Physician
"The Doctor" by Luke Fildes (detail)[1]
Occupation
නම් Physician, medical practitioner, doctor of medicine, medical doctor or simply doctor
Type Profession
Activity sectors Medicine, Health care
Description
Competencies the ethics, art and science of Medicine, Analytical skills, Critical thinking
අවැසි අධ්‍යාපනය see Medical education
Fields of employment Clinics, Hospitals
Related jobs General practitioner or Family physician, Surgeon, other Medical specialists

සමාජයීය භූමිකාව සංස්කරණය

සම්ප්‍රදායිකව වෛද්‍යවරයෙකු සලකන්නේ උගත් වෘත්තිකයන්ගේ සාමාජිකයෙකු වශයෙනි. එසේ වීමට හේතුව වන්නේ ඔවුන් ලබන අතිදුෂ්කර පුහුණුව නිසාවෙන් සහ ඔවුන්ගේ වෘත්තිය හා සම්බන්ධ විශේෂ ආචාර ධර්ම සහ නෛතික වගකීම් හේතුවෙනි.

වෛද්‍ය විද්‍යාවෙහි ප්‍රායෝගික ක්‍රම අතීතයේදී ආගම සහ විවිධ ඉන්ද්‍රජාලක්‍රම සමග සම්බන්ධතාවයක් පැවතිණි. (වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය නම් ලිපිය බලන්න)

වෛද්‍යවරුන් පොදුවේ ඉහළ සමාජීය තත්වයක් අත් දකින අතර ඒ සදහා ඔවුන්ගේ ඉහළ සහ ස්ථාවර ආදායම් මාර්ගය හා වෘත්තීමය ආරක්ෂාව බලපානු ලබයි. කෙසේ නමුත් වෛද්‍ය වෘත්තිකයන් බොහෝ අවස්ථාවලදී දවසේ වැඩි කාලයක් දීර්ඝ, අසීරු සේවා මුරයන් සිදු කරන අතර ඔවුන් තමන් තරම් අධ්‍යාපන මට්ටමක් නොලැබූ අනෙකුත් වෘත්තිකයන්ට වඩා අඩු මුදල් ප්‍රමාණයක් ඇතැම් අවස්ථාවල දී උපයති.

අධ්‍යාපනය සහ පුහුණුව සංස්කරණය

වෛද්‍යවරුන්ගේ වෛද්‍ය අධ්‍යාපනය සහ වෘත්තීය ගමන් මග ලොව පුරා සැලකිය යුතු අන්දමට විවිධ වේ.

සියළුම වෛද්‍යවරුන් සංස්කරණය

සියළුම සංවර්ධනය වූ රටවල ඇතුළත් වීමේ මට්ටමෙන් වෛද්‍ය අධ්‍යාපන වැඩ සටහන් තෘතීයික මට්ටමේ පාඨමාලාවන් වන අතර ඒවා විශ්ව විද්‍යාල හා අනුබද්ධ වෛද්‍ය විද්‍යාල මගින් සිදු කරනු ලබයි. අධිකරණ බලය සහ විශ්ව විද්‍යාලය මත පදනම්ව වෛද්‍ය අධ්‍යාපනය සදහා ඇතුළු වීම සදහා සෘජුවම ද්විතීක විද්‍යාලයක් මගින් හෝ උපාධි ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනයක් අවශ්‍ය වේ. ද්විතීක විද්‍යාලයක පුහුණුව සම්පුර්ණ කිරීම සදහා පොදුවේ වසර 5 ක් හෝ 6 ක කාලයක් ගත වන අතර උපාධි ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනයක් ලබන්නේ නම් වසර 3 ක හෝ 4 ක කාලසීමාවක් ගත වේ. එමනිසා මූලික වෛද්‍ය උපාධියක් ලබාගැනීම සඳහා සාමාන්‍යයෙන් අධිකරණ නීතිය හා විශ්ව විද්‍යාලය මත පදනම්ව වසර 5 හේ සිට 8 ක් අතර කාලයක් ගත වේ.

මෙලෙස ලැබූ මූලික පුහුණුව සම්පුර්ණ කිරීමෙන් පසුව අළුතින් උපාධි ලැබූ වෛද්‍යවරුන් සම්පුර්ණ වශයෙන් ලියා පදිංචි වීමට ප්‍රථම වසර 1 ක් හෝ 2 ක කාලයක් අධීක්ෂණය යටතේ සේවය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම කාලසීමාව “සීමාවාසික” හෝ “කොන්දේසි සහගත ලියාපදිංචි වීම” ලෙස හැදින්වේ.

වෛද්‍යවරුන් ඔවුන් උපාධි ලබන විශ්ව විද්‍යාලයට විශේෂිත වූ වෛද්‍ය උපාධියක් දරති. මෙම උපාධිය මගින් අදාල වෛද්‍යවරයා අදාල රටෙහි හෝ රටවල් කිහිපයක නීතියට අනුව ලියාපදිංචි වීම හෝ බලපත්‍ර ලබාගැනීමට සුදුසුකම් ලබයි. එහිදී ඔවුන් සීමාවාසික හෝ කොන්දේසි සහගත ලියාපදිංචි වීම යන පුහුණුව ලබාගත යුතු වේ.

වෛද්‍ය විද්‍යාවේ විශේෂඥයින් සංස්කරණය

උපාධි ලබාගැනීමෙන් පසුව වෛද්‍ය වෘත්තිකයින් බොහෝ අවස්ථාවලදී විශේෂඥවරුන් වීම සදහා යම්කිසි ක්ෂේත්‍රයක වැඩි දුර පුහුණුව ලබා ගනිති. උතුරු ඇමරිකාවෙහි මෙය නේවාසික පුහුණුව නමින් හදුන්වන අතර පොදු රාජ්‍ය මණ්ඩල රටවල මෙලෙස පුහුණුවන වෛද්‍යවරුන් “රෙජිස්ටාර්” ලෙස හැදින්වේ.

මෙලෙස ලබාගන්නා වැඩි දුර පුහුණුව සඳහා සාමාන්‍යයෙන් වසර 3 ක් හෝ 6 ක් ගත වන අතර එම කාල සීමාව හදාරන ක්ෂේත්‍රය අනුව සහ අධිකරණ නීතිය අනුව වෙනස් වේ. ප්‍රාථමික සත්කාරය විශේෂ ක්ෂේත්‍රයක් ලෙස බහුලවම හදුනාගෙන ඇති අතර මේ පිළිබඳව ලබාදෙන නේවාසික වැඩසටහන් ද ප්‍රචලිතව පවතී. මෙම විශේෂ ක්ෂේත්‍රයන්හි පුහුණුව සම්පුර්ණ කරන වෛද්‍යවරයෙකු විශේෂඥ වෛද්‍යවරයෙකු නම් වේ.

ඇතැම් අවස්ථාවල දී විශේෂඥ පුහුණුව ලබාගැනීම ඇතුළත් වීමට අවශ්‍ය පුහුණුව සම්පුර්ණ කළ වහාම හෝ ඊට පෙර ආරම්භ කරනු ලැබේ. ඇතැම් නීතිවලට අනුව කණිෂ්ඨ වෛද්‍යවරුන් විශේෂඥ උපාධි ලබාගැනීමට ප්‍රථම වසරක හෝ දෙකක කාලයක් පොදුවේ පුහුණුවක් ලබාගත යුතුය. එබැවින් පවත්නා නීතියට අනුව වෛද්‍යවරයෙකු විශ්ව විද්‍යාලයක් තුළ වසර 5 හේ සිට 8 දක්වා කලයක් මූලික වෛද්‍ය පුහුණුව ලබා තවත් වසර 6 ක කාලයක් විශේෂඥවරයෙකු වීමට පුහුණුව ලබාගත යුතු බැවින් අවම වශයෙන් වසර 12 ක වත් කාලයක් ගත වීමෙන් පසුව ඔහු විශේෂඥවරයෙකු බවට පිළිගනු ලැබේ.

මූලාශ්‍ර සංස්කරණය

  1. In 1949, Fildes' painting The Doctor was used by the American Medical Association in a campaign against a proposal for nationalized medical care put forth by President Harry S. Truman. The image was used in posters and brochures along with the slogan, "Keep Politics Out of this Picture" implying that involvement of the government in medical care would negatively affect the quality of care. 65,000 posters of The Doctor were displayed, which helped to raise public skepticism for the nationalized health care campaign.|http://correspondents.theatlantic.com/abraham_verghese/2009/06/the_ama_conflicted_in_its_interests.ph>
"https://si.wikipedia.org/w/index.php?title=වෛද්‍යවරයා&oldid=432290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි