ඇමයිනෝ අම්ල යනු එක් එක් ඇමයිනෝ අම්ලයට ආවේණික වූ පැති දාම (R කාණ්ඩය) සමගින්, ඇමයින් (-NH2) සහ කාබොක්සිල් (-COOH) යන ක්‍රියාකාරී කාණ්ඩ අන්තර්ගතවන කාබනික සංයෝග වේ.[1][2][3] ඇමයිනෝ අම්ලයක ප්‍රධාන රසායනික සංඝඨක ලෙස කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, සහ නයිට්‍රජන් අන්තර්ගතවන අතර, සමහරක් නිශ්චිත ඇමයිනෝ අම්ලයන්හී පැති දාමවල අනෙකුත් මූලධාතූන්ද හමුවේ. ඇමයිනෝ අම්ල වර්ග 500ක් පමණ හදුනාගෙන තිබෙන අතර (කෙසේවූවද ප්‍රවේණි කේතයහී දක්නට ලැබෙන්නේ 20ක් පමණි) ඒවා විවිධ ආකාරයන්ගෙන් වර්ගීකරණය කෙරේ.[4]

අයනීකරණය නොවූ ආකාරයෙන් පවතින ඇල්ෆා ඇමයිනෝ අම්ලයක ව්‍යුහය

මූලාශ්‍ර සංස්කරණය

  1. "ඇමිනො". Dictionary.com. 2015. http://dictionary.reference.com/browse/amino. ප්‍රතිෂ්ඨාපනය 3 ජූලි 2015. 
  2. "ඇමිනො ඇසිඩ්". කේම්බ්‍රිජ් ඩික්ෂනරීස් ඔන්ලයින්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. 2015. https://dictionary.cambridge.org/us/dictionary/british/amino-acid. ප්‍රතිෂ්ඨාපනය 3 ජූලි 2015. 
  3. "ඇමිනො". FreeDictionary.com. ෆාර්ලෙක්ස්. 2015. http://www.thefreedictionary.com/amino. ප්‍රතිෂ්ඨාපනය 3 ජූලි 2015. 
  4. Wagner I, Musso H (November 1983). "නිව් නැචුරලි ඔකරින් ඇමිනො ඇසිඩ්ස්". Angewandte Chemie International Edition in English. 22 (11): 816–28. doi:10.1002/anie.198308161. 
"https://si.wikipedia.org/w/index.php?title=ඇමයිනෝ_අම්ල&oldid=407460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි