ඇම්. පිනෙස් ප්‍රණාන්දු
දහ නවවන සියවසේ පානදුරේ තොටමුණ දිස්ත්‍රික්කයේ පොතුපිටියේ විසුවා වූ මහා ධානපති පවුල් දෙකක් විය. ඔවුන් විසින් ප්‍රදේශයේ බුද්ධාගම නගා සිටුවාලීමට ක්‍රියා කළේය.ඔවුන් වූවේ පොතුපිටියේ ධර්මසේන ගම්පති පවුලත්, ඇම්.පිනෙස් ප්‍රණාන්දු ගේ රේන්ද ව්‍යාපාරික පවුලත් ය. දහනවවන සියවසේ මැද බාගයේ පොතුපිටියේ ගාලේ ගෙදරදී පිනෙස් මැතිතුමා උපත ලැබුවේය. සම්පූර්ණ නාමය වූවේ මීගමුවගේ පිනෙස් ප්‍රණාන්දු ය.
මීගමුවගේ පිනෙස් ප්‍රණාන්දු | |
---|---|
උපත | ක්‍රි.ව. 1855 පොතුපිටිය බ්‍රිතාන්‍ය ලංකාව |
මියගිය දිනය | ක්‍රි.ව. 1923 |
රැකියාව | ඉඩම්හිමි වැවිලිකරු |
මුල් දිවිය
සංස්කරණයකුඩාවට ආරම්භ කරන ලද්දා වූ රේන්ද බදු ගැනීමේ කර්මාන්තය හොඳින් පවත්වාගෙන යාම නිසා වසර දහයක් පමණ ඇතුලත පොතුපිටිය, වස්කඩුව පොහද්දරමුල්ල,පනාපිටිය ආදී ප්‍රදේශ වල අක්කර සිය ගනනක් තමා සතු කර ගැනීමට සමත් විය. අනතුරුව ඒ ඉඩම් රේන්ද කර්මාන්තයට යොමු කරවීමට අමතරව වැවිලි බෝග වගාවක් ද ආරම්භ කරවන ලදී. පොතුපිටිය වලව්වට අයත් ව පැවති වර්ථමාන නොම්මර 1 දුම් රිය නැවතුම් පොල පිහිටි වලපොල වත්ත නම් සුවිශාල ඉඩම බදු ගත් ඔහු එහි විශාල කොහු මෝලක් ද අරඹන ලදී. වර්ශ 1880 පමණ වන විට පිනෙස් තරම් පොහොසතෙක් පොතුපිටිය ප්‍රදේශයේ සොයා ගැනීමට වත් නොවීය. ඔහු මෙසේ ධනවත් වීමට වෙහෙසීම පිළිබඳ පසුබිම් කතාවක් විය. එකල පොතුපිටිය වලව්ව(Susew Villa) නම් නිවසේ විසුවා වූ දෝන බෙට්සි එයිලීන් නම් තමාට වඩා වයසින් වැඩි කාන්තාව විවාහා කරවා ගැනීමට පිනෙස් විසින් විමසා තිබේ. එවිට එම වලව්වේ පිරිස් මොහුට අවනම්බු කොට පලවා හැර තිබේ. කෙසේ හෝ තමා එම පිරිසට වඩා ධනවත් විය යුතු යැයි සිතා ඔහු වෙහෙසී මුදල් ඉපයුවේය.නමුත් ඒ වන විට එම කාන්තාව ඇග්ලිකන් කන්‍යාරාමයකට බැඳී විදේශ ගතව සිටි නිසා ඔහුගේ සිහිනය බොඳවී ගියේය.
පොතුපිටිය මහා විද්‍යාලය
සංස්කරණයතම පවුලේ ඥාතියෙකුගේ දියණියක් විවාහා කරගත් ඔහු තම දේපල නිවැරදිව නඩත්තු කරමින් විශාල සමාජ සේවයක් සිදුකළේය. ඔහුගේ සුවිශාලතම සමාජ සේවා කටයුත්ත වූවේ පොතුපිටියේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ඇරඹීමයි. ඒ 1885 වසරේදිය. පොතුපිටියේ පැවති එකම පාසැල වූ ගොගර්ලි මිශ්‍රණාරි පාසැල වැසුන පසුව ගමේ දරුවන් හට ඉගෙනුමක් ලබා ගැනීමට නොහැකි විය. මහවස්කඩුවේ මිශ්‍රණාරි පාසැලට සම්බන්ද වීමට ඉඩකඩ ලැබුනේ දනවත් අයට පමණි. මෙම ගැටලුව නිසා වෙන් බොහෝ සොර කල්ලි ප්‍රදේශය පුරා වියාප්ත විය. අධ්‍යාපනය නොමැතිබව මෙම ගැටලුවට ප්‍රධාන හේතුව බව ප්‍රත්‍යක්ශ කරගත් පිනෙස් විසින් පොතුපිටියේ තම නිවසට පෙනෙනා මානයේ තම ඉඩමක සුවිශාල ධනස්කන්දයක් වියදම් කරමින් පාසැලක් ඇරඹීය . එම පාසැල පොතුපිටියේ විදුහල ලෙසින් කාලයක් යනතුරු හඳුන්වා තිබේ. පානදුර ප්‍රදේශයේ බොදු පිබිදීම නම් සබාවට සම්බන්ධ වූ පිනෙස් එහි ඊලග අධියර ලෙසින් 1896 වසරේදී පොතුපිටිය විදුහල පොතුපිටියේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව වශයෙන් නම් තැබුවේය. පිනෙස් තමා මෙතෙක් අදහන ලද රෙපරමාදු දහම අතහැර බුද්දාගම වැලඳගන්නා ලදී. පාසැලේ කටයුතු සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය විය. ගමේ ධානපතියන් විසින් පිනෙස්ට බොහෝ උපකාර කළේය. නමුදු කිසිවෙකු මෙහි වගකීම ගැනීමට ඉදිරිපත් වූවේ නැත. වසර හතලිහක් පමණ බොහෝ පිරිවැය දරණලද්දේ ඔහු තනිවමය. අනතුරුව බ්‍රිතාන්‍ය රජය මගින් මෙම පාසැල ලියාපදිංචි කරවාගෙන රජයේ වැටුප් ලබන ගුරුවරුන් ලබා දෙන ලදී. අද දක්වාම පොතුපිටියේ මහා විදුහල නමින් වැජඹෙන්නේ මෙතුමාගේ මහා පරිශ්‍රමයෙන් ඉදිවූ එම පාසැලයි.
බෞද්ධ ශාසනික සේවාව
සංස්කරණයපානදුර බොදු ධර්මාරක්ශක සබාවට සම්බන්ධ වූ මෙතුමා විසින් මෙම පළාතේ බොහෝ බොදු ආරාම සඳහා සහයෝගය දක්වන ලදී.1896 වසරේදී එම සභාවේ සභාපති ධූරයට පත් වූ ඔහු සභාව මගින් සිදු කළා වූ සියළු පුණ්‍ය කර්ම සඳහා නොමසුරුව ආධාර කළේය.මොල්ලිගොඩ පිරිවෙනේ වැඩවිසූ මාදම්පේ ධම්මරක්ඛිත නම්වූ ස්වාමීන් වහන්සේ ඇසුරට ලක්වූ මෙතුමා එම විහාරය නගා සිටුවාලීමටද නොමසුරු ආධාර කළේය. පානදුර රංකොත් වෙහෙරේ විහාර මන්දිරයේ වහලය තනවා දෙන ලදී .ශ්‍රී සෞගත නමින් පානදුරේ බොදු විදුහලක් තැනවීමට ආධාර කළේය.එහි සංවර්ධන සමිතියේ සභාපති ධූරයේ 1920 දක්වා සේවය කළේය.මොල්ලිගොඩ තිත්තවෙලේ මහාවිහාරයේ ධර්මශාලාව සඳහා සම්පූර්ණයෙන්ම අනුග්‍රහය දැක්වූවේ පරලොව සැපත් කරෝලිස් ප්‍රේරා තම මුත්තනුවන් සිහිවීම පිනිසයි. අනතුරුව පොතුපිටිය වාලුකාරාමය නම් විහාරයට දායකත්වය ලබා දීම ආරම්බ කරන ලද මෙතුමා විසින් එතෙක් ආවාසගෙය සහ තොරණ පමණක් පැවති එම විහාරයේ විහාර මන්දිරය ඉදිකිරීම අරඹා තිබේ. සම්පූර්ණ වියදම දරණ ලද්දේ ඔහු විසින. වාලුකාරාම විහාර මන්දිරයේ ඇතුලුවන දොරටුවේ සඳහන් කර තිබෙන පැදි අතර දැක්වෙන්නේ "සොම් ගුණයෙන් ඉන්දූ ඇම්.පිනෙස් නම් මැතිනින්දූ"ලෙසින. එසේම වාලුකාරාමයේ ප්‍රධාන දායක දූරය බාරගන්නා අතරම 1920දශකයේ මුල් මාසයේදී වාලුකාරාමයට දාගැබක් ඉදිකරවීම අරඹා තිබේ. සීමන් ධර්මසේන මැතිතුමාගේ පරවේණියෙන් ලද දාතු තැම්පත් කළාට මොකද දාගැබේ බොහෝ දායකත්වයක් දැරුවේ පිනෙස් මැතිතුමාම විය.පොතුපිටියේ පූජාරාමයේ බුද්ධ වර්ෂ 2430 වසරේ ධර්මශාලාව ඉදිකරවන කළ එහි සියළු දැව වල වටිනාකම දරණ ලද්දේද පිනෙස් මැතිතුමාම විසින. තම රේන්ද කර්මාන්තයේ සේවයකළ බොහෝ සේවකයන් වෙත අක්කර කාළ බැගින් ඉඩම් ලබා දුන්නේය.එසේ ඉඩම් කට්ටි එකසිය විස්සක් පමණැ ලබා දුන් බව කියැවේ. වත්මන් පොතුපිටියේ රේල්පාර සහ මුහුද අතර පවතින ඉඩම්වල මිනිසුන් පදිංචි වූවෙ එලෙසිනි.1923 වසරේ දී සම්පූර්ණයෙන්ම තනා අවසන් කල වැලිඅරමේ දාගැබේ (වාලුකාරාම දාගැබ)කොත නිරාවරණය කිරීමෙන් ඉතාමත් සංතෝශයට පත්විම නිසා ඒ මහා ධානපති පිනෙස් ශ්‍රීමතානෝ හඍදයාබාදයක් වැළඳී පසු දිනයේ අවසන් සුසුම් හෙළුවේය. තම ධනයෙන් සැකසූ මැළෑගම සුගතබිම්බාරාමයේ ගණ්ඨාර කුළුණේ(බු.ව.2466) අභිනවයෙන් ඝණ්ඨාර හැඬවීමට එදින දිනය යොදාගන පැවතියත් ඒවන විට අවසන් හුස්ම එතුමානෝ හෙලා පැවති බැවින් එතුමන්ට ගෞරව පිනිස දින දෙකක් නොනවත්වා එම කුළුණේ ගණ්ඨාරය හැඬවූ බව කියැවේ.
මියයෑම
සංස්කරණයබොහෝ දාන මාන පින් රැස්කර ගත්තා වූ මෙතුමා වර්ෂ 1923 දී පොතුපිටියේ වාලුකාරාමස්ථ මහා දාගැබ් කොත නිරාවරණය කිරීමෙන් බොහෝ සතුටට පත්ව හඍදයාබාදයක් වැළදීමෙන් ප්‍රදේශයක් හඬවා අභාවප්‍රාප්ත විය.ගම් වාසීන්විසින් එතුමාගේ දේහය පොතුපිටිය මහා විද්‍යාල භූමියේ සමාධියක් සාදා තැම්පත් කරවන ලද්දේය.
මූලාශ්‍ර
සංස්කරණය1998 වසරේ බද්දේගම සුමන හිමියන් රචිත පොතුපිටිය රජමහ වෙහෙර කෲතිය/1985 මාර්තු මාසයේ දිණමිණ පුවත්පතේ පලවූ පොතුපිටිය රජයේ විදුහල පිළිබඳ ලිපිය/පොතුපිටිය මහා විද්‍යාලයේ පිනෙස් මැතිතුමාගේ සමාධියේ නාමපුවරුව/පොතුපිටියේ වාලුකාරාම විහාරයේ විහාර මන්දිරය ඉදිරිපස සෙල්ලිපියේ පද්‍යය)