බොහෝවිට ඇපලෑචියානුවන් ලෙසින්ද හැඳින්වෙන, ඇපලෑචියන් කඳු යනු, උතුරු ඇමරිකාවෙහි නැගෙනහිර සිට ඊසාන දෙසට විහිදෙන කඳු පද්ධතියකි. ඇපලෑචියානුවන් මුලින්ම නිර්මාණය වුනේ දළ වශයෙන් වසර මිලියන 480 කට පෙර ඕඩෝවිෂියන් යුගයෙහිදීය. ස්වභාවික ඛාදනයට ලක් වීමට පෙර, ඒවා වරෙක ඇල්ප්ස් සහ රොකී කඳු වල උස තරමට පැවතිණි.[1][2] නැගෙනහිර-බටහිර අතර ගමනාගමනයට ඇපලෑචියන් දාමය බාධකයක් වන්නේ, නැගෙනහිර-බටහිර අතර දිවෙන බොහෝ මහාමාර්ග සහ දුම්රිය මාර්ග වෙත විරුද්ධ දිශානතියක් සහිතව එය විසින් ඒකාන්තරණ වැටිරේඛා සහ නිම්න මාලාවක් සදන බැවිනි.

  1. "ද මවුන්ටන්ස් දැට් ෆ්‍රෝස් ද වර්ල්ඩ්". AAAS. නොවැම්බර් 3, 2009. සම්ප්‍රවේශය අප්‍රේල් 4, 2012.
  2. "ජියෝලොජි ඔෆ් ද ග්‍රේට් ස්මොකි මවුන්ටන්ස්". usgs. ජනවාරි 17, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අප්‍රේල් 4, 2012.
"https://si.wikipedia.org/w/index.php?title=ඇපලෑචියන්_කඳු&oldid=510449" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි