ආබ්‍රහම් සම්මුතීන්

ආබ්‍රහම් සම්මුතීන් යනු, ඊශ්‍රායෙලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සහ බහරේනය අතර, සැප්තැම්බර් 15 දින සිට බලපවත්වන පරිදී වූ ඒ්කාබද්ධ සාමාන්‍යකරණ ප්‍රකාශන මාලාවකි.[1] මෙහි මැදිහත්කරු ලෙසින් එක්සත් ජනපදය ක්‍රියා කළ අතර, 2020 අගෝස්තු 13 දින නිකුත් කෙරුණු මුල් ප්‍රකාශය, ප්‍රස්තූත වූයේ ඊශ්‍රායෙලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පමණක් වූ අතර ඉනික්බිතිව 2020 සැප්තැම්බර් 11 දිනදී ඊශ්‍රායෙලය සහ බහරේනය අතර සම්මුතිය ප්‍රකාශයට පත් කෙරිණි. 2020 සැප්තැම්බර් 15 දිනදී, එක්සත් ජනපදය සත්කාරකත්වය සපයා, ආබ්‍රහම් සම්මුතීන්ගේ නිල අත්සන් තැබීමෙහි උත්සවය ධවල මන්දිරයෙහිදී පැවැත්විණි.[2] මෙම ද්විත්ව ගිවිසුම් වල කොටසක් වශයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් විසින් ඊශ්‍රායෙලයෙහි ස්වෛරීත්වය පිළිගත් අතර, පූර්ණ තානාපති සම්බන්ධතා ස්ථාපනය කිරීම මෙයින් හැකි විය.

ආබ්‍රහම් සම්මුතීන්
(වමෙහි සිට දකුණට) නියෝජිතයන්:
අපරානුමත කරන ලද්දේසැප්තැම්බර් 15, 2020
ස්ථානයවොෂිංටන්, ඩී.සී., එක්සත් ජනපදය
අත්සන් බහරේන්
 ඊශ්‍රායෙලය
 එක්සත් අරාබි එමීර් රාජ්‍යය
 එක්සත් ජනපදය (මැදිහත්කරු)
විෂයයඅරාබි–ඊශ්‍රායෙල සාමාන්‍යකරණය පිළිබඳ ගිවිසුම
හේතුවඅරාබි–ඊශ්‍රායෙල ගැටුම නිරාකරණය

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය සමග ඊශ්‍රායෙලය විසින් තානාපති සම්බන්ධතා සංස්ථාපනය කර ගැනීම, 1994 වසරෙහිදී ඊශ්‍රාලෙය–ජෝර්දානය සාම ගිවිසුම වොෂිංටන්, ඩී.සී. වලදී අත්සන් තැබීමෙන් පසුව අරාබි–ඊශ්‍රායෙල සාමාන්‍යකරණය ඇතිවූ පළමුවන අවස්ථාව වෙයි. [3]

ආශ්‍රිත සංස්කරණය

  1. "රීඩ් ද ෆුල් ස්ටේට්මන්ට් බයි ද යූඑස්, ඊශ්‍රායෙල් ඇන්ඩ් යූඒඊ ඔන් නෝර්මලයිසින් ඊශ්‍රායෙල්-යූඒඊ රිලේෂන්ස්". සීඑන්එන්. අගෝස්තු 13, 2020. https://edition.cnn.com/2020/08/13/middleeast/mideast-trump-full-statement-uae-israel-intl/index.html. 
  2. "දි ඒබ්‍රහම් අකෝඩ්ස්". එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව. 2020-10-22 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-09-21.
  3. "ඊශ්‍රායෙල්, යූඒඊ ඇන්ඩ් බහරේන් සයින් ඒබ්‍රහම් අකෝඩ්; ට්‍රම්ප් සේස් "ඩෝන් ඔෆ් නිව් මිඩ්ල් ඊස්ට්"". ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා (ද හින්දු). සැප්තැම්බර් 16, 2020. https://www.thehindu.com/news/international/israel-uae-and-bahrain-sign-abraham-accord-trump-says-dawn-of-new-middle-east/article32616867.ece. 
"https://si.wikipedia.org/w/index.php?title=ආබ්‍රහම්_සම්මුතීන්&oldid=525557" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි