ඉක්මන් (වෙබ් අඩවිය)

ඉක්මන් හෝ ඉක්මන් ඩොට් එල් කේ (ikman.lk) යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ලුහුඬු දැන්වීම් පළ කළ හැකි වෙබ් අඩවියකි. 2012 වර්ෂයේ දී දියත් වූ මෙය මාස තුනක් ඇතුලත ශ්‍රී ලංකාවේ හය වැනියට වැඩිම වතාවක් පිවිසි වෙබ් අඩවිය බවට පත් විය. වෙබ් අඩවියෙහි සංවර්ධක සහ නඩත්තු කිරීමේ කටයුතු ස්වීඩනයේ සිටින කණ්ඩායමක් මගින් සිදු කරන නමුත් ව්‍යාපාර සංවර්ධන සහ පාරිභෝගික සේවා කටයුතු ශ්‍රී ලංකාවේ සිටින කණ්ඩායමක් මගින් සිදු කරනු ලැබේ. ඉක්මන් යනු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ත්‍රිභාෂාවන්ගෙන්ම සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රථම මාර්ගගත ලුහුඬු දැන්වීම් සේවාව ලෙස සැළකේ.[1][2][3]

ඉක්මන්
URLhttps://ikman.lk
අඩවි වර්ගයලුහුඬු දැන්වීම්
අඩංගුභාෂා(ව)සිංහල, දෙමළ, ඉංග්‍රීසි
ඇරඹූයේ2012 ජුනි 1
දැනට තත්‍වයසක්‍රියයි

මූලාශ්‍ර සංස්කරණය

  1. ඩිල්ශානි, කේ. එම්. ටී. (2012 නොවැම්බර් 30). "ශ්‍රී ලංකා රෙකෝඩ්ස් හයස්ට් ඉන්ටනෙට් ග්‍රෝව්ත් ඉන් සවුත් ඒෂියා" (සං‍රක්ෂිත) සිලෝන් ටුඩේ. (සං‍රක්ෂණය කරන ලද්දේ 2013 ජනවාරි 12 වැනිදා)
  2. "පුට් යුවර් ෂොපින් නීඩ්ස් ඉන් වන් ප්ලේස්! - විත් ඉක්මන්.lk". ද නේෂන් (ශ්‍රී ලංකාව). 2012 දෙසැම්බර් 30. (සං‍රක්ෂණය කරන ලද්දේ 2013 ජුලි 03)
  3. විජේරත්න, විශ්මි (2012 නොවැම්බර් 6). "ඉක්මන්.lk, අ කොස්ට් එෆෙක්ටිව් ක්ලැසිෆයිඩ් සර්විස්, අ ෆස්ට් ඉන් ශ්‍රී ලංකා". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකාව). ලබාගත්තේ 2013 ජනවාරි 21.
"https://si.wikipedia.org/w/index.php?title=ඉක්මන්_(වෙබ්_අඩවිය)&oldid=490234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි