ඉස්ලාම් චින්තන නිදහස හා දර්ශනය

කිසිවකු කිසියම් දහමක් විවේචනය කරන්නේ නම් ඊට ප්‍රථම එම දහමේ මුලික ඉගෙන්වීම් පිළිබදව අවබෝධයක් ලබාගත යුතුය.[1]

චින්තන නිදහස

සංස්කරණය

ඉස්ලාමීය මූලාශ්‍රයන් හොදින් අධ්‍යනය කරන කෙනෙකු හට එහි පවසන කරුනු අතුරින් බොහෝ කරුනු මිනිසාව සිතීමට පොළොඹවන ආකාරය පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත. උදාහරණ ලෙස දිව්‍යමය පුස්තකය වන අල්කුර්ආනය දෙස අවධානය යොමු කළේ නම්, එහි… “තවද ඔවුන් මෙම කුර්ආනය අධ්‍යනය නොකරන්නේ ද? එසේ නොකිරීමට ඔවුන්ගේ සිත් හි අගුල් දමලාද?” (අල්කුර්ආනය 47-24)

“සැබැවින්ම මෙම කුර්ආනය අධ්‍යනය කරනු පිණිස පහසු කොට ඇත්තෙමු. මෙය අවබෝධ කරගන්නෙකු සිටීද?” (අල්කුර්ආනය 54-17)

“ඔවුන් මෙම කුර්ආනය පිළිබදව සිතිය යුතු නොවේද? “තවද ඔවුන් (මුස්ලීම්වරුන්) තම දෙවියන්ගේ වාක්‍යයන් (කුර්ආණ් වාක්‍යයන් ගෙනහැර) පැවසූ විට එය බිහිරන් ලෙසත් අන්ධයන් ලෙසත්

(පිළිගෙන) එහි කටයුතු නොකරයි (බුද්ධිමත්ව සිතාබලා කටයුතු කරයි).” (අල්කුර්ආනය 25-73)

මීට අමතරව ශුද්ධ වූ කුර්ආනයේ 2-44, 2-73, 2-76, 2-242, 3-65, 3-118, 6-32, 6-151, 7-169, 10-16, 11-51, 12-02, 12-109, 21-10, 21-67, 23-80, 24-61, 26-28, 28-60, 36-62, 37-138, 40-67, 43-3, 57-17, 67-10, 29-43, 2-164, 2-170, 2-171, 5-58, 5-103, 8-22, 10-42, 10-100, 13-4, 16-12, 16-68, 22-46, 25-44, 29-35, 29-63, 30-24, 30-28, 36-68, 39-43, 45-05, 4-113, 16-78, 17-85, 20-114, 46-23, 49-16, 55-3,4, 96-4,5… වාක්‍යයන් මගින් ද බුද්ධිය හා එය භාවිතයේ අවශ්‍යතාවය ඉස්ලාම් දැඩිව අවධාරණය කරයි.[1]

ඉස්ලාම් දර්ශනය හා මග පෙන්වීම

සංස්කරණය

වෙනත් අයුරකින් පවසනවා නම් මේ නිර්මාණය තුළින් එහි නිර්මාපකයා ගේ හැකියාව අප දකින්නෙමු. ඒ ආකාරයටම අප අවට ඇති සියල්ල තුළින් අප එහි නිර්මාපකයා දැකිය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එ‍ය අල්කුර්ආනයේ 2-164 වාක්‍යයෙන් මෙසේ පවසයි. “අල්ලාහ් (දෙවියන්) අහස හා පොළොව නිර්මාණය කිරීම කෙරෙහිද, රැය හා දහවල යළි යළි පැමිණීම තුළින්ද, මිනිසාට ප්‍රයෝජනවත් දෑ සාගරය මතින් (නෞකා මගින්) ගෙනයාම මගින්ද, අහසෙහි සිට ජලය පතිත කර ඒ තුළින් වියළි මලානිකව ගිය පොළොව ප්‍රාණවත් කිරීම තුළින්ද, එහිම සෑම වර්ගයකම ජීවින් ව්‍යාප්ත කිරීම තුළින්ද, සුළග සෑම දිසාවකටම හැරවීම තුළින්ද? අහස හා පොළොව අතර සීමා වී සිටින්නා වූ වලාකුඑ තුළින්ද, බුද්ධිමත් ජනතාවට සාක්ෂීන් තිබෙන්නේමය”

මේ ආකාරයටම ශුද්ධ වූ කුර්ආනයේ 21-22 මගින් ද මෙසේ පවසයි, “(අහස හා පොළොව) ඒ දෙතැන අල්ලාහ් (දෙවියන්) හැර තවත් දෙවිවරුන් සිටියේ නම් ඒ දෙතැනම ව්‍යාකූල වනු ඇත.”

ඥානය (බුද්ධිය) ගැන

සංස්කරණය

ඉස්ලාමය නිදහස් චින්තනය (සිතීම) තුලින් බුද්ධිය උදාකරගැනීම අගයයි.

නිදහස් චින්තනය අවධාරණය කරන අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 2-269 වාක්‍යයෙන් පවසන මෙම වාක්‍යය ඔබේ අවධානයට යොමු කරමි. “අල්ලාහ් තමා සිතු කෙනෙකු හට ඥානය (බුද්ධිය) ලබාදෙන්නේය. ඥානය ලද තැනැත්තා බොහෝ භාග්‍යයන් ලද තැනැත්තෙකු වන්නේය. බුද්ධිය ඇත්තෙකු මිස මේවා පිළිබදව නොසිතන්නේය.” ඒ අනුව ඉස්ලාම් මිනිසාගේ බුද්ධියට කථා කරන චින්තන නිදහස උපරිමයෙන්ම ආරක්ෂා කොට ලබාදී ඇති මිථ්‍යාවන්ට හා අන්ධ භක්තියට අභියෝගයක් වු දිව්‍යමය දහමකි.

ද්වේතය පිළිබද අදහස්

සංස්කරණය

ශුද්ධ වූ කුර්ආනයේ ‍‍බොහෝ දේව වාක්‍යයන් හුදෙක් වත් පිළිවෙත් වලට පමණක් සීමා නොවී මිනිසාගේ බුද්ධියට කථා කරන ආකාරයෙන් පැවතීමයි. එයට උදාහරණ කිහිපයක් පවසන්නේ නම්. “ඔහු සමුද්‍රයන් දෙකක් හමුවන්නට සැලැස්වුයේය. නමුත් ඒවා එකින් එකට මිශ්‍ර නොවන්නේය.” (කුර්ආණ් 55-19) “සූර්යයාට චන්ද්‍රයා ආක්‍රමණය කිරීමට නොහැක. රාත්‍රියට දහවල පසුකර යා නොහැක සෑම එකක්ම තමන්ගේ සීමාව තුළ පිහිටා ගමන් කරන්නේය.” (කුර්ආනයේ 36-40)

නැවත ඉපදීම පිළිබදව

සංස්කරණය

ශුද්ධ වූ කුර්ආනයේ 2-260 මගින් මෙසේ පවසයි. “ඉබ්රාහීම් (දෙවියන්ගෙන්) ‘මගේ හිමියනි!, මරණයට පත් වූවන්ට ඔබ කෙසේ පණ දෙන්නේද? ඔබ මට එය පෙන්වනු මැනව!’ ඔහු කීවේය. ඒ අවස්ථාවෙහි අල්ලාහ් (දෙවියන්) ‘ඔබ විශ්වාස නොකරන්නේද?’ යයි විමසුවේය. එයට ‘මම විශ්වාස ක‍ෙලමි නමුත් එය ඇස්වලින් දැක මගේ සිත නිවාලනු පිණිස (පෙන්වන ලෙස)ය’ යයි පවසන ලදී.”

ඒක දේව විශ්වාසය

සංස්කරණය

අල්ලාහ් හැර වෙන දෙවියෙක් නැත යන්න. ඉස්ලාමයේ මූලික විශ්වාසයයි. ඉස්ලාම් බහුදේව වාදය පිළිනොගන්නා අතර ඒක දේව සංකල්පය දැඩිව අවධාරණය කරන දහමකි. අල්කුර්ආණ් 47: 19

මෙහි දෙවියන් යන්න ඉතා ගැඹුරු සංකල්පයකි (සත්‍යයකි). මෙය දාර්ශනික ප්‍රස්තූතයකි. විශ්වයේ පැවැත්ම (යථාර්ථය) මින් ගම්‍යවේ. විශ්වයේ ක්‍රියාකාරිත්වය, ශක්තිය, චලිතය, හටගැනීම, විනාශය, මැවීම ආදී සංකල්ප තුළින් විස්තරවන එය රූපයකින් නිරූපණය කළ නොහේ. මෙවැනි දාර්ශනික කරුණු නොපැසුණු නොමේරූ (දරුවන්ට) එකවර අවබෝධ කරගත නොහැකි බැවින්, ඔවුන්ට ආගම තේරුම් කිරීමේ පහසුව පිණිස සෑම ආගමකම දෙවියන් පුද්ගලත්වයකින් නිරූපණය කෙරී ඇත. කෙසේ වෙතත් අල්කුර්ආනය පුද්ගල ස්වරූපයෙන්යුත් දෙවියන් ඇදහීම අධෛර්‍ය්‍ය කරයි.

“යුදෙව්වරුන් ((වක්තෘ)නබි) උසෙයිරව (දෙවියන්) අල්ලාහ්ගේ දරුවා යයි පවසයි. කිතුනුවන් ඊශා ((වක්තෘ)නබි) අල්ලාහ්ගේ (දෙවියන්) දරුවා යයි පවසයි. මෙය ඔවුන්ගේ මුවින් පිටවූ වදන් වේ. මොවුන්ට පෙර සිටි පිරිස පැවසූ කාරණයට මොවුන්ද සමාන වේ. අල්ලාහ් ඔවුන්ව විනාශ කරත්වා!, (සත්‍ය මාර්ගයෙන් මොවුන්) කුමන දිශාවකට යොමු වී සිටින්නේද? ඔවුන් අල්ලාහ් (දෙවියන්) හැර තම පූජකවරුන්වද, මගපෙන්වන්නන්ද, මරියම්ගේ පුත් මසීහ්වද ඔවුහු දෙවිවරුන් ලෙස සලකන්නේය. එහෙත් එකම දෙවියා හැර වෙන කිසිවකුත් නැමදුම් කිරීමට අවශ්‍ය නැතැයි ඔවුන් සියල්ලෝම සමාජයට අණ කළේය. නැමදීමට හිමි දෙවියා අල්ලාහ් හැර වෙන කිසිවකු නැත.” අල්කුර්ආණ් 9-30, 31

බාහිර සබැදි

සංස්කරණය

ලෝකයේ විවිධ සංස්කෘතීන් තුල ආගමික හා දාර්ශනික අදහස් ක්‍රියාත්මක වන්නේ ඒ ඒ සංස්කෘතියට ගැලපෙන අන්දමිනි. දාර්ශනික ඉතිහාසය හැදෑරීමෙන් ආගමත් විද්‍යාවත් දර්ශනයත් එකිනෙක කෙරෙහි බලපාන අන්දම ගැන හැදෑරිය හැක. වැඩිදුර තොරතුරු සදහා බලන්න

අල්ලාහ්_-_පූර්ව_ඉස්ලාමික_අරාබියෙහි_භාවිතය

ආගමේ_මානව_විද්‍යාව

දර්ශනය

යථාර්ථය

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ a b yahamaga.com/ඉස්ලාම්-චින්තන-නිදහස-හා-ව/"