අනුරාධ දූල්ලෑව විජයරත්න
අනුරාධ නිලේන්ද්‍ර දූල්ලෑව විජයරත්න (ඉංග්‍රීසි: Anuradha Neelendra Dullewe Wijeyeratne) (1962 මාර්තු 22) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පාක්ෂිකයකු හා ආයෝජයකි.[1] 1931 වසරේ සිට වසර 90 කට වැඩි පරපුර තුනක දේශපාලන ඉතිහාසයක් ඇති පවුලකින් පැවත එන ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කල අතර සබරගමු පළාත් සභාවේ කෑගල්ල දිස්‌ත්‍රික් මන්ත්‍රීවරයකු වශයෙන් 1988 වසරෙහිදී තේරී පත් විය. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කරන ලදූව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ තනතුර 1975 වසරේ සිට 2005 වසර තෙක් කිප වරක් හොබවා ඇත.[2] එක්සත් ජාතික පක්ෂයෙන් 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීමට ඔහුට ආරාධනා කර 2020 මාර්තු මාසයේදී මාවනැල්ල මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කරන ලදී. 2020 මහ මැතිවරණයේ දී විජයරත්න පාර්ලිමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් අසුනකට ඉදිරිපත් වි පරාජයට පත් වු අතර ඔහු ගතානුගතිකත්ව දක්ෂිණාංශය මතවාදීව එක්සත් ජාතික පක්ෂ තුල ස්ථානගත වී ඇත.[3]
අනුරාධ නිලේන්ද්‍ර දූල්ලෑව විජයරත්න | |
---|---|
උපත | මාර්තු 22, 1962 |
නිවහන | 168/7, ඇතුලත මල් පාර, කොළඹ 7. |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය, කොළඹ කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර ඩී.එස්.සේනානායක විද්‍යාලය, කොළඹ |
රැකියාව | දේශපාලඥ සහ ආයෝජක |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
කලත්‍රයා(යන්) | දයාoගනි විජයරත්න |
දරුවන් | වෛද්‍ය යනුෂී දූල්ලෑව විජයරත්න |
ආගම | බෞද්ධ |
පූර්ව අවධිය හා අධ්‍යාපනය
සංස්කරණයවර්ෂ 1931 දී පැවැති ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දයේදී කෑගල්ල මැතිවරණ කොට්ඨාශයේ මන්ත්‍රී ධූරය හෙබවූ පළමුවැන්නා වූද[4]කීර්තිමත් ලංකික දේශපාලන පවුලකින් පැවත එන නිදහස් සටනේ පුරෝගාමියෙකු වු ඩී.එස්. සේනානායක රජයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ශ්‍රීමත් එඩ්වින් විජයරත්න යන් ගේ මුණුපුරේකි.
මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර ද ජේ.ආර්. ජයවර්ධන රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා අධිකරණ කැබිනට් අමාත්‍ය ධුරය දැරැ ආචාර්ය නිශ්ශංක විජයරත්න සහ රඹුක්කන මිදුම වලව්වේ නිටා දූල්ලෑව විජයරත්න යුවලට දාව 1962 මාර්තු 22 වැනි දින අනුරාධපුරයේ දි උපත ලත් ඔහු නෙරංජන්, මනෝ, ලංකේෂ් සොහොයුරාන් තුන්දේනකුද හා නිශාංගනි සහෝදරිකුද ද යුතු පස්දෙනෙකු ගේ පවුලක තුන්වැන්නා විය.
අනුරාධ දූල්ලෑව විජයරත්න ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන්ද ද්විතීය අධ්‍යාපනය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් හා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයෙන්ද ලැබීය.
ජීවන සටහන්
සංස්කරණයඋසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා නිලධාරි ධුරය හා අධිකරණ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් ධුරය ද දැරූ ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ ප්‍රංශයේ හා ඛුල්ගේරියාවේ පැවිති අන්තර් ජාතික මහා මණ්ඩල සැසිවාර ද ජපානයේ හා එක්සත් රාජධානියේ පැවිති ජාත්‍යන්තර සම්මේලන කිපයකම රාජ්‍යතාන්ත්‍රික නිලදූත සමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා රජය නියෝජනය කළේය.
දේශපාලන දිවිය
සංස්කරණයවිජයරත්න දේශපාලන දිවිය ඇරඹුණේ වර්ෂ 1984 දී එක්සත් ජාතික පක්‍ෂයේ සමවාදි ශිෂ්‍ය පෙරමුණේ දැදිගම ආසනයේ සංවිධායක ලෙසිනි. එම පක්ෂයේ ජාතික විධායක කමිටුවේ සමාජිකයෙකු ලෙස කටයුතු කල අතර වර්ෂ 1988 දි සබරගමු පළාත් සභාවේ කෑගල්ල දිස්‌ත්‍රික් මන්ත්‍රීවරයෙකුද සහ දැදිගම සංවර්ධන සැලැසුම් කමිටුවේ සභාපති වශයෙන් ද සේවය කළාය.
වැඩබලන දියවඩන නිලමේ
සංස්කරණයමල්වතු හා අස්ගිරි දේ පාර්ශවයයන්හි ගෞරවනිය මහා නායක ස්වාමීන් වහන්සේලා ගේ නිර්දේශය මත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කරන ලදූව මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ තනතුර 1975 වසරේ සිට 2005 වසර තෙක් කිප වරක් ඔහු හොබවා ඇත.
පෞද්ගලික ජීවිතය
සංස්කරණයවර්ෂ 1985 දී දයාoගනි ගුණසේකර මෙනවිය සහ අනුරාධ විවාහ වූහ. ඔවුන් දෙපලගේ එකම දියණිය හෘද රෝග විශේෂඥ වෛද්‍ය යනුෂී දූල්ලෑව විජයරත්න මෙනවියයි. ඇය එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ සේන්ට් ඡෝඡස්, ලන්ඩන් විශ්ව විද්‍යාල රෝහලේ සේවය කරයි.[5][6][7][8][9][10][11]
මේවාද බලන්න
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ^ Dr.Nissanka Wijeyeratne by Professor.Carlo Fonseka. The Island, සම්ප්‍රවේශය on 3rd January 2008.
- ^ WIJEYERATNE – Family
- ^ 2020 Parliamentary Election, Kegalle Electoral District, Sri Lanka
- ^ An illustrious son of Sabaragamuwa. Daily News, සම්ප්‍රවේශය on 20 October 2007.
- ^ British Cardiovascular Society සංරක්ෂණය කළ පිටපත 2017-09-05 at the Wayback Machine. Articles By Dr.Yanushi Dullewe Wijeyeratne.
- ^ Research Gate.
- ^ Sudden Cardiac Death in Young Adults. Daily News, සම්ප්‍රවේශය on 11 March 2013.
- ^ Blocking a heart block. Daily News, සම්ප්‍රවේශය on 4 July 2016.
- ^ Case study: Dr Yanushi Dullewe Wijeyeratne.St George's University of London., UK.
- ^ Curriculum Vitae of Dr Yanushi Dullewe Wijeyeratne (NIHR Clinical Lecturer at St George's, University of London, UK. & Cardiology Specialty Registrar and Fellow in Cardiac Electrophysiology and Implantable Cardiac Devices at St George's Hospital, London, UK)
- ^ අද දෙරණ රුපවාහිනිය සමග හෘද රෝග විශේෂඥ වෛද්‍ය යනුෂී දූල්ලෑව විජයරත්න මහත්මිය