‍රවාදී පාලන මූලධර්ම පදනම් කරගත් ආණ්ඩු ක්‍රම ආයතන ආරම්භ වීම, වාණිජ මධ්‍යම පන්තියක් බිහිවීම, ධනවාදයට රට හැඩ ගැස්වීම යනාදි වෙනස්කම් පිළිබඳව හැදෑරීම මෙම ඒකකයෙන් බලාපොරොත්තු වේ. විෂය කරුණු පැහැදිලි කරගැනීමට අත්වැලක් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ ශ්‍රී ලංකාව: දේශපාලන, ආර්ථික, සමාජයීය වෙනස්කම් සහ ඒ කෙරෙහි බලපෑ හේතු සාධක ( බ්‍රිතාන්‍ය පාලනය යටතේ ක්‍රියාවට නැංවූ දේශපාලන, ආර්ථීක ප්‍රතිපත්ති හඳුනා ගැනීම. එම ප්‍රතිපත්ති යටතේ ලංකාවේ සිදු වු දේශපාලන, ආර්ථික සහ සමාජයීය වෙනස්කම් හඳුනා ගැනීම විස්තර කරන්න. ) කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ යටතේ • ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පදනම් කොට ගත් ආණ්ඩුකරණ ආයතන හඳුන්වා දීම. • වැඩවසම් ක්‍රමය අහෝසි කිරීම, නිදහස් ශ්‍රම වෙළෙදපොළ ආරම්භය සහ වාණිජ වතු වගාව හඳුන්වා දීම • නගර බිහිවීම, නාගරිකකරණය ආරම්භවීම, ගම පදනම් කරගත් සමාජ සම්බන්ධතා මාලාව බිඳ වැටීම. • බටහිර අධ්‍යාපනය හඳුන්වා දීම. • ඉහත දැක්වූ හේතු සාධකවල ප්‍රතිඵලයක් ලෙස උගත් මධ්‍යම පන්තියක් බිහිවීම සඳහා අවශ්‍ය පදනම දැමීම. • නව අධීකරණ ආයතන පද්ධතියක් හඳුන්වා දීම. • නීතියේ ආධීපත්‍ය සහිත පාලන ක්‍රමයක වර්ධනය සඳහා අවශ්‍ය පදනම දැමීම.

මෙම ප්‍රතිසංස්කරණවල දේශපාලන, ආර්ථීක සහ සමාජයීය ප්‍රතිඵල විග්‍රහ කිරීම • ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට ලංකාව හුරු කිරීමේ ආරම්භය. • ධනවාදී ආර්ථික ක්‍රමයකට ලංකාව පරිවර්තනයවීමේ ආරම්භය. • නිදහස් ශ්‍රම වෙළෙඳපොළ ක්‍රමයක් මඟින් කුල ක්‍රමය බිඳ වැටීමේ ආරම්භය සනිටුහන් වීම. • වාණිජවාදය පදනම් කරගත් ධනපති මධ්‍යම පන්තියක් බිහි වීම. • බටහිර අධ්‍යාපනය ඇසුරින් වෘත්තීමය සමාජ පන්තියක් බිහිවීම. • දේශීය කෘෂිකර්මාන්තය අඩපණවීම. • බටහිරකරණයට ගොදුරුවීම තුලින් සාම්ප්‍රදායික අංග ලක්ෂණ පිරිහීම. • ඉහත දැක්වූ සාධක වල සමස්ථ ප්‍රතිඵලය ලෙස “ නිර්බාධවාදී රාජ්‍ය ක්‍රමය ස්ථාපිත වීම.“

( 1910 -1912 කෘෘච් මැකලම් ප්‍රතිසංස්කරණය. 1920 – 1921 මැනිං ප්‍රතිසංස්කරණය, 1924 මැනිං ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණ පහත සඳහන් මූලධර්ම පදනම් කරගෙන විග්‍රහ කිරීම. • ගොඩනගන ලද ආයතන ව්‍යුහය. • බලතල, කාර්යයන් හා වගකීම. • අන්තර් ආයතනයන්ගේ සම්බන්ධතාවය. • ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූ ආකාරය. • දේශපාලන ප්‍රතිඵල ) 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය ප්‍රතිසංස්කරණයට හේතු : • මැනිං ආණ්ඩු ක්‍රමයේ දුර්වලතා • වගකීම හා බලය බෙදා තිබී. • ලාංකික නායකයන් අනවශ්‍ය ආකාරයෙන් පරිපාලන කටයුතුවලට මැදිහත් වීම. • පැවති ව්‍යවස්ථාවට එරෙහිව, නව ව්‍යවස්ථාවක් ලබා ගැනීමට පැවති උද්ඝෝෂණ උදා:- ලාංකික නායකයන් නව ප්‍රතිසංස්කරණයක් සඳහා උද්ඝෝෂණය කිරීම. • ශ්‍රීමත් හ්‍යු ක්ලිෆර්ඩ් ආණ්ඩුකාරවරයා මෙම ආණ්ඩු ක්‍රමය විවේචනය කරමින් මෙය වෙනස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීම. • ව්‍යවස්ථාදායක සභාවේ හා විධායක සභාවේ බලතල මුදල් කාරක සභාව වෙත ඒකරාශී වීම නිසා එම ආයතන දෙක දුර්වල වීම. • සීමිත ඡන්ද බලය පුඵල් නොවීම. • ලංකා සමාජයේ බිහි වී තිබූ විවිධ සංවිධානවල ඉල්ලීම. උදා:- 1926 ලංකා ජාතික සංගමයේ යෝජනා. • බ්‍රිතාන්‍යයන් විසින් යටත් විජිත සම්බන්ධයෙන් ගෙන ගිය ප්‍රතිපත්තියේ ඇති වූ වෙනස්කම්. • අසල්වැසි ඉන්දීය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා ගෙන ගිය උද්ඝෝෂණ ව්‍යාපාර සහ ඔවුන් ලත් ජයග්‍රහණ. ඩොනමෝර් කොමසාරිස්වරුන්ගෙන් ලාංකික නායකයන් කළ ඉල්ලීම් විවිධ සංවිධාන සහ පුද්ගලයෝ 141 ක් අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ. ඒ අතුරින් කණ්ඩායම් තුනක් වැදගත් වේ. එනම්, 1. ලංකා ජාතික සංගමයේ පහතරට සිංහල මධ්‍යම පාන්තික නායකයෝ (1927 වන විට ලංකා ජාතික සංගමයේ ඉතිරිව සිටියේ ඔවුන් පමණි) කැබිනට් ක්‍රමයක් සහ ප්‍ර දේශ බද නියෝජනයක් ඉල්ලා සිටියහ. සර්ව ජන ඡන්ද බලයට විරුද්ධ විය. 2. සුළු ජාතික නායකයෝ කැබිනට් ක්‍රමයක් ලබා නොදෙන ලෙසත් ජාති මූල නියෝජනය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියහ. සර්ව ජන ඡන්ද බලයට විරුද්ධ වූහ. 3. ඒ.ඊ. ගුණසිංහ මහතා ප්‍රමුඛ කම්කරු නායකයෝ සර්වජන ඡන්ද බලය, ස්වරාජ්‍යය ඉල්ලා සිටියහ. ඩොනමෝර් කොමිසමේ යෝජනා • ආණ්ඩුකාරවරයා • රාජ්‍ය නිළධාරීන් තිදෙනා • අමාත්‍ය මණ්ඩලය • රාජ්‍ය මන්ත්‍රණ සභාව • විධායක කාරක සභාව • සර්වජන ඡන්ද බලය හා ප්‍ර දේශ බද නියෝජනය ( මෙම එක් එක් යෝජනාවන් පිළිබඳව වෙන් වෙන් වශයෙන් විස්තර කරන්න)

ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ යහපත් හා අයහපත් ලක්ෂණ යහපත් ලක්ෂණ • සර්ව ජන ඡන්ද බලය ප්‍රාදේශීය නියෝජන ක්‍රමය හඳුන්වා දීම. • ලාංකික නියෝජිතයන්ට පාලනයට සහභාගිවීමට වැඩි අවස්ථාවක් උදාවීම. • ප්‍රභූ පන්තියට පමණක් සීමා වූ දේශපාලන ක්‍රියාකාරකම්වලට සාමාන්‍ය ජනතාවට ද සම්බන්ධ වීමට අවස්ථා හිමි වීම. • ලාංකික නියෝජිතයින් වැඩි වගකින් යුතුව ක්‍රියා කිරීමට පෙළඹීම. • ලංකාව සුභසාධන රාජ්‍යයක් කරා වර්ධනය වීම. • සමකාලීන ලෝක ආර්ථික සුභසාධනවාදය කරා ගමන් කිරීම හරහා මෙම ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය ද සිදු වූ බැවින් සුභසාධන රාජ්‍යයක් කරා ගමන් කිරීමේ දොරටු විවෘත විය. • ලාංකික නියෝජනයන්ට ව්‍යවස්ථාදායක හා විධායක කටයුතු සම්බන්ධයෙන් වැඩි අත්දැකීමක් හිමි වීම. • දේශපාලන පක්ෂ ක්‍රමය සඳහා අවශ්‍ය මූලබීජ තැන්පත් වීම. • සුළු ජන කොටස් වලටද දේශපාලන ක්‍රියාදාමයට වැඩි වැඩියෙන් සහභාගිවීමට ඉඩ ප්‍රස්ථාව ලැබීම. අයහපත් ලක්ෂණ • විධායක කාරක සභා මගින් රට පාලනය කිරීම තුළින් රටේ පාලනය අකාර්යක්ෂම හා දුර්වල එකක් වීම. • ඇමති මණ්ඩලය තුළ පාලන කොටස් දෙකක් පැවතීම. එනම්, o රාජ්‍ය නිළධාරීන් තිදෙනා o ලාංකික ඇමතිවරුන් හත් දෙනා • අමාත්‍ය මණ්ඩලය තුළ සාමූහික වගකීමක් නොතිබීම. • රාජ්‍ය නිළධාරීන් තිදෙනා මෙරට පාලනය සම්බන්ධයෙන් වැඩි වගකීමක් ඉසිලීම. • ආණ්ඩුකාරවරයා සතු අවධාරිත හා නිෂේධ බලය නිසා ඔහුගේ බලය වර්ධනය වීම. • මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ප්‍රතිරූපය සාමූහිකත්වය ඉක්මවා ඉස්මතු වීම. රාජ්‍ය පරිපාලන අධිකරණ හා පළාත් පාලන ක්ෂේත්‍රවල සිදුවූ වෙනස්කම් 1833 සිට 1948 දක්වා 1833 කෝල්බෘෘක් කැමරන් ප්‍රතිසංස්කරණය මගින් පොදු පරිපාලන ක්‍රමයක් සහ තනි අධිකරණ ක්‍රමයක් ඇති කිරීම. • ලංකාවේ පැවති පළාත් 16 පළාත් 5 දක්වා අඩු කිරීම. • එම පළාත් 5 සඳහා ආණ්ඩුවේ ඒජන්තවරයකු බැගින් පත් කිරීම. • මුළු දිවයිනටම බලපාන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානත්වයෙන් තනි අධිකරණ ක්‍රමයක් පිහිටු වීම හා විධායකයේ බලපෑමෙන් එය නිදහස් කිරීම. • යුරෝපීයයන් සහ ලාංකිකයන් යන දෙකොටසටම බලපාන පරිදි තනි නීති ක්‍රමයක් තනි අධිකරණ ක්‍රමයක් ඇති කිරීම. • නීතියේ ආධීපත්‍ය පිළිබඳ මූලධර්මය ක්‍රියාත්මක කිරීම. • දිවයිනේ ප්‍රධාන නගරවල දිස්ත්‍රික් අධිකරණ පිහිටුවීම. 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය මගින් • නීති ලේකම්වරයාට රටේ අධිකරණ පාලනයේ වගකීම් පැවරීම. • මොහු ආණ්ඩුවේ නීති උපදේශකයා වීම. • රටේ පරිපාලනය හා රාජ්‍ය සේවය සම්බන්ධ පාලන වගකීම රාජ්‍ය ලේකම් වෙත පැවරීම. • පළාත් පාලනය සම්බන්ධයෙන් වූ සිය වගකීම් පළාත් පාලනය පිළිබද විධායක කාරක සභාවට පැවරීම.( මහ නගර සභා, නගර සභා, ගම් කාර්ය යනාදී පළාත් පාලන ආයතනවලට අදාළ කරුණු මේ යටතේ විස්තර කරන්න )

යටත් විජිත යුගයේ ක්‍රියාත්මක වූ සමාජ ව්‍යාපාර ආගමික පුනර්ජීවන ව්‍යාපාරය බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආගම් වෙත කතෝලික ආගමෙන් එල්ල වූ බලපෑම් නිසා ආගමික පුනර්ජීවන ව්‍යාපාරය ආරම්භ වීමට අවශ්‍ය පදනම ගොඩ නැගුණි. ඒ සඳහා ආගමික නායකයන් නායකත්වය ගන්නා ලදී. උදා:- බෞද්ධ ආගම : වලානේ සිද්ධාර්ථ හිමි. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි රත්මලානේ ධර්මාරාම හිමි හින්දු ආගම : ආරුමුග නාවලර් තුමා පොන්නම්බලම් රාමනාදන් මහතා පොන්නම්බලම් අරුණාචලම් මහතා ඉස්ලාම් ආගම්: එම්.සී.සිද්ධි ලෙබ්බේ තුමා ටී.බී.ජයා මහතා අයි.එල්.එම්.අබ්දුල් අසීස් මහතා

1870 දශකයේ දී ඇති වූ බෞද්ධ, හින්දු, ඉස්ලාම් ප්‍ර බෝධය තුළින් ජාතික ව්‍යාපාරයේ පසුබිම සකස් වුණි. ( ආගමික පුනර්ජීවන ව්‍යාපාරය තුළින් ඇති වූ ජාතික ප්‍ර බෝධය, ජාතික ව්‍යාපාරය හරහා දේශපාලන මුහුණුවරක් ගත් ආකාරය කෙරෙහි අවධානය යොමු කරමින් විස්තර කරන්න)

ජාතික ව්‍යාපාරය