අපෝස්තුළුවරුන් දොළොස් දෙනා
ක්‍රිස්තියානි දේවධර්මයෙහි සහ සාමයිකවේදයෙහි , අපෝස්තුළුවරුන්, විශේෂයෙන් අපෝස්තුළුවරුන් දොළොස්දෙනා (ගෝලයන් දොළොස්දෙනා හෝ සරල ලෙසින් දොළොස්දෙනා ලෙසින්ද හැඳින්වෙති) යනු, ජේසුස් වහන්සේගේ ප්‍රධාන ගෝලයන් වූහ. ක්‍රිව පළමුවන සියවසෙහිදී, ජේසුස් තුමන්ගේ ජීවිතය සහ ධර්ම ප්‍රචාරය තුලදී, අපෝස්තුළුවරුන් එතුමාගේ සමීපතම අනුගාමිකයන් වූ අතර ජේසුස් තුමන්ගේ සුබ අස්න පණිවුඩය පැහැදිලි කර දුන් ප්‍රධාන ගුරුවරුන් බවට පත්වූහ.
ක්‍රිස්තියානි සම්ප්‍රදාය තුල බොහෝවිට අපෝස්තුළුවරුන් සංඛ්‍යාව දෙළොසක් වශයෙන් දැක්වෙන අතර, විවිධ සුබ අස්න රචකයන් විසින් එකම පුද්ගලයාට විවිධ නම් භාවිතා කර ඇති අතර, එක් සුබ අස්නක සඳහන් කර ඇති අපෝස්තුළුවරුන් අනෙකක සඳහන් කර නොමැත. ශුද්ධර ලූක් විසින් සුබ අස්න වෙතින් ව්‍යුත්පන්න වූ පෙරදිග ක්‍රිස්තියානි සම්ප්‍රදායක් අනුව, ජේසුස් තුමාගේ ධර්ම ප්‍රචාර කාලය තුලදී අපෝස්තුළුවරුන් 70 තරම් සංඛ්‍යාවක් සිටි බව දැක්වෙයි. පාවුළු තුමා බොහෝ විට අපෝස්තුළුවරයෙක් ලෙසින් හැඳින්වෙන්නේ, දමස්කස් වෙත එතුමාගේ ගමනෙහිදී ක්‍රිස්තුන් වහන්සේගේ දර්ශනයක් තුලින් එතුමාට සෘජු ලෙසින් අවබෝධය ලබා දී එතුමා වෙත අධිකාරිය පැවරූ නිසාවෙනි (Acts 9:4–9). ජේසුස් තුමන්ගේ ධර්මදූත සේවාව තුලදී අපෝස්තුළුවරුන් දොළොස් දෙනාට අධිකාරී බලය පැවරීම සමදෘෂ්ඨික සුබ අස්න තුල සඳහන්ව ඇත. එතුමන්ගේ උද්දේශිත උත්ථානයට පසුව, සියළු ජාතීන්ට එතුමන්ගේ උගැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා, ජේසුස් තුමන් විසින් ඔවුන් අතරින් එකොළොස්දෙනෙකු (ඒ වන විට මියගොස් සිටි ජූදස් ඉස්කාරියොත් හැර) වෙත මහත් අධිකාරී බලය පැවරීම සිදු කල සේක. මෙම සිද්ධිය, අපෝස්තුළුවරුන්ගේ විසරණය ලෙසින් හඳුන්වා ඇත.
ශුද්ධවූ බයිබලය විසින් හඳුන්වන පරිදී අපෝස්තුළුවරුන් දොළොස්දෙනාගේ නම් සංස්කරණය
නව ගිවිසුමෙහි දැක්වෙන අපෝස්තුළුවරුන් ලැයිස්තු සතර විසින් (Mark 3:13–19, Matthew 10:1–4, Luke 6:12–16, සහ Acts 1:13) හැඳින්වෙන අපෝස්තුළුවරුන් සියල්ල පුරුෂයෝ වෙති. සමදෘෂ්ඨික සුබ අස්න තුල සහ ක්‍රියා පොතෙහි, අපෝස්තුළුවරුන් දොළොස්දෙනට වෙනස් නම් දක්වා ඇත. මෙම කරුණ අරභයා, ශුද්ධවර මතෙව් සහ ශුද්ධවර මාක් විසින් සුබ අස්න වෙතින් ශුද්ධවර ලූක් විසින් සුබ අස්න ස්ථාන දෙකකදී වෙනස් වෙයි. "තද්දේවුස්"වෙනුවට එය විසින් දක්වන්නේ "ජාකාබ්ගේ පුත් ජූදස්" යනුවෙනි. (වැඩි විස්තර සඳහා, අපෝස්තුළුවර ශුද්ධවර ජූඩ් බලන්න.)
මෙම කරුණ අරභයා සමදෘෂ්ඨික සුබ අස්න වෙතින් වෙනස් වන, ශුද්ධවර ජොහන් විසින් සුබ අස්න තුල අපෝස්තුළුවරුන්ගේ විධිමත් ලැයිස්තුවක් නොදැක්වෙයි. එය තුල "දොළොස්දෙන" (John 6:67–71) ලෙසින් හැඳින්වෙතත්, සුබ අස්න විසින් මෙම දොළොස්දෙන සැබවින්ම කවුරුන්දැයි විදහා නොදැක්වෙන අතර, ශුද්ධවර ජොහන් විසින් සුබ අස්න විසින් මොවුන් නම් ආශ්‍රයෙන් නොහඳුන්වයි. තවද ශුද්ධවර ජොහන් විසින් සුබ අස්නෙහි "අපෝස්තුළුවරුන්" සහ "ගෝලයන්" යන පද පැහැදිලි ලෙසින් වෙන් කර සඳහන් නොවෙයි.
ශුද්ධවර මතෙව් විසින් සුබ අස්න[1] | ශුද්ධවර මාක් විසින් සුබ අස්න[2] | ශුද්ධවර ලූක් විසින් සුබ අස්න[3] | ශුද්ධවර ජොහන් විසින් සුබ අස්න | ප්‍රේරිතවරුන්ගේ ක්‍රියා[4] |
---|---|---|---|---|
සීමොන් ("පේදුරු නම් ලත්") | සීමොන් | සීමොන් | සීමොන් පේදුරු[5] | පේදුරු |
ඇන්ඩෘ ("ඔහුගේ[පේදුරුගේ] සොහොයුරු") | ඇන්ඩෘ | ඇන්ඩෘ | ඇන්ඩෘ | ඇන්ඩෘ |
ජාකොබ් ("සෙබදීගේ පුත්") | ජාකොබ් | ජාකොබ් | "සෙබදීගේ පුත්‍රයන්" අතරින් එක් අයෙක් | ජාකොබ් |
ජොහන් ("ඔහුගේ[ජාකොබ්ගේ] සොහොයුරු") | ජොහන්/ "ගර්ජනා පුත්‍රයන්" අතරින් එක් අයෙක් | ජොහන් | "සෙබදීගේ පුත්‍රයන්" අතරින් එක් අයෙක් | ජොහන් |
පිලිප් | පිලිප් | පිලිප් | පිලිප් | පිලිප් |
බර්තොලමෙව් | බර්තොලමෙව් | බර්තොලමෙව් | නතානියෙල් | බර්තොලමෙව් |
තෝමස් | තෝමස් | තෝමස් | තෝමස් ("ඩිඩිමෙස් (නිවුන්නා) ලෙසින්ද හැඳින්වුනු") [6] | තෝමස් |
මතෙව් (" අයකැමියා වන") | මතෙව් | මතෙව් | සඳහන් නොවෙයි | මතෙව් |
ජාකොබ් ("අල්පෙවුස්ගේ පුත්") | ජාකොබ් | ජාකොබ් | සඳහන් නොවෙයි | ජාකොබ් |
තද්දෙවුස් (හෝ "ලෙබ්බෙවුස්"); "අන්ත ජාතිවාදී ජූදස්" ලෙසින් සමහරක් පරිවර්තන වල හැඳින්වෙයි [7] | තද්දෙවුස් | ජූදස් ("ජාකොබ්ගේ පුත්, සමහරක් පරිවර්තන වල සොහොයුරු ලෙසින් හැඳින්වෙයි") | ජූඩ් ("ඉස්කාරියොත් නොවේ")[8] | ජාකොබ්ගේ පුත් (සමහරක් පරිවර්තන වල සොහොයුරු ලෙසින් හැඳින්වෙයි) |
සීමොන් ("කානානි ජාතික") | සීමොන් ("කානානි ජාතික") | සීමොන් (" අන්ත ජාතිවාදී යැයි හඳුන්වනු ලැබූ") | සඳහන් නොවෙයි | අන්ත ජාතිවාදී සීමොන් |
ජූදස් ඉස්කාරියොත් | ජූදස් ඉස්කාරියොත් | ජූදස් ඉස්කාරියොත් | ජූදස් ("සීමොන් ඉස්කාරියොත්ගේ පුත්")[9] | (ජූදස් වෙනුවට මතියස් තෝරා ගැණිනි) |
නව ගිවිසුමෙහි දැක්වෙන අනෙකුත් අපෝස්තුළුවරු සංස්කරණය
අපෝස්තුළුවර ලෙසින් හැඳින්වුනු පුද්ගලයා | ලියැවිල්ලෙහි කොතැනද යන වග | සටහන් |
---|---|---|
බාර්ණබස් | Acts 14:14 | — |
අන්ද්‍රෝනිකස් සහ ජුනියස් | Rom 16:7 | පාවුළු තුමා සඳහන් කරන්නේ අන්ද්‍රෝනිකස් සහ ජුනියස් "ප්‍රේරිතයන් (අපෝස්තුළුවරුන්) අතර කීර්තියක් දරන" අය වූ බවයි. මෙය සාම්ප්‍රදායික වශයෙන් අර්ථකථනය කෙරනුයේ පහත අයුරු දෙක අතරින් එකක් අනුවය:
පළමු මතය නිවැරැදි නම් පාවුළු තුමා අදහස් කරනුයේ කාන්තා අපෝස්තුළුවරයෙක් පිළිබඳ විය යුතුයි [11][12]- ජූනියන් යන ග්‍රීක නාමය කර්ම විභක්තියෙහි යෙදෙන්නක් වන අතර ජූනියා (කාන්තාවක්) හෝ ජූනියස් (පුරුෂයෙක්) විය හැක.[13] පසුකාලීන අත්පිටපත් විසින් එක් කල උච්චාරණ විධි විසින් එය නිශ්චිත ලෙසින් ජූනියස් බවට ප්‍රකට කල මුත්, "ජූනියා" යන්න වඩාත් පෘථුල නාමයක් වන අතර, "ජූනියස්" යන්න එසේ නොවෙන අතර,[12] විවිධ බයිබල පරිවර්තන විසින් මෙම විකල්ප දෙකම භාවිතා වී ඇත. දෙවන මතයෙහිදී, පාවුළු තුමා විසින් අපෝස්තුළුවරුන් අතර පිළිගැනීමක් ඇති මෙම ප්‍රකට පුද්ගලයන් දෙදෙනා පිළිබඳ සාමාන්‍ය ලෙසින් සඳහන් කලේ යැයි විශ්වාස කෙරෙයි. මෙයින් කුමන මතය නිවැරැදි දැයි ඓතිහාසික වශයෙන් ප්‍රකාශ කිරීම සැබවින්ම නොහැකි වෙයි. මෑත වසර කිහිපය තුලදී ඩේවිඩ් වොලස් සහ මයිකල් බියුරර් විසින් දෙවන මතය නිවැරැදි යැයි විද්වත් දෘෂ්ඨිකෝණයකින් බලමින් කරුණු ගෙන හැර පාන ලදි. [14] |
සටහන් සංස්කරණය
- ↑ Matt 10:1–4
- ↑ Mark 3:13–19
- ↑ Luke 6:12–16
- ↑ Acts 1:13
- ↑ John 6:67-71
- ↑ John 11:16John 20:24John 21:2
- ↑ බෘස් එම්. මෙට්ස්ගර්. අ ටෙක්ස්ටුවල් කමෙන්ට්‍රි ඔන් ද ග්‍රීක් නිව් ටෙස්ටමන්ට්, සංශෝධිත සංස්කරණය, පීබඩි, මැසචූසට්ස්: හෙන්ඩ්රික්සන් ප්‍රකාශකයෝ, 2005 ISBN 978-1598561647, පි. 21.
- ↑ John 14:22
- ↑ John 6:67-71
- ↑ මේ, හර්බර්ට් ජී. සහ බෘස් එම්. මෙට්ස්ජර්. ද නිව් ඔක්ස්ෆර්ඩ් ඇනොටේටඩ් බයිබල් විත් ඇපෝක්‍රෆා. 1977.
- ↑ ක්‍රොසාන්, ජේ. ඩී. සහ රීඩ්, ජේ. එල්., ඉන් සර්ච් ඔෆ් පෝල්, හාපර් සැන් ෆ්‍රැන්සිස්කෝ (2004), පිටු. 115–116. ISBN 978-0-06-051457-0.
- ↑ 12.0 12.1 එහ්ර්මාන්, බාට්. පීටර්, පෝල්, ඇන්ඩ් මේරි මැග්ඩලේන්: ද ෆොලොවර්ස් ඔෆ් ජීසස් ඉන් හිස්ට්‍රි ඇන්ඩ් ලෙජන්ඩ්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, US. 2006. ISBN 978-0-19-530013-0.
- ↑ CBMW "අ ෆීමේල් අපොස්ට්ල්?", ජූනි 26, 2007
- ↑ ඩැනියෙල් බී. වොලස් සහ මයිකල් එච්. බියුරර්, "වෝස් ජූනියා රියලි ඇන් අපෝස්ට්ල්?" බලන්න NTS 47 (2001): 76–91.