ආර්ථික සමාජ විද්‍යාව
ආර්ථිකය නම් සංසිද්ධියේ සමාජ විද්‍යාත්මක විග්‍රහය ආර්ථික සමාජ විද්‍යාව යි. මූල්ම යුගයේ ආර්ථික විද්‍යාඥයින් හඳුනාගත් පරිදි, සමස්තයක් ලෙස ආර්ථික ආයතන සමාජයට අසීමිතව වැදගත් වෙයි. එමෙන්ම සමාජ සංදර්ශනය දේශීය ආර්ථික ආයතනයන්හි ස්වභාවයට බලපෑම් කේන්ද්‍රීය වන බවත්, සමාජ ව්‍යුහයට දැඩි ලෙස බලපාන බවත් කාල් මාක්ස් තර්ක කළේය. ඒ සමඟම මැක්ස් වේබර් වැනි සමාජ විද්‍යාවේ මූලිකයින් සැලකුවේ ආර්ථික ක්‍රියාදාමය සමාජ ව්යු හයේ මූලිකාංගයක් ලෙසයි. ආර්ථික සමාජ විද්‍යාවේ මූලික සංවර්ධනය සඳහා “ජෝර්ජ් සිමෙල්” , “එමිල් ඩර්ක්හෙයිම්” වැන්නෝ බෙහෙවින් වැදගත් වූහ. විශේෂයෙන්ම සිමෙල්ගේ “මූල්යස දර්ශනවාදය” සහ “ඩර්ක්හෙයිම්” ගේ “ශ්‍රම විභාජනය” යන කෘතීන් මඟින් මේ සඳහා විශාල දායකත්වයක් ලැබිණි. ආර්ථික විද්‍යාඥයින් ලෙස සැලකූ “කෝස්ටෙයින් වෙබ්ලත්” සහ “ජෝශප් ස්ෂම්ප්ට්ර්” වැන්නෝ ආර්ථික සමාජ විද්‍යාවේ සංවර්ධනය උදෙසා මුල් කාලයේ දී වැදගත් දායකත්වයක් සැපයූ අනෙක් පුද්ගලයෝ වෙති.
"Embeddedness" යන අදහස මුලින්ම ඉස්මතු කළ න්‍යාචාර්යවරයා වූයේ කාල් පොලොන්නයි. සිය ශ්රේමෂ්ට පරිමාණය නැමති කෘතීන්ගේ , වෙළඳපොළ විසින් මානව ජීවිතයේ වෙනත් අංශයන් විනාශ නොවන සේ සමාජ ආයතන තුළට ආර්ථිකය කාවැදී තිබෙන අයුරු ඔහු පෙන්වා දුන්නේය. ආර්ථිකය සමාජ ආයතන තුළට මෙසේ කාවැදී තිබේ. වටිනාකම එය බව ඔහුගේ අදහසයි.
පසුකාලීන මාක්ස්වාදීන් හා අනෙකුත් වාමවාදී ආර්ථික චින්තනයන් යොමු වී තිබුණේ ආර්ථික සබඳතා පද්ධතියක් තුළ වූ පාරිභෝගිකවාදය හා ආර්ථික සංවර්ධනයේ සාමාජීය සබඳතා මතය. වර්තමාන ආර්ථික සමාජ විද්යාන විශේෂයෙන්ම යොමු වන්නේ ආර්ථික ශ්රිම මාරුව විසින් ඇති කරනු ලබන සමාජ ඵලයන් මත එම ඵලයන් හා බැඳුණු සමාජාර්ථයන් මත හා මේ ප්‍රතිපලයන් විසින් පහසු කරන හෝ වළක්වන සමාජ අන්තර් ක්‍රියාකාරිත්වයන් දෙසටය. නවීන ආර්ථික සමාජ විද්යා වේ බල සම්පන්න පුද්ගලයන් ලෙස එක්සත් ජනපදයේ “මාර්ක් ග්රැනෝවේටර්” හැරිසන් වයිට්, පෝල් ඩිමාගියෝ, ජොසෙල් එම්. පොඩොල්නි , රිචඩ් ස්වෙඩ්බර්ග් හෝ විවියාන සෙලිස්ටර්, යුරෝපයේ ලුක් බොල් ටැන්ස්කි, ලෝරන්ට් කෙවෙනොට් හෝ ජීන්ස් බෙකර්ට් හැඳින්විය හැක. සමාජ ආර්ථික විද්‍යාවේ අදහස ජනප්‍රිය කළ අම්මායි එට්සෝනි, එක් සේවෙල් සහ සම්ප්‍රදායික දේශපාලන ආර්ථික විද්‍යාව / සමාජ විද්‍යාව වෙනුවෙන් සේවය කළ වුල්ෆෑන්ක් ස්ට්රී ක් වැනි අය ද මෙම කණ්ඩායමටම ඇතුළු කළ හැකිය.
20 වෙනි ශතවර්ෂයේ , ගණිතමය විශ්ලේෂණයෙන් හා “උපයෝගීතාවය උපරිමායනය” දෙසට ඇති වූ නැඹුරුව නිසා සමාජ විද්යාවවේ පවතින එහි මූලික අංග වලින් උදුරා දමමින් තිබෙන ඉගැන්වීමක් ලෙස ආර්ථික විද්‍යාව දැකීම සමහරු පෙළඹී සිටිති. අත්‍යවශයෙන්ම තිබිය යුතු සමහර ප්‍රධාන සමාජ සංසිද්ධි උපුටා ගත් ආකෘතියෙන් දක්නට නැති බවට චෝදනා කරමින් ආර්ථිකය හා ආර්ථික ප්‍රතිපත්තීන් වෙත යොමු වූ බොහෝ විවේචනයන් ආරම්භ වෙයි. පිළිතුරු ලෙස ප්‍රධාන ධාරාවේ බොහෝ අර්ථ ශාස්ත්‍රඥයින් පෙන්වා දෙන්නේ මෙවැනි සංස්කෘතිකමය හා සමාජයීය තර්කයන් බලවතුන්ගේ හා දේශීය ඒකාධිපතියන්ගේ වුවමනා එපාකම් සඳහා නිතරම සේවය කරන බවයි.
ආර්ථික විද්‍යාඥයන් විසින් සම්ප්‍රදායික ලෙස ආමන්ත්‍රණය කරනු ලබන සමාජ විද්‍යාත්මක පදයන් හා ප්‍රශ්න නැවත නිර්වචනය කිරීමට සමාජ විද්‍යාඥයන් විසින් ගනු ලැබූ උත්සාහයක් ලෙස ආර්ථික සමාජ විද්‍යාව හැඳින්විය හැක.