ඉලෙක්ට්‍රෝන බන්ධුතාව

වායුමය මූලද්‍රව්‍ය පරමාණුවක් එක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගෙන වායුමය ඒක සෘණ අයනයක් බවට පත් වීමේ දී සිදු වන ශක්ති විපර්යාසය ඉලෙක්ට්‍රෝන බන්ධුතාව නමින් හැඳින්වේ.

බොහෝ මූලද්‍රව්‍යවල පළමු වන ඉලෙක්ට්‍රෝන බන්ධුතාව ඍණ අගයක් ගනියි. එයට හේතුව එකතු වූ ඉලෙක්ට්‍රෝනය න්‍යෂ්ටික ආරෝපණය මගින් ආකර්ෂණය කිරීම යි. දෙ වන ඉලෙක්ට්‍රෝන බන්ධුතාව සැම විටම ධන අගයක් ගනියි. එයට හේතුව දැනටමත් ඍණ ආරෝපිත අයනයකට ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝනයක් එකතු වී තිබීම යි.

ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යාමේ දී න්‍යෂ්ටික ආරෝපණය වැඩි වන අතර පරමාණුක අරය අඩු වේ. එ බැවින් අයනීකරණය ශක්තිය වැඩි වේ. එම නිසා ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යාමේ දී කැටායන සෑදීමේ ප්‍රවණතාව අඩු වන අතර ඔක්සිහාරකයක් ලෙස කි්‍රයා කිරීමේ හැකියාව ද අඩු වේ. එසේ ම ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යාමේ දී ඇනායන සැදීමේ හැකියාව වැඩි වන අතර ඔක්සිකාරකයක් ලෙස කි්‍රයා කිරීමේ හැකියාව ද වැඩි වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඉලෙක්ට්‍රෝන_බන්ධුතාව&oldid=347795" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි