ඊරවන් සිද්ධස්ථානය

ඊරවන් සිද්ධස්ථානය, පෙරදී තඕ මහා ප්‍රොම් සිද්ධස්ථානය (තායි: ศาลท้าวมหาพรหม; rtgsසන් තඕ මහා ප්‍රොම්; "මහා බ්‍රහ්ම දෙවිමහෝත්තමයාණන්ගේ සිද්ධස්ථානය") යනු, තායිලන්තයේ, බැංකොක් නුවර පිහිටි, හින්දු සිද්ධස්ථානයක් වන අතර, මැවීම පිළිබඳ හින්දු දෙවියන් වන බ්‍රහ්ම දෙවිමහෝත්තමයාණන්ගේ තායි නිරූපණය වන ප්‍රා ප්‍රොම් ගේ පිළිමයක් එහි තැන්පත් කර ඇත. විශේෂයෙන් චීන ජාතිකයන් අතරෙහි ප්‍රසිද්ධ වන්දනා ස්ථානයක් වන මෙහි වන්දනාකරුවන්ගේ යැදුම් ඉටු වීම වෙනුවෙන් කුළියට ගන්නා ලද නේවාසික තායි නැටුම් කණ්ඩායම් වල රැඟුම් මෙහි බොහෝ විට දක්නට ලැබේ.

ඊරවන් සිද්ධස්ථානය (2006)
සිව්-මුහුණු සහිත බ්‍රහ්ම (ප්‍රා ප්‍රොම්) පිළිමයෙහි සමීප දසුනක්
ස්කයිට්‍රේන් වෙතින් සිද්ධස්ථානයෙහි දසුනක්

2015 අගෝස්තු 17 දිනදී, සිද්ධස්ථානය අසබඩදී බෝම්බයක් පුපුරා ගොස්, 25 දෙනෙකු මිය ගොස් 120 දෙනෙකුට වඩා තුවාල ලදහ.[1]

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඊරවන්_සිද්ධස්ථානය&oldid=342339" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි