අැමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමය

අමරිකානු මනෝ විද්‍යාඥයන්ගේ සංගමය (APA) යනු අමරිකාව කේන්ද්‍රකරගෙන පවතින මනෝ විද්‍යඥයන්ගේ ප්‍රධානතම සංවිධානයකි එසේම මෙය ලොව ඇති විශාලතම මනෝවිද්‍යා සංවිධානයයි.[1] මෙම සංගමයේ සාමාජිකයින් සංඛ්‍යාව ඇමරිකාවතුල පමනක් 36,000 ඉක්මවයි[1] මෙහි සාමාජිකයන් ප්‍රධාන වශයෙන් ඇමරිකානුවන් වන අතර වෙනත් ජත්‍යන්තර ජාල සමග සම්භන්ධය,මෙම සංගමය මගින් මනෝ විද්‍යාෙව් දියුණුව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකරයි.මොවුන් විසින් විවිධ ප්‍රකාශන වාර්තා පර්යේෂනණ සිදුකරයි.මනසික රෝග හදුනාගැනීම හා වර්ගීකරණය කරන Diagnostic and Statistical Manual of Mental Disorders (DSM). යන මානසික රොග වර්ගීකරණය මෙම සංගමයෙ මගින් මනෝ විද්‍යාවට හදුන්වාදුන් සංකල්පයකි.මෙමගින් මානසික රෝග සොයා ගැනීම හා වර්ගීකරණය පහසුවී ඇතිවා සේම ඒ සදහා ප්‍රතිකාර ලබාදීමද පහසු වී ඇත.

මෙහි මූලස්ථානය ඇරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ එලින්ටන්හි (Arlington County) පිහිටා ඇත.[2]

ඇමරිකානු මනෝ විද්‍යඥයන්ගේ සංගමය හා ඇමරිකානු මනෝ විද්‍යා සංගමය එකම පොදු නමකින් එනම් APA යන නමින් හදුන්වයි.[3]

ඉතිහාසය සංස්කරණය

1844 දී පිලබෙල්පියා(Philadelphia) හි විවිධ සංවිධාන සමග පැවති හමුවක දී ඇමරිකා එක්සත් ජනපදයේ රක්ෂාස්ථනයක් ඇරඹීය,මේ සදහා රෝහල් හා උන්මතතකාගාර සෞඛ්‍ය නිළධාරීන් දායකත්වය දැරීය.

මෙම ආයතනය ගොඩ නැගීම මගින් රෝහල් වල සිටින රෝගීන් ගේ උපස්ථාන කටයුතු වලට සහාය වීමත් මෙම විෂයට අදාල පර්යේෂණ සිදුකිරීමටත් අවස්ථාව සැළසිණ [4]

මෙම ආයතනයේ නාමය 1892 සිට The American Medico-Psychological Association ලෙස වෙනස් කැරිණ .

1921, මෙම ආයතනයේ නාමය වර්තමානයේ පරිදි ඇමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමය( American Psychiatric Association) ලෙස වෙනස් කැරිණි.මනෝ විද්‍යා විෂයේ සංවර්ධනයට විශාල දායකත්වයක් සපයන ප්‍රධානතම ආයතනය ලෙස මෙම සංගමය ප්‍රකටය.

DSM මානසික රෝග වර්ගීකරණය සංවර්ධනය සංස්කරණය

1948 දී ඇමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමය විසින් මනසික රෝග ප්‍රමිතිගත වර්ගීකරණයක් සකස්කිරීමට කුඩා කර්‍යයබලකායක් පත්කරනු ලැබීය.එහි ප්‍රතිපලයක් ලෙස 1952 දී DSM. වර්ගීකරණය ප්‍රකාශයට පත්කළේය.1965 දී 10 නෙකුගෙන් යුත් ඔවුන්ගේ නව කාර්‍යය බලකාය විසින් මෙය DSM-II දක්වා දියුණු කළහ. 1968 දී මෙම නවතම වර්ගීකරණය එළිදැක්වීය.පසුව 1980 දී DSM-III වර්ගීකරණය නිකුත් කළහ, පසුව මෙය චිකිත්සකයන් 600 ගේ පමණ දායකත්වයෙන් පිටු 494 කින් යත් 256 ක්වූ රෝග විනිශ්ච ප්‍රවර්ගයන් සහිතව එළි දැක්වීය.මෙම ග්‍රන්තයේ පිටපත් මිලියන බාගයක් පමණ විකිණුනු බව දැක්වේ.මෙම සංගමය විසින් තවදුරටත් DSM-III-R නමින් නැවත සංස්කරණයක් හා 1987 දීද DSM-IV නම් නවතම වර්ගීකරණයක් 1994 දීද නිකුත් කැරිණි.වසර 2000 වනවිට මෙහි පිටපත් මිලියනයක් පමණ අලෙවි වීමෙන් පසුව DSM-IV-TR සංස්කරණයක්ච වසර 2000 දී එළිදැක්වීය.DSM-5 වර්ගීකරණය 2013 මැයි 18 දින නිකුත්විය.

1970 දී සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස හදුන්වා දීමට විරුද්ධව ව්‍යාපාරයක් ආරම්භවිය.මෙතෙක් DSM මානසික රෝග වර්ගීකරණය තුල සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස හදුන්වා තිබිණි.සමලිංගික වර්‍යාවන් සිදු කිරීම මානසික ව්‍යාධි තත්වයක් නිසා සිදු කරන්නේය මතයට විරුද්ධව නැගුනු විරෝධය හමුවේ මනෝවිද්‍යාඥයන් 1970 සිට 1973 දක්වා වූ වාර්ෂික හමුවේ දී සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස තවදුරටත් සළකන්නේද නැද්ද යන්න පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා සංවාද විවාද ඇතිවිය.පසුව මෙය පිළිබද ඡන්ද විමසීමක් සිදු කළේය.මෙහිදී 58% නගේ මතය වූයේ සමලිංගිකත්වය තවදුරටත් මානසික රෝගයක් ලෙස නොසලකා මෙම වර්ගීකරණයෙන් ඉවත් කිරීමටයි.එහි ප්‍රථිපලයක් ලෙස සමලිංගිකත්වය DSM මානසික රෝග වර්ගීකරණයෙන් ඉවත් කරනලදී.

සංවිධානය හා සාමාජිකත්වය සංස්කරණය

ඇමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමයහි නිලබලයෙන් ප්‍රධානත්වය හිමිවන්නේ එහි සභහපතිවරයාටය.මීට අමතරව අධ්‍යක්ෂක මණ්ඩලය මගින් තීන්දු තීරන ගනී.

මෙහි සාමාජිකයන් ලෙස වෛද්‍ය විශේෂඥයන් හා පුහුණුවන විශේෂඥයන්ගෙන් සමන්විතය.මනෝ විද්‍යාඥයන් විසින් වැඩසටහන් මෙහෙයවීම සිදුකරයි.මේ හා සම්භන්ධ විවිධ ආයතන පවතී.මෙමගින් ඔවුන්ගේ පරීක්ෂණ සදහා සහාය දක්වයි.

මෙම සංගමය මගින් සෑම වර්ෂයකටම අදාල වර්ෂික හමුවක් පවත්වනු ලබයි.

ප්‍රකාශන සංස්කරණය

මෙම සංගමය විසින් විවිධ ප්‍රකාශන පළකරණු ලබයි එයින් කිහිපයක් මෙසේය APA position statements,[5] ප්‍රායෝගික සායනික උපකාර(clinical practice guidelines),[6] සහ DSMමානසික රෝග වර්ගීකරණයයේ විස්තර(descriptions of its core diagnostic manual) (the DSM).

මෙමගින් ඔවුන්ගේ විවිධ තොරතුරු රැගත් සගරා කිහිපයක්ද[7] විශේෂයෙන් විවිධ මානසික රෝග හා ඒවාට ප්‍රතිකාර නව සොයාගැනීම් මෙම ප්‍රකාශනවල ඇතුලත්ය.

ප්‍රධාන තේරී්ම් නිර්දේශ 5 සංස්කරණය

ඇමරිකානු අභ්‍යන්තර ඖෂධ මණ්ඩල සමායොජකත්වයෙන් ඇමරිකානු මනෝ විද්‍යාඥයින්ගේ සංගමය විසින් ප්‍රධාන තේරීම් නිර්දේෂ පහක් වෛද්‍යවරුන් හා රෝගීන් වෙත හදුන්වා දුන්හ. මෙම ලැයිස්තුව පර්යේෂන සභාව මගින් සම්පාධනය කළහ.[8] ඇමරිකානු මනෝ විද්‍යාඥයන්ගේ සංගමය විසින් නව බෙහෙත් මිශ්‍රණ රෝගීන් උදෙසා නිකුත් කළහ.[9]

  1. මානසික රෝගියකු සදහා ප්‍රතිකාර ලබාදීමේ දී අත්‍යවශ්‍ය ඇගයුම් නිර්දේශ හා එම ප්‍රතිකාරයේ ප්‍රතිදාන තත්වයන් පිළිබද හරිහැටි අවධානයක් නොකර ප්‍රතිකාරයන් නියම නොකල යුතුය.
  2. අනුපිළිවෙලට ලබාදෙන ප්‍රතිකාර තවත් ප්‍රතිකාර සමග සමගාමීව නොදිය යුතුය.
  3. තදබල මානසික රෝගී තත්වයන් ප්‍රදර්ශනය කරන රෝගීන්ට ප්‍රතිකාරයක් ලෙස මුල් වරට මැදිහත්වීමක් ලෙස ප්‍රතිකාර ලබා නොදිය යුතුය.
  4. තදබල මානසික රෝගී තත්වයන් ප්‍රදර්ශනය කරන වයෝවෘද්ධ රෝගීන්ට මෙම ඖෂධ ලබා නොදිය යුතුය.
  5. මෙම ප්‍රතිකාර පළමු මැදිහත්වීමක් තදබල මානසික රෝගී තත්වයක් ප්‍රදර්ශනය කරන කුඩා දරුවන්ට ලබා නොදිය යුතුය.[8]

වැදගත් පුද්ගලයන්ක සංස්කරණය

  • 2013-2014 අතර ඇමරිකානු මනෝ විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතීත්වය දැරූ ජෙෆ්රි ලෙබමන් මෙම නවීන මනො විද්‍යා පුතිකාර ගවේශන කණ්ඩායමේ ප්‍රධානියා විය.[10] .
  • ඇඩොල් මේයර් 1927-1928 අතර ඇමරිකානු මනෝ විද්‍යාඥයන්ගේ සභාපතිවරයා වූ අතර ඹහු මෙහි සිටි ද්ප්තිමත්ම විද්‍යාඥයෙකු විය
  • DSM වර්ගීකරණයේ තුන්වන සංස්කරණයේ ප්‍රධානියාලෙස රොබට් ස්ටයිපර් ක්‍රියා කළේය.
  • ඇමරිකානු මනෝ විද්‍යාඥයන්ගේ සංගමයේ තවත් දීප්තිමත් සභාපතිවරයෙකු ලෙස හර්ඩ් පාර්ඩර් දැක්විය හැක.

ඖෂධ සමාගම් සංස්කරණය

රොබට් විටැකර් විසින් 2010 දී රචිත Anatomy of an Epidemic (2010) ග්‍රන්තයෙන් 1980 සිට ඖෂධ සමාගම් හා ඇමරිකානු මනෝ විද්‍යාඥයන්ගේ සංගමය අතරඇති සම්බන්ධතාවය විස්තරකරයි.[11] ඇමරිකානු මනොවිද්‍යඥයන්ගේ සංගමයට අරමුදල් සැපයෙන්නේ මෙම ඖෂධ සමාගම් මගිනි[11] ඖෂධ සමාගම් විසින් ඇරිමකානු මනෝ විද්‍යාඥයන්ගේ සංගමයට නව සොයාගැනීම් සිදු කිරීමට මනෝ විද්‍යා දැනුම බෙදාහැරීමට දේශපාලන බලඅධිකාරියේ සහය ලබා ගැනීමට සහාය දක්වයි.[11] එසේම මාධ්‍ය ආවරණයන් සදහාද සහාය දෙයි.[11]

2008 දී පළමු වරට සිනෙටර් චාල්ස් ඇරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමයට ඖෂධ සමාගම් වෙතින් ලබාදුන් අරමුදල් හෙළි කළේය.ඇමරිකානු මනෝ විද්‍යාඥයන්ගේ සංගමයට ඕෂධ සමාගම් වෙතින් අරමුදල් ලෙස 28% ලැබෙන අතර මේවා අධ්‍යාපනික අවශ්‍යතා හා ප්‍රකාශන නිකුත් කිරීමට මෙය යොදා ගන්නා බව ඔවුන් ප්‍රකාශ කර ඇත.[12]

බලන්න සංස්කරණය

  • Presidents of the American Psychiatric Association
  • American Psychiatric Association Foundation
  • American Board of Psychiatry and Neurology
  • American Group Psychotherapy Association
  • American Journal of Psychiatry
  • American Psychoanalytic Association
  • List of psychiatrists
  • Royal College of Psychiatrists

යොමුව සංස්කරණය

  1. 1.0 1.1 {{cite web}}: Empty citation (help)
  2. "Contact Us".
  3. Moffic, H Steven. (2013). "Can the Name of an Organization Be an Ethical Issue?". Journal of Psychiatric Administration and Management. Nova Science Publishers, Inc. 2 (1). සම්ප්‍රවේශය 9 July 2016. {{cite journal}}: More than one of |accessdate= and |access-date= specified (help)
  4. {{cite web}}: Empty citation (help)
  5. APA Policy Finder, http://library.psych.org/dbtw-wpd/textbase/PolicyFinder.htm, ප්‍රතිෂ්ඨාපනය 2016-10-05 
  6. {{cite web}}: Empty citation (help)
  7. {{cite web}}: Empty citation (help)
  8. 8.0 8.1 "APA Releases List of Common Uses of Psychiatric Medications to Question" (PDF) (Press release). American Psychiatric Association. 2013-09-20. සම්ප්‍රවේශය 2014-01-27. {{cite press release}}: More than one of |accessdate= and |access-date= specified (help)[permanent dead link]
  9. Kuehn, B. M. (2013).
  10. {{cite web}}: Empty citation (help)
  11. 11.0 11.1 11.2 11.3 Whitaker, Robert (2010). Anatomy of an Epidemic. Random House (Crown). pp. 276–278. ISBN 978-0-307-45241-2. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help)
  12. Kirk, Stuart A. (2013). Mad Science: Psychiatric Coercion, Diagnosis, and Drugs. Transaction Publishers. p. 217.

බාහිර සබැදුම් සංස්කරණය

  • නිල වෙබ් අඩවිය
  • Paul Lowinger papers, Kislak Center for Special Collections, Rare Books and Manuscripts, University of Pennsylvania. Paul Lowinger was a psychiatrist and founder of the Institute of Social Medicine and Community Health, and his papers are largely concerned with his work as a psychiatrist and activist, with significant portions devoted to his work with the American Psychiatric Association.