ඉච්ඡාප්‍යාරි නාගින්

ඉච්ඡාප්‍යාරි නාගින්[1] (සිංහල: ප්‍රේමී ඉච්ඡා-නාගිනිය) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු හින්දි-භාෂා ප්‍රේමනීය ෆැන්ටසි රූපවාහිනී කතාමාලාවකි. 2016 සැප්තැම්බර් 27 දින SAB TV නාළිකාව ඔස්සේ විකාශය ඇරඹි මෙම රූපවාහිනී කතාමාලාව සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 8.00ට විකාශය වේ.

ඉච්ඡාප්‍යාරි නාගින්
ගොනුව:Icchapyaari Naagin Title Card.png
ඉච්ඡාප්‍යාරි නාගින් තේමා පාඨය
ප්‍රභේදයනාට්‍ය
අධිස්වාභාවික
ප්‍රේමවෘත්තාන්ත ෆැන්ටසි
රඟපෑමප්‍රියාල් ගෝර්
මිෂ්කත් වර්මා
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන138 (2017 අප්‍රේල් 6 වන විට) (කථාංග ලැයිස්තුව)
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)සිද්ධාර්ත් පී. මල්හෝත්‍රා
ස්ථානය(න්)මුම්බායි, ඉන්දියාව
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 20
නිෂ්පාදන සමාගමඇල්කෙමි ප්‍රොඩක්ෂන්ස්
බෙදාහරින්නාසෝනි පික්චර්ස් නෙට්වර්ක්ස්
ප්‍රචාරණය
මුල් නාලිකාවSAB TV
රූප ආකෘතිය576i (PAL)
1080i (HDTV)
මුල් ධාවනය27 සැප්තැම්බර් 2016 (2016-09-27) – වර්තමානය
බාහිර සබැඳි
වෙබ් අඩවිය

මෙම කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ප්‍රියාල් ගෝර් සහ මිෂ්කාත් වර්මා විසිනි.[2]

මෙම කතාමාලාව දෙමළ බසින් හඬකවන ලදුව පොලිමර් ටීවී නාළිකාව ඔස්සේ ප්‍රියාමුදන් නාගිනී යන තේමාව යටතේ විකාශය කෙරේ.

කථා පුවත සංස්කරණය

ඉච්ඡාප්‍යාරී නාගින් සඳහා පසුබිම් වී ඇත්තේ නාගිස්ථානය නැමැති දේශයයි. මෙම දේශයේ ඉච්ඡාධාරී නාගයින් සහ නාගිනියන් රැසත් ජීවත් වෙති. ඔවුන් යහපත් අතර, කලාතුරකින් ඔවුන් කෝපාවිෂ්ඨ වෙති. එක් දිනෙක, රූපවාහිනී වැඩසටහනක් නරඹන අතරතුර මිනිසුන් තුළ නාගයින් පිළිබඳ අයහපත් වැටහීමක් ඇති බව ඔවුහු වටහා ගනිති. මේ නිසා තමන් පිළිබඳ වන මෙම අදහස් වෙනස් කිරීමට ඔවුහු තීරණය කරති. චිර්මිරි විසින් මිනිසුන්ට තර්ජන එල්ල කිරීමට සැලසුම් කළ ද, ඉච්ඡා විශ්වාස කරන්නේ මේ සඳහා වඩාත් සාමකාමී මාර්ගයක් ඇති බවයි. මෙම අදහස් වෙනස් කිරීමේ අරමුණින් ඇය පෘථිවිය වෙත පැමිණෙයි. දේවාලයක නාග දේවතාවන් වන්දනාමාන කරන පණ්ඩිතයකු හමුවන ඇයට ප්‍රතාප් පවුල පිළිබඳ දැනගන්නට ලැබේ. එය සරල සහ ආදරණීය පෙහල්වාන් පවුලකි. ඇය සිය සැබෑ අනන්‍යතාව දන්නා අප්පු සමග මිත්‍ර වන නමුත්, ගැටලු පැන නගින්නේ ඇය බබ්බල් කෙරෙහි ප්‍රේමයෙන් බැඳීමත් සමගයි. මේ නිසා ඇයට සිය සැබෑ අනන්‍යතාව බබ්බල්ගෙන් සැඟවීමට සිදු වේ.

මේ අතර, ඉච්ඡාගේ ක්‍රියා කලාපය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පසුවන චිර්මිර් ඇගේ මෙහෙයුම අසාර්ථක කිරීමට විවිධ කුමන්ත්‍රණ සිදුකළ ඒවා සියල්ල අසාර්ථක වේ. අනෙක් අතින් විශායිල්ගාර්හි දුෂ්ට නාගිනියක වන විශායිලිගේ පවුලේ සාමාජිකයකු දාදිගේ පුත්‍රයා වන ෂංකර් අතින් මරණයට පත්ව තිබීම නිසා ඔහුගේ පවුලේ සෑම අයකුම මරා දැමීමට විශායිලි සපථ කරයි. විශායිලි විසින් ඔහුව පැහැර ගන්නා අතර ප්‍රාණ ඇපකරුවකු ලෙස රඳවා තබාගන්නේ ඔහුගේ පවුලේ අය පිළිබඳ තොරතුරු හෙලි කරගැනීමටයි. දීවාලි උත්සව දිනයේ දී අසල්වැසි ස්ථානයක එදිරිවාදීන් විසින් ප්‍රතාප් නිවසේ ගිනිකෙළි මංජුසාව තුළ බෝම්බයක් සවි කරනු ලබයි. මේ පිළිබඳ නොදන්නා අප්පු ගිනිකෙළි යැයි සිතා බෝම්බයට ගිනි දල්වයි. බෝම්බට පුපුරා යයි. බබ්බල් විසින් අප්පුව බේරා ගන්නා නමුත්, බබ්බල්හට දැඩිව හානි සිදුවන අතර අවසානයේ අවසන් හුසම හෙළයි. නැවත බබ්බල්හට ජීවය ලබාදීමට ඉච්ඡා "සංජාප්‍රත්‍යාර්පණ්" නැමැති පූජාවක් සිදු කරයි. එහි දී ඇය සිය ප්‍රාණයෙන් අඩක් බබ්බල්ට ලබා දෙයි.

අවසානයේ ප්‍රතාප් නිවස සොයාගන්නා විශායිලි අම්රිතා නැමැති චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙස නිවසට පැමිණෙයි. ඇය පෙහෙල්වාන්වරුන් පිළිබඳ චිත්‍රපටයක් නිපදවන බව පවසන්නී ය. ෂංකර් සහ දාදි ඇයට නිවසේ රැඳී සිටීමට අවසර ලබා දෙයි. ඉච්ඡාධාරී නාගිනියක වන ඉච්ඡා ප්‍රතාප් පවුල ආරක්ෂා කරන බව විශායිලි දැන ගනියි. ඇය නාගිස්ථානය ද විනාශ කිරීමේ අරමුණින් පසුවන්නී ය. බුධිරාජ් නැමැති පෙනුම වෙනස් කළ හැකි මීමැස්සකුගේ සහ ආග්වංශ් නැමැති පෙනුම වෙනස් කළ හැකි රාජාලියකුගේ උපකාර ඇතිව ඇය පවුලට ප්‍රහාර එල්ල තළ ද, ඉච්ඡා විසින් ඇගේ කුමන්ත්‍රණ පරාජය කරයි.

ඉච්ඡාහට තමන් පෙම් කරන බව බබ්බල් වටහා ගනියි. ඔහු ඇයට සිය ප්‍රේමය ප්‍රකාශ කිරීමට උත්සාහ දැරූව ද, ඇය ඔහුව නොසලකා හරින්නේ ඔහුගෙන් ඈත්ව සිටින බවට ඇය සිය මවට පොරොන්දු වී සිටි හෙයිනි. ඉච්ඡාගේ ඊර්ෂ්‍යාව හිමි කරගැනීම සඳහා බබ්බල් අම්රිතා සමගින් රඟපෑමෙහි යෙදෙන්නේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් බව මවාපාමිනි. කාන්තාවන්ගේ සිත් කියවීමේ හැකියාවක් ඇති ප්‍රබල් අම්රිතා බබ්බල්ට පෙම් කරන්නේ යැයි වරදවා වටහා ගනියි. ඔහු මේ බව දාදිට දැනුම් දෙන අතර, ඔවුන්ව විවාහ කර දීමට සැලසුම් කෙරේ. කෙසේනමුත්, විශායිලිගේ සොයුරිය මෙන්ම විශායිලිගාර්හි රැජිනිය ද වන විෂ්ණායිනි මෙයට අවසර දෙන්නේ එක් කොන්දේසියක් අනුව ය. එනම් නාග්-ආත්මීකරණ් නැමැති පූජාව මගින් බබ්බල්ව ද නාගයකු කළ යුතු බවයි. බබ්බල්ව වශීකරණයට ලක් කිරීමට විශායිලි දරන උත්සාහය ඉච්ඡා ව්‍යර්ථ කරයි. විශායිලිගේ මව ලෙස විෂ්ණායිනි ප්‍රතාප් නිවසට පැමිණෙන්නේ සිය සැලැස්ම නිසි පරිදි ඉටුවේ දැයි සොයාබැලීම පිණිසයි. මේ අතර, විශායිල්ගාර් වෙත පැමිණෙන ඉච්ඡා විශායිල්ගාර් සොයුරින්ට සිය නාග ස්වරූපය ලබා ගැනීමට උපකාරී වන නාග මාණික්‍යය රැගෙන එයි. අනතුරුව ඔවුහු පළා යති...

චරිත නිරූපණය සංස්කරණය

  • ප්‍රියාල් ගෝර්, ඉච්ඡා (නාගිනිය) ලෙස
  • මිෂ්කාත් වර්මා, බබ්බල් ප්‍රතාප් ලෙස
  • ෆරීඩා දාදි, කෞශල්‍යා ප්‍රතාප් ලෙස
  • බදෘල් ඉස්ලාම්, ඛාදක් ප්‍රතාප් ලෙස
  • ශීලා, චංචල් ප්‍රතාප් ලෙස
  • ප්‍රවීන් සිරෝහි, ප්‍රබල් ප්‍රතාප් ලෙස
  • පූජා ඛාත්‍රි, මාම්තා ප්‍රතාප් ලෙස
  • රක්ෂිත් පන්ට්, සබාල් ප්‍රතාප් ලෙස
  • සධිල් කපූර්, අප්පු ප්‍රතාප් ලෙස
  • රයිහානා මල්හෝත්‍රා, විශායිලි/අම්රිතා (නාගිනිය) ලෙස (මියගිය)
  • සෝනියා සිං, විෂ්ණායිනි/විශායිල්ගාර්හි රැජින (නාගිනිය) ලෙස (මියගිය)
  • භාර්ත භාටියා, ශේෂු ලෙස; ඉච්ඡාගේ හදාගත් පියායි (නාගයෙකි)
  • අංජලී ගුප්තා, සිප්ලි ලෙස; ඉච්ඡාගේ හදාගත් මව (නාගිනිය)
  • අමිත් දෝලාවත්, මක්‍රාන්ත් (පෙනුම වෙනස් කළ හැකි මකුළුවා) ලෙස
  • ආකාශ් තල්වාර්, මයුරේෂ් (පෙනුම වෙනස් කළ හැකි මොනරා) ලෙස
  • රිසිකා මිහානි, විෂ්ප්‍රීත් (නාගිනිය) ලෙස (මියගිය)

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "SAB TV Icchapyaari Naagin official website". SAB TV.
  2. "Leads of the show". ABP News. 13 August 2016. 26 October 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2016.

සැකිල්ල:SAB TV Programmes

"https://si.wikipedia.org/w/index.php?title=ඉච්ඡාප්‍යාරි_නාගින්&oldid=594759" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි