ලුහුඬු දැන්වීම්, විශේෂයෙන් පුවත්පත්වල දැකිය හැකි මාර්ගගත සහ අනෙකුත් වාර්තාවල උදා- ලෙස මුදල් ඉතිරි කරන හෝ වියදම් නැති දැන්වීම් සහිත පත්‍රවල ද පළවන දැන්වීම් ආකාරයකි. ලුහුඬු දැන්වීම් ප්‍රමිතියකට අනුව සැකසූ දැන්වීම් හෝ ව්‍යාපාරික ආදර්ශයන් ගෙන් වෙනස් වන අතර ඒවා පෞද්ගලික හෝ තනි තනි වශයෙන් (සුළු සමාගම් හෝ සංස්ථා ඊට අයත් නොවේ) නිෂ්පාදයන්ට අලෙවියන් හෝ සේවාවන් ඉල්ලමින් පළ කෙරෙන දැන්වීම් වේ.

විමසුම සංස්කරණය

‍ ලුහුඬු දැන්විම් යනු සාමාන්‍යයෙන් විකිනීමට ඇති දෙය පිළිබඳව කෙටියෙන් ලියැවුණු දුරකතන අංක මඟින් වඩාත් විස්තර සපයා ගත හැකි ආකාරයේ දැන්වීම්ය. එයට තව වඩාත් විස්තර ද සැපයිය හැකි අතර එනම් සම්බන්ධ කරගත හැකි තවත් ලිපිනයක් හෝ නිෂ්පාදනය පිළිබඳ සවිස්තරයක් ද දිය හැක. (උදා - “රෙදිපිළි” වෙනුවට කලිසම් සහ උඩුකයට ඇඳුම්, සයිස් 10” හෝ “රථ වාහන” වෙනුවට රතු 1996 පොන්ටියැන් මහා රථ තරඟය ග්‍රෑන්ඩ් පික්ස්) සාමාන්‍යයෙන් මෙහි පින්තූර හෝ අනෙකුත් රූප රාමු මෙම දැන්වීම්වල අඩංගු නොවන අතර සමහර විට කුඩා ලාංඡනයක් භාවිතා කළ හැක.

ලුහුඬු දැන්වීම් එසේ හැඳින්වෙන්නේ ප්‍රකාශනය තුළ විවිධ මාතෘකා යටතේ සාමාන්‍ය වර්ගීකරණයක්, සිදු කරමින් සේවාවන් නිෂ්පාදනයන් වර්ග කරමින් (ගිණුම්කරණය, රථ වාහන, රෙදි පිළි, ගොවිපල නිෂ්පාදන, විකිණීමට තිබේ, කුලියට යනාදී) සහ සම්පූර්ණ කාණ්ඩගත කරමින් ප්‍රකාශනයේ සුවිශේෂී ස්ථාන එයට දෙමින් එය ප්‍රදර්හන වෙළඳ දැන්වීම්වලට වඩා පැහැදිලි පෙනෙන ලෙස, එනම් ප්‍රකාශන කලාව සහිත චිත්‍ර ඇතුළත් ප්‍රකාශනය පුරා විහිදුනු කතු වැකියට යාබද වෙළඳ දැන්විම්වලට වඩා වෙනස් ලෙස පළ කිරීම වේ.

ආකාර දෙකක මුහුම්කරණය ප්‍රදර්ශනාත්මක සහ ලුහුඬු දැන්වීම් - නිතරම හමු විය හැක. කණ්ඩගත දැන්වීම්වල දී විශාල ප්‍රමාණයක් රූප සහිත විස්තරාත්මක ඒවා ද ප්‍රකාශනයක ලුහුඬු දැන්වීම කොටස් අතරතුරේ හමු විය හැක. ව්‍යාපාරික අවස්ථා ලුහුඬු දැන්වීම් අතර හමු විය හැකි අතර ඒවා සේවා අලෙවිය සඳහා භාවිතා කරන අතර 1-800 දක්වා අතර ප්‍රමාණයක් රැකී රක්ෂා සංඛ්‍යා එහි විය හැක. ලුහුඬු දැන්වීම් අතර බොහෝ සමාගම් නව රැකියා අවස්ථාවන් ද දැන්වීමට අවස්ථා කර ගෙන ඇත.

මුද්‍රිත ලුහුඬු දැන්වීම් දිගින් ඉතා සීමිත ලෙස තීරුවක පේළි ගෙන ඇති අතර ඒවා කෙටි යෙදුම් මඟින් පුරවා ඇති අතර ඉන් ඉඩකඩ සහ මුදල් ඉතිරි කර ගෙන ඇත. වර්තමානයේ අන්තර්ජාලය වෙත ද ලුහුඬු දැන්වීම් ව්‍යාප්තව තිබෙනු දැකිය හැක.

මුද්‍රිත ප්‍රකාශන වල වෙළඳ දැන්වීම් මෙන්ම පරිගණකය, ගුවන් විදුලිය, රූපවාහිනිය (කේබල් රූපවාහිනිය සහ විකාශන රූපවාහිනිය) ආදී සියලු මධ්‍ය වලට අද ලුහුඬු දැන්වීම් ව්‍යාප්ත වී ඇත. මුද්‍රිත මාධ්‍යයේ බොහෝ අංශ මෙන් ලුහුඩු දැන්වීම් ද අන්තර්ජාලයට ඇතුලුවී ඇත.

අන්තර්ජාල ලුහුඬු දැන්වීම් පේළි ගණනට අය නොකරන බැවින් දිගින් වැඩිවේ. ඒවා සොයාගැනිමට පහසුය. ප්‍රාදේශිය මට්ටමෙන් ක්‍රියාත්මක වන අතර වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ආමන්ත්‍රණය කරයි.ස්වයං ප්‍රතිපත්ති නිර්ණය කිරීම සහ අඩංගු අඩු වියදම් ව්‍යූහය නිසා එ. ජනපදයේ’ ක්‍රෙලිස්ට මෙන්ම ගම්ට්‍ර’ සහ කජිජි වැනි ජාත්‍යන්තර වෙබ් අඩවි නොමිලේ ලුහුඬු දැන්වීම් පලකිරීමට පවා අවස්ථාවක් ලබා දේ.බොහෝ ආයතන සිය ප්‍රදේශියකයන් හෝ නාගරික ප්‍රදේශ ආවරණය කරයි. ක්‍රෙලිලිස් ලොව ප්‍රථම අන්තර්ජාල ලුහඩු දැන්වීම් වෙබ් අඩිවි අතුරින් එක්වූ අතර මසකට ප්‍රේකෂකයන් මිලියන 14 ක් පමණ ඇදගන්නා ලොව විශාලතම ලුහුඬු දැන්වීම් මූලාශ්‍රය බවට අද පත්ව ඇත.‘අැග්‍රීෙග්ටර්ස් ‘ නම් අන්තර්ජාල සේවා වෙනත් මූලාශ්‍රයන්ගෙන් ලබා ගත් ලුහුඬු දැන්වීම් එක් වෙබ් අඩවියක දක්වාය. උදාහරණ උෘඩිල්, වාස්ට් සහ එඩ්ගියෝ

එසේම සමහර ආයතන මගින් සැපයෙන අන්තර්ජාල ප්‍රචාරණ සේවා සහ මෙවලම් හරහා සිය සාමාජිකයන්ට අන්තර්ජාල වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමට සහ ඒවා ස්වයංක්‍රීයව අන්තර්ජාල වෙබ් අඩිවලට යැවීමට ඉඩ සැලසේ.

"https://si.wikipedia.org/w/index.php?title=ලුහුඬු_දැන්වීම්&oldid=498492" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි