ආන්තර එන්ජිම
බහුපද ශ්‍රිතයන් වගු ගත කිරීම සඳහා සැලසුම් කල ස්වයංක්‍රිය, යාන්ත්‍රික ගණකයකි
මෙම ලිපියේ මුඛ්‍ය ඡේදය, ලිපිය තුළ ඇති ප්‍රධාන කරුණු සාරාංශගත කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. (2011 පෙබරවාරි) |
ආන්තර එන්ජිමක් යනු බහුපද ශ්‍රිතයන් වගු ගත කිරීම සඳහා සැලසුම් කල ස්වයංක්‍රිය, යාන්ත්‍රික ගණකයකි. බහුපද සංගුණක කුඩා කුලකයක් භාවිතා කොට ශ්‍රිතයන් අන්කර් නිවේශනය හෝ වගු ගත කිරීම හෝ සිදු කිරීමේ ක්‍රමයක් වන භාත අන්තර ක්‍රමය අනුසාරයෙන් මෙම නම ව්‍යුත්පන්න වී ඇත. යාත්‍රිකයන් හා විද්‍යාඥයින් යන දෙකොටසම විසින් සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන ශ්‍රිතයන් වන, ලඝුගණක සහ ත්‍රිකෝණමිතික ශ්‍රිත යන දෙවර්ගයම, බහුපද අනුසාරයෙන් සන්නිකර්ෂණය කල හැකි බැවින්, ආන්තර එන්ජිමක් විසින් බොහෝ ප්‍රයෝජනවත් සංඛ්‍යා කුලක ගණනය කල හැකිය.
ගණිතඥයින් හා මිනිස් "පරිගණක" විසින් සමන්විත කණ්ඩායම් විසින් දෝෂ විරහිත වගු නිපැයීමේ ඓතිහාසික දුෂ්කරතාවය නිසා එම ක්‍රියාවලිය ස්වයංක්‍රිය කරලීමේ අභිලාෂයක් වෙත චාල්ස් බැබේජ් පෙලඹවිණි.