ඉල්ලුම සහ සෑපයුම යනු වෙලඳපලක මිල තිරණය කරන අර්ථික අකෘතියකි. තරගකාරී වෙළදපොලක යම් භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයින් විසින් ඉල්ලුම් කරන ප්‍රමාණය හා සැපයුම්කරුවන් විසින් සපයන ප්‍රමාණය තුලනය වන අවස්ථාවේදී මිල තීරණය වන අතර එම අවස්තාවේ මිල හා ප්‍රමාණය අතර වෙළදපොල සමතුලිතයක් ඇතිවෙන බව මෙමගින් දැක්වේ.

භාණ්ඩයක මිල (මි ) තීරණය වන්නේ නිෂ්පදකයා එක් එක් මිල ගණන් වලදී නිෂ්පාදනය කරන ප්‍රමාණය (සැපයුම 'සැ' ) හා එක් එක් මිල ගණන් වලදී ගැණුම්කරුවන්ගේ ක්‍රය ශක්තිය හා කැමත්ත තුලනය වන අවස්තාවේදීය. මෙම රූප සටහන මගින් පෙන්නුම් කරනුයේ ඉල්ලුම (ඉ1 ) සිට (ඉ2 ) දක්වා වැඩිවීම හේතුවෙන් මිල (මි ) හා ප්‍රමාණය (ප්‍ර ) වැඩිවෙන බවයි.



ඉල්ලුම සහ සැපයුම අතර ප්‍රස්ථාරික නිරූපණය

සංස්කරණය

ඉල්ලුම සහ සැපයුම යම් භාණ්ඩයක් ගනුදෙනු වන මිල සහ ප්‍රමණය තිරණය වන තාවකාලික සමතුලිත අකෘතියකි. සාමාන්‍යයෙන් ඉල්ලුම් ප්‍රමාණය සහ සැපයුම් ප්‍රමාණය භාණ්ඩයයේ මිල මත තිරණය වන ශ්‍රිතයක් ලෙස සැලකුවද සම්මත ප්‍රස්ථාරික නිරුපණය අල්ෆ්‍රඞ් මාෂල්ගේ අකෘති‍යට අනුකූල වන පරිදි දැක්වේ. මෙහි තිරස් අක්ෂය ලෙස ප්‍රමාණයත් සිරස් අක්ෂය ලෙස මිලත් දැක්කුවද එය සම්මත ගණිතමය නිරුපණයට පටහැනිය. හාණ්ඩයක මිලට අමතරව ඉල්ලුම සහ සැපයුම තිරණය කරන අනෙකුත් නිර්නායකයන්(උදාහරණ ලෙස පරිභෝගික අයභාර, යෙදවූම් මිල අදි විචල්‍යයන් ) ඉල්ලුම සහ සැපයුම් ප්‍රස්ථාරයේ නිශ්චිත ලෙස නිරුපණය නොවන අතර මෙම විචල්‍යයන් හි වෙනස්වීම වක්‍රය විතැන්විම මගින් පෙන්වනු ලැබේ. එහෙත් භාණ්ඩයේ මිලෙහි වෙනස්වීම නිරුපණය වන්නේ ඉල්ලුම් සැපයුම වක්‍රය ඔස්සේ ලක්ෂ්‍ය චලනයනි.

සැපයුම් ලැයිස්තුව

සංස්කරණය

සැපයුම් ලැයිස්තුව ප්‍රස්ථාරිකව දැක්විම සැපයුම් වක්‍රය ලෙස නිරුපණය වන අතර එමගින් නිෂ්පාදකයා එක් එක් මිල ගණන්හිදි විකිණීමට කැමති හා හැකි භාණ්ඩ ප්‍රමාණය දැක්වෙන අතර මෙහිදි භාණ්ඩයේ මිලට අමතරව අනෙකුත් විචල්‍යයන් නියත බව සැලකේ. සැපයුම ආන්තික පිරිවැය යටතේ තිරණය කරන බව පුර්ණ තරඟකරිත්වයේදි තිරණය කරනු ලැබේ. භාණ්ඩයක අමතර පිරිවැය එය විකිණීමෙන් ලැබෙන අදායමට වඩා අඩුවන්නේ නම් පමණක් අයතනයක විසින් අමතර නිෂ්පාදන සිදුකරයි.

ඉල්ලුම් ලැයිස්තුව

සංස්කරණය

ඉල්ලුම්ලැයිස්තුව ප්‍රස්ථාරිකව දැක්විම ඉල්ලුම් වක්‍රය ලෙස නිරුපණය වන අතර එමගින් ගැනුම්කරුවන් ඒක් ඒක්මිලගණන්හිදි මිලදි කැමති හා හැකි භාණ්ඩ ප්‍රමාණය දැක්වෙන අතර මෙහිදි භාණ්ඩයේ මිලට අමතරව අනෙකුත් සාධක නියත බව සැලක (උදාහරණයක් ලෙස පරිභෝගික අදායම, පෞද්ගලික රුවිකත්වය, අදේශක භාණ්ඩවල මිල, අනුපුරක භාණ්ඩහි මිලගණන් අදී). ඉල්ලුම් න්‍යායට අනුකුලව භාණ්ඩ අඩුවිමත් සමග භාණ්ඩයට ඇති පාරිභෝගිකයන් ඉල්ලුම් වැඩිවේයැයි සලකා වක්‍රය පහලට ගමන්කරනසේ නිරුපණය කෙරේ.

ආන්තික පිරිවැය වක්‍රය සැපයුම් වක්‍රය හරහා විදහාපාන්නාසේ ඉල්ලුම් වක්‍රය ආන්තික උපයෝගිතා වක්‍රය මගින් නිර්ණය කරයි. පාරිභෝගිකයන් විසින් භාණ්ඩයක් එක්තරා ප්‍රමාණයට හා මිලකට මිලදිගැනිමට පෙලඹේන්නේ එහි අමතර පරිභෝජනය සදහා වැයවන ආන්තික පිරිවැය, මිලෙන් එලඹේන ආවස්ථීක පිරිවැය නැතහොත් විකල්ප පාරිභෝගික තේරිමෙහි ආන්තික උපයෝගිතවයට සමාන වන්නේනම් පමනි.

එක්තරා කාලයකදී එක්තරා භාණ්ඩයක් මිලදී ගැනීමට පාරීභෝගිකයකුගේ ඇති හැකියාව හා කැමත්ත ලෙස ඉල්ලුම් ලැයිස්තුව අර්ථ දැක්විය හැක. ඉහත සදහන් පරිදි ඉල්ලුම් වක්‍රය සාමාන්‍යයෙන් නිරූපණය වන්නේ පහලට ගමන් කරන්නා සේය. කලාතුරකින් දැක්වෙන ඉහළට ගමන් කරන ඉල්ලුම් වක්‍ර සහිත සමහර භාණ්ඩද ඇත. මේ සදහා උපකල්පිත උදාහරණ දෙකක් ලෙස ගිෆන් භාණ්ඩ (බාල භාණ්ඩ ), වෙබ්ලන් භාණ්ඩ (විලාසිතාකාරී ඉහළ මිලක් සහිත භාණ්ඩ ) දැක්විය හැක.

සමතුලිතතාවය

සංස්කරණය

ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය ඡේදනය වන ලක්ෂ්‍යය සමතුලිතතාවය ලෙස අර්ථකතනය කල හැකිවන අතර මෙහිදී ඉල්ලුම් ප්‍රමාණය හා සැපයුම් ප්‍රමාණය සමාන වේ.

ඉල්ලුම් වක්‍රය විතැන් වීම

සංස්කරණය
ගොනුව:Untitled-2 copy.gif
ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වීමෙන් සමතුලිත මිල හා ප්‍රමාණයේ වැඩිවීමක් පෙන්නුම් කරයි.

පාරිභෝගිකයින් නියත මිලකදී ඉල්ලුම් කරන ප්‍රමාණයෙහි වැඩිවීමක් ඉල්ලුමෙහි වැඩිවීමක් ලෙස හදුන්වයි. මෙය ප්‍රාස්ථාරිකවද නිරූපණය වන්නේ ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වීමක් ලෙසය. මෙහිදී මූලික ඉල්ලුම් වක්‍රයට (ඉ1) සාපේක්ෂව නව ඉල්ලුම් වක්‍රය (ඉ2) මගින් එක් එක් මිලගණන් වලදී ඉහළ ප්‍රමාණයන් ඉල්ලුම් කරන බව නිරූපණය වේ. (උදාහරණයක් ලෙස අධික උෂ්ණ කාලවලදී අයිස්ක්‍රීම් සදහා ඉල්ලුමෙහි වැඩිවීමක් දක්නට ලබේ ). මෙහිදී සමතුලිත මිල (මි1) සිට (මි2) දක්වාද සමතුලිත ප්‍රමාණය (ප්‍ර1) සිට (ප්‍ර2) දක්වාද වැඩිවී ඇත.

ඉල්ලුම් වක්‍රය ඔස්සේ සිදුවන වෙනස්වීම ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීමක් ලෙසද වක්‍රය විතැන් වීම ඉල්ලුමෙහි වෙනසක් ලෙසද අර්ථකතනය කල හැක. ඉහත උදාහරණයේදී ඉල්ලුමෙහි වැඩිවීම නිසා සමතුලිත ප්‍රමාණයෙහිද වැඩිවීමක් සිදුවී ඇත.

මීට අමතරව පාරිභෝගික රුචිකත්වය හා අදායම වෙනස් වීම, අනුපූරක හා අදේශ භාණ්ඩයන්හි මිලෙහි වෙනස් වීම, වෙළදපොල අපේක්ෂාවන් හා ගැණුම්කරුවන් ප්‍රමාණය, ඉල්ලුම් වක්‍රය විතැන් වීම සදහා බලපාන තවත් සාධකයන් වේ.

මෙයට ප්‍රතිවිරුද්ධ ලෙස ඉල්ලුමෙහි අඩුවීම ඉල්ලුම් වක්‍රය වමට විතැන් වීම ලෙස පෙන්නුම් කරයි. මෙහිදී පලමු වක්‍රය (ඉ2) ලෙස සැලකූවිට ඉල්ලුම (ඉ1) දක්වා අඩුවීම හරහා මිල හා ප්‍රමාණයෙහි අඩුවීම පෙන්නුම් කරන්නේ යැයි සැලකිය හැක. මෙය ඉල්ලුමෙහි වෙනස්වීමකි.

මිලට අමතරව වෙනත් විචල්‍යන්ගේ වෙනස්වීමක් නිසා ඉල්ලුම් වක්‍රයේ විතැන්වීමක් සිදුවේ. ප්‍රස්ථාරයන්හි මෙය x අක්ෂයේ වෙනස්වීමක් ලෙස දැක්වේ.

මිලට අමතරවූ වෙනත් විචල්‍යන්ගේ වෙනස්වීමක් හරහා ඉල්ලුමෙහි වෙනසක් ඇතිවීමෙන් වෙළඳපොල අසමතුලිතතාවයක් නිර්මාණය වේ. එනම් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වීමෙන් අධි ඉල්ලුමක් ජනනය වන අතර එමගින් යම් මිලකදී සැපයුමේ ඌනතාවයක්ඇතිවේ. ඉල්ලුම් වක්‍රය වම්පසට විතැන් වුවහොත් යම් මිලකදී ඉල්ලුමට සාපේක්ෂව සැපයුමේ අතිරික්තයක් ඇතිවේ.

සැපයුම් වක්‍රය විතැන් වීම

සංස්කරණය
ගොනුව:Untitled-3 copy.gif
සැපයුම් වක්‍රය දකුණට වීමෙන් සමතුලිත මිල අඩුවීමක් හා සමතුලිත ප්‍රමාණයේ වැඩිවීමක් පෙන්නුම් කරයි.


සැපයුම් වක්‍රය විතැන් වීම යනුවෙන් අදහස් වනුයේ සැපයුම් වක්‍රය වමට හෝ දකුණට වෙනස් වීමයි. උදාහරණයක් ලෙස යල හෝ මහ කන්න වලදී සැපයුම්කරුවන් හා දේශගුණික විපර්යාස ආදී සාධක හේතුවෙන් සැපයුම ඉහළ යන අතර සැපයුම් වක්‍රය දකුණට විතැන් වීමක් සිදුවේ. එනම් (සැ1) සිට (සැ2) දක්වා සැපයුම ඉහළ යෑමෙන් සමතුලිත මිල (මි1) සිට (මි2) දක්වාත් සමතුලිත ප්‍රමාණය (ප්‍ර1) සිට (ප්‍ර2) දක්වාත් වැඩිවේ. සැපයුම් වක්‍රය විතැන් වීමකදී මිල වෙනස්වීමට ප්‍රතිවිරුද්ධව ප්‍රමාණයෙහි වෙනස් වීම සිදුවේ. යම් මිලකදී සැපයුම අඩුවීම ඉහත තත්වයට ප්‍රතිවිරුද්ධ හැසිරීමක් ලෙස නිරීක්ෂණය කල හැක. මුල් සැපයුම් වක්‍රය (සැ2) නම් (සැ2) සිට (සැ1) දක්වා වෙනස් වීමකදී ඉල්ලුම සංකෝචනය වීමත්, සමතුලිත මිල වැඩිවීමත් හා සමතුලිත ප්‍රමාණය අඩුවීමත් සිදුවේ. මෙහිදී සැලකිය යුතු වන්නේ ඉල්ලුම් වක්‍රයේ වෙනසක් සිදු නොවන බවත් සැපයුම විතැන් වීමෙන් වෙළදපොල සැපයුමෙහි වෙනසක් සිදුවන බවය.

ඉල්ලුම හා සැපයුම විතැන් වීමකදී ඉල්ලුම් වක්‍රය දකුණට හෝ වමට වෙනස් වීමක් හා සැපයුම් වක්‍රය වමට හෝ දකුණට වෙනස් වීමක් ලෙස චලන හතරක් නිරීක්ෂණය කල හැකි වේ.


මේ අඩවියන් බලන්න

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ඉල්ලුම_සහ_සැපයුම&oldid=613844" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි