ඇම්බර් හර්ඩ්
ඇම්බර් ලෝරා හර්ඩ් (උපත 1986 අප්‍රේල් 22)[1] යනු ඇමරිකානු නිළියකි. ඇය චිත්‍රපට ක්ෂේත්‍රය වෙත පිවිසියේ 2004 ක්‍රීඩා නාට්‍යයක් වූ Friday Night Lights තුළිනි. North Country සහ Alpha Dog චිත්‍රපටවල සුළු චරිත නිරූපණයෙන් පසුව, හර්ඩ් සිය ප්‍රථම ප්‍රධාන චරිතය නිරූපණය කළේ All the Boys Love Mandy Lane (2006) චිත්‍රපටයේ ය. අනතුරුව ඇය ද සීඩබ්ලියු රූපවාහිනී වැඩසටහනක් වූ Hidden Palms (2007) හි පෙනී සිටියා ය.
ඇම්බර් හර්ඩ් | |
---|---|
උපත | ඇම්බර් ලෝරා හර්ඩ් අප්‍රේල් 22, 1986 |
නිවහන | ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියාව |
රැකියාව | නිළියක |
සක්‍රීය වසර | 2004–වර්තමානය |
කලත්‍රයා(යන්) | ජොනී ඩෙප් (වි. 2015; දික්කසාදය 2017) |
හර්ඩ්ව ජනයා විසින් හඳුනාගත්තේ 2008 Never Back Down සහ Pineapple Express චිත්‍රපටවලිනි. ඇය යොවුන් හොලිවුඩ් සම්මාන උළෙලේ දී, පාරවේධන සම්මානය හිමි කරගත්තා ය. The Informers, The Stepfather, Zombieland, සහ The Joneses චිත්‍රපට හේතුවෙන් ඇය කෙරෙහි තවදුරටත් අවධානය යොමු විය. අනතුරුව ඇය ජෝන් කාපෙන්ටර්ගේ The Wardහි ප්‍රධාන චරිත නිරූපණය කළා ය. එසේම ඇය නිකොලස් කේජ් සමග Drive Angry චිත්‍රපටයේත්, ජොනී ඩෙප් සමග The Rum Diary චිත්‍රපටයේත් රංගනයෙහි යෙදුණා ය. The Rum Diaryහි රංගනය වෙනුවෙන් ඇය හොලිවුඩ් චිත්‍රපට උළෙලේ ස්පොට්ලයිට් සම්මානය හිමි කරගත්තා ය. 2014දී ඇය 3 Days to Kill චිත්‍රපටයේත්, 2015දී Magic Mike XXL සහ The Danish Girl චිත්‍රපයවලත් රැඟුවා ය. ඉදිරියේ තිරගත වීමට නියමිත වීරකථා චිත්‍රපටයක් වන Justice League චිත්‍රපටයේ මීරාගේ චරිතය ඇය විසින් නිරූපණය කරනු ඇත.
මුල්කාලීන දිවිය
සංස්කරණයහර්ඩ් උපත ලැබූයේ ටෙක්සාස්හි ඔස්ටින් ප්‍රදේශයේ ය. ඇගේ මව වූ ප්‍රැට්‍රීෂියා ප්‍රේජ් (විවාහයට පෙර පාර්සන්ස්) අන්තර්ජාල සමීක්ෂකවරියක වූ අතර, ඇගේ පියා වූ ඩේවිඩ් ක්ලින්ටන් හර්ඩ් කොන්ත්‍රාත්කරුවකු විය.[1][2][3] ඇයට විට්නි නම් සොයුරියක වේ.[1] උසස් පාසලෙන් ඉවත් වූ ඇය, පසුව නිවසේ සිට අධ්‍යන පාඨමාලාවක් හදාරා ඩිප්ලෝමාවක් හිමි කරගත්තා ය.[4] හර්ඩ්ගේ වයස 16 වන විට ඇගේ හොඳම මිතුරා මෝටර් රථ අනුතරකින් මරණයට පත් විය. කතෝලිකයකු ලෙස හැදීවැඩුණු ඇම්බර් පසුව, තමන් අදේවවාදියකු බැව් ප්‍රකාශයට පත්කළා ය.[4] ඇගේ එකල පෙම්වතා විසින් ඇයව දාර්ශනික-නවකථාකාරිණියක වූ ඒන් රෑන්ඩ් හට හඳුන්වා දෙන ලදී.[4]
නිර්මාණ දායකත්වය
සංස්කරණයචිත්රපට
සංස්කරණයවර්ෂය | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
2004 | Friday Night Lights | මාරියා | |
2005 | Side FX | ෂේ | |
2005 | Drop Dead Sexy | කැන්ඩි | |
2005 | North Country | ලාබාල ජොසී ඒම්ස් | |
2006 | Price to Pay | ට්‍රිෂ් | |
2006 | The Prince | සෙරීනා | |
2006 | Alpha Dog | ඇල්මා | |
2006 | All the Boys Love Mandy Lane | මැන්ඩි ලේන් | |
2007 | Spin | ඇම්බර් | |
2007 | Day 73 with Sarah | මේරි | කෙටි චිත්‍රපටය |
2007 | Remember the Daze | ජූලියා ෆෝර්ඩ් | |
2008 | Never Back Down | බාජා මිලර් | |
2008 | Pineapple Express | ඇන්ජී ඇන්ඩර්සන් | |
2008 | The Informers | ක්‍රිස්ටී | |
2009 | ExTerminators | නිකී | |
2009 | The Joneses | ජෙන් ජෝන්ස් | |
2009 | Zombieland | 406 | |
2009 | The Stepfather | කෙලී පෝටර් | |
2010 | And Soon the Darkness | ස්ටෙෆනී | සම-නිෂ්පදකවරිය ද වේ. |
2010 | The River Why | එඩී | |
2010 | The Ward | ක්‍රිස්ටින් | |
2011 | Drive Angry | පයිපර් | |
2011 | The Rum Diary | චෙනෝල්ට් | |
2013 | Syrup | සික්ස් | |
2013 | Paranoia | එමා ජෙනිංස් | |
2013 | Machete Kills | සැන් ඇන්ටෝනියෝ මෙනවිය | |
2014 | 3 Days to Kill | නියෝජිත විවී | |
2015 | The Adderall Diaries | ලැනා එඩ්මන්ඩ් | |
2015 | One More Time | ජූඩි | |
2015 | Magic Mike XXL | සූ | |
2015 | The Danish Girl | අලා පෝල්සන් | |
2017 | I Do...Until I Don't | ෆැනී | |
2017 | Justice League | මීරා | පශ්චාත්-නිෂ්පාදනයේ |
2017 | London Fields | නිකොලා සික්ස් | සම්පූර්ණ කළ |
2018 | Aquaman | මීරා | රූගත කෙරෙමින් පවතියි |
රූපවාහිනිය
සංස්කරණයවර්ෂය | වැඩසටහන | චරිතය | කථාංග(ය) |
---|---|---|---|
2004 | Jack & Bobby | ලීස් | 1×01 – "Pilot" |
2004 | The Mountain | රයිලී | 1×08 – "A Piece of the Rock" |
2005 | The O.C. | අලෙවිකාරිණිය | 2×15 – "Mallpisode" |
2006 | Criminal Minds | ලයිලා ආචර් | 1×18 – "Somebody's Watching" |
2007 | Californication | ඇම්බර් | 1×08 – "California Son" |
2007 | Hidden Palms | ග්‍රේටා මැතිව්ස් | කථාංග 8 |
2011 | Top Gear | ඇය ලෙසම | 16×05 |
2011 | The Playboy Club | බනී මොරීන් | කථාංග 7 (විකාශය නොවූ 4)[5][6] |
2015 | Overhaulin' | ඇය ලෙසම | 9×01 – "In Too Depp" |
ඇගයුම්
සංස්කරණයවර්ෂය | නිර්දිෂ්ට කෘතිය | සම්මාන උළෙල | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2008 | ඇය ලෙසම | යොවුන් හොලිවුඩ් සම්මාන | වසරේ සොයාගැනීම | දිනාගති |
2009 | සොම්බීලන්ඩ් | ඩිට්‍රොයිට් චිත්‍රපට විචාරක සමාජ සම්මානය | හොඳම වෘන්දය | නිර්දේශිත |
2010 | සොම්බීලන්ඩ් | ස්ක්‍රීම් අවෝඩ්ස් | හොඳම වෘන්දය | දිනාගති |
2010 | ඇය ලෙසම | ඩලස් අන්තර්ජාතික චිත්‍රපට උළෙල | ඩලස් තරු සම්මානය | දිනාගති |
2011 | ද රම් ඩයරි | හොලිවුඩ් චිත්‍රපට උළෙල | ස්පොට්ලයිට් සම්මානය | දිනාගති |
2014 | ඇය ලෙසම | ටෙක්සාස් ෆිල්ම් හෝල් ඔෆ් ෆේම් | ප්‍රේරිකා | දිනාගති |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ a b c "Amber Heard". TVGuide.com. සම්ප්‍රවේශය February 1, 2015.
- ^ "Person Details for Amber Laura Heard, "Texas Birth Index, 1903-1997" — FamilySearch.org". සම්ප්‍රවේශය April 18, 2016.
- ^ "Five things you need to know about Amber Heard". NewsComAu. සම්ප්‍රවේශය April 18, 2016.
- ^ a b c William Keck (May 30, 2007). "Amber Heard will be heard". USA Today.
- ^ Hodge, Chad T. (October 10, 2011). "7 episodes including the pilot". Twitter. Source confirmed to be Chad Hodge by NBC's official Twitter.
- ^ Benanti, Laura (October 10, 2011). "Only 7. There are 2 endings. One of which is more final". Twitter.
බාහිර සබැඳි
සංස්කරණය ඇම්බර් හර්ඩ් ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
- නිල වෙබ් අඩවිය
- ඇම්බර් හර්ඩ් සඳහා IMDb හි ඇති තොරතුරු
- ඇම්බර් හර්ඩ් සඳහා ඕල්මූවීහි ඇති ගිණුම
- ඇම්බර් හර්ඩ් සඳහා ටීසීඑම් මූවී ඩේටාබේස් හි ඇති තොරතුරු