ආනන්ද වික්‍රමගේ
ආනන්ද වික්‍රමගේ, (උපත 1953 අගෝස්තු 4), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[2][3] වික්‍රමගේ වඩාත් කැපී පෙනෙන්නේ “පබා” ටෙලි නාට්‍යයේ “මර්වින්” චරිතය, “පටලවිල්ල” ටෙලි නාට්‍යයේ ද්විත්ව රංගනය, “ඇන්ඩ් සමාගම” දේශපාලන කතා මාලාවේ සභාපති සහ "නයිනගේ සුදුව" වේදිකා නාට්‍යයේ “කොතලාවල” ලෙසය. .[4]
ආනන්ද වික්‍රමගේ Ananda Wickramage | |
---|---|
උපත | අගෝස්තු 4, 1953 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | නළුවෙක්, විකට නළුවෙක් |
සක්‍රීය වසර | 1977–වර්තමාන |
කලත්‍රයා(යන්) | මානෙල් වානගුරු (m. 1984)[1] |
දරුවන් | 2 |
පෞද්ගලික ජීවිතය
සංස්කරණයවික්රමගේ විවාහ වී සිටින්නේ මානෙල් වානගුරු නම් ප්‍රතිභාපූර්ණ නිළිය සමගයි. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටී: ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ, දෙදෙනාම නළුවෝ වෙති.[5]
වෘත්තීය ජීවිතය
සංස්කරණයආනන්ද වික්‍රමගේ රූපවාහිනී කතාමාලා 100කට අධික ප්‍රමාණයක රඟපා ඇත. "පාටලවිල්ල" සහ "පබා" වැනි කතා මාලා වල ඔහුගේ භූමිකාව ඉතා ජනප්‍රිය විය. ඔහු "මැණික් මාලිගා" සහ හද පුදසුන රූපවාහිනී කතාමාලා අධ්‍යක්ෂණය කළේය.[6][7]
වික්‍රමගේ සිය සිනමා දිවිය ආරම්භ කළේ 1977 දී "සුදු පරවියෝ" චිත්‍රපටයෙන් සුළු චරිතයකිනි.[8] ඔහු බොහෝ ප්‍රභේද හරහා චිත්‍රපට 50 කට වඩා රඟපා ඇතත්, ඔහුගේ බොහෝ චරිත සහාය චරිත වේ. ඔහුගේ ජනප්‍රියම සිනමා රංගනය වූයේ "ජීවිතේ ලස්සනයි", "ක්ලීන් අවුට්" සහ "පාර්ලිමන්ට් ජෝක්ස්" චිත්‍රපටවල හාස්‍යජනක චරිත හරහාය.
චිත්‍රපට
සංස්කරණයවසර | චිත්‍රපටිය |
---|---|
1979 | චූඩා මාණික්‍යය |
1979 | නුවන් රේණූ |
1979 | විසිහතර පැය |
1980 | ජෝඩු වලලු |
1983 | සුබෝධා |
1990 | ජයශක්ති |
1990 | සම්බුදු මහිම |
1990 | ක්‍රිස්තු චරිතය |
1993 | මැවිලා පෙනේවි රූපේ |
1995 | ඉරහඳ ඉල්ලා |
1995 | චන්ඩියගෙ පුතා |
1995 | චාන්දනී |
1995 | සුදු වලස්සු |
1997 | අපායේ තත්පර අසූහාර දාහක් |
1997 | යසෝමා |
2001 | ජැක් ඇන්ඩ් ජිල් |
2001 | ජොලි හලෝ |
2002 | ජොලි හලෝ 2 |
2002 | චෙරියෝ හොල්මන් |
2004 | සමාවෙන්න මා රත්තරනේ |
2004 | ක්ලීන් අවුට් |
2004 | රෑ දනියෙල් දවල් මිගෙල් 3 |
2006 | අලිපැටියෝ ඔයයි මමයි |
2008 | වැඩබැරි ටාර්සන් මැතිසබයට |
2010 | අපේ යාළු පුංචි භූතයා |
2011 | තැන්ක් යූ බර්ටී |
2011 | ස්වීට් ඒන්ජල් |
2011 | පුතා මගේ සූරයා |
2011 | එතුමයි මෙතුමයි |
2011 | පාර්ලිමන්ට් ජෝක්ස් |
2012 | සුපර් සිකස්' |
ටෙලිනාට්‍යය
සංස්කරණය- අමරපුරය
- ඉතින් ඊට පස්සේ
- චංචල රේඛා
- තාරාදේවී
- තෝඩු
- පබා
- බොඳ මීදුම්
- වැස්ස නුඹ වගේ
- සඳ නොදුටු සඳ
- සඳ සඳ වගේ
- සිහිනයකි ජීවිතේ
- සූරියභානූ
- සේපාලිකා
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Remarage Event of Manel and Ananda Wickramage". lkmegafuns. සම්ප්‍රවේශය 7 May 2019.
- ^ "Ananda Wickramage bio". Rate your music. සම්ප්‍රවේශය 7 May 2019.
- ^ "Sri Lankan actors - Ananda Wickramage". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 7 May 2019.
- ^ "All for the sake of a laugh!". Sunday Times. සම්ප්‍රවේශය 7 May 2019.
- ^ "ආනන්ද-මානෙල් විවාහයට ජනිත්ගෙන් සුබපැතුම්". Star Friends. සම්ප්‍රවේශය 30 July 2019.
- ^ "'Hada Pudasuna': Portrays sacrifices in love". Sunday Times. සම්ප්‍රවේශය 18 August 2019.
- ^ "Emerging from the shadows". Daily News. සම්ප්‍රවේශය 7 May 2019.
- ^ "Ananda Wickramage - ආනන්ද වික්‍රමගේ films". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 7 May 2019.
මේවාද බලන්න
සංස්කරණය- ආනන්ද වික්‍රමගේ සඳහා IMDb හි ඇති තොරතුරු