ආගමේ මානව විද්‍යාව

ආගමේ මානව විද්‍යාවට අනෙකුත් සමාජ ආයතන වලට සාපේක්‍ෂව ආගමික ආයතනයන් පිලිබඳව අධ්‍යයනය කිරීම සහ විවිධ සංස්කෘතීන්හි ආගමික විශ්වාසයන් හා පරිචයන් සන්සන්දනය කිරීම ඇතුලත් වෙයි.

ඉතිහාසය

සෑම ආගමක්ම එය නමදින්නාවූ මානව ප‍්‍රජාවේ නිර්මාණයක්ය යන මානව විද්‍යාත්මක සිද්ධාන්තය 1841 දී ලූඞ්විග් ෆොයබාග් විසින් ප‍්‍රථම වරට ඉදිරිපත් කරන ලදී.

ෆොයබර්ග් අනුව යමින් 1912 දී එමිල් ඩර්කයිම් දක්වා සිටියේ ‘ආගම යම් සමාජයක සමාජ වටිනාකම්වල ප‍්‍රක්ෂේපිතයක්’ වන බවයි. එමෙන්ම එය සමාජය පිලිබඳ සංකේතීය ප‍්‍රකාශ ඉදිරිපත් කරන්නක් මෙන්ම සමාජ පිලිවෙල පිළිබඳ අදහස් දක්වන්නා වූ සංකේතීය භාෂාවක් බවද ඔහුගේ අදහස විය.

19 වන සියවසේදී සංස්කෘතික මානව විද්‍යාව සංස්කෘතික පරිණාමය පිලිබඳව වූ උනන්දුවකින් පිරී පැවතුනි. බොහෝ මානව විද්‍යා‍ඥයෝ ‘පුරාතන’ සහ ‘නූතන’ ආගම් අතර ඉතා සුළු වෙනස්කමක් පමණක් පවතින්නේ යැයි උපකල්පනය කළ අතර පුරාතන ආගම නූතන ආගම බවට පරිණාමයවීම කෙසේ සිදුවීද යන්න පිලිබඳව අදහස් දැක්වූහ. 20 වන සියවසේදී බෙහෝ මානව විද්‍යාඥයෝ මෙම ප‍්‍රවේශය ප‍්‍රතික්ෂේප කරසිටියහ. වර්තමානයේ ආගමේ මානව විද්‍යාව තුල ලූඞ්විග් ෆොයබර්ග්, කාල් මාක්ස්, සිග්මන් ෆ්‍රොයිඞ්, එමිල් ඩර්කයිම් සහ මැක්ස් වෙබර් යානාදීන්ගේ අදහස්වල බලපෑම දැකගත හැක. ඒවායින් බොහෝදුරට කියැවෙන්නේ ආගමික විශ්වාසයන් හා පරිචයන් තුලින් ආර්ථික හා දේශපාලනික බලවේගයන් නිරූපනය වන්නේ කෙසේද යන්න පිලිබඳව සහ ආගමික විශ්වාස හා පරිචයන්ගේ සමාජීය කාර්යභාරය පිලිබඳවය.

"https://si.wikipedia.org/w/index.php?title=ආගමේ_මානව_විද්‍යාව&oldid=700675" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි