අන්තර් ජාලය තුල, ඔබ බල්ලෙකු බව කිසිවෙක් නොදනී

අන්තර් ජාලය තුල, ඔබ බල්ලෙකු බව කිසිවෙක් නොදනී

"අන්තර්ජාලය තුළ, ඔබ බල්ලෙකු බව කිසිවෙක් නොදනී" ("On the Internet, nobody knows you're a dog") යන කියමන පීටර් ස්ටයිනර් විසින් 1993 ජුලි 5 පල කරන ලද ද නිව්යොර්කර් (The New Yorker) පුවත්පතේ පළ වූ කාටුනයක තිබු ශිර්ෂ පාඨයකි. [1][2] මෙම කාටුනයේ පෙනී සිටියේ සුනඛයන් දෙදෙනෙකි. එකෙකු පරිගණකයක් ඉදිරිපිට ඇති පුටුවක් මත වාඩි වි සිටින අතර කතා කරමින් සිටින්නේ බිම වාඩි සිටින බල්ලකු සමගයි. [2][3] වර්ෂ 2011 ද නිව්යොර්කර් හි වැඩි වාර ගණනක් ප්‍රතිනිෂ්පාදනය කරන ලද කාටුනය ලෙස ස්ටයිනර් ඇමෙරිකානු ඩොලර් 50,000 කට වෑඩි ප්‍රමාණයක් උපයන ලදී. [1][4][5]

පීටර් ස්ටයිනර්ගේ කාටූනය

ඉතිහාසය සංස්කරණය

පීටර් ස්ටයිනර් කාටුන් ශිල්පියෙක් සහ 1979 සිට ද නිව්යොර්කර් සගරාවට දායකත්වය සෑපයුවෙකි. [6] ප්‍රථමයෙන් කාටුන් සදහා අවධානයක් යොමු නො කළත් පසුව එය තම ජිවිතයට ඈඳා ගත් ඔහු ප්‍රකාශ කළේ සිනහ මුහුණු නිර්මාණය කරන ලද පුද්ගලයාට හා සමානව තමන්ට දැනෙන බවය. [1] කාටුන් ඈදීමේදි ස්ටයිනර් හට අන්තර්ජාල ගිණුමක් තිබුනත් ඔහු අන්තර්ජාලය ගැන උනන්දුවක් දැක්වූයේ නැත. ගැඹුරු අර්ථයක් නොමැති කාටුනයක් ඔහු සලකන ලද්දේ චිත්‍රයකට පාට ගෑමක් වශයෙනි. [1]

අන්තර්ගතය සංස්කරණය

කාටුන් අන්තර්ජාලයේ ඉතිහාසය තුල සැලකිය යුතු තත්ත්වයක් සනිටුහන් කොට ඈත. අන්තර්ජාලය රාජ්‍ය ඉංජිනේරුවන්ගේ සහ අධ්‍යාපනිකයන්ගේ කතා බහට ලක්වු මාතෘකාවක් බව ද නිව් යෝර්කර් සඟරාවෙන් පෙන්වයී.ලෝටස් 1-2-3 හි නිර්මාපකයා සහ මුල් යුගයේ අන්තර්ජාල ක්‍රියාකාරිකයෙක් වු මිච් කාපර් 1993 පළ වූ ද ටයිම් සඟරාවට අදහස් දක්වමින් කියා සිටියේ "නිව් යොකර් සඟරාවේ පළ වූ මෙම බල්ලන්ගේ කාටුනය විශාල ජනගහනයක් අතර ජනප්‍රියයත්වයට පත්ව්ය." [7]

මෙම කාටුනය අන්තර්ජාල පුද්ගලිකත්වය සංකේතවත් කරමින් භාවිත කරන්නන්ගේ නිර්නාමික පණිවිඩ යැවිමේ සහ ලැබීමේ හැකියාව අවධාරණය කරයි. [8] ලෝරන්ස් ලෙසිග් පවසන පරිදි "කිසිවෙක් නො දනී" යනුවෙන් අදහස් කරන්නේ අන්තර්ජාල ගිව්සුම් තුලින් භාවිතා කරන්නන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට ඇති නො හැකියාවයී. [9] මොහරන් මර්ටින් සහ ස්චුමචෙර් කරන ලද අධ‍ය්‍යනයට අනුව අනිවාර්ය සහ විසදිය යුතු අන්තර්ජාල භාවිතය පිළිබද සංසිද්ධියේ දී, පරිගණකය හා සම්බන්ධ වීමේ දී පරිගණක තිරය පිටුපස සිට තමන්ව නියෝජනය කිරිමේ හැකියාව පිළිබදව යෝජනා කරන ලදි. අන්තර්ජාලය තළ අපට වෙනත් ස්ත්‍රී පුරුෂ භාවයකින්, වෙනත් වයසකින් සහ වෙනත් ජාතියකින් පෙනි සිටීමට ද හැකියාව ඇත. [10]

බලපෑම් සංස්කරණය

මෙම කාටුනය සඳහා පාදක වුයේ ඈලන් ඩේව්ඩ් පර්කීන්ස් විසින් නිර්මාණය කරන ලද "මම බල්ලකු බව කිසිවක් නො දනී" යන නාට්‍යයයි. මෙම නාට්‍යයෙන් පෙන්නුම් කරන්නේ අන්තර්ජාලයට අබ්බැහි වූ හය දෙනෙකු තම ජිවිතයට සම්බන්ධ මීනිසුන් සමග ඵලදායි ලෙස සන්නිවේදනය කිරිමට ඇති අපොහොසත් බවයි. [1]

මෙම කාටුනයෙන් පසු ඇපල් අන්තර්ජාල කාමර පෙළ "සයිබර් ඩෝග්" ලෙස නම් කරන ලදි.

මේවාත් බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 1.4 Fleishman, Glenn (December 14, 2000). "Cartoon Captures Spirit of the Internet". The New York Times. January 20, 2008 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 1, 2007.
  2. 2.0 2.1 The New Yorker (1993). "On the Internet, nobody knows you're a dog". University of North Carolina at Chapel Hill - reprinted for academic discussion. Title 17 U.S. Code. සම්ප්‍රවේශය October 2, 2007.
  3. EURSOC (2007). "New Privacy Concerns". EURSOC. සම්ප්‍රවේශය October 2, 2007.
  4. Glenn Fleishman (October 29, 1998). "New Yorker Cartoons to Go on Line". The New York Times. සම්ප්‍රවේශය October 2, 2007.
  5. January 2011 Brown's Guide Cover | Brown's Guide to Georgia
  6. January 2011, Brown's Guide to Georgia
  7. Philip Elmer-DeWitt, David S. Jackson, Wendy King (December 6, 1993). "First Nation in Cyberspace". Time Inc. March 31, 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 21, 2009.{{cite news}}: CS1 maint: multiple names: authors list (link)
  8. Taylor, Maxwell (2003). Child Pornography: An Internet Crime. Psychology Press. p. 97. ISBN 1-58391-244-4. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  9. Jordan, Tim (1999). "3 The virtual individual". Cyberpower: The Culture and Politics of Cyberspace and the Internet. Routledge. p. 66. ISBN 0-415-17078-8.
  10. Lessig, Lawrence (2006). Code: Version 2.0. Basic Books. p. 35. ISBN 0-465-03914-6.

වැඩිදුර කියවන්න සංස්කරණය

  • Jones, Christopher R. (2004). "7 Nobody knows you're a dog". In Land, Ray; Siân Bayne (ed.). Education in Cyberspace. Routledge. 105 pages. ISBN 0-415-32882-9.{{cite book}}: CS1 maint: multiple names: editors list (link)
  • Nielsen, Jakob (1995). Multimedia and Hypertext: The Internet and Beyond. Morgan Kaufmann. 172 pages. ISBN 978-0-12-518408-3.
  • Nakamura, Lisa (2002). Cybertypes: Race, Ethnicity, and Identity on the Internet. Routledge. 35 pages. ISBN 0-415-93837-6.
  • Schneider, Edgar (2003). Living the Good Life With Autism. Jessica Kingsley Publishers. 44 pages. ISBN 1-84310-712-0.
  • Turkle, Sherry (1997). Life on the Screen: Identity in the Age of the Internet. Simon & Schuster. 352 pages. ISBN 0684833484.

බාහිර සබැඳි සංස්කරණය