ඇනා-මාරි සුසෑන් ක්වින්ට් ඔන්ඩට්ජේ (උපත 2000 වර්ෂයේ සැප්තැම්බර් මස 1) යනු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානු උපන් කාන්තා රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩිකාවකි. ඇය කැනඩාවේ ජාතික මට්ටමේ තරඟ සඳහා ඉදිරිපත් වී ඇති අතර කැනඩාව දෙකම නියෝජනය කර ඇති අතර පසුව ජාත්‍යන්තර ජිම්නාස්ටික් තරඟ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ කිරීමට මාරු වී ඇත.[1] ඇය 2018 වර්ෂයේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ජාතිය වෙනුවෙන් ඉතිහාසයක් නිර්මාණය කිරීමෙන් පසු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත් වූ අතර 2018 වර්ෂයේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකාවෙන් කාන්තා ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් හතර දෙනාගෙන් කෙනෙකු ලෙස ද නම් කරන ලදී.[2][3]

ඇනා-මාරි ඔන්ඩට්ජේ
2021 දී ඇනා-මාරි ඔන්ඩාට්ජේ
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඇනා-මාරි සුසෑන් ක්වින්ට් ඔන්ඩට්ජේ
නියෝජනය කරන රට ශ්‍රී ලංකාව
 කැනඩාව
උපත1 සැප්තැම්බර් 2000 (2000-09-01) (වයස 24)
මාක්හැම්, ඔන්ටාරියෝ, කැනඩාව
විෂයරිද්මයානුකූල ජිම්නාස්ටික්
මට්ටමජ්යෙෂ්ඨ මට්ටමේ ජාත්යන්තර
ප්‍රධාන පුහුණුකරුස්වෙට්ලානා ජෝකෝවා
හිටපු පුහුණුකරුමිමි මස්ලේවා

චරිතාපදානය

සංස්කරණය

ඇනා-මාරි ඔන්ඩට්ජේ 2000 සැප්තැම්බර් 1 වන දින කැනඩාවේ දී උපත ලැබුවේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමාපියන් වන ඇලිස්ටෙයාර් ඔන්ඩට්ජේ සහ සුසෑන් ඔන්ඩට්ජේ යන දෙදෙනාට දාව කොළඹ නගරයට ආසන්නයේ පිහිටි වත්තල, හැඳල නගරයේ සිට ය.

ඇය මුලින් වයස අවුරුදු නවයේ දී කලාත්මක ජිම්නාස්ටික් විනය හැදෑරූ නමුත් කලාත්මක ජිම්නාස්ටික් මෙන් නොව සුදුසු විකල්පයක් වන ස්ත්‍රී නැඹුරු විනය සැලකිල්ලට ගනිමින් නම්‍යශීලී බව කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩාවේ යෙදෙන ලෙස ඇගේ පියා ඇනා-මාරිට යෝජනා කළේ ය.[4]

වෘත්තීය

සංස්කරණය

කැනඩාව (2014–2016)

සංස්කරණය

කලාත්මක ජිම්නාස්ටික් සිට රිද්මයානුකූල ජිම්නාස්ටික් වෙත මාරු වීමෙන් පසුව, ඇනා-මරී ඔන්ඩට්ජේ කැනඩාවේ පළාත් සහ ජාතික මට්ටමේ ශූරතා තරඟ සඳහා තරඟ කර ඇත.[5] ඇය කැනඩාව නියෝජනය කරමින් 2014 පැසිෆික් රිම් ජිම්නාස්ටික් ශූරතාවලියට ද සහභාගී වූ අතර කනිෂ්ඨ කණ්ඩායම් ඉසව්වකින් සිව්වන ස්ථානයට පත්විය.[6]

ශ්‍රී ලංකාව (2017-වර්තමානය)

සංස්කරණය

ඇනා-මාරි ඔන්ඩට්ජේ 2017 ලෝක රිද්මයානුකූල ජිම්නාස්ටික් ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ගිය අතර එය ජාතිය වෙනුවෙන් ඇයගේ පළමු ජ්‍යෙෂ්ඨ මට්ටමේ තරඟය වූ අතර ජාත්‍යන්තර රිද්මයානුකූල ජිම්නාස්ටික් ශූරතාවලියක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ කළ පළමු ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත්විය.[7][8] ඇය තනි පුද්ගල සුදුසුකම් ඉසව්වට සහභාගී වූ අතර මුළු ලකුණු 42.400 ක් ලබා 75 වැනි ස්ථානයට පත්විය.[9]

ඇනා-මාරි වාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2018 ගෝල්ඩ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ඇයගේ මංගල ගමන ආරම්භ කළා ය.[10] ඇය කාන්තා කේවල සමස්ත වටයේ අවසන් මහා තරගයේ දී ක්‍රීඩිකාවන් 16 දෙනෙකු අතරින් 11 වැනි ස්ථානයට පත් වූවා ය.[11][12]

2018 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් ඉදිරියට පැමිණි එකම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව ලෙස ඇය 2018 ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අතර එය ඇයගේ මංගල ආසියානු ක්‍රීඩා උළෙල ද සනිටුහන් විය.[13][14]

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "ONDAATJE Anna-Marie". www.fig-gymnastics.com. සම්ප්‍රවේශය 12 April 2018.
  2. ^ "Anna-Marie Ondaatje ready to create history in Gold Coast". The Sunday Times Sri Lanka. සම්ප්‍රවේශය 12 April 2018.
  3. ^ "Rhythmic Gymnastics | Athlete Profile: Anna-Marie ONDAATJE - Gold Coast 2018 Commonwealth Games". results.gc2018.com (ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 12 April 2018.
  4. ^ "Biography — Anna-Marie Gymnastics". anna-marieondaatje.com (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 12 April 2018.
  5. ^ "Anna-Marie Ondaatje | Gymnastics Canada". www.gymcan.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 12 April 2018.
  6. ^ "Pacific Rim Championships 2014 Richmond (CAN) 2014 Apr 10-13". www.gymnasticsresults.com. 8 October 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 April 2018.
  7. ^ "Bend it and twirl it like Anna-Marie". The Sunday Times Sri Lanka. සම්ප්‍රවේශය 12 April 2018.
  8. ^ Saoud, Anis. "Asian Gymnastics Union - Anna-Marie Ondaatje dreams of representing Sri Lanka in 2020 Olympics". agu-gymnastics.com (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 12 April 2018.
  9. ^ "All-around qualification results" (PDF). gymmedia. සම්ප්‍රවේශය 12 April 2018.
  10. ^ "Anna-Marie Ondaatje lucky to represent Sri Lanka at the 21st Commonwealth Games (2018 Gold Coast)". dailylankadeepa.newspaperdirect.com. සම්ප්‍රවේශය 12 April 2018.
  11. ^ "Sunday Times - CWG Update: Anna-Marie finishes at 11th in Rhythmic Gymnastics". www.sundaytimes.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 12 April 2018.
  12. ^ "Rhythmic Gymnastics | Event Schedule Individual All-Around - Gold Coast 2018 Commonwealth Games". results.gc2018.com (ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 12 April 2018.
  13. ^ Madurawe, Rahul. "Anna-Marie Ondaatje to grace Asian Games for Sri Lanka". www.thepapare.com. Dialog Axiata. සම්ප්‍රවේශය 23 August 2018.
  14. ^ Maloney, Gillian (18 August 2018). "Anna-Marie Ondaatje to grace Asian Games for Sri Lanka". I Lanka News. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 23 August 2018.
"https://si.wikipedia.org/w/index.php?title=ඇනා-මාරි_ඔන්ඩට්ජේ&oldid=718583" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි